IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘ජනපති සමඟ එක්ව ගමනක් යනවා‘

මහ මැතිවරණයේදී කිසිම සන්ධානගතවීමකට නොයන බවත් මහින්ද රාජපක්ෂ මහතා එන විදිය කොයි ආකාරයෙන් දැයි බලා සිටින බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපති වටා රොක් වී එතුමන් ගන්නා තීරණයට එකඟව කටයුතු කරන බව පිවිතුරු හෙටක් ජාතික සභාවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (30) පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

මහින්ද රාජපක්ෂ මහතාට නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් තමන් වහන්සේ නොදන්නා බවත් එය නිදහස් පාක්ෂිකයන් හා එහි නායකයන් පවතින තත්ත්වය අනුව තීරණය කරනු ඇතැයිද ජාතික හෙළ උරුමයේ දේශපාලන ගමන මෛත්‍රිපාල සිරිසේන ජනපති සමඟ ඉදිරියට යන බවත් රතන හිමියෝ කීහ.

DSC_0408 DSC_0424 DSC_0427

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

‘ජනපති සමඟ එක්ව ගමනක් යනවා‘

මහානාම - කඳාන Wednesday, 01 July 2015 02:45 AM

ඔබවහන්සේ පසුපස ගිහින් අද අනාථ වී ඇති අය කොතරම්ද?නේද අපේ හාමුදුරුවනේ? දැන්වත් රට පෙරට තබා සිතන්න අපේ හාමුදුරුවනේ. මහින්ද , මෛත්‍රී , රනිල් මේ ඔක්කොම ගැන පස්සේ හිතන්න. එදා ඔබවහන්සේලා ජන 8 වෙනිදා රට ගැන හිතුවා නම් අද ඔබවහන්සේ මේ කතා අහන්නේ නැහැ. මම පුද්ගලිකව දන්නවා ඔබ වහන්සේ අතිදක්ෂ, පේරාදෙණිය පළමු පෙළ උපාධිධාරී , චතුර ලෙස සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂාව හසුරවන හිමිනමකි. ඔබවහන්සේ ජාතික සම්පතක්. රටට ඒ සම්පත නැතිකරන්න එපා (නි)

:       0       0

මහනාම - කඳාන Wednesday, 01 July 2015 03:34 AM

මා අසා ඇති පරිදි මා දන්නා පරිදි, මේ රටේ මෑත යුගයේ දේශපාලනයට සම්බන්ද වුනු කීර්ති මත් හිමි දෙනම වන්නේ කෝට්ටේ නාග විහාරයේ සෝබිත නායක හාමුදුරුවෝ හා මුරුත්තුටුවේ ආනන්ද නායක හිමිවරුන්ය. මේ දෙහිමියන් කිසිම දවසක මුදලට හෝ වෙන යම් ප්‍රතිලාබ වෙනුවෙන් කතා කර හෝ වැඩ කර ඇති බව මා අසා නැත. අද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මහින්ද මහතා දේශපාලනය ට ගෙන ඒම සදහා ප්‍රබල උත්සාහයක් ගන්නා අතර, මෛත්‍රී මහතා ජනාධිපති කිරීමට අනුපමේය සේවයක් කල සෝබිත නායක හාමුදුරුවෝ අද කල කිරී දේශපාලන භූමිකාවෙන් සමු ගන්නට සැරසෙන බව උන්වහ්සන්සේ ප්‍රකාශ කළා. අතුරලියේ රතන හාමුදුරුවෝ තාම දේශපාලනයට තරුණ වැඩියි මේ දෙනමත් එක්ක බලද්දී. දේශපාලනය හා බෞද්ධ පසුබිම හොඳින් දන්නා බුද්දීමත්තු මෙහි ඉන්න නිසා මේ ගැන පැහැදිලි කරන මෙන් ඉල්ලමි. (නදී)

:       0       0

මහානාම Tuesday, 30 June 2015 07:05 AM

ඩයස්පොරාවත් හවුල් කරගන්න අපේ හාමුදුරුවනේ. කොහොම හරි දිනන්න නේ ඕනේ.(ම)

:       0       0

සංජය Tuesday, 30 June 2015 07:14 AM

මෙදා සැරේ ජනතාව නිසි පිළිතුරක් ලබාදේවි .(ම)

:       0       0

පියලාල් Tuesday, 30 June 2015 07:15 AM

දේශපාලනයෙන් සමුගැනීම වඩාත් සුදුසුය. (බ)

:       0       0

ප්‍රසන්න Tuesday, 30 June 2015 07:15 AM

වෙන කොහේ යන්නද? කාගෙන් ඡන්ද ගන්නද? (බ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Tuesday, 30 June 2015 07:17 AM

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අනිත් ගිහි පැවිදි අය මෙන්ම 2015 ජනවාරි 08 වැනිදාට පෙර සිදුවු වූ වායි කියන දුෂණ, වංචා, තක්කඩි, මැරකම් ආදිය ගැන නොදන්නවා යයි කියන්න අමාරුයි නේද ? මෙවැනි උගත් අය රට ආපසු ගෙන යාමට පාර හදන අයට සහාය දීම රට අගතියට ගෙන යාමට උදව් කිරීමක්. (බ)

:       0       0

කවීතා මෙල්බර්න් Tuesday, 30 June 2015 07:19 AM

අපි මෙයාලගේ මාධ්‍ය සංදර්ශන ගණන් නොගෙන ඉන්න ඕන .මෙයාලට ජන පදනමක් නැහැ .අනාථ පිරිසක් (බ)

:       0       0

ලාල් Tuesday, 30 June 2015 07:24 AM

මේක එතරම් සෘජු ප්‍රකාශයක් නෙමෙයි නේද හාමුදුරුවනේ ? ඇයි කෙලින් කියන්නේ නැත්තේ නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් ඡන්දයට එනවා කියල ? එහෙම නැතිනම් කියන්න ඕන අපි ඡන්දයට එන්නේ තනියමයි , ඡන්දෙන් පස්සේ අපි ජනාධිපතිතුමා එක්ක ගමනක් යනවා කියල. දේශපාලනයට ගියහම හාමුදුරුවරු ගිහියන්ට වඩා හතරවෙනි සිල්පදේ කඩනවනේ බලාගෙන යනකොට. (බ)

:       0       0

ශාන්ත Tuesday, 30 June 2015 08:00 AM

එතකොට ඔබේ ලේකම්? (නදී)

:       0       0

විජයබාහු Tuesday, 30 June 2015 08:06 AM

අනේ අපිට මොකෝ. (නදී)

:       0       0

උපාලි Tuesday, 30 June 2015 08:45 AM

අනේ ඔබ වහන්සේ හදිස්සි වෙලා ගත්තු වැරදි තීරණ දැන්වත් හරි ගස්වන්න. (ම)

:       0       0

සරත් කුමාර Tuesday, 30 June 2015 08:48 AM

මෙදා සැරේ ජනතාව නිසි පිළිතුරක් ලබාදේවි ඔබ සැමටම (ම)

:       0       0

කුමාර Tuesday, 30 June 2015 08:49 AM

ජයවේවා අපේ මහින්ද ජනපතිට (ම)

:       0       0

දුමින්ද Tuesday, 30 June 2015 08:54 AM

යම රජ්ජුරුවොත් තැමති වෙයි සාධාරණයට (ම)

:       0       0

පැට්‍රික් Tuesday, 30 June 2015 09:01 AM

අපගේ ප්‍රණාමය සහ සහයෝගය, හැමවිටම හොඳ දේ අගය කරන ඔබට (ම)

:       0       0

සාගර Tuesday, 30 June 2015 09:16 AM

අනේ අපේ හාමුදුරුවනේ අපිට නම් පේන්නේ නන්නත්තාර වෙච්ච ගතියක් ඔබ වහන්සේලාගේ මුහුණු වලින්. ජනපතිටත් එච්චර තමයි නේද? නිදහස් පක්ෂයේ තේරීම් කමිටුව දැක්කම හිනත් යනවා. ජනපතිට ඉතිරි වෙලා ඉන්න පිරිස දැක්කම. දැන් ඔබ වහන්සේගේ සාකච්චාව දැක්කමත් අපිට දුක හිතෙනවා... (බ)

:       0       0

කවි Tuesday, 30 June 2015 09:30 AM

කෝ කට්ටියගේ මුහුණුවල කිසිම ප්‍රබෝධමත් ගතියක් නැහැනේ .මොකද මෙයාලා දන්නවනේ මෙයාලට අත්වෙන ඉරණම .(ම)

:       0       0

මහානාම - කඳාන Tuesday, 30 June 2015 04:23 PM

ඔබ වහන්සේ පසු පස ගිහින් මා මිතුර චම්පික රණවක අැමතිතුමාත් අද අනාත වෙලා , අසරණ වෙලා නේද අපේ හාමුදුරුවනේ ? දැන් වත් රට පෙරට තබා සිතන්න අපේ හාමුදුරුවනේ , මහින්ද , මෛත්‍රී , රනිල් මේ ඔක්කොම ගැන පස්සේ හිතන්න , පළමුව රට ගැන හිතන්න , එදා රට ජනවාරි 8 වෙනිදා රට ගැන හිතුවා නම් අද ඔබවහන්සේ මේ නව නින්ගිරා අහන්නේ නැහැ , මම පුද්ගලිකව දන්නවා ඔබ වහන්සේ අති දක්ෂ , පේරාදෙණිය පළමු පෙළ උපාධිදාරී , හිරේ විලංගුවේ වැටුණු , චතුර ලෙස සිංහල මෙන ඉංග්‍රීසි භාෂාව හසුරවන හිමි නමකි , ඔබවහන්සේ ජාතික සම්පතකි , රට ට ඒ සම්පත නැති කරන්න එපා (බ)

:       0       0

ස්ටැන්ලි Tuesday, 30 June 2015 09:48 AM

දැන් මොනවා කරන්නද? දැන් ඇඩ්රස් නැති බවට හොදම සාක්ෂිය. (ම)

:       0       0

රොහාන් Tuesday, 30 June 2015 10:20 AM

රටට ජාතියට ආදරයෙන් ගත්ත තීරණයට මගේ ආචාරය (ම)

:       0       0

රංග Tuesday, 30 June 2015 10:31 AM

දැන් නන්නත්තාරයි නේද, මුනත් සුදුමැලි වෙලා .(හේ)

:       0       0

අර්ජුන රණවන Tuesday, 30 June 2015 11:02 AM

ජනපති වටා රොක් වී එතුමන් ගන්නා තීරණයට එකඟව කටයුතු කළ යුතුය . (හේ)

:       0       0

ප්‍රකාශ් Tuesday, 30 June 2015 11:03 AM

ඔබ වහන්සේ යන මාර්ගයේ අපිත් එනවා.(හේ)

:       0       0

ටිකිරි Tuesday, 30 June 2015 11:31 AM

අපේ හාමුදුරුවනේ දැන් අර කළැයි කියපු හොර මැර දුෂණ ආදිය ගැන සද්දයක් නැත්තේ මොකද . අපිට නම් ඒවා අමතක නැහැ , හැබැයි අපි තවම ඒවා දැක්කේ නම් නැහැ .(හේ)

:       0       0

සේනාරත්න Tuesday, 30 June 2015 11:35 AM

ඒ ගමන සාර්ථක වේවා යැයි ප්‍රර්ථනා කරනවා.(හේ)

:       0       0

සුමිත් Tuesday, 30 June 2015 12:19 PM

ඔබ වහන්සේට අපි ගරු කරනවා රට ගැන හිතන්න දැන් රටට වෙලා තියනදේ හිතන්න (බ)

:       0       0

ඉන්දික Tuesday, 30 June 2015 12:39 PM

උඩ පැනල කෑ ගහල ආණ්ඩු පෙරලුවලු. ස්ථාවරව තිබූ රට විනාශ කළ පාපේ. දැන් අනාථ වෙලා ඉන්නේ. මෙයාටයි රණවක උන්නැහෙටයි වදින්න අතක් නෑ දැන්.මහින්ද පස්සේ යන්න වෙනවා දැන්. පව්.කළ පව් පල දෙනවා කියන්නේ ඕකට තමා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 653 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 901 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 38 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1356 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2516 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3312 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35050 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24042 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site