(අමිල චින්තක ගමගේ)
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනිවාර්යයෙන්ම තරඟ කරන බව ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජිකා සුරේඛා සමරසේන ලංකාදීපයට පැවසුවාය.
බොහෝ විට එම අපේක්ෂකයා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා නොවන බවත් අලුත්ම අපේක්ෂකයෙක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඇය කීවාය.
ලබන සතියේදී ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වන බවත් එහි කටයුතු අවසන් අදියරේ පවතින බවත් ඇය පැවසුවාය.
මේ වන විට ජන අරගල සන්ධානය වටා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ,නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින් වාදී පක්ෂය, සමාජවාදී ජනතා සංසදය ආදී සමාජවාදී පක්ෂ මෙන්ම වාමාංශික සමාජ ක්‍රියාකාරීන් ,සිවිල් සංවිධාන රාශියක් එක්ව සිටින බවද විධායක කමිටු සාමාජිකාව පැවසුවාය.
ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණය පැවැත්වුවහොත් ඊට ද අලුත්ම කණ්ඩායමක් ඉදිරිපත් කරන බවද ඇය කීවාය.
කිසි ලෙසකින්වත් ඉතිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය අපේක්ෂකයාට සහාය නොදක්වන බවද කිසිදු සමාජවාදී වැඩපිළිවෙළක් ඔවුන් සතුව තිබෙන බවක් පෙනෙන්නට නැති බවද ඇය කීවාය.
කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.
ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක
අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපති සටනට පෙරටුගාමීන් සූදානමින්
Kumara Wednesday, 24 July 2024 03:02 PM
පහුගිය සැරේ ඡන්ද 9,000 ක්ද කොහේද ගත්තා. මේ සැරේත් ඒ ප්‍රථිපලයම තමයි...
Prabha Wednesday, 24 July 2024 03:04 PM
සිහින ලෝකවල ජීවත් වන ජීවීන් කොට්ඨාසයක් තමයි මේ...
Nilantha Wednesday, 24 July 2024 03:43 PM
සහතික ඇත්ත පාර්ලිමේන්තුව මැතිවරණයෙන් එකම ආසනයක් (ලංකාවේ තිබුණු මැතිවරණ ආසන) හෝ දිනුවොත් නොවැරදීම බස්නාහිර පැත්තෙන් ඉර පායාවි. මොවුන් ලංකාව අගාධයට ගෙනයන පෙරටුගාමීන් මිස රටේ සංවර්ධනය පෙරට ගෙන යාමේ පෙරටු ගාමීන් නොවෙයි...
Swene Haputhantirige Wednesday, 24 July 2024 03:27 PM
සමාජවාදී රටවල් දැන් ඇත්තේම නැහැ. යතාර්තයට මුහුණ දී ජා.ජා බල සහයෝගය නොදී භේද කිරීම පොහොට්ටුවේ හෝ රනිල්ගේ හෝ දිනුමට අත වැනීමකි..!
රංබොඩ Wednesday, 24 July 2024 03:47 PM
කෑ ගහන එකයි, වැඩවරන එකයි විනයක් නැතිව හැසිරෙන එකයි කරගෙන ඉන්නේ නැතිව හඳ අල්ලන්න හදනවා.
විනිතා අලුත්ගේ Wednesday, 24 July 2024 03:56 PM
මේ අයගෙ සටන තියෙන්නේ ජාතක ජන බල වේගය සමගයි. කුහකයෝ රංචුවක්.අපි උඹල ගැන යමක් හිතාගනෙ හිටිය. නමුත් දැන් ඒ ටිකත් නැතිවුනා. ඔයිට හොදයි උබළ රනිල්ටම ඡන්දෙ දුන්නනම්.ඡන්දෙට ඇවිල්ල බලපල්ලගො උඹලගෙ තරා තිරම.
DMS Dissanayaka Wednesday, 24 July 2024 03:57 PM
පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන්නේ ඉතාම ළදරු කණ්ඩායමක්. ඔවුන්ගේ ප්‍රතිපත්ති ඉතාම හොඳයි. ප්‍රතිපත්ති හොඳ වූ පමණින් රටක දේශපාලනය කරන්න බෑ. ඉස්සෙල්ලා සංවිධානය හදාගන්න ඕන. ප්‍රාදේශීය මට්ටමින්, දිස්ත්‍රික්ක මට්ටමින් තියා පළාත් නවයට ඉන්න නායකයෝ නවදෙනා කවුද කියලා මිනිස්සු දන්නේ නෑ. ළදරු වියේදී ජනාධිපති ඡන්දයට ඉල්ලන්න වගේ ලොකු වැඩ කරන්න ගියොත් ළදරු වියේම විනාශ වෙලා යනවා. ඒ නිසා මුලින් කරන්න ඕන දේවල් ටික කරගෙන හිටියොත් අනාගතයක් තියේවි.
shantha Wednesday, 24 July 2024 05:24 PM
මට හිතෙන්නේ ඔබලාගේ පිටුපස රනිල්ගේ අවතාරයක් හොල්මන් කරනවා කියලයි. මේ ඡන්ද කඩන ගේමක්ද? පෙරටුගාමීන්ගේ සමාජවාදී වැඩ පිළිවෙල කියලා කියන්නේ ඉස්සර රුසියාවේ තිබුණු පෝලිම් සමාජ වාදයද? නැත්නම් උතුරු කොරියාවේ වගේ එකම විදිහට කොන්ඩේ කැපීමද? ඒවාට ඡන්දෙ දෙන්න මෝඩයෝ මෙහෙ නැහැ. ජාතික ජනබලවේගය කියන්නේ නවයුගයට ගැලපෙන සමාජවාදී අදහස් ඇති ප්‍රබල පක්ෂයක්. රටේ ජනතාවගෙන් බහුතරයක් අද සිටින්නේ මාලිමාව සමගයි.
Siribiris Wednesday, 24 July 2024 06:22 PM
මම බැලුවේ පිටිපස්සේ තියන පින්තූර දිහා...!
Jayasekara Thursday, 25 July 2024 12:30 PM
"පෙරටුගාමීන්".. "අරගල කරුවන්".. මේ වචන ටික ඇහෙනකොටත් බඩ දඟලනවා .ඒ තරමටම අප්පිරියයි .රැට්ටා ව දාන්න චන්දෙ ඉල්ලන්න .එයා තමා සුදුසුම කෙනා