IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ජනපති රජයේ ඉදිරි වැඩ ගැන දිසා ලේකම්වරුනට කියයි

යළිත් මේ රට කෘෂි කර්මාන්තයෙන් සශ්‍රීක කර ස්වයංපෝෂිත රටක් ලෙස නැගී සිටීම සඳහා රජය විසින් ක්‍රියාවට නංවා ඇති  ගොවි ජනතාව සවිබල ගැන්වීම , දේශීය ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල, මත් ද්‍රව්‍ය නිවාරණය සහ වකුගඩු රෝග නිවාරණ වැඩසටහන පිළිබදව දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කිරිමේ සාකච්ඡාවක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

ජනතාව ජනවාරි 8 වනදා ලද ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් කිරීමට රජය ක්‍රියාත්මක කර ඇති ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සියළු දෙනාම සාමූහිකව ක්‍රියාත්මක විය යුතු බව ජනපතිවරයා මෙහිදී දිසාපතිවරුන් හමුවේ අවධාරණය කළේය.

4



අදහස් (0)

ජනපති රජයේ ඉදිරි වැඩ ගැන දිසා ලේකම්වරුනට කියයි

පිටබැද්දර ජයා Tuesday, 15 September 2015 01:19 AM

නිවැරදි නායකත්වය, නිවැරදි මඟපෙන්වීම, බඩගෝස්තරවාදයෙන් තොරව 'රටට හෙණ ගැහුවත් මගේ පවුල සහ පිරිවර ගොඩ' කියන න්‍යායෙන් බැහැරව ඉදිරියට යන ජනපතිතුමනි, ඔබට ජය! (නි)

:       0       0

කුමාරසිරි Tuesday, 15 September 2015 01:45 AM

සුබ අනාගතයක්! (නි)

:       0       0

මහේෂ් -සෞදි Tuesday, 15 September 2015 07:25 AM

මට තේරෙන විදියට අප රටේ ගොවිතැනට ඇති ලොකුම බාධාව නම් ගොවින් සතුව දැනුම හා තාක්ෂණය නොමැති බවය. දියුණු රටවල ගොවින් සුරසැප විඳිද්දී අපේ ගොවින් අපාදුක් විඳින්නෙත් ඒ නිසාය. තාක්ෂණය නොමැති නිසා ඵලදාව අඩුය.පිරිවැය අධිකය. ලාබය අඩුය.ගොවිකම බාරව රාජ්‍ය නිලධාරීන් ඕනෑතරම් සෑම ගමකම සිටිති. ඔහුන් රාජකාරිය නිසි ලෙස කරනවාද? පළමුව මේ නිලධාරීන් අරමුණු ගතකළ යුතුය.කාර්යක්ෂමතාවය ඉහළ දෙමිම සඳහා යන්ත සුත්‍ර හඳුන්වා දියයුතුය. එවිට කම්කරුවා ඉහළ වැඩ කොටසක් කිරීම නිසා ඉහළ වැටුපක් හිමිවේ. එසේම ගොවියාද ආරක්ෂා වේ. (නි)

:       0       0

රෝහණ Tuesday, 15 September 2015 02:19 AM

මම මෙයට බන්දුල පෙරේරා නොහොත් පිවිතුරු යහපාලගෙන් අදහසක් බලාපොරොත්තු වෙමි. (නි)

:       0       0

සිල්වා Tuesday, 15 September 2015 07:57 AM

මහේෂ් -සෞදි දරන මතය මම අනුමත කරනවා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 15 September 2015 02:31 AM

ජනාධිපතිතුමනි, පරිසරය ආරක්ෂා කිරීම පිළබඳව ඔබතුමා දරන උත්සාහය ඉතා අගය කරමි. ආයෝජන කලාප වලට අයත් කර්මාන්තශාලා වලින් ඉවත් කරන අබලි ද්‍රව්‍ය සමඟ මුදාහරින නොදිරන ද්‍රව්‍ය( රබර් මිශ්‍රිත නිෂ්පාදන) රසායනික දියර වර්ග සහ පවුඩර් වර්ග කිසිදු සීමාවකින් තොරව පරිසරයට එක්වීම නොකඩවාම සිදුවේ. මෙම රසායනික ද්‍රව සහ උකුකළ රබර් යොදා ගෘහ කර්මාන්තයක් ලෙස නීතියට සැඟවී අත්වැසුම් නිපදවීමද බහුලව කෙරේ. එම ස්ථානවලින් ඉවත් කරන රසායනික ද්‍රව්‍ය අතර පිළිකාකාරක රසායනික ද්‍රව්‍යයද ඇතිබැවින් මෙසේ ඉවක් බවක් නොමැතිව අබලි ද්‍රව්‍ය හරහා ජනතාවට අහිතකර දේ පිටකිරීම වහාම නැවත්වීමටත් , ආරක්‍ෂිත වැඩපිළිවෙලක් නොමැතිව නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන පරිසරයට හානිකරන වැඩපළවල් වැටලීම් කර නීතිය හමුවට පැමිණවීමත් ඉතා කාලෝචිත වේ. (නි)

:       0       0

කල්ප Tuesday, 15 September 2015 02:53 AM

රට දියුණු කිරීමට ඔබට ධෛර්යය සහ ශක්තිය නොඅඩුවම ලැබේවා! (නි)

:       0       0

උපුල් Tuesday, 15 September 2015 08:45 AM

ජනාධිපති තුමෙනි මම ඔබට ඡන්දය දුන් කෙනෙක් , මගේ පැතුම ඔබ මේ රටින් සියලු කෘෂිරසායනික බෙහෙත් , මත් කුඩු සහමුලින්ම නැතිකරලා දී කියල අපේ හෙට ඉපෙදෙන්න ඉන්න දරුවට හොදේ බත් පතක් කවන්නේ පුළුවන් වෙන්න එතෙකොට ඔබට මම කවදත් මනාප දෙනව (බ)

:       0       0

දුමින්ද Tuesday, 15 September 2015 04:04 AM

කාබනික කෘෂිකර්මය වකුගඩු රෝග වැලක්වීමට විකල්පයකි-ජීව වායු උත්පාදනය දියර කොම්පෝස්ට් නිසරු පසට වෙදකමකි (බ)

:       0       0

ධම්ම Tuesday, 15 September 2015 04:13 AM

ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දියත්කළ දේශීය ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට ඔබට දැන් අවස්ථාව උදාවී ඇත. එකල එයට විරුද්ධ වූ පිරිස් අද ඔබ සමඟ සිටින නිසා බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවේවි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 September 2015 04:22 AM

යළිත් මේ රට කෘෂි කර්මාන්තයෙන් සශ්‍රීක කර ස්වයංපෝෂිත රටක් ලෙස නැගී සිටීම සඳහා රජය විසින් ක්‍රියාවට නංවා ඇති ගොවි ජනතාව සවිබල ගැන්වීම , දේශීය ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල..අපිට හොඳ පසක් තිබෙනවා.මහන්සි වී වැඩ කරන්න පුළුවන් හොඳ ගොවියන් පිරිසක් ඉන්නවා. ඔවුන්ට කොම්පෝස්ට් නිෂ්පාදනය සදහා ණය සහනාධාර දෙන්න.අපේ රට කෘෂිකර්මාන්තයෙන් දියුණු කරන්න පුළුවන්. (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 September 2015 04:23 AM

මැදපෙරදිගට එළවලු සහ පලතුරු වෙළදාමෙන් ඉදිරියන්ම සිටින්නේ ඉන්දියාව, පකිස්ථානය සහ පිලිපිනයයි. (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 September 2015 04:26 AM

ලංකාවේ සිකුරාදාට පමණක් ගුවනින් එවන දබල,කොහිල,කටු ආත්තා ,අළු කෙසෙල්,බට්ටර් බෝංචි,මාළු මිරිස්,රතු හාල් ටික ගන්න බලන් ඉන්නවා.ඒකවත් කලට වෙලාවට එවන්න බැහැ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 September 2015 04:29 AM

මොනවා වුණත් පොළවේ පයගහලා ඉන්න ජනාධිපති කෙනෙක් ඉන්නවා කියන සතුට අපිට දැන් තිබෙනවා. (නි)

:       0       0

අමල් Tuesday, 15 September 2015 05:01 AM

තවත් බතල කොළ හිටවීමක් (ම)

:       0       0

මනෝජ් Monday, 14 September 2015 11:48 PM

මේ අය හරියට ඉන්නවා නම් රට ගොඩ. (නි)

:       0       0

කවින්ද Tuesday, 15 September 2015 06:47 AM

සැළසුමක් ඇතුව වැඩකරන එක බොහොම හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 48 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 288 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 49 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 394 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 331 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 822 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site