IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජනපති සටනට 24ක්

(සුජිත් හේවාජුලිගේ)

ඉදිරි ජනාධිපතිවරණය  සඳහා ඉදිරිපත්වීමට සූදානම් වන අපේක්ෂකයන් සංඛ්‍යාව  24ක්  දක්වා ඉහළ නැග ඇත.

පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයෝ එකොළොස් දෙනෙක්ද වෙනත් දේශපාලන පක්ෂවලින්  අයෙක්ද ඡන්ද හිමියකු විසින්  නාම යෝජනා  කෙරුණු  අපේක්ෂකයෝ  දොළොස් දෙනෙක්ද මීට ඇතුළත්  වෙති.

රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා, සරත් කීර්තිරත්න, අනිල් හේරත්, ඒ.එස්.පී ලියනගේ, පී.ඩබ්ලිව් බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, බත්තරමුල්ලේ සීල රතන හිමි, අක්මීමන  දයාරතන හිමි, සිරිපාල අමරසිංහ , කේආර් ක්‍රිෂාන්, පානි විජේසිරිවර්ධන, ඇන්ටනී වික්ටර්‍ර් පෙරේරා, මුහම්මත් ඉල්ලාස්, ප්‍රේමසිරි මානගේ, සිඩ්නි ජයරත්න සහ   ඩී.එම් බණ්ඩාරනායක  එම අපේක්ෂකයෝ වෙති.

අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වුවහොත් ඡන්ද පත්‍රිකාව ඒෆෝ කුලයක හැඩයට මුද්‍රණය කිරීමට සිදුවිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

එක කොලේ කොටස් දෙකකට බෙදා පත්‍රිකාව සකස් කරනු ඇතැයි පැවසූ  සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් මුද්‍රණාලාධිපතිනිය සමඟ සාකච්ඡා කළ බවද ප්‍රකාශ කළේය.

ඡන්ද පත්‍රිකාව දීර්ඝ වුවහොත් රටේ මුදල් වැය වැයවීම පමණක් නොව ප්‍රායෝගික ගැටලු රැසක් මතුවන බවද ඔහු කීවේය.

ඡන්ද ගණන් කිරීමේදීද  ගැටලු ඇතිවන බවත් ඡන්දදායකයන්ද ඡන්ද පොළේදී   මේ හේතුවෙන් අපහසුතාවයට පත්විය හැකි බවත්  රත්නායක මහතා කීවේය.



අදහස් (5)

ජනපති සටනට 24ක්

යෝගා Friday, 09 August 2024 05:48 PM

ඇප මුදල් ලක්ෂ 100ක් වත් කරන්න. නැත්නම් ඊළඟ ඡන්දෙට මොලේ අමාරුකාරයෝ සීයක් විතර ඉදිරිපත් වෙයි...!

:       0       0

achini Friday, 09 August 2024 06:12 PM

රටටම සාපයක් වෙච්චි පරම්පරාවේ බූරුපුතා තාම ඇප බැඳලා නැද්ද?

:       0       0

Pradeep Kumara Friday, 09 August 2024 06:29 PM

ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකි පුද්ගලයින් ගණන සීමා කිරීමට නීති සකස් කරන්න. 2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපති වූවාට පසු රටේ බහුතරයක් දෙනා සිතන්න ගත්තා තමන්ටත් මේ රටේ ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන්නේ නම් ඇප මුදල ලක්ෂ 10ක් සහ ස්වාධීන අපේක්ෂකයෙක් නම් ලක්ෂ 25ක් ලෙස වෙනස් කරන්න. එක එකා ගන්න ආතල් වලට රටේ මහ ජනතාව වගකිව යුත්තේ ඇයි?

:       0       0

Frencis Friday, 09 August 2024 06:54 PM

එහෙම අවස්ථා ඇතිවුණොත් පුද්ගලික ලාභ ප්‍රයෝජන හෝ විනෝදාශ්වාදය සඳහා ඉදිරිපත් වෙන රටේ සම්පත් නාස්තිය සඳහා දායකත්වය ගන්නා පිරිස් වෙනුවෙන් මැතිවරණ දිනයේ ලියාපදිංචි (මැතිවරණ දිනයේ පාවිච්චි නොකල ඒවාද සමග) මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 20%ක් නොලැබෙන අපේක්ෂකයින්ගෙන් සමානුපාතිකව මැතිවරණ වියදම් (සම්පූර්ණ වියදමින් - සාමාන්‍ය වියදම=අයකළයුතු මුදල) අයකර ගැනීමට නීතියක් නොපමාව ඇතිකළ යුතුයි. ගෙවීමට අපහසු නම් තරාතිරම නොබලා ඒ වෙනුවෙන් නිශ්චිත කාලයක් සිරගත කරන්න ඕනෑ මෙහෙම පිස්සෝ එක්ක රටක් හදන්නේ කොහොමද ඒ සමගම මැතිවරණ දෙපාර්තමේන්තුවේ වර්ෂ දහයක් තුළ පළාත් සභා හෝ පාර්ලිමේන්තුවේ එකම ආසනයක්වත් නොලැබූ පක්ෂ ලියාපදිංචිය අවලංගු කිරීමට කටයුතු කරන්න ඕනෑ වගේම යම්යම් අයගේ පුද්ගලික වාසියට අලුත් පක්ෂ ලියාපදිංචි කිරීමද නොකරනවා නම් හොඳයි...

:       0       2

රංබොඩ Friday, 09 August 2024 08:07 PM

මේක රටේ උත්රීතර තනතුරක් හෑල්ලුවට ලක්කිරීමක්. ඡන්ද වියදම වැඩි වෙනවා. මේ සෑම අපේක්ෂකයෙකුටම විශේෂ වරප්‍රසාද තියෙනවා. මේ නිසා ඉදිරියේදී ව්‍යවස්ථාව තුළින් ජනාධිපති අපේක්ෂකයින් සඳහා තිබිය යුතු නිර්ණායකයින් වෙනස් කිරීමට පත්වෙන රජයක් කටයුතු කරනු ඇතැයි සිතමි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 937 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5705 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3257 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 282 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1450 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1569 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28414 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site