(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රට වටේ ඇති ජනපතිවරයාගේ නිල නිවාසවලට ජනාධිපතිවරයා එක දිනක් හෝ ගොස් නැති බවත් ඒවා අද ප්‍රයෝජනයට ගන්නේ යාළු මිත්‍රයන්, ගජ මිත්‍රයන් පමණක් බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
ජනපතිවරයාගේ නිල නිවාස රටපුරා හත අටක් ඇති බවද හෙතෙම සඳහන් කළේය .
ජනාධිපතිවරයා මිරිහානේ තමන්ගේ නිවසේ පදිංචිව සිටීම හොඳ වුවත් තමා කැමති ඔහු ජනාධිපති නිවෙසට යන එක බව පැවසූ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා මිරිහානේ නිවසේ සිටීම ඒ අවට පදිංචිකරුවන්ට හිරිහැරයක් බවද සදහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
ජනාධිපති සිටින නිසා පොලිසිය යොදවා ඒ අවට නිතර නිතර පරීක්ෂා කිරීම් සිදුකරන හෙයින් ජනතාවට හිරිහැර සිදුවන බවත් කුඩා කුඩා ව්‍යාපාරවලට පවා මෙමගින් විශාල බලපෑමක් ඇතිවී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’ජනපති මිරිහානේ ගෙදර ඉන්නවට මම කැමති නැහැ’’
wahaldeepe Saturday, 20 November 2021 12:42 PM
ප්‍රයෝජනයට ගන්නේ යාළු මිත්‍රයන්..., ගජ මිත්‍රයන් පමණක් බවත්... ඉතින් ඒකට තමයි මේ වගේ කෙනෙක්ව ජනාධිපති කරේ...
ajithSaturday, 20 November 2021 09:41 PM
ජනපති මිරිහානේ ගෙදර ඉන්නවට මම කැමති නැහැ : අවුරුදු දෙකක් ගියාට පස්සෙද දන්නේ ජනාධිපති මිරිහානේ පදිංචිය කියලා. අනුර කුමාර දිසානායක නොමේරූ දේශපාලනඥයෙකි . නින්දෙන් අවදිවෙලා පොඩි දරුවොත් මෙහෙම කියනවා
naleen Saturday, 20 November 2021 12:49 PM
නුඹලත් මහා පුදුම පක්ෂයක්නේ බන්. ඕනෑම දේක වැරැදි පැත්තම දකින්න පුදුම හැකියාවක් තියෙන්නේ... ඒ මනුස්සයා ජනාධිපති මන්දිරේ හිටියා නම් එ්කට බනිනවා. හොඳම වැඩේ ජනාධිපති අනුර කුමාරගේ ගෙදර පදිංචියට යන එකයි...
KamalSaturday, 20 November 2021 01:46 PM
මෙන්න මෙයාව එතුමගේ අල්ලපු ගෙදර පදිංචි කරවන්න. හැමදාම පොලිසියෙන් එනකොට තේරෙයි...
විමල්Saturday, 20 November 2021 04:49 PM
කමල් මෙයා කියන්නේ ජනාධිපති ඉන්න නිවස අවට පදිංචිව සිටින ජනතාව නිතර නිතරම පරීක්ෂා කරන නිසා එය ජනතාව පීඩාවට පත්කිරීමක් කියලා.. එහෙම තැනක නොසිටියත් ඔහුට එහි අසීරුතාව තේරුම් ගන්න පුළුවන් බව ප්‍රකාශයෙන් පැහැදිලි නැද්ද?
Hafeel Saturday, 20 November 2021 02:33 PM
ඉතින් මේ පාලකයින් දෙගොල්ලෝම කරන්නේම වරදි වැඩවල්නේ. ඒ නිසා වැරදි තමයි පේන්න තියෙන්නේ. බලන්න දිනපතා පාර්ලිමේන්තුව කෝප් කමිටු වාර්තාවල්. හැම ආයතන වලින්ම හෑලි වෙන්නේ දූෂණ සහ වංචා...
සෙනෙවිරත්න Saturday, 20 November 2021 09:50 PM
හැම එකටම විරුද්ධව කතා කරනවා බනිනව හැර වෙන මොනව කරන්නද කියන්නෙ? හරියට කරන එකක් කියන්න. පොහොර ප්‍රශ්නයක් මවල වෙච්ච විනාශය තව මාස කීපයකින් දකින කොට ඔබටත් පෙනෙයි මේ සත්‍ය
Bravo Saturday, 20 November 2021 12:53 PM
සෑම දෙයකම අඩුපාඩු හොයන ඔබ වගේ කෙනෙක්ට බලය ලැබුණොත්... අඩුපාඩුවලට මොන මොන නිදහසට කරුණු දෙයිද නේද?.
BamunuarachchiSaturday, 20 November 2021 08:32 PM
ක්‍රිකට් ක්‍රීඩාවේ බෝල් කරන අයගේ වැරදි පෙන්වන අම්පයර්ලාට බෝල් කරන්න බැහැ.
යෝගා Saturday, 20 November 2021 01:33 PM
ඇපත් නැතිවුන තමුන්ගේ කැමැත්ත අකමැත්ත එච්චරටම අදාලද?
සෙනෙවිරත්න Saturday, 20 November 2021 09:46 PM
ඇප රැකගන්න චන්දෙ පුදල දැන් ඇප නැතිවෙලා තියෙන්නෙ අනුරගෙද කියල තමයි ඔබගෙන් අහන්න වෙන්නෙ?
මානවඩු Saturday, 20 November 2021 01:49 PM
මගේ ගෙදර මෙයයි.., මගේ පවුල මෙයයි කියා ජනතාවට පෙන්වා කඩතුරාව ඉවත් කර කථාකිරීමට ජවිපෙ නායකත්වයට ආත්ම විශ්වාසය ඇතිවේවා...!!!
චන්දන Saturday, 20 November 2021 02:25 PM
ආ ඔය කියන්නේ ... මම ජනාධිපති වුනොත් රටේ තියෙන ජනාධිපති නිල නිවාස සේරමත් මගේ නිවහන වෙනවා. මෙතෙක් කල් මම ඉන්න ගෙවල් සම්පූර්ණයෙන්ම අත හරිනවා. සේරම ජනාධිපති පහසුකම් භුක්ති විඳිනවා. නියමයි. ඔන්න සමාජවාදය බේරෙන්න පටන්ගෙන දැන් ඉඳලාම...
gunarathnaSunday, 21 November 2021 07:53 AM
හරියටම හරි චන්දන .ජනපති සරලව ඉන්න හදනකොට මෙහෙම කියනවා .නමුත් ජනපති එක්ක පරිවාර වාහන දෙක තුනක් ගියොත් එකට එක එක දේවල් කියනවා .සිරිසේන ජනපති දැන් ඉන්න ගෙදරට එක එක කතා කියනවා.ගෝඨාභය ජනපති මෙහෙම ඉන්නකොට තව කතා කියනවා. ජේ.වී.පී එකේ ඉන්න හැම එකාටම තියෙන්නේ හැම දේටම විරුද්ධ වන මේනියාවක්
bakmeewewa Saturday, 20 November 2021 02:51 PM
අපිත් ඔය ළඟ පදිංචි, අපිට නම් ඒක ලොකු දෙයක්... මොකද කුඩුකාරයින්, හොරුන් ළඟපාතකවත් නැහැ.. බොරු කියන්නේ නැතිව ඉන්න. ජනපති වැරැදි ඇති. හැබැයි කරන හැම හොඳ දෙයකම වැරැද්දක් දකින්න එපා.. හිරිකිතයි.
Gagana Saturday, 20 November 2021 03:54 PM
අර රත්තරන් අශ්වයා එන්නේ මොන ගෙදරද කුමාර ?
beau Saturday, 20 November 2021 04:03 PM
ජනපතිට ඉන්න තැනක් හදන්න අයර්ලන්තයේ තියෙන අනුර කුමාරගේ ගෙය ලංගම .පට්ට පල් හෑලි කියන අනුර බේත් තෙල් වෙළෙන්දෙක් වගේ මහජනයාගේ අවධානය සඳහා මොකක් හරි බේගලක් දොඩවනවා .පිස්සෙක්
සිරිබිරිස් Saturday, 20 November 2021 04:17 PM
සහතික ඇත්ත... පුදුම කරදරයක් තමයි. මම ඉන්නෙත් ඒ කිට්ටුව... පාරේ පයින් ඇවිදින්න ගියාම වුණත් කරදරයි එයා යන එන වේලාවට...
අමර Saturday, 20 November 2021 05:19 PM
අනුරයාට බනින්නේ නැතුව ජනපති මන්දිර ටික වහලා දාන්න කියන්නකෝ... වියදම් කරන එකා හොඳා කියන එකා වැරදියි...
AsankaSaturday, 20 November 2021 05:57 PM
සහතික ඇත්ත අමරා.. මෙහි අදහස් දක්වා ඇති ආකාරයට අනුරට බැනලා ජනාධිපතිව වර්ණනා කරලා තියෙන හරක් ටික දැක්කාම ලංකාවට මෙහෙම වෙලා ඉතුරු වුණ එකත් ඇති කියලා හිතෙනවා. පුදුම වහල් ජාන තියෙන්නේ. රට කියන්නේ ජනාධිපතිගේ ලොකුකම රකින එක නෙවෙයි.
සෙනෙවිරත්න Saturday, 20 November 2021 09:44 PM
ජනාධිපති නිළ නිවාසය තියෙන්නෙ එතුමගෙ තනතුර හැටියට ගෞරවනීය විදියට ඉන්න. මෙතන වෙන විදිියට එතනත් නඩත්තු වෙනව. මිරිහානෙ නිවසත් ජනාධිපති කෙනෙකුට අවශ්‍ය විදියට රජයෙ මුදලින් නඩත්තු වෙනව ඇති. මේවගේ දේවලින් වියදම ඉතිරි කරල සරල ජීවිතයක් ගත කරන බවට පෙන්නුවට මෙතන ඇත්තෙ කේන්දර කාරයෙක් කියල ඇති එතන වාසය අගුනයි කියල.
Bamunuarachchi Saturday, 20 November 2021 06:42 PM
අනේ එහෙනම් ගෙදර එක්ක යන්නකෝ... එතකොට ජනාධිපති බලා ගනීවි, මේ හාදයා කොහොමද පඩිය පක්ෂෙට දීලා පිටරට ඉන්න ළමයින්ට වියදම් කරලා සැපට ඉන්නේ කියලා...
සෙනෙවිරත්න Saturday, 20 November 2021 09:52 PM
ඒ මොකටද ගෙදර එක්ක යන්නෙ? මෙතුමාට නිළ නිවසක් දීල තිබේ නම් එතන ඉන්න ඕන. මේ ජනතාව රවටන වැඩ. එක්කො ජෝතිශය උපදෙස්
BamunuarachchiMonday, 22 November 2021 05:30 PM
මේ ගොයියා කියනවා ගෙදර ඉන්නවාට කැමති නැහැ කියා. නිල නිවසේ වියදම වැඩියි. එයාට බැරිනම් ඔහේවත් ගෙදර එක්කරගෙන යන්න. වැඩ ටික සිද්ධවෙනවා නම් කොහේ ඉඳලා කළාම මොකෝ? යහපාලකයින් නිල නිවෙස්වල ඉඳලා රටට කරපු මගුලක් නැහැ නේද?
චමින්ද Sunday, 21 November 2021 05:33 AM
අනුර කියන්නෙ රජ පවුලේ උන් වගේ සියල්ලම රජයේ වියදමින් කරන කෙනකු නොවේ.ඔහු මන්ත්‍රී වැටුප් පක්ෂෙට දීලා ජීවත් වෙන්නෙ ඔහුගේ පුද්ගලික ආදායම් මාර්ග වලින් .ඔහු මන්ත්‍රීකම රැකියාවක් කරගෙන නැහැ එහෙමද රජ පවුලෙ අය වල පයයි ගොඩ පයයි තියාගෙනත් තව තවත් රජයෙන්ම ගන්නමයි බලන්නෙ
Bamunuarachchi Saturday, 20 November 2021 06:45 PM
ඔය ටික යූටියුබ් එකේ ඇතිනේ.. මම දෙන්නම් ඔහෙට...
Bamunuarachchi Saturday, 20 November 2021 06:51 PM
ඒ නිල නිවාස මේ ජනාධිපතිතුමා හදා ගත්ත ඒවා නොවෙයි. කියන්නකෝ රටේම තිබෙන සර්කිට් බංගලෝස් ටිකත් වහලා දමන්න කියලා.. ඒවායේ මිනිස්සු පදිංචිවෙලා නැහැ කියලා. වැරැද්ද ඔරිජින් එකේ... මහවැලියේ කාණු කපන කාලේ මහවැලි නිලධාරීන්ට තිබෙන නිල නිවාස දැකලා ඊර්ෂ්‍යාව ඇතිවෙලා වගෙයි.
Tharaka Saturday, 20 November 2021 07:33 PM
මමත් පදිංචි වෙලා ඉන්නේ මිරිහානේ ජනාධිපතිතුමාගේ නිවස කිට්ටුවම තමයි. මුල් කාලේ යම්යම් ගැටලු තිබ්බත් අද නම් කිසිම කරදරයක් ඇත්තේම නැහැ. උදේ පාන්දර එතුමා යනවා වගේම අපිත් ගෙදර ආවට පස්සේ ගෙදර එන්නේ.. අවම හිරිහැරයක් වෙන විදිහට සියල්ල පිළිවෙලකට වෙනවා. ඇයි මේ බොරු චෝදනා වගේම අපහාස..?
BamunuarachchiSaturday, 20 November 2021 08:35 PM
ජෙප්පෝ අපහාස නොකරන්නේ කාටද? එ්කයි මම ජෙප්ප්නට අපහාස කරන්නේ...
Nanayakkara Sunday, 21 November 2021 07:14 AM
පාර දෙපැත්තේ බෝඩ් කෑලි පවා ගලවලා,පාර සෝදන වැඩේ කරනවා නේද
de silva Saturday, 20 November 2021 08:08 PM
මෙවැනි කුඩා රටක ජනපතිට නිල නිවාස 7-8 අවශ්‍ය නැත .ඔහුට හෙලිකොප්ටරයක් භාවිත කර රටේ ඕනෑම ස්ථානයකට කොළඹ සිට පැය 1-12 තුල ගමන් කල හැක .මේවා නඩත්තුවට විශාල ජනතා මුදල් ප්‍රමාණයක් වියදම් වෙනවා
Praba Saturday, 20 November 2021 08:58 PM
කරදර මොනවද? බලන්නකෝ ළඟපාත පාරවල් ටික හැදිලා තියෙන අපූරුව... ඔය තියෙනවා තියෙන මන්දිර ටික හෝටල් කරලා ඩොලර් ටිකක් හොයාගනිමු..
සෙනෙවිරත්න Saturday, 20 November 2021 09:56 PM
රට අන්දන බොරු වැඩ. මේ ජෝතිශය උපදෙස් මත කරන දෙයක් මිස වියදම් අවම කිරීමක් නොවේ. එසේ නම් ජනාධිපති මන්දිරය ආදායම් උපදන දෙයකට යොමුකර තිබිය යුතුය.
මහා බ්‍රාහ්මණ Saturday, 20 November 2021 10:11 PM
ජනාධිපති මන්දිර වල ඉන්නේ නැතුව බමුණු මන්දිරයකට ගියා නම් මීට වඩා හොඳ නැද්ද.
hesa Sunday, 21 November 2021 02:59 AM
මහම මහ තකතීරු අදහස්නෙ..දැන් විකාරයෙන් වගේ දොඩවන්නෙ
Demuni Uduwara Sunday, 21 November 2021 04:10 AM
වසර 400කට වැඩි කාලයක් අපි විදේශ පාලකයන් යටතේ සිටියා. එබැවින් වහල් මනස තවමත් පවතී!
Hemantha Kumara Sunday, 21 November 2021 05:48 AM
දැන් ශ්‍රි ලංකාව ක්‍රියාත්මක වන්නේ ගෝඨාගේ සෞභාග්‍ය දැක්ම තුළනේ.ඒකයි ඔහොම. ගණන් ගන්න එපා මහත්තයෝ
swene Sunday, 21 November 2021 07:22 AM
ඔය කතාව මම සම්පුර්ණයෙන්ම ඇහුවා. ජනාධිපති මිරිහානේ සිටීමට වඩා මන්දිරයේ ඉන්නවනම් වඩාත් පලදායි සහ කරදර අඩුයි කියන එකත් රට වටේ ඇති නිල නිවාස එතුමා නොසිටියත් විශාල මුදලක් යොදවා නඩත්තු කරන එකත් කියැවුනා. අධි ආරක්ෂක කලාපයේ ඇති මන්ධිරයට අමතරව මිරිහානට ආරක්ෂාව යෙදීම අමතර වැය බරක් වීම තේරුම් ගත හැකියි . ඒවගේම ජනාධිපතිතුමා මිරිහානේ සිටීම අගය කරන බව අනුර මුලින්ම කිවුවා. මෙතරම් කුඩා දිවයිනක රජ මදුරු 10ක් පමණ නඩත්තු කිරීමේ අවශ්‍යතාවය කුමක්ද? ඒවා මහජන මුදල් නොවේද?
sampath Sunday, 21 November 2021 10:34 PM
කවුරු කොහේ හිටියත් අපිටනම් කමක් නැහැ, අවශ්‍ය වැඩ කිරීම පමණයි.
Siri Monday, 22 November 2021 02:36 AM
සෞභාග්‍ය දැක්ම