IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජනපති ලෝකෙ හැටි කියයි

‘ලොකේ කොයි රටෙත් වැරදි අඩුපාඩු තිබෙනවා. හිරගෙවල් නැති, පොලීසි නැති, අධිකරණ නැති රටක් නැහැ. හොරු, වංචාකාරයො, කම්මැලි නිලධාරීන් නැති රටක් නෑ. නමුත් දියුණු බලවත් රටවල් මේවා ඉස්මතු කරන්නේ නෑ.‘ යැයි මහින්ද රාජපක්ෂ ජනපති අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයයේ සියවස් සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් පැවසීය.

‘ලෝකයේ අනිත් රටවල් කියන්නේ ඔවුන්ගේ ශේෂ්ඨත්වය විතරයි. අපේ රටේ සමහරු රටේ හොඳ දේවාල් වෙනුවට පිටට දෙන්නේ නරක දේවල්‘



අදහස් (0)

ජනපති ලෝකෙ හැටි කියයි

නිමල් Saturday, 04 May 2013 06:39 PM

කොයි රටෙත් අඩුපාඩු තියෙන බව ඇත්ත. නමුත් අපේ රටේ තියෙන අඩුපාඩු අනෙක් රටවලට සාපේක්ෂව බලපුවහම වැඩියි. පාර්ලිමේන්තුවේ ඉන්න හොරු,තක්කඩි,මැරයෝ ,ආරක්ෂා කරන්නේ ආණ්ඩුවමනේ. ඔය කතා කියා කියා ඇවිදිනවා වගේම මේ අය ගැනත් පරීක්ෂාවෙන් හිටියනම් හොදයි.(නදී)

:       0       0

වසා Sunday, 05 May 2013 10:50 AM

අපේ ගරු ජනාධිපතිතුමා කවදත් නිර්බීතයි. එතුමා මිනීමැරුම් ,අපරාද, දුෂණ, පගා අඩු කරාවී. (නි)

:       0       0

රසිකා Sunday, 05 May 2013 11:02 AM

ලංකාවේ තරම් දේශපාලකයෝ හොරකම් කරන රටක් ලෝකේ කොහෙවතේ නැහැ.(නදී)

:       0       0

නාමලී Saturday, 04 May 2013 07:06 PM

අපේ රටේ තරම් වංචාව, හොරකම, දුෂණය, භිෂණය වෙන කිසිම රටක නැති තරම්.(නදී)

:       0       0

දිනුක් Saturday, 04 May 2013 07:15 PM

මේ කරන්නේ අයිසින් දාලා අපේ වැරදි වාහන එක. අපේ වැරදි සමනියකරණේ කිරීම. එහෙත් එහෙමයි මෙහෙත් එහෙමයි කියල අගවන එක.(නදී)

:       0       0

ජ.හේරත් Sunday, 05 May 2013 11:29 AM

අනේ ජනාදිපති තුමනි මුන්ට පිස්සු , කරගෙන යන විදිය හොඳටම හොඳයි , ඕනෙනම් මුන් ටික සුදු වැන් ටිකක් දල වාෂ්ප කරලා දාමු.(නදී)

:       0       0

සුරංග Saturday, 04 May 2013 07:39 PM

ඒක ඇත්ත. සොබාව ධර්මයේ හැටි ඔහොමයි. අපි ඔක්කොම හිත හදාගමු. ලෝකය ගැන අපිට නොදන්නා දේ පහදා දීම වෙනුවෙන් ඔබතුමාට ස්තුතියි. (නි)

:       0       0

නෙතුමි Saturday, 04 May 2013 08:02 PM

අනිකුත් රටවල් වල පවතින අක්‍රමිකතා ඔවුනොවුන් වසන් කරගත්තත් අප කලයුත්තේ අපේ වැරදි ඉස්මතු වූ විට එයට හේතුපල දැක්වීමක් වශයෙන් අනෙකුත් රටවල් විවේචනය නොව, අප රට ලෝකයේ යහපත් දේ තුලුන් ඉදිරියටම ගෙනයන්න වෙරදැරීම නොවේද? මෙය ආත්මාර්තකාමිත්වය නොවෙ රටේ හැගීමයි.(නදී)

:       0       0

ජසීම් Saturday, 04 May 2013 08:08 PM

ලංකාවේ සියයට අසූවක් හොරු. සියයට විස්සක් පට්ට හොරු.(නදී)

:       0       0

චමත් Saturday, 04 May 2013 09:11 PM

යුද්දය දිනපු ඔබ අනිත් හැම දෙයක්ම දැන් පැරදිලා.(නදී)

:       0       0

මුතුකුඩ Sunday, 05 May 2013 12:50 PM

‍හොද හොද දේවල් දැනගන්න හොද හොද දේවල් කියන්න එපායැ.(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Saturday, 04 May 2013 09:26 PM

ජනපති තුමනි ලංකාවේ හැටිත් කිව්වනම් හෝදයි නේද ?(නදී)

:       0       0

චන්දු Saturday, 04 May 2013 09:38 PM

නිමල් ඔයා හරි, මුකුත් කියනවට වඩා කට ගලක උලාගන්න එක මිට වඩා සනිපයි.(නදී)

:       0       0

උපුල් Saturday, 04 May 2013 09:41 PM

ජනපතිතුමනි, එතකොට ඒ රටවල් දියුණු සහ බලවත් වෙලා අපේ රටේ තරමටම අඩුපාඩු, දුෂණ, වංචා තියාගෙනද?(නදී)

:       0       0

කැටවල Saturday, 04 May 2013 10:02 PM

අපේ රටේ මිනී මැරුම් බොහොමයි. නමුත් දුෂණය ඉතාලියට වඩා ගොඩක් අඩුයි.(නදී)

:       0       0

රාජිත-දෝහා Saturday, 04 May 2013 10:04 PM

දේශපාලකයෝ හැමදාම කළේ වෙන රටවල් වල වැරදි අඩුපාඩු කියව කියවා එයාලගේ වැරදි වහගත්ත එක. වෙන රටවල් වැරදි කරා කියලා අපිත් ඒකම කරලා හරියනවද? අනිත් දේ අපේ රටේ දේශපාලකයෝ අනුකරණය කරන්නෙම වෙන රටවල වැරදි දේවල් විතරනේ. හොද වැඩ අනුකරණය කරන්නේ නැනේ. අනිත් එක ඔබ තුමාව ජනාදිපති කරේ අනිත් රටවල් කරන්නන් වාලේ මෙහෙත් ඒ දේවල් කරන්න නෙවේනේ.(නදී)

:       0       0

දිසානායක Sunday, 05 May 2013 01:35 PM

හැරු ජනාධිපති උතුමාණෙනි අනුන්ගේ ඇස්වල පොල් කෙදි හොයන්නේ නැතුව තමන්ගේ ඇහේ තියන පොල් පරාලේ ඉවත් කර ගත්තානම් හොදයි නේද? (නදී)

:       0       0

සිරිසේන Saturday, 04 May 2013 10:19 PM

එතකොට ඒ බලවත් රටවල් දියුණු වෙලා තියෙන්නේ ඔය හොරු වංචාකාරයෝ තියාගෙන වෙන්න ඇති නේද?(නදී)

:       0       0

රූපවතී Saturday, 04 May 2013 10:51 PM

ඇත්තටම අපේ ජනතාව රට ගැන හිතන, බුද්ධිමත් ජනතාවක් කියලා මම ගොඩක් ආඩම්බර වුණා මේ අදහස් බලලා. (නි)

:       0       0

කීර්ති Saturday, 04 May 2013 10:56 PM

රංජිත්ගේ කතාව හරි වගේම රටේ ජිවත් වෙන මිනිසුන්ට හොද ආර්ථිකයක් සකස් කර දීලා ජනාදිපති වරයා නිතිය සැකසුවානම් තමයි හොද.(නදී)

:       0       0

කුමාර Saturday, 04 May 2013 11:06 PM

සංසන්දනය කළාට කමක් නැහැ හොද දේවල්. නරක පූර්වාදර්ෂ නම් අපිට සතුටු වෙන්න බැහැ (නි)

:       0       0

හේරත් Saturday, 04 May 2013 11:12 PM

අවරුදු 30ක බෝම්බ සංස්කෘතියට තිත තිබ්බා. එතැන් පටන් අද දක්වා යන ගමන් මග ලේසි නෑ. බලය ලබා ගන්ට රෝස මල් පෙන්නන දේව දුතයෝ තමයි රට කෑවේ. දැන් ඔක්කොම ජීනිවා. කොළොඹ ප්‍රශ්න නෑ. යාපනය විතරයි ප්‍රශ්ණ. මහා ජාතිය බෙදිලා බලයට ගහ ගත්තම රට කඩෙන එක ලේස්යි හතුරට.(නදී)

:       0       0

චාමි Saturday, 04 May 2013 11:29 PM

ජනාධිපතිතුමනි, ලංකාව නම් දැන් ගන්න දෙයක් ඇත්තේම නැහැ. ඇමති මණ්ඩලේ අඩුකළා නම් හොද නැද්ද? මම මේ කිවුවේ අදහසක් විතරයි. (නි)

:       0       0

සමීර_ සල්මියා Sunday, 05 May 2013 12:42 AM

උයන් පල්ලාගේ වැඩේ ගොපල්ලා කරන්න ගියාම ඔහොම වෙනවා.(නදී)

:       0       0

Nimal Liyana gamage Saturday, 04 May 2013 02:56 PM

ඔව් ඒක ඇත්ත ඒත් අපේ රටේ මෙවා ඔක්කොම කරන්න ඔඩර් දෙන්නෙ ලොකු තැන්වලින් ඒකයි වෙනස. .(ස)

:       0       0

මුරුගන් Sunday, 05 May 2013 01:47 AM

සදරුවන්, ඒක ඇත්ත කිවුවේ කොහෙද ඉස්කෝලේ ගියේ? (නි)

:       0       0

සුපුන් Sunday, 05 May 2013 01:49 AM

අපිට නැගිටින්න ඕනෑ නම් නැගිටපු රටකට සාපේක්ෂව අපිව සන්සන්දනය කළ යුතුයි. (නි)

:       0       0

සුබසිංහ Sunday, 05 May 2013 01:52 AM

පොලිස් වාර්තා කියනවා හැම විනාඩි 20කට සැරයක්ම රිය අනතුරක්, දිනකට රිය අනතුරු වලින් 4 මියයනවා. ලිංගික හිංසන දිනට 12ක්... මිනීමැරුම් දිනට 4ක්. තව හොරකම්, කප්පම්, ළමා අපචාර, හොර සල්ලි, මැරකම්, පැහැර ගැනීම්.. අනේ මන්දා. මට නම් මේවා තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

යොහාන් Saturday, 04 May 2013 03:01 PM

ලෝකේ ඕනම රටක ඉඩි අමීන්ලා, ගඩාපිලා, හිට්ලර්ලා නැද්ද? (නදී)

:       0       0

ලසන්ත Sunday, 05 May 2013 01:54 AM

මිනිස්සුන්ට පාලකයෝ එපා කරවන්නේ පාලකයෝමයි. එපමණක් නෙමෙයි, වෙන රටවලට මේ රටට ඇගිලි ගහන්න පාර කපල දෙන්නෙත් පාලකයෝ. මෙහේ එවන් තත්ත්වයක් ඇති නොවිමට ඔබතුමාට ශක්තිය ඇති බව මගේ විශ්වාසයයි (නි)

:       0       0

පද්මා Sunday, 05 May 2013 01:58 AM

කලකිරුණු යාපනේ වැසියෝ කැරලි ගහන්න උදවු ඉල්ලගෙන ගියේ ඉන්දියාවට. ලිබියාවේ පාලනය ගැන කලකිරුණු අය උදවු ඉල්ලුවේ බටහිරින්. ඉන්දියාවේ මාවෝවාදීන්ට චීනය උදවු කරනවා. ලෝකේ දැන් යන විදියට මෙහෙ කට්ටිය ගැනත් හිතාගන්න අමාරුයි. එහෙම නොවෙයි කියලා අපිට සහතික කරන්නත් බැහැ. එය එසේ නොවීමට වගබලා ගැනීම ඔබතුමාට භාරයි. (නි)

:       0       0

නන්දන Sunday, 05 May 2013 02:00 AM

හැබැයි ළගදී ළගදී අපේ රටේ වෙච්ච දේවල් පිටට දෙන්න ගියොත් නම් ඒ ගැන දෙවතාවක් හිතන්න වෙනවා. (නි)

:       0       0

චූලා Sunday, 05 May 2013 02:06 AM

යොහාන්, ඇයි ඉදි අමීන්, හිට්ලර්ලා විතරද පෙනුනේ? ලින්කන්,තැචේර්,වොෂින්ටන්,කෙනඩි, මාවෝ, ලිකුවාන් යු, ගොර්බෂොප්.... වගේ අය දැක්කේ නැද්ද? (නි)

:       0       0

පද්මා Sunday, 05 May 2013 02:08 AM

සුනිල්, රට හෝදන කට්ටිය පිටරට ගියාම ඉතුරු වෙන්නේ ලොකු ලොක්කන්ගේ කුණු හෝදන කට්ටියනේ. සුනිල්ලා නම් හැමදාම කඩේ යයි අපේ හම යයි. (නි)

:       0       0

වීරසිංහ Sunday, 05 May 2013 02:10 AM

මෙතනත් ඉන්නේ "හොද පුතාලා" සෑහෙන්න හොද අදහස් දාලා.කියන ඕනෑම දෙයකට හුරේ හුරේ ගාන්නේ නැතුව, දැන් අන්තර්ජාලේ එහෙමත් තියන එකේ බලන්නකෝ ලෝකේ රටවල් වල පොලිස් වාර්තා එහෙම කියවලා ටිකක්. (නි)

:       0       0

රීටා Sunday, 05 May 2013 02:13 AM

කැනඩාවේ නීතිපති ගිය අවුරුද්දේ මෙහෙ රජයට විරුද්ධව තීන්දු 18 දීල තියනවා නේද? කැනඩාව රුසියාවට පසු ලෝකේ දෙවැනියට ලොකු රට. ලංකාව කී වැනි තැනද මම දන්නේ නැහැ. නමුත් ලොව බලවත්ම ව්‍යවස්තාව තියෙන්නේ ලංකාවට. (නි)

:       0       0

මාලා Sunday, 05 May 2013 02:16 AM

හිරගෙවල් තියන එක ප්‍රශ්නයක් නෙමෙයි අපට. ප්‍රශ්නේ තියෙන්නේ ඒවාට යන්නේ පොඩි අය විතරක් වීම සහ ලොකු අය ගිය පයින් ආපහු ගියාට වැඩිය හොදට පැමිණීම. ඇයි එහෙම වෙන්නේ? අනේ මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

හේරත් Saturday, 04 May 2013 03:11 PM

ඔක්කොම ජීනිවා. ගෙදර නෝනා අසනීපයි කැස්සත් හැදිලා. ලියමු ඒකත් එක්සත් ජාතීන්ගේ සංගමයට. පොදු රාජ්‍ය මණ්ඩලයට පිස්සු ඩබල්.(නදී)

:       0       0

මාලක Sunday, 05 May 2013 02:20 AM

ලෝකේ කොහෙත් වැරදි වෙනවා තමයි. අපි දන්නවා. නමුත් ලංකාවේ ජනගහනේටයි, භූමි ප්‍රමානේටයි සාපේක්ෂව බැලුවම මෙහෙ පැයෙන් පැයට අපරාධ වෙන එකනේ ප්‍රශ්නේ. (නි)

:       0       0

සිල්වා Saturday, 04 May 2013 03:19 PM

පළමුව මතුපිට කුණු සෝදා අරින්න. දෙවනුව කුණු එක් රැස්වන ස්තාන පිරිසිදු කරන්න. නිකම්ම ලෝකයේ අන් අය අපේ පාරේ ගමන් මග සොයයි. (ස)

:       0       0

සුපුන් Sunday, 05 May 2013 02:22 AM

එතකොට අර පසුගිය දිනවල මතභේදයට තුඩුදුන් අධිකරණ තීන්දු වලට ඔබතුමා මේ කියන හේතුන් හැර වෙනත් කිසිදු හේතුවක් බලපෑවේ නැද්ද? මම මේ තේරෙන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

මුරුගන් Sunday, 05 May 2013 02:24 AM

ඇයි දෙයියනේ මෙහෙම අපරාධ ලංකාවේ අපිට දකින්න වුණේ? ජනපතිතුමනි, ඔය කියන කම්මැලි නිලධාරීන් එලවා දමන්න. නිතිය ශක්තිමත් කරන්නනේ අපි ඡන්දේ දුන්නේ. (නි)

:       0       0

ශීලා Sunday, 05 May 2013 02:25 AM

අනේ ජනපතිතුමනි, ඔන්න ඔය කම්මැලි නිලධාරියෝ හොයලා සුදුසු පියවරක් ගන්න. (නි)

:       0       0

සුරේන්ද්‍ර Sunday, 05 May 2013 02:25 AM

මිනිස්සු බුද්ධිමත වෙන්න වෙන්න වරදවල් කරන එක අඩු වෙනවා (දී)

:       0       0

සඳරුවන් Saturday, 04 May 2013 03:30 PM

කතාව ඇත්ත.ඒ උනාට ගොඩක් මැති ඇමතිවරු චන්ඩිනේ.(ස)

:       0       0

සඳුනි Saturday, 04 May 2013 03:33 PM

හැබැයි. අපේ රටේ තරම් හොරුනම් කොහෙවත් නැතුව ඇති. (ස)

:       0       0

මුරුගන් Sunday, 05 May 2013 02:32 AM

ආණ්ඩු පක්ෂේ ද විපක්ෂෙද කියා වෙනසක් නැහැ මට නම්. මොකෝ මට නම් කවුරු පත් වුණත් එකයි. මිනිස්සුන්ට ඡන්දෙ කටු ගලන්න පුලුවන් නම් පාලකයන්ට හිතන්න වෙනවා ඇයි එහෙම වුණේ කියලා. ඒත් ඉන්න අපේ කට්ටිය‍ගේ සංඛ්‍යාවේ හැටියට වැඩේ අමාරුයි. (නි)

:       0       0

ලසන්ත Sunday, 05 May 2013 02:33 AM

මේවා නවතන්න ගත් පියවර මොනවාද? (නි)

:       0       0

රාණි Sunday, 05 May 2013 02:35 AM

සමාවෙන්න මෙහෙම කීවට. කොම්පැනියක් පාඩු උනාම කළමනාකරු වගකියන්න ඕනා. රටක් බංකොලොත් උනාම ප්‍රදානියා වග කියන්න ඕනා. මේ වෙන හොරකන් දුෂණ ඔබතුමාට රහසේ කරනවා කියල මන් නම් පිළිගන්නේ නැහැ.(නදී)

:       0       0

නිමල් Sunday, 05 May 2013 02:36 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඇමතිලාගේ හොර මගඩි වැඩ වගේ දේවල් වෙන්නේ නැහැ කියන්න දෙන්න පුළුවන් සහතිකේ මොකද්ද? ඒවාට දීපු දඩුවම මොකද්ද? (නි)

:       0       0

දිල්ශාන් Saturday, 04 May 2013 03:35 PM

ඇයි දන්නේ එතුමාට දැන් මෙහෙම දේවල් කියන්න මතක් වුණේ? (ස)

:       0       0

ජීවන් Sunday, 05 May 2013 02:39 AM

ජනතා මුදල් ගසාකන ඇමතිතුමාලා කොයි රටේද ඉන්නේ කියන්න. මිනි මරණ මන්ත්‍රීලා කොයි රටෙද ඉන්නේ කියන්න. ඔවු ඔවු ඉන්නවා, ඉන්දියාවේ පාකිස්තානේ එහෙම. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒ වගේ නරක රටවල් දිහා බලලා හැදෙන්න බැරිකමනේ... (නි)

:       0       0

ගාමිණී-සිරි Saturday, 04 May 2013 03:37 PM

ජනාධිපති තුමනි, මේවා මතක් කලාට මොකුත් හිතන්න එපා. ඔබතුමා අනුකම්පාව දක්වනවා වැඩියි. සැරත් හොඳටම මදිය. රටේ විනය හොදටම පිරිහිලි නාස්තිය, දුෂණය, අපචාර, ජාවාරම්, හොරකම්, මන්කොල්ල , මිනීමැරුම්, මත් ද්‍රවව්‍ය, පගා,අල්ලස්, කොමිස් වලින් මුළු රටම අද වෙලී ඇත. දේශපාලනයෙන් යුද්ධයෙන් ජයග්‍රහණය කලත් ඉහහ කී හැම කරුණකින්ම ඔබ පරාද වී ඇත.(නදී)

:       0       0

චූලා Sunday, 05 May 2013 02:52 AM

හිරකාරයින්ට දෙන බත් පතෙනුත් අපේ අය ගසාකනවා.ඉස්පිරිතාලෙට දෙන බිත්තරෙනුත් ගසා කනවා.මේවා ගැන හොදින් සොයාබලා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුයි. (නි)

:       0       0

නිශාන්ත Saturday, 04 May 2013 03:41 PM

කොයි රටේ අඩුපාඩු තිබුනත් අපි හරියට කලානම් ඉවරයි නේ. අපිත් එකම කරලා හරියනවද? (ස)

:       0       0

රත්න Saturday, 04 May 2013 03:46 PM

බලාන ගියාම, මේ කියන හැටියට අපේ රට තමා ලෝකෙන්ම දියුණුම රට.(ස)

:       0       0

ජීවන්ත Saturday, 04 May 2013 03:50 PM

ඇත්තටම කියනකොට තමා වැටහෙන්නේ, මේ ඔක්කෝම දේවල් වලින් පරිපූර්න කරලා මේ රට ආශ්චර්යමත් කරන්න නේ ඔබතුමා හදන්නේ. (නදී)

:       0       0

අපොන්සු Sunday, 05 May 2013 04:35 AM

එකනේන්නම්, වංචා අපරාද කියන්නේ සුළු දෙවල්නේ .(නදී)

:       0       0

ජගත් Saturday, 04 May 2013 03:53 PM

අනේ මන්ඳා දැන් මෙතුමත් සටන් ජවනිකා අත් ඇරලා, විපක්ෂ නායක තුමා වගේ විකට ජවනිකා දෙනවා. (නදී)

:       0       0

රණ රාල Saturday, 04 May 2013 03:56 PM

ඔය ඔක්කෝම තියනවා. අපිට නැත්තෙ රටට ජනතාවට ආදරය කරන, නායකත්වයක් කියලා. (නදී)

:       0       0

සුනිල් Saturday, 04 May 2013 04:02 PM

රට හෝදන කට්ටිය පිටරට ගියානම් අනිත් කට්ටියට හොදින් ඉන්න පුලුවන්.(නදී)

:       0       0

චතුරංග Saturday, 04 May 2013 04:10 PM

ෆොන්සේකා මහත්තයාගේ ප්‍රදේශයටම ගිහින් මේ කතාව කියපු එක හරිම වටිනවා. අම්බලන්ගොඩ පුරවැසියෙක් විදියට ෆොන්සේකා මහත්තයා ලජ්ජා වෙන්න ඕනා.(නදී)

:       0       0

ප්‍රසාද් Saturday, 04 May 2013 04:19 PM

සුද්දගේ හොර වැඩ කාවුරුවත් දන්නෙ නෑ.(නදී)

:       0       0

දයා අලහකෝන් Saturday, 04 May 2013 04:21 PM

ළමා අපචාර, ස්ත්‍රී දූෂන, මිනී මැරුම් හා හොරකම් අතින් ලෝකේ කප් ගහපු රට අපේ රට. ඒ වගේම දේශපාලනයෙන් ඒවා වහන්න පුළුවන් එකම රටත් අපේ රට.(නදී)

:       0       0

ජානක Saturday, 04 May 2013 04:21 PM

අර පහළ පිටුවේ තියන අසාධාරන චිම්පන්සියා ගැන පාඩමත් කියලා දෙමුද? (නදී)

:       0       0

මැක්ෂි Saturday, 04 May 2013 04:23 PM

සීතාම්බර කතාවක්. ශ්‍රේෂ්ටයි!(නදී)

:       0       0

ලලිත් Saturday, 04 May 2013 04:29 PM

කකුළුවා ඇදේට යන ගමන් පැටවුන්ට කියනවා කෙලින් යන්න කියලා. මුළු ලෝකේ කොහේවත් නැහැ තුන්වන වරටත් ජනාධිපති වෙන්න දගලන අය. ඒත් අපේ රටේ එහෙමද? (නදී)

:       0       0

ගයාන් Saturday, 04 May 2013 04:38 PM

තමුන්ගේ වැරදි වහගන්නත් බන දේශනා කරනවා. අපිට වැඩක් නැහැ ලෝකේ අනිත් රටවල් වල වෙන දේවල් වලින්. අපේ රටේ නායකයා වග කියන්න ඕනේ අපේ රටේ වෙන දේවල් වලට. නිදහසට කරුණු කියන්නේ නැතුව.(නදී)

:       0       0

ජානක Sunday, 05 May 2013 08:15 AM

මමත් එකඟයි ඔබ සමග (දී)

:       0       0

පේෂල Saturday, 04 May 2013 04:40 PM

අනුන් වැරදි කලා කියල අපිත් වැරදි කරන්න ඕනද?(ස)

:       0       0

චමින්ද ජයනාත් Saturday, 04 May 2013 04:43 PM

ජනපතිතුමාගෙ කතාව සම්ර්‍පූර්ණ ඇත්ත. හැම රටකම එවැනි වැඩ වෙනවා. හැබැයි සත්‍ය නම් ඒ රටවල් වල 1% යි නම් අපේ රටේ 95%යි. ඒකත් ගොඩක්ම කරන්නෙ බලයෙ ඉන්න අය.(නදී)

:       0       0

මාරසිංහ Sunday, 05 May 2013 08:28 AM

ඇමතිලා කැමති බෙන්ස්,ඩොජ්,බෙන්ටලී,පර්ජෝ,අවුඩි,ලෑන්ඩ් රෝවර්,ෂවලේ,ජි එම සි ,ෆෝඩ්,කදිලක්,පොශේ, ලැම්බගිනි, ෆෙරරේ, ලින්කන්, ෆියට්,වොල්වෝ,රෙනෝල්ට්,ජගුවර්,ෆොක්ස්වගන්,ක්‍රයිසලා, ලිමොසින් වගේ වාහන වලට. අපි යනවා ටාටා බස් එකේ. (නි)

:       0       0

උදය Saturday, 04 May 2013 04:47 PM

මේ මනුස්සයා මේ රටට ආදරේට කියන දේවල් වැරදි විදිහට හිතන්න එපා.(නදී)

:       0       0

පවිත්‍ර Sunday, 05 May 2013 08:46 AM

ඔබ හරි ජනපති තුමනි (දී)

:       0       0

නාමල් Saturday, 04 May 2013 04:56 PM

බටහිර රටවල් වල මාධ්‍ය නිදහස තියන නිසා මොනවත් හංගන්න බැහැ ලංකාවේ වගේ. මෙයා ලෝකේ ගැනවත් දැනුමක් නැහැ වගේ කතා කියන්නේ. අපි මෝඩයෝ කියල හිතුවද ?(නදී)

:       0       0

දම්මික Saturday, 04 May 2013 05:11 PM

100% නිවරධි මිනිස්සු ලෝකේ කොහෙවත් නැහැ (දී)

:       0       0

වසන්ත රාමනායක Saturday, 04 May 2013 05:12 PM

ඔව් ඔව් ඒක නිසා මෙහෙම යමු නේද?(නදී)

:       0       0

ආදිත්ය Sunday, 05 May 2013 09:49 AM

අපරාධ නවත්වනවා වෙනුවට ඒවා සාධාරණීකරනය කරන්න. එතකොට ආශ්චර්ය ලැබේවි.(නදී)

:       0       0

රියාල් Saturday, 04 May 2013 05:20 PM

ජනාධිපති කියන්නේ හොරකම්, මිනීමැරුම් තිබුනට කොහොම හරි රට දියුණු කරන්න කියලා. ඇපලෝ රෝහලේ සභාපති තම අර තුමාට ගියේ කොහොමද? (නදී)

:       0       0

කමල් Saturday, 04 May 2013 05:28 PM

ලෝකේ ගෝලාකාරයි නොවැ.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 05 May 2013 09:59 AM

රටේ නීතියට අනුව අපරාධකරුවන් සියල්ලන්ටම පරීක්ෂා කරලා දඬුවම් දෙන්න... (නි)

:       0       0

පාර්වතී Sunday, 05 May 2013 09:59 AM

දිනපුවාම ඌරා වගේ මහත් වෙන්නේ ඇයි. පැරදුනාම හුණා වගේ කෙට්ටු වෙන්නේ ඇයි.(නදී)

:       0       0

භද්‍ර Saturday, 04 May 2013 05:39 PM

ඉහලම තැනේ සිට පහලම කැනට යනකමි හොරකම් කරන රටක් වෙතොත් එය මේ ශ්‍රී ලංකාවයි.(නදී)

:       0       0

සූකිරි Sunday, 05 May 2013 10:01 AM

හෙජින් ගනු දෙනු වලට දීපු දඩුවම මොකද්ද. ලංවිම, ශ්‍රී ලන්කන් ගුවන්සේවේ, මිහින් ලංකා, ඛනිජතෙල් කියන ආයතන වල පාඩුව කෝටි 18500. මේවා කරපු අයට දීපු දඩුවමක් තිබේද? .නැතිනම් සුපුරුදු කමිටු අටවල යට යන්න අරිමුද?(නදී)

:       0       0

නීලා Sunday, 05 May 2013 10:03 AM

ඒ.ජ.පෙ වැරදි කියල 94 ආපු ආණ්ඩුව දීපු දඩුවමක් නැහැ. ඒ වා කරපු අය මැරිලා ගිහින්. හාමුදුරුවෝ ගුණ කතනත් කියල බුමදානේ දුන්නා. මේ ආණ්ඩුවේ වැරදි කියල කට්ටියක් බලේට එන්න හදනවා. මේ නැගෙන චෝදනා ඇත්ත උනත් දඩුවන් දෙන කිසිවෙක් නැහැ.(නදී)

:       0       0

සිරිමතී Saturday, 04 May 2013 05:49 PM

අපේ සමහර ලොක්කෝ ලෝකෙට  ණයවෙලා  ගේන  සල්ලි යටිමඩි ගහලා  ඒවාට  පොලී ගෙවන්න  ජනතාව  පිට  බර  පටවනවා. ජනාධිපතිතුමනි, ඒවා අවම  කරන්න නිතිය තදීන්  ක්‍රියාත්මක  කරන්න. (නි)

:       0       0

වීරසිංහ Sunday, 05 May 2013 10:07 AM

දැන් ඔබතුමාගේ පාලන කාලේ ඇතුලත කමිටු කියක් දැම්මද. එකකින් වත් දීපු දඩුවමක් තිබේද?(නදී)

:       0       0

ශීලා Sunday, 05 May 2013 10:08 AM

අර සංචාරක ගානට මොකෝ වෙන්නේ.(නදී)

:       0       0

සුධීර Sunday, 05 May 2013 10:10 AM

සුදු අඩන පිරිත් නුල් අගලක් විතර මහතාට බදාගෙන, කුබුරේ හාන, නියරේ ඇවිදින, ඔරු පදින, සිමෙන්ති අනන, පන්සල් වල මල් පුජ කරන, ළමයි සිප ගන්න, ඇමතිලා මන්ත්‍රීලා බලේට පත් කරන්නේ අපි තමයි. නමුත් කවුද එයාලා අපේක්ෂක ලැයිස්තුවට ඇතුලත් කරන්නේ.(නදී)

:       0       0

ජානක Sunday, 05 May 2013 10:15 AM

තානාපතිලා පත් කරන විදිය මොකක්ද ජනාධිපතිතුමනි. බලන්න විශ්‍රාම ගිය අය තානාපතිලා වෙලා, පැරදිච්ච දේශපාලකයෝ තානාපතිලා වෙලා. මේ මිනිස්සු පත් කරන්නේ කවුද. ඉතින් අපට වරදින එක අහන්න දෙයක්ද. අන්තිමට බනිනවා සුද්දන්ට.(නදී)

:       0       0

ලසන්ත Sunday, 05 May 2013 10:23 AM

ජනපතිතුමනි , මේ රටෙත් වෙන සංදර්ශනවාදේ, ප්‍රදර්ශනවාදේ තහනම් කරන්න. (නි)

:       0       0

රජීන්ද්‍ර Saturday, 04 May 2013 06:17 PM

ජනාධිපතිතුමනි, රට පුරා පැතිරී යන දුෂණය, භීෂණය, වංචා, අමානුෂික ඝාතනයන්, රාජ්‍ය සේවයේ පිරිහීම වැනි කරුණු පිළිබදව බහුතර සිංහල ජනතාව ජීවත්වන්නේ බොහෝ කළකිරීමකිනි. (නි)

:       0       0

පෙරේරා Saturday, 04 May 2013 06:20 PM

ඒ වගේ අය ඉන්න අනිත් දියුණු කියන රටවල් වගේම ලංකාවත් බොහොම දියුණු ඒක නිසානේ. (නදී)

:       0       0

සරසි Sunday, 05 May 2013 10:32 AM

දේශපාලනයේ උතුම් මිනිසුන් අතීතයේ මෙන් අද ලංකාවේ නැත. මෙය බුදුන්ගේ දේශයකි. (නි)

:       0       0

සීල Saturday, 04 May 2013 06:26 PM

ඒක ඇත්ත. ඒ වගේම නීතියත් හැමෝටම සාධාරන වියයුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 5 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 12 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 32 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 49 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 94 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 120 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site