IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ජනපති වෙබ් අඩවියට පැන්න හැකරුන් පන්නති

ජනපති නිල වෙබ් අඩවිය  සිකුරාදා සවස අක්‍රීය කරන්නට ඇත්තේ ශ්‍රී ලංකාවේම හැකරුන් කණ්ඩායමක් යැයි රහස් පොලිසිය හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කියයි.  හැකර් ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කළ බවත් එය දැන් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවත් ජනපති කාර්යයාලය කියයි.

අගෝස්තු 25 වැනි සිකුරාදා මේ වෙබ් අඩවියේ පණිවුඩ මකා ශ්‍රී ලංකා තරුණයන් නමින් හඳුන්වාගත් පිරිසක් ඔවුන්ගේ පණිවිඩයක් සිංහලෙන් එහි ඇතුලත් කර ඇතැයි ද මෙම වෙබ් අඩිවිය හැකර් ප්‍රහාරයකට ලක් වී ඇතැයි දැනගත් වහාම ජනපති කාර්යයාලය නිසි පියවර ගෙන ඇතැයි ද එහි ප්‍රකාශකයෙක් කියයි.

අපොස උසස්පෙළ අප්‍රේල් මාසයේ නොතබන ලෙසත් ජනපතිට රට පාලනය කළ නොහැකි නම් ජනාධිපතිවරණයක් පවත්වන ලෙසත් සරසවි සිසුන්ගේ ප්‍රශ්න විසඳීමට වැඩිපුර අවධානය යොමු කරන ලෙසත් අගමැතිගේ ඇතැම් ක්‍රියා නවත්වන ලෙසත් එම කණ්ඩායම ජනපති වෙබ් අඩවියට බලෙන් ඇතුළු වී පළ කළ දැන්වීමේ සඳහන් වේ.

ජනපති වෙබ් අඩවියට මුල් ප්‍රහාරය බ්‍රහස්පතින්දාත් දෙවැනි ප්‍රහාරය සිකුරාදාත් එල්ල වී ඇති බවත් එම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු වෙබ් අඩවිය යථා තත්වයට පත් කළ බවත් රජයේ සයිබර් විශේෂඥයෝ පවසති.

බංගලිදේශයේ හැකරකු පැය කිහිපයක් ජනපති වෙබ් අඩවිය තම පාලනයේ නතු කර ගෙන ඉන් පසු ඔහු ඉවත්ව ගිය බව සඳහන්ව ඇතත් එය නොමග යැවීමක් සඳහා සිදු කරන ලද්දක් බව ජනාධිපති කාර්යයාලය පවසයි.



අදහස් (0)

ජනපති වෙබ් අඩවියට පැන්න හැකරුන් පන්නති

විජිත Sunday, 28 August 2016 01:44 PM

ජනාධිපතිතුමා මේ ආරංචිය ඉක්මණින් දැනගත් එක හොඳයි (නි)

:       0       0

ශශික Sunday, 28 August 2016 03:24 PM

ෂා නියමයිනේ! අපෙත් ඉන්නවා එහෙනම් හොඳ වැඩකාරයෝ. කවුරු වුණත් හොඳ හැකරුන් කණ්ඩායමක්. (නි)

:       0       0

අමිල Sunday, 28 August 2016 04:33 PM

ඉල්ලීම් වල හැටියට නම් මේක මොන කට්ටියගේ වැඩක්ද කියලා අපිට යම් හැඟීමක් ඇතිවෙනවා (නි)

:       0       0

ආර්. වික්‍රම Monday, 29 August 2016 01:49 AM

ඔය බහුතර රජයේ වෙබ් අඩවි කොහොමත් අක්‍රියයි වගේ තමයි! (නි)

:       0       0

චන්දික Monday, 29 August 2016 02:55 AM

ඔය සමහර රජයේ වෙබ් අඩවි නම් ඉතින් තිබුනත් නැහැ වගේනේ (නි)

:       0       0

ජයසිරි Monday, 29 August 2016 03:24 AM

බලාගෙන යනකොට පුදුම වැඩකාරයොනේ මෙහේ ඉන්නේ (නි)

:       0       0

සිරිසේන බලංගොඩ Monday, 29 August 2016 04:08 AM

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට මම ඊමේල් 45ක් යැව්වා. ස්කයිප් මැසේජ් 23ක් යැව්වා. මට කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නෑ (බ)

:       0       0

මොහොමඩ් Sunday, 28 August 2016 12:39 PM

අයියෝ! මේ හැකරුන් බොහොම දක්ෂ කට්ටියක් වගෙයි (නි)

:       0       0

ඇසළ Monday, 29 August 2016 05:02 AM

සිරිසේන, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ නමට පමණයි දුරකථන අංක, ෆැක්ස් අංක, ඊමේල් ලිපින, ස්කයිප් ආදී බොහොමයක් සම්බන්ධ කරගත හැකි ක්‍රම එම වෙබ් අඩවිය ලස්සන කරන්න පමණයි හදුන්වල දීල තියෙන්නේ. ඒවට ලියන එක වගේ ගොන් කමක් තවත් නැහැ. මේ කතා කරන්නේ ඉන්දියන් සාගරේ අමුතු ඇටේ නම් සිරි ලංකාවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ගැනයි. මාලිගාවත්තටම ගිහින් බලන්න. තුන්වෙනි තට්ටුවේ එක අංශයක් තියනවා 50% කටත් වැඩියේ ද්‍රවිඩ ජාතිකයන් වැඩ කරන සිංහල කොහොමටත් බැරි සංහිදියාව නිසා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 372 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 1466 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1024 2

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 1680 1

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 622 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 2157 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39314 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25636 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 336 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1116 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site