(නිමල කොඩිතුවක්කු)
රට ගොඩනැගීමේ ශක්තිමත්ම වැඩපිළිවෙළ සහ කණ්ඩායම සමග ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු රට ගොඩනැගීමේ ගමන ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගලදී පැවසීය.
රටට අවශ්‍ය කයිවාරුකාරයින්, සංදර්ශන නොවන බැවින් කියන දේ කරන කතාව මහපොළොවේ යථාර්ථය බවට පත් කරවන සංවර්ධන යුගය බිහි කරන්න සමගි ජන සන්ධානය කැපවන බවත් ඔහු කීවේය.
රටේ තිබෙන ජරාජිර්ණ වු දේශපාලන සංස්කෘතිවය නැවතිමේ ලකුණ තබා වරදාන වරප්‍රසාද මන්ත්‍රීධුර විකුණන යුගය සමගි ජනබලවේගය රාජයක් තුළ නතර කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය කරන ජන රැළි මාලාවේ මංගල රැළියට කුරුණෑගල සත්‍යවාදී පිටියේ දී එක් වෙමින් ඔහු මේ බව පැවසීය. ‘සැමට ජයක් සමගි රටක්‘ යන තේමාවෙන් මෙම රැළිය සංවිධානය කර තිබුණි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’’ජනපති වුණොත් රට ගොඩගන්නවා’’
ගමේ එකාලා Saturday, 17 August 2024 05:03 PM
ජපන් බාෂාව දන්න එකේ ජපන්නු එක්ක කතා කරලා වෙන්ඩැති...
Saththaya Saturday, 17 August 2024 05:35 PM
ගොඩගන්න එක කෙසේ වුණත් රට හාරන එක නම් කොහොමත් කරයි. ඒකටනේ උපාධියක් තියෙන්නේ.
සෙනෙවිරත්න Saturday, 17 August 2024 05:37 PM
රට නංවන්න කෙසේ වෙතත් හම්බකරගන්න බලාගෙන ඉන්න සෙට් එක නම් ඉන්න බව පේනව. බැඳුම්කර වංචාවක් උනේ නැහැ කියල පොතක් ලියපු සුජීව සේනසිංහ කේවට්ටය වගේ ලඟින් තියාගෙන ඉන්නෙ ඔය කියන රට හදන්නද? , අරෙහෙන් මෙහෙන් පනින ගෙම්බො සේරම ලංකරගෙන එක එකාට පොරොන්දු දිදී දවස ගානෙ ගිවිසුම් ගහන්නෙ රට හදන්නද වරදාන දෙන්නද? රට හදන්න එන එන එකත් එක්ක ගිවිසුම් මොකටද ? මෙයා වැරදිලාවත් දිනුවොත් තාත්තගෙ කාලෙ වගේ නෝනගෙ රැඟුම් වලට අමතරව නංගිගෙ රැඟුම් බලන්නත් වෙන එක සිකුරුයි.
Asrar Saturday, 17 August 2024 05:47 PM
අරයාගෙන් සල්ලි අරන් මෙයාට දෙනව, මෙයාගෙ වැඩ
Pradeep Kumara Saturday, 17 August 2024 05:47 PM
විදෙස් නායකයින් සමඟ ඉංග්‍රීසි බසින් කථා කර, ණය සහ ආධාර ලබාගෙන රට ගොඩ ගන්න වෙන්න ඇති හිතන් ඉන්නේ. අනේ හොඳයි. පුංචි මොළේට තේරෙන හැටිනේ.
මැක්ස් Saturday, 17 August 2024 05:58 PM
රට කුල්ල කුජීත කල යහපාලන කාලේ වගකිවයුතු ඇමතිකම් කල, ජූලී චංග්ට හීල උණු අරගලිස්ට්ස්ලා රට අරාජික කල වෙලේ පැනල දුවපු සජිත් ප්‍රේමදාසට මේ රටට වැඩක් කරන්න පුළුවන් නම් බස්නාහිරින් ඉර පායනු ඇත.
priyanka Saturday, 17 August 2024 05:59 PM
එතකොට රට වළලපු එකා මොකාද?
Isha Saturday, 17 August 2024 06:08 PM
රට හැදෙනකොට රට බාරගන්නවා. රට වැටෙනකොට දුවනවා.
මහසෙන් Saturday, 17 August 2024 06:14 PM
පියාණෝට හේත්තු නොවී නැගිටින්න පුලුවන් වුණු දාට පුතානෝ ට රට ගොඩගන්න පුලුවන් වෙයි. තාම හිතන් ඉන්නේ මේ 70 කාලේ කියලා. කියවන්නේ ජනසවියයි, ගම් උදාවයි ගේනවා කියලා. මෙයාටම හරියන සෙට් එක. රට හදන්න ඉන්නේ. කොච්චර දැඟලුවත් ඔයා ජනපති වෙන් නෑ. යාලේ හරි වෙන කොහේ හරී හොයාගන්න වෙන්නේ මේ පාරත් හැංගෙන්න...
Rata Perata Saturday, 17 August 2024 06:19 PM
ඔය පරණ දේශාභිමානී කතා කියලා ආයෙත් ජනතාව රවටන්න බෑ. හොරු වටේ තියාගෙන පිරිසිදු පාලනයක් හදනවලු. ඉස්සරවෙලාම දුලන්ජලීගෙන් පටන් ගන්න.