(නිමල් ජයරත්න)
පොළොන්නරුව වලේකඩේ ප්‍රදේශයේ ගෙවත්තක පුරාවස්තු කැණීම් කරමින් සිටි, ජනාධිපති සම්මානලාභියකු ඇතුළු පස්දෙනකු පුරාවස්තු කැනීම් කිරීමට යොදාගත් උපකරණ සහ නවීන පන්නයේ මෝටර් රථයක් සමඟ අද අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කඩවත පදිංචි අතර සෙසු සැකකරුවන් බණ්ඩාරවෙල, ගලේවෙල, කන්තලේ, බීරිගම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු, 30 ත් 50 ත් අතර වයසේ පසුවන්නන් බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක, ඒ.ටී. බණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
පොළොව යට වස්තූන් තිබේද යන්න ස්කෑන් යන්ත්‍රය සමඟ අත්අඩංගුවට ගත් 46 වියති සැකකරු 1999 වර්ෂයේදී එම යන්ත්‍රය නිපදවා ජනාධිපති සම්මාන ලබාගත්, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි අයකු බවද බණ්ඩාර මහතා කීය.
ඔහු නිපදවූ යන්ත්‍රයට තවත් ඉතා සූක්ෂම ලෙස සවි කරන ලද කැමරාවකින් පොළොව යට සියලු වස්තූන් කැමරා වන අයුරු යන්ත්‍රයක් නිපදවා ඇති බවද පොලිසිය කියයි.
මෙම සැකකරුවන් මීට වසර කිහිපයකට පෙරදී මෙම ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ගෙන පුරාවස්තු කැනීම් සිදුකර ඇති අතර දෙවන වරට මෙම නිධන් වස්තු සෙවීම සඳහා ඔවුන් මෝටර් රථයක පැමිණ ඇත්තේ මීට සතියකට පෙරදී බවද පොලිසිය සඳහන් කරයි.
ජල ව්‍යාපෘතියක් ඉදි කිරීමට ළිඳක් කපන මුවාවෙන් මෙම ස්ථානය කැනීම් සිදුකර තිබෙන අතර සැකකරුවන් සතුව තිබූ උල් කටු, යකඩ කූරු, වතුර මෝටර්, වයර්, ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොළොන්නරුව කොට්ඨාශ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර මහතා අප කළ විමසීමකදී පැවසීය.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපති සම්මාන ලාභියා නිදන් හාරලා
Perera Friday, 08 March 2024 03:29 AM
ඕවා මොනවද? කසිප්පු පෙරපු, මිනී මරපු අය ඉන්න රටේ...
Chandima Friday, 08 March 2024 08:19 AM
මාර රටක් බන් .බැංකු හාරපු උන්ගෙන් සම්මාන අරන් ගෙදර ගිහින් නිදන් හාරනවා
චන්දන Friday, 08 March 2024 11:29 AM
හරි..ජනාධිපති සම්මාන දුන්නෙ ඔය වැඩ කරනවට තමයි ..