(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට පොහොට්ටුවේ ප්‍රබලයන් පිරිසක් දැන් සිටම සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
ආණ්ඩුවේ ප්‍රධාන තනතුරක් දරන ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ඇතුළු පොහොට්ටුවේ මැති ඇමතිවරුන් රැසක් මේ සඳහා මුල් වී සිටින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ ප්රචාරක මෙහෙයුම ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් දරන, ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු බාරගෙන ඇති අතර,මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී සහ අගමැති ව සිටියදී ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටි ප්‍රබලයන් කිහිප දෙනකු ද ඊට සම්බන්ධ කරගෙන ඇති එම ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ අතර, ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය ඇමති ධුර දරන තරුණ මන්ත්‍රීවරුන් වැඩි දෙනකු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ සූදානමක සිටින බවද එම ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
එමෙන්ම ආණ්ඩුවේ තනතුරු දරන පොහොට්ටුවේ මැති ඇමතිවරුන් වැඩිදෙනකු මේ වන විට දේශපාලන වශයෙන් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමග බව ද නම හෙළි කිරීමට අකමැති, ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති සටනට රනිල් ගේන්න පොහොට්ටුව වැඩ අරඹයි
පිටිගල මිලානෝ Sunday, 02 April 2023 02:40 PM
ඔක්කෝම එකට තියලා අරින්න පුළුවන් දුර්ලභ අවස්ථාවක් එන්නයි යන්නේ… මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමු...
Banku HoraMonday, 03 April 2023 09:14 AM
සිගමන් ප්‍රොයිඩ් ගෙ රට හදන අලුත්ම තියරිය - හිගාගෙන කෑම සහ විකුනගෙන කෑම !
ලුම්බිණි Sunday, 02 April 2023 03:04 PM
ඔක්කොම එක බව දැන්වත් තේරුම් ගන්න.
kamalSunday, 02 April 2023 11:35 PM
පෙනෙන හැටියට දැන් තියෙන එකම විකල්පය NPP.
Samitha S. Aluthgamage Sunday, 02 April 2023 03:14 PM
ඔන්න මෙදා සැරේ පොහොට්ටුව දියවෙලා යූ එන් පීය මතු වෙන්නයි මේ ලකුණු පහළ වෙන්නේ ... වැඩිකල් නොගොස්ම, පොහොට්ටුවට අනිච්චා වත සංඛාරා කියන්න වෙයි වගේ ...
Nihal Dharmatileke Sunday, 02 April 2023 03:29 PM
පොහොට්ටුවන්ට රනිල් නැතිවම බෑ. බහුතර ජනතාවට රනිල් සහ පොහොට්ටුවන් නැතිව පුළුවන්...
විපරමා Sunday, 02 April 2023 03:30 PM
පොහොට්ටුවේ හොර දූෂිතයින් ජාමේ බේරගෙන ඉන්නේ පින් ජනපතියා හින්දා? රනිල් ආවොත් ඔවුන් ඔක්කෝම ගොඩ කියලා හිතාගෙන ඇති...
sene Sunday, 02 April 2023 03:37 PM
කීවෙනි පාරටද පරදින්න යන්නේ? පට්ට
උඩුවේරිය Sunday, 02 April 2023 04:12 PM
අදහස් දක්වා ඇති වැඩිදෙනෙක් මාලිමාව සතු මනෝරාජික සැලසුම් ජයග්‍රහණය සදහා ගෙනයාමට හැකියාව ඇතැයි සිතා මාලිමාව ජයග්‍රහණය කරාවි කියලා අදහස් පලකොට තියෙනවා. එහෙම වුනත් කිසිදාක අහසේ මාලිගා හදන්න බැහැ කියලා ඔවුන් තේරුම් ගන්නෙ නැහැ.
Nandasena grMonday, 03 April 2023 05:46 AM
කෝමා වෙලාද ඉන්නේ.මෙච්චර හරියක් රටට කරපු එවුන් බලයට ගේන්න මිනිස්සු සූදානම් නැහැ.හැබැයි අතරින් පතර තමුන්ලා වගේ ගවයො එකෙක් දෙන්නෙක් ඉන්නවා ඉතින්
ගමේ එකාලා Sunday, 02 April 2023 04:12 PM
වසර 45කටත් වැඩි කාලයක් දේශපාලනේ කෙරුවා. අන්තිමට තමුන්ගේ ආසනෙනුත් පැරදුණා. ඔය හිටියා මදෑ. වයසක දේශපාලුවන් අයින් වෙන එක තමයි හොඳ...
ගම්සබා Sunday, 02 April 2023 04:26 PM
නන්දසේන ගෝඨාභය යවපු දවසේ ඉඳන් මේක තමයි හදාගත්තු සැලැස්ම...! ආපහු ඇවිත් අපෙන් අහයි. දැන් සැපද කියලා... !!!
sunil Sunday, 02 April 2023 04:30 PM
බංකොලොත් රටක කොහේද "දේශපාලන ප්‍රබලයින්" ඉන්නේ..?
චතුරි Sunday, 02 April 2023 05:02 PM
දැන් මේ තිරනය ගත්තේ. ඔය ණය මුදල ආපු නිසාද. අනේ බන්. මිට වඩිය හොදයි ලග එන අවුරුද්දට රබන් ගහලා නටපල්ලා. හරි මහසි ඇති රනිල්ට වටේ ඉන්න. ගොබ්බයිනට. ණය මුදල දෙන්න කැමති වුනනිසා. ලබන අවුරුද්ද වෙන්න කලින්. කට්ටියම ගෙදර යන්න. ඔය ලැබුන මුදල් වල. ඇඩ්ඩ්‍රෙස් එකක්වත් ඒ වෙනකොට නැතිවෙයි. රනිල් ට මොලයක් තියෙනවානම් නයට සල්ලි ගන්නෙ මොකටද. තමන්ගෙ මොලෙන් රටක් කරන්නෙ. නයට කාලා නේමේ තියෙන නය ගෙවා ගන්න බැරිව ර්ටේ දේපල විකුන්නවා. මුන් තවත් නය අරගෙන. රටේ ජනාදිප්ති තරගෙට ලෑස්ති වෙනවා. සිල් රෙදි. පුන්නක්කු ගෝනි බෙදයි ලගදිම ජනතාවට. මේ වගෙ රට කරන උන්ට චන්දෙ නෙමේ. දෙන්න ඕන කොසු මිටි පහර. ඔය විදියට රටේ නායකයෝ ඉන්නෙලන්කාවෙ විතරයි. ලෝකේ දියුනු රටවල. එක ජනාදිපතිවරයෙක් ඉන්නවද. ඔලුව කුඩා බඩ ලොකු. පුන්චි ඇග මුහුන සිරියා වන්ත පාට. නිතියට හිස නමන. ජනතාවට මුල් තැනදෙන. නායකයෝ තමයි සේරම මුන් ඇවිත් මල පේරෙත ගොටුවටත් හොද මදි.
MalikaMonday, 03 April 2023 07:56 AM
රනිල් එයාගේ පැත්තට ඇමතිලා, මංත්‍රිලා ගන්න මිලියන 200 දෙනවලු. රනිල් නයට ගත්තු සල්ලි වලින්ද දන්නේ නෑ මෙහෙම දෙන්නේ. ඇයි ගෙවන්න මහ ජනතාව් ඉන්නවනේ. මේ දියවන්නාවේ ඉන්න උන් උන්ගේ ජාමේ බේරගන්න අපේ සල්ලිවලින්ම නේද පැති මාරුකරමින් පෝසත් උනේ. ලබන පාර මුන්ව් එලවන්න මහජනතාවට මොලේ පහල වේවා
ජයන්ත Sunday, 02 April 2023 05:03 PM
මේ දෙපිරිස පාර්ලිමේන්තුවේදී කවුද හොරා කියලා ගොන් ජෝගියක් දැම්මා අපිත් බලන් හිටියේ හොරා කවුද කියලා මට නම් තේරෙන්නේ නෑ ඕගොල්ලෝ දන්නවනම් කියන්න හොරා කවුද කියලා.
Hafeel Sunday, 02 April 2023 05:46 PM
අර සතාගේ නම සඳහන් කරමින් පිං ගො.... කියලා මිනිස්සු කතාවට කියනවා නේද? අන්න එහෙම තමයි පොහොට්ටුව දන්නවා මෙදාපාර කවුරු ඉදිරිපත් කළත් ඔවුන්ට දිනන්න බැරි බව. ඒ නිසා මෙදා ඔවුන් රනිල්ව බිල්ලට දෙනවා.
Praba Sunday, 02 April 2023 06:33 PM
රාජ්‍ය සේවකයන් අවුරුදු 60න් විශ්‍රාම යවන්න ගැසට් එනව. අවුරුදු 70ක ශල්‍ය වෛද්‍ය වරයෙකු අතින් ශල්‍යකර්මයක් කරගන්න වුනොත් අපි දෙපාරක් හිතනව. වයස 70ක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අපි පාරේදී උදව් කරනවා. කෙසේ වෙතත් වසර 70 පසු කල අයට අපි රටේ නායකත්වය බාර දෙනව. අපි හරි පුදුම ජාතියක්.
Prase Sunday, 02 April 2023 07:05 PM
හොඳ වැඩක්, නැත්තම් IMF වැඩ ටික විනාස කරන්න පුලුවන් වෙන කෙනෙක් පත් උනොත්, අපෙ රට ගොඩ ගන්න රජය සේවකයො එලවන්න ඔනෙ. ජනතාව ප්‍රයිවටයිස් කරන්න එකගයි.
Deepal Nirosh Sunday, 02 April 2023 08:02 PM
අපි වෙනුවෙන් අපි
Sethuhami Monday, 03 April 2023 04:31 AM
අද අප්‍රේල් 01 වැනිදා..!
swene Monday, 03 April 2023 05:16 AM
බලන්න 17, 18, 19, 20, 21 සංශෝධන. එකකට එකක් ප්‍රතිවිරුද්ධ වුවත් ලොක්කා යෝජනාව ගෙනාවනම් ඒ සෑම දෙයකටම අත උස්සන කණ්ඩායම් නේ ඔය දෙකේම ත් ශ්‍රී ලංකා එකෙත් දේශපාලනය කරන්නේ. නිකං ජනතාවගේ මුදල් නාස්ති කරලා ඒ අය සැප විඳිනවා
Rata Perata Monday, 03 April 2023 09:26 PM
අම්මෝ කියලාවත් කරගන්න බැරි දෙයක් .මොන කෙහෙල්මල් චන්දයක් හරි තියන්නකෝ .සීයලා ටික ගෙදර යවලා පෙන්නන්න