IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ජනපති සමඟ ඇමෙරිකා යන්න ෆොන්සේකාට වීසා නෑ

රංජන් කස්තුරි, වීඩියෝ ලාල් එස් කුමාර
 
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමෙරිකාවට යාමට සූදානම් වුවද තමාට වීසා නොලැබුණු බව ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
 
ඒ මහතා එලෙස කීවේ අද සවස කැලණියේ පැවැති වැඩසටහනකට සහභාගී වී ආපසු යද්දී මාධ්‍යවේදී ඇසූ ප්‍රශ්නවල පිළිතුරු දෙමිනි.
 
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වන පිරිස නම් කළ ජනාධිපතිවරයා   විදේශ ඇමැති තිලක් මාරපන මහතා , නියෝජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු මෙන්ම තමාවද නම් කළ සිටි   බව ඒ මහතා සඳහන් කළේය.
 
හත් අට දෙනෙක් යුද අපරාධ කළ නිසා රටටත්, තමාටත්, සමස්ත හමුදාවටත් අපකීර්තියක් සිදුවන බව ද ඔහු කීවේය.
 
ෆොන්සේකා මහතාගේ සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්...



අදහස් (36)

ජනපති සමඟ ඇමෙරිකා යන්න ෆොන්සේකාට වීසා නෑ

siri Monday, 18 September 2017 04:01 PM

ඉදිරියේදී වෙන්න යන දේවල් ගැන නිමිත්තක් වත්ද?

:       12       193

අප්පුහාමි Monday, 18 September 2017 04:06 PM

ඔයා මේ පිනට ඇමතිකම් අරගෙන ගිහින් මොනවා කියන්නද එතන? ලංකාවට වෙලාම තව වැදගත් ප්‍රකාශ ටිකක් කලානම් නේද හොඳ?

:       1301       1843

ජගත් ලියනගේ Monday, 18 September 2017 04:09 PM

අපොයි, නොගිය එකමයි හොඳ.

:       1007       1425

Perakum Monday, 18 September 2017 04:12 PM

හැම විටම නැතත් මෙතැනදී ඇමෙරිකාව ගත් තීරණය නිවැරදියි ...!

:       710       901

SL Monday, 18 September 2017 04:15 PM

තමාගේ කට පරිස්සන් කරගන්න බැරුව මෝඩ කතා කියල රටයි තමන්වයි හෑල්ලුවට ලක්කරගෙන දැන් මෙතන සුදනා වෙන්න එනවා.

:       1247       1828

සෙනෙවි Monday, 18 September 2017 04:17 PM

වීසා කතාව බොරු වෙන්න ඇති. මෙතුමා කියවන නිසා ජනාධිපතිතුමා හලල යන්න ඇති.

:       470       1101

ජගත් කළු Monday, 18 September 2017 04:20 PM

දේශපාලනය කියන්නේ මඩගොහොරුවක් බව අපි ඔබතුමාට මොනතරම් කිව්වාද? එදා මහජනතාව ඔබතුමාට දණගසා වැන්දා නේද? මතකද ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ ළඟ එදා මිනිස්සු ඔබතුමාට වැඳපු හැටි... නමුත් දේශපාලනය යන මඩ ගොහොරුව දෑතින් වැළඳගෙන ඔබතුමා ජනතාවගේ හදවත්වලින් මොන තරම් අද ඈත් වෙලාද ?එදා වැඳපු අපි ඔබතුමාට වචනයක්වත් නොකීවත් ඔබතුමාගේ වදන් අද රටට ජාතියට අහිතකර බව අපි කණගාටුවෙන් වුවත් කියනවා. නමුත් අපි තාමත් සිතන්නේ ඔබතුමා අපේ තිබෙන ගෞරවය එලෙසින්ම තබාගන්න මේ මඩගොහොරුවෙන් නික්ම යාවි කියලයි. ඔබතුමා රටක් දිනා දුන්නා... නමුත් ඒ ජය සතුරාට නැවත ලබාදෙන්න එපා...

:       836       1467

Nalaka Monday, 18 September 2017 06:59 PM

ඒ දවස්වල මෙතුමා ජනාධිපති චන්දෙට එනකොට මහින්දගේ පැත්තේ අය කිව්වා නේද මෙතුමටත් ඇමෙරිකාවේ ග්‍රීන් කාඩ් තියනවා කියල.

:       47       381

ලක්ෂිMonday, 18 September 2017 08:42 PM

නාලක.මෙතුමාගේ ග්‍රීන් කාඩ් එක අවලංගුවුණ සිද්දිය ඔබට අමතක වෙලා.

:       0       50

RamaniMonday, 18 September 2017 09:13 PM

ඔවු, මෙතුමා යුද්ධය අන්තිමේදී ඇමරිකාවේ ගියේ ග්‍රීන් කාඩ් එක දික්කරගන්න කියලා මෙතුමාම කිව්වා. ඊට පසු ග්‍රීන් කාඩ් එක දික්කරනවාට කොටින් විරුද්ධවුනු බව පස්සේ කාලෙකත් පළවුනා. ඇත්තටම මෙතුමා කොහොමද හමුදාපති වෙලා ඉන්න ගමන් තව රටක ග්‍රීන් කාර්ඩ් ගත්තේ.

:       2       174

athuraTuesday, 19 September 2017 04:30 AM

අනිත් අය ආරක්ෂක ලේකම් එයාල ගත්ත විදිහටම තමයි මෙතුමාත් ගත්තේ.

:       219       15

siri Monday, 18 September 2017 08:29 PM

මෙවන් පින් ඇමතියෝ එහෙ ගියොත් වෙන්නේ පාවා දීමක්නේ. ඒ නිසා අවස්ථාවක් නොලැබුණු එකමයි හොද?ජනතාව ප්‍රතික්ෂේප කල අය පාර්ලිමේන්තුවට අරගෙන , රනිල් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක ජනතාව හොදින් දන්නවා.ඒ තමයි "බළල්ලු ලවා කොස් ඇට බවන්න"

:       3       412

Michale Monday, 18 September 2017 09:19 PM

මෙයා හිතුවේ සුදු කොඩි කතාව කියල මහින්ද රාජපක්ෂවයි ගෝටාබය වයි ඇමෙරිකාවට පවල දුන්නාම ඇමෙරිකාව මෙයාව පාවඩ දාල පිළිගනී කියලා. ඒක එහෙම උනේ නැහැනේ. උඩබලගෙන කෙල ගැහුවහම මෙයා දන්නේ නැහැ ඒවා මුනටම වැටෙනවා කියලා. හොද වැඩේ මෙයාට වුනදේනම් දැන්වත් හැදෙයිද දන්නේ නැහැ.

:       45       517

දර්ශන Monday, 18 September 2017 09:46 PM

හොඳ වැඩේ

:       10       260

Ratnamalala Monday, 18 September 2017 11:00 PM

ඉක්මනටම මෙහෙ විසත් ඉවරවෙනවනම් රටටම යහපතක්.

:       27       245

hashan Monday, 18 September 2017 11:14 PM

මේක මෙයාගේ තව බයිලාවක්ද කොහෙද කලින් කියපු වාචාල කතා වලට මිනිසුන්ගේ අනුකම්පාව ගන්න. ඇමෙරිකන් ග්‍රීන් කාර්ඩ් හිමියන්ට විසා අවශ්‍ය නැහැ ඒ රටට ඇතුළුවෙන්න. අධෝ මුකය විශ්වාස කලත්,මෙයාගේ ශ්‍රී මුකය විශ්වාස කරන්න බැහැ.

:       26       269

udaya Tuesday, 19 September 2017 01:44 AM

මේ ලගදි ඉස්කෝලෙක සිංහල ප්‍රශ්න පත්තරේ තිබ්බලු හිස්තැන් පුරවන්න. _________ නහින්නේ කට නිසාය . ළමයෙක් හිස් තැන පුරවල තිබ්බලු ෆොන්සේකා කියල.

:       46       370

Rohana Tuesday, 19 September 2017 02:20 AM

ගනන්ගන්න එපා.ඉන්දියවේ නරේන්ද්‍ර මෝඩි මහතාටත් වරක් ඇමෙරිකාව වීසා දුන්නේ නැත

:       54       44

suran Tuesday, 19 September 2017 02:33 AM

හතුරෝ උනත් මෙතුමාව මිතුරු කරගන්න දෙපාරක් හිතනවා. තමන් යටතේ හිටපු අයව පාවා දෙනවානම් හතුරෝ ගැන කුමන කතාද.මට හිතෙන්නේ මෙතුමාට වීසා දෙන්නේ නැත්තේ යුද්දයේ අවසන් අදියරේ මෙතුමා හමුදාපතිව සිටි නිසා නොවේ මෙතුමා ගැන අප නොදන්නා ප්‍රශ්නයක් නිසා. නැතිනම් හිටපු ආරක්ෂක ලේකම්ට සහ අනෙක් නිලදාරින්ට වීසා හම්බ වෙන්නේ කොහොමද.

:       83       269

NalakaTuesday, 19 September 2017 03:33 AM

හිටපු ආරක්ෂක ලේකම් ඇමෙරිකානු පුරවැසියෙක් බව දන්නේ නැද්ද? පුරවැසියන්ට විස ඕනේ නැහැ.

:       431       170

Sathyapala Tuesday, 19 September 2017 02:36 AM

මෙයා තමන්ගේ දරුවෝ ඉන්න ඇමරිකාවට පැනගන්න මුළු හමුදාවම පාවාදුන්නා. මේ වීසා ඉල්ලන්න පෙර රණවිරුවන්ට අපහාස කරමින් ඇමෙරිකාවේ හොද නම තමන්ට අරන් වීසා ගන්න පුළුවන් වෙයි කියල හිතුව. දැන් "ගලේ පහරපු බළලා වහගන්න බැරුව දගලනවා" වගේ විකාර කියමින් පිස්සු දොඩවනවා. මහින්දට ගෝඨාට කරපු දේවලට ආණ්ඩුව පෙරලුනොත් රටේ ඉන්න බැරි බව දන්නවා. මේ යන විදිහට කිසිම බටහිර රටකට පනින්න මෙයාට බෑ.බටහිර නොවන රටකට පැන්නොත් මහින්දලා බලයට ඇවිත් ඉල්ලුවොත් මෙයාව පිටුවහල් කරනවා. දැන් ඉතින් වෙල් විදානේ ගස්.

:       201       1028

ධම්ම Tuesday, 19 September 2017 02:40 AM

හඳුන්නෙත්ති මහත්තයා මෙතුමා ගැන ලස්සන කතාවක් කියලා තිබුනා මා පත්තරවල දැක්කා මාළුවා නහින්නේ කට නිසා කියලා.

:       7       72

krishantha Tuesday, 19 September 2017 03:01 AM

තමන්ගේ හමුදාව යුද අපරාද කල කියපු මෝඩ හමුදාපති දැන් දුක් වෙනවා වීසා දුන්නේ නැහැ කියල ...උඩ බලාගෙන කෙල ගහගත්තම වෙන්නේ ඕක තමා .

:       3       168

sirisena Tuesday, 19 September 2017 03:10 AM

ෆොන්සේකා නහින්නේ කට නිසා. ෆොන්සේතුමා කියවන නිසා ජනාධිපතිතුමා ෆොන්සේකාව හලල යන්න ඇති.

:       0       36

rohan Tuesday, 19 September 2017 03:37 AM

මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු .ජගත් ඔබේ අදහස මාත් අනුමත කරනවා

:       0       37

dasun Tuesday, 19 September 2017 03:38 AM

එක රටක හමුදාපති කෙනෙක් හැටියට වැඩ කරනගමන් තව රටක ග්‍රීන් කාඩ් ගත්තේ කොහොමද?

:       18       49

husen-riyad Tuesday, 19 September 2017 04:05 AM

කොන්ද කෙලින් තියාගෙන කාට වුනත් අවශ්‍ය දේ නොපැකිලවම කියන ඉතාමත් නිර්භීත පුද්ගලයෙක් හැටියටයි මම මෙතුමාව දකින්නේ.

:       609       221

ජයන්ත මිලානෝ Tuesday, 19 September 2017 04:49 AM

මට මතක් වෙනවා ප්‍ර්‍රභාකරන් කිව්වා කියන කතාවක් ,සිංහලයන්ට ඕන දෙයක් මතක තියෙන දවස් ගානයි කියලා .....

:       133       63

Thennakoon Tuesday, 19 September 2017 04:58 AM

කල වැද්දන්ට ඇමරිකාව තහනම් කලාපයක් මහජන මුදල් කාබාසිනියා කරන්නද යන්නේ?

:       16       123

AKALANKA Tuesday, 19 September 2017 05:13 AM

මනුස්සයා හොද උනත් නරක උනත් ලංකාවේ තරම් මිනිස්සුන්ට අපහස කරන රටක් තවත් නැතුව ඇති...

:       109       9

anradha Tuesday, 19 September 2017 06:50 AM

විස ලැබිල ගියානම්, අර හාමුදුරුවන්ට අපහස කලාට පෙට්ටියකින් තම එන්න වෙනේ.

:       0       74

ONE SRILANKAN Tuesday, 19 September 2017 06:51 AM

ඔබතුම දක්ෂ හමුදා නායකයෙක් ....දේසපාලනය හැමෝටම ගැලපෙන්නේ නැත ,,,නමුත් ඔබතුමාට වචන පාලනයත් නැත ,,,කොතැනක හෝ ඔබට වැරදිලා ,,දෙවරක් හිතන්න යමක් කරන්න කලින් .....අවේගශීලි වීම පැවැත්මට හානියක්

:       2       1

Waco Tuesday, 19 September 2017 07:28 AM

ඔබ තුමා ෆිඑල්ඩ් මාර්ෂල් නිලය රැකගෙන , අනිත් සියලු තනතුරු වෙලින් ඉවත් වන්න. අතිදක්ෂ සෙබලෙක් මිස , දෙසපලුවෙකු නොවේ . එය වටහා ගන්න .

:       2       0

nuwan Tuesday, 19 September 2017 07:40 AM

මෙයාට ලංකාවෙත් වීසා නෑනේ .

:       1       118

rohana kumar mendis Tuesday, 19 September 2017 10:00 AM

ග්‍රීන් කාර්ඩ් කියන්නේ රටේ ඉන්න පුළුවන් දීර්ඝ කාලීන බලපත්‍රයක්.(රෙසිඩන්ට් බලපත්‍රය)එය පුරවැසි භාවය නෙමේ.රෙසිඩන්ට් බලපත්‍රය ඕනෑම රටක තිබුණට ලංකාවේ පුරවැසි කම නැති වෙන්නේ නෑ.පුරවැසි කම උනත් කෙනෙකුට රටවල් දෙකක ගන්න පුළුවන්...

:       0       2

chandana Wednesday, 20 September 2017 11:13 PM

ඔය කෑගහන විදියට තවත් ටිකක් කෑගහල, හාමුදුරුවරුන්ගෙන් ටොක්කක් වැදුනට පස්සේ, තානාපති කර්යාලෙන් දේශපාලන රැකවරණ ගන්න නම් බැරිවෙන එකක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කුව විකුණන් කෑම ලැජ්ජයි
2025 අප්‍රේල් මස 21 64 0

පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල


අනතුරින් අඹු සැමි යුවළ මරුට:දරුවා රෝහලට
2025 අප්‍රේල් මස 21 95 0

ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව


විශ්ව විද්‍යාල කොමිසමටත් ඇමැති බංගලාවක්
2025 අප්‍රේල් මස 21 293 0

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන


කාදිනල්තුමාගෙන් ජනපතිට ඉල්ලීම් ගොන්නක්
2025 අප්‍රේල් මස 21 735 1

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන


සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 863 1

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 40 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 426 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 270 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 426 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site