(අංජුල මහික වීරරත්න)
මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (19) පැවැති සාකච්ඡාවේදීය.
ඉතිහාසයේ දී විවිධ රජයන් ණය ලබා ගැනීමේදී එම ණය ආපසු ගෙවීමේදී ආර්ථිකයට සිදු වන ගැඹුරු බලපෑම අවධානයට ලක් නොකර ණය ලබා ගෙන ඇති බවත්, තම රජය එවැනි අවිධිමත් ණය ලබා ගැනීම් හෝ අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් සිදු නොකරන බවත්, ආර්ථික තිරසාරත්වය කෙරෙහි සිය රජයේ ඉහළම අවධානය යොමු කර ඇති බවත්, ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.
මෙහිදී විශේෂඥ වෛද්‍ය සේවය සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම මෙන්ම වෘත්තීය ගැටලු පිළිබඳවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානයට යොමු කළේය.
බදුරලිය කෙලින්කන්ද ප්‍රදේශයේ පාළු ඉඩමක වළදමා තිබූ ගිනි අවියක් සහ ජීව පතුරම් කීපයක් සොයා ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි.
බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් තැනින් තැනට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙප
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැන්වීම සඳහා ඉන්දීය ඖෂධ සමාගමේ නම යෝජනා කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාගේ උපදෙස් මත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නි
නියමිත නිල ඇඳුමින් සැරසී රාජකාරි කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ හෙද නිලධාරීන් සහ නිලධාරිනියන්ට නියෝ
මත්පැන් පානයකොට පෞද්ගලික බස් රථයක මගීන් ප්‍රවාහනය කළ රියදුරකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්ප
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාර වේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත ක
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ජනපති විශේෂඥ වෛද්‍ය සංගමය හමුවෙයි
kavinda Wednesday, 19 March 2025 06:08 PM
අනුර හමුවීම් දෙන්නේ දොස්තරලා විතරයි. හැබැයි දොස්තරම ඔලුව උඩ තියන් හිටියාට රට ඉස්සරහට ගෙනියන්න බෑ. ඒකට ආර්තිකයට සෘජුව දායක වෙන පිරිසුත් රට තුළ රඳවා ගන්න ඕනෑ. ආචාර්ය, මහාචාර්යවරු, ඉංජිනේරුවෝ, කෘෂි තාක්ෂණ ක්ෂේත්‍රයේ අය, විද්‍යාඥයින් වගේ රටකට අත්‍යවශ්‍ය වෘත්තිකයෝ බුරුතු පිටින් රට අත්හැරලා යනවා. අනුරලාට එයාලගේ අගය තාම තෙරිලා නෑ. රටේ රඳවා ගන්න වැඩපිළිවෙලකුත් නෑ....
කපුරු හාමි Wednesday, 19 March 2025 08:53 PM
බුරුතු පිටින් දූෂිත පවුල් පාලන ආණ්ඩුව තිබුණු කාලෙත් රට ගියා, සුදුවෑන් ඝාතන අතුරුදහන්වලට බයේ?