IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ජනපති සංහිඳියා කෙටුම්පත ඉදිරිපත් කරයි

එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වීමට ගිය සාර්ථක සංචාරයෙන් පසු ජනපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය අගහරුවාදා තම ඇමැති මණ්ඩලය හමුවිය. සංහිදියාව අරබයා වන ජාතික ප්‍රතිපත්තියකට ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීම ඔහුගේ වුවමනාව විය.

පිටු 11 ක ලියැවිල්ලක් වූ මෙම ප්‍රතිපත්තියෙන් සියලූම ජන කොට්ඨාශ වල ඉල්ලීම් සහ අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා දේශපාලනික එකගතාවයකට එළැඹිය යුතුව තිඛෙන බවත්, එවන් එකගතාවයකට එළැඹිය හැක්කේ බලය ඛෙදීමේ ක්‍රියාවලියකින් බවත්, සංහිදියාව ඇති කිරීම සදහා එවැන්නක් සිදුවීම අවශ්‍ය බවත් සදහන්ව තිබින.කෙසේවුවත් මෙම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කැබිනට් ඇමැතිවරුන් ඔවුන්ගේ අදහස් පසු අවස්ථාවක ඉදිරිපත් කිරීමට නියමිතය.මෙයට හේතු වූයේ ජාතික ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය අමාත්‍ය මනෝ ගනේෂන් මහතා දැක්වූ විරෝධයකි.ඔහු හෝ ඔහුගේ නිලධරයන් හෝ මෙම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැනුම්වත් කර නොමැති බව ඔහු කියා සිටියේය.ප්‍රතිපත්තිය අනුමත කිරීම කල් දැමුනු නිසා දැන් සියලූදෙනාට එය අධ්‍යනය කිරීමටත්, වැඩිදුර අදහස් ඉදිරිපත් කිරීමටත් අවස්ථාව සැළසී ඇත.

සංහිදියාව සදහා වන මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කොට තිඛෙන්නේ ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යංශය හා ජාතික එක්සත් බව සහ සංහිදියාව සදහා වන කාර්යාලය එක්වය.

‘ සත්‍ය ගවේෂණය, ඇහුම්කන් දීම, යුක්තිය පසිදලීම, හානි පූර්ණය, නැවත සිදු නොවන තත්ත්වයට පත් කිරීම, වැනි පුලූල් වපසරියක් සංහිදියාව ඇති කිරීම වෙනුවෙන් ආවරණය කළ යුතුය.ආයතනික ප්‍රතිව්‍යූහගත කිරීමකින් නීතිය නව මුහුණුවරකින් කි්‍රයාත්මක වීමට සැළැස්වීමද, මෙයට අදාළය.‘ යැයි ජනපති සිරිසේන සංහිදියාව සදහා වන ජාතික ප්‍රතිපත්තියේ සදහන් කර ඇත.

‘ මෙම ඉලක්කයන් වෙත යෑම සදහා රජය අවශ්‍ය සෑම පියවරක්ම ගත යුතු අතර, එය සිදුවිය යුත්තේ ස්වාධීන, අරමුණු පදනම්ව කි්‍රයාත්මක වන, වගවීමක් සහිත, ප්‍රමාණවත් සම්පත් සැපයුමක් ඇති, යාන්ත්‍රණයන් හරහාය.මෙම යාන්ත්‍රණයන් පිහිටැවිය යුත්තේ පුළුල් උපදේශක කි්‍රයාවලියකින් පසු වන අතර ඒවා කි්‍රයාත්මක වීමේදී උපදේශන කි්‍රයාවලියකට යටත්වද, හානියට පත්වූවන්ගේ සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයන්ගේ සභාගීත්වය ඇතිවද, කි්‍රයාත්මක විය යුතුය.‘ යැයි ජනපති සිරිසේන වැඩිදුරටත් පවසයි.

අමතර අදහස් දැක්වීමක් සිදුකරමින් ජනපතිවරයා කියා සිටියේ ජාතික එක්සත්භාවය සහ සංහිදියාව වෙනුවෙන් වන කාර්යාලය මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කර ඇත්තේ සංහිදියා කි්‍රයාවලිය යනු සම්පූර්ණයෙන්ම රජයේ මැදිහත්වීම සහ විවිධ පාර්ශවකරුවන්ගේ් දායකත්වය යටතේ සිදුවන්නක් යන පදනමේ සිට බවය.මෙම කාර්යාලය කි්‍රයාත්මක වන්නේ හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යටතේය.සංහිදියා කි්‍රයාවලිය සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීමේ ව්‍යාපාරයන් මෙන්ම අධ්‍යාපනික මට්ටමේ ව්‍යාපාරයන්ද දියත් කිරීමට නියමිත බවද ජනපති සිරිසේන පැවසුවේය.මෙම ව්‍යාපාරයන් දියත් කිරීමේ අරමුණ වන්නේ සියලූ සංහිදියා වැඩසටහන් සාර්ථකව කි්‍රයාත්මක කිරීමෙහි ලා මනා සම්බන්ධීකරණයකින් යුතු යාන්ත්‍රණයන් ඇති කිරීමට බව ඔහු කීවේය.

දශක තුනක යුද්දය හමුවේ ශ්‍රී ලංකාවේ සියලූම ජන කොටස් වල ජනතාව දුක් පීඩාවන්ට සහ හානි වලට මුහුණදුන් බව සංහිදියාව සදහා වන ජාතික ප්‍රතිපත්තිය ආරම්භයේ සඳහන් වේ.

‘ 2009 වසරේ අරගලය අවසන් වුවද, එය අවසන් වූයේ සම්බන්ධතා බිද වැටුනු, විශ්වාසය බිද වැටුනු, ඉවසීම් විරහිත, එකිනෙකා සම්බන්ධයෙන් සාවද්‍ය මත ගොඩනැගීමට අවකාශය සළසා දුන්, පරිසරයක් නිර්මානය කර දෙමිනි.‘ යන කරුණු දැක්වීමෙන් රටේ සංහිදියා කි්‍රයාවලියක් පැවතිය යුතුවීමේ අවශ්‍යතාවය ඉන් පිළිගෙන ඇත.මේ සම්බන්ධයෙන් විසදුමකට එළැඹිීමට විධිමත් ජාතික ප්‍රතිපත්තියක් පැවතීම, ජාතික අවශ්‍යතාවක් බවද එහි වැඩිදුරටත් දැක්වේ.

කොටි ත්‍රස්තයන් පරාජයට පත්වූ 2009 මැයි මාසයේ පැවතියේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ප්‍රමුඛ රජයයි.වත්මන් රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔවුන් අතර ඇත්තේ වෙනස් අදහසකි.

‘මේක සංහිදියාව ඇති කරගන්න කටයුතු කළ යුතු විදිහ නොවෙයි.ඔවුන් එය තව තවත් දුෂ්කර කරනවාzz. සන්ඩේ ටයිම්ස් හා අදහස් දක්වමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

‘ උදාහරණයක් හැටියට යාපනයේ මේ මෑත කාලයේ වුනු උද්ඝෝෂණ ගන්න.ඒවාට හවුල් වෙලා හිටිය අයගේ වුවමනාව වෙන්නේ ජාතිකත්වය ඇවිලවීම.ඒ වගේම ඔවුන් අපගේ නිර්භීත ආරක්ෂක අංශ ප්‍රතික්ෂේප කරනවා, හෙළා දකිනවා.ඔවුන් ජාතිවාදයයි ඉස්මතු කරන්නේ.මේ වගේ තත්ත්වයකදී සාමාන්‍යයෙන් සිදුවෙන්නේ සමාජයේ බහුතරය මේ කටයුතු වල නිරත වෙන පුද්ගලයින්, මෙවන් ව්‍යාපාර වලට නායකත්වය දෙන පුද්ගලයින් දෙස සැක සහිතව බැලීමට පටන් ගන්න එක.අපේ ජන කොටස් එකිනෙකා අතරින් දුරස් කෙරෙන කිසිම දෙයක් අපි කරන්න හොද නැහැ.පිටවීමට මාර්ගයක් තිබිය යුතුයි.මිනිස්සුන්ට බලෙන් යමක් ගිල්ලවන්නට අපට බැහැ.අපිත් සංහිදියාව වෙනුවෙන් පෙනී සිටියා.අපි 12000 ක හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පිරිසක් පුනරුත්ථාපනය කළා.නමුත් අපි හමුදා කදවුරු වැහුවේ නැහැ.‘ ඔහු වැඩිදුරටත් කිවේය.

සංහිදියාව වෙනුවෙන් වන ජාතික ප්‍රතිපත්තියේ අන්තර්ගත කරුණු ඒකාබද්ධ විපක්ෂය හා සාකච්ඡා කිරීමට රජය තවමත් ඉදිරිපත්ව නොමැති බව එහි නායක දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

‘අදහස් හුවමාරු කරගැනීමක් නොකර, අපටි ඉස්සරහට යන්න බැහැ.රජය කොහොමද මේ වගේ ප්‍රතිපත්තියක් ඇතිව ඉදිරියට යන්නේ, උතුරු පළාත් මහ ඇමැති සී.වී.විගනේෂ්වරන් විරෝධතා ව්‍යාපාර පවත්වමින්, උතුරේ ජනතාව උසි ගන්වමින්, මේ ඇතිකරන්නට යන එක්සත් භාවයටම අභියෝග කරමින් ඉන්න කොට? ඔහු අනෙක් ජන කොටස් වල අයිතිවාසිකම් හෑල්ලූවට ලක් කරමින් සිටිනවා.අප බලා සිටින්නේ රජය මේ සම්බන්ධයෙන් අපගේ අදහස් විමසීමටත් කටයුතු කරන තෙක්.එතැනදී අපි මේ ක්‍රියාවලිය නිසා ඇතිවන්නට ඉඩ තියෙන අනිසි ප්‍රතිවිපාකයන් පෙන්වා දෙන්නට කටයුතු කරනවා. ‘ගුණවර්ධන පැවසුවේය.

පහත දැක්වෙන්නේ ජනපති සිරිසේන ඉදිරිපත් කළ සංහිදියාව සදහා වන ජාතික ප්‍රතිපත්තියේ වැදගත් කරුණු කිහිපයක සංක්ෂිප්තයකි.

ප්‍රස්තාවතාව

දේශපාලන පීඩනයෙන්, දශක තුනක යුද්දයෙන් , බැට කෑ සමය නිමාව දැක ඇතත් අප එකිනෙකා අතර තවමත් විශ්වාසය ගොඩනැගී නොමැති බවත්, එකිනෙකා කෙරෙහි ඉවසීමක් නොමැති බවත්, එමෙන්ම එකිනෙකා සම්බන්ධයෙන් වැරදි මත වැපිරීමට තරම් වන පරිසරයක් නිර්මානයව තිඛෙන බවත්, අප පිළිගත යුතුය.

මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතුව සියලූ ජන කොට්ඨාශ අතර සමානව දේශපාලන බලය ඛෙදා හැරෙන, පිළිගත් ක්‍රමවේදයක් නොතිබීමය.අතීතය සැළකීමේදී, රටෙහි ඇතිවූ නොයෙක් ගැටලූවලට හේතුව වී ඇත්තේද මෙයමය.

අධ්‍යාපනය, ජීවනෝපාය, රැකියා සහ යුක්තිය යන ක්ෂේත්‍ර මෙන්ම තවත් ක්ෂේත්‍ර වලට පිවිසීමට සමාන අවස්ථා නොතිබීම අප රටේ ජන කොට්ඨාශ අතර නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවීමට තවත් හේතුවක් බව අප පිළිගත යුතුය.

සිවිල් පරිපාලනය ශක්තිමත් කිරීම, දේපළ හා බිම් කොටස් ඒවායේ නියම හිමිකරුවන් වෙත භාරදීම, මාධ්‍ය නිදහස ප්‍රවර්ධනය කිරීම, ජීවනෝපාය සළසා ගැනීමට මාර්ගයන් ඇති කිරීම, අතුරුදන්ව සිටින පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතීන් හා වුවමනා සුරක්ෂිත කිරීම, සහ තවත් බොහෝ පියවරයන් සංහිදියාව ඇති කිරීමට යන ගමනේ අප ගත යුතුය.

මානව හිමිකම් වලට ගරු කරමින්, ආරක්ෂා කරමින්, සියලූම පුරවැසියන්ට සමානව සැළකෙන, සිවිල් සහ දේශපාලනික අයිතීන් මෙන්ම, ආර්ථීක, සමාජීය සහ සංස්කෘතිමය අයිතීන්ද සුරක්ෂිත කෙරෙන පරිසරයක් ඇති කිරීමට අපි බැදී සිටිමු.නීතිය ඉහළටම ඔසවා තැබීමත්, පීඩකයින් මර්දනය කිරීමටත් අපි කටයුතු කරන්නෙමු.

ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ඇති කිරීමේ අවශ්‍යතාවක් ඇත.එමෙන්ම සුවපත් කිරීමේ පුලූල් ක්‍රියාදාමයක්, යුද්දයේ හා ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වුනු පුද්ගලයින් වෙනුවෙන් තනි පුද්ගල මට්ටමින් කි්‍රයාත්මක විය යුතුය.ජන කොට්ඨාස, සමාජ කොට්ඨාස, ආවරණය වන පරිද්දෙන්ද එය ක්‍රියාත්මක විය යුතුය.

සියලූදෙනා අන්තර්ගත වන, තමන් ශ්‍රී ලාංකික යැයි ආඩම්බර විය හැකි, සමාජයේ තමන්ටද තැනක් හිමි යැයි හැගීමක් ඇති වන, පරිසරයක් ඇති කළ යුතුය.

මේ සදහා රජය මෙන්ම විවිධ සම්පත් දායකයින් අත්වැල් බැදගත යුතුය.අතීතයේ සිදුවීම් වර්තමානයේ සිදුනොවන, අනාගතය සැළකිල්ලට ගනිමින් සංහිදියාව වෙනුවෙන් පියවර ගැනෙන කි්‍රයාවලියක් අනුගමනය කළ යුතුය.

සංහිදියාව සදහා වන ජාතික ප්‍රතිපත්තිය සකස් කොට තිඛෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, මානව හිමිකම්, නීතිය, සහ ජාතික එක්සත්භාවය යන සන්දර්භ පදනමේ පිහිටාය.

අරමුණු

සංහිදියාව වෙනුවෙන් වන ජාතික ප්‍රතිපත්තිය ලෙස ක්‍රියාත්මක වීම

අතීතයේ ගැටුම් වලට හා ප්‍රචණ්ඩත්වයට තුඩු දුන් ගැටලූ හදුනාගැනීම මගින් ජාතික සංහිදියාව ඇතිවිය යුතු මාර්ගය මේ යැයි පෙන්වා දීම.ජාතික එක්සත්භාවය ස්ථාපිතව තිඛෙන, සියලූම ජනතාව සහ ජන කොට්ඨාස අතර සහයෝගී පැවැත්මක් පවතින, අනාගතයක දැක්මක් ඇතිව කටයුතු කිරීම.

සංහිදියාව වෙනුවෙන් දායකත්වය ලබාදී තිඛෙන පාර්ශවකරුවන්් වෙත එම කටයුතු සිදුකිරීම සදහා මාර්ගෝපදේශනය සැපයීම.ඒ මගින් සංහිදියාව වෙනුවෙන් ගැනෙන කි්‍රයාමාර්ගයන් වල පැවැත්ම හා ස්ථායිතාව සහතික කිරීම.

ප්‍රතිපත්ති මූලධර්ම

නීති සකස් කිරීමට හා මාර්ගෝපදේශනය ලබාදීමට පදනම සකස් කිරීමේ සමත්, දිගු කාලීන ඉලක්කයන් සහ ප්‍රායෝගිකව කි්‍රයාත්මක කළ හැකි මූලධර්මයන් හදුන්වාදී ඇත.මෙම ඉලක්කයන් හා මූලධර්මයන් ජාතික සංහිදියාව වෙනුවෙන් වන සැළසුම් කිරීමේ කටයුතු වලට සහ සංවර්ධන කටයුතු වලට අනුගමනය කළ යුතු කි්‍රයාමාර්ගයන්ද පෙන්වා දෙනු ඇත.

සමානතාවය

සංහිදියාව ඇති කිරීම සදහා සපුරා ලිය යුතුම වන සාධයක් වන, ජන කොටස් අතර පවතින පීඩනය මර්දනය කිරීමේ සහ ඔවුන්ගේ අපේක්ෂා දිනා දීමේ සමත්, දේශපාලනිකමය එකගතාවක් ඇති කිරීමෙහි ලා වැදගත් වන බලය ඛෙදීමේ මූලධර්මයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම හදුනාගෙන තිබේ.

කාන්තා පිරිමි සමානතාවය තහවුරු කිරීම.අවදානම් සහගත තත්ත්වයන්ට මුහුණදී සිටින දිවයින පුරා වෙසෙන කාන්තාවන් වෙනුවෙන් ආරක්ෂක යාන්ත්‍රණ සකස් කිරීම, ප්‍රචණ්ඩත්වයන්ට මුහුණදී අසරණව සිටින කාන්තාවන්ගේ අවශ්‍යතා හදුනාගැනීම සහ ඔවුන්ට අවශ්‍ය සහය ලබාදීම, සංහිදියා කි්‍රයාවලියේ සහ අනුබද්ධ කි්‍රයාකාරකම් වල තීන්දු හා තීරණ ගැනීම සදහා කාන්තාවන්ගේ දායකත්වය ලබාගැනීම තවදුරටත් ප්‍රවර්ධනය කිරීම.

සියලූම පුරවැසියන්ට ඔවුන්ගේ නිදහස භුක්ති විදීමට සමාන අවස්ථා ඇති බව තහවුරු කිරීම.කිසිවකු හෙළා නොදකින, විනිවිදභාවයකින් යුතු, වගවීමක් ඇති, සාධාරණ - නීති පද්දතියක්, සමාජ පද්දතියක්, හා දේශපාලන සහ පරිපාලන යාන්ත්‍රණයක්, ජාතික, පළාත්බද සහ ප්‍රාදේශීය මට්ටමේ පවතින බව හා කි්‍රයාත්මක වන බව සහතික කිරීම.

මානව හිමිකම්

දිවයිනේ සියලූම පුරවැසියන්ට හා කණ්ඩායම් වලට ඔවුන්ගේ සිවිල් හා දේශපාලනමය අයිතිවාසිකම් නිදහසේ භුක්ති විදිය හැකි පරිසරයක් නිර්මානය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට රජය කටයුතු කරනු ඇත.සිවිල් හා දේශපාලනිකමය අයිතීන් ශක්තිමත් කැරෙන යාන්ත්‍රණයක් හදුන්වාදීමට රජය කටයුතු කළ යුතු වන අතර,  හිමිකම් සුරැකෙන සංස්කෘතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ඇති කිරීමට මගපාදා දෙන, නීතිමය, පරිපාලනමය සහ අධ්‍යාපනිකමය සාධකයන් එහි අන්තර්ගත විය යුතුය.එම කටයුතු නිසි පරිදි සිදුවන්නේදැයි විමසා බැලීමට වැදගත් වන දර්ශකයන්ද එහි ඇතුළත් විය යුතුය.මෙම අයිතීන් ස්ථාපිත කිරීමෙහි ලා අධිකරණයට ඇත්තේ ඉහළ වගකීමකි.

ඇතුළත්වීම සහ විවිධත්වය

විසල් පරාසයක විහිදෙන ජාතිකමය සහ සංස්කෘතිකමය උරුමයන්ගෙන් පෝෂණය ලබන ශී්‍ර ලාංකික අනන්‍යතාවක් සියලූම ජන කොට්ඨාස අතර ඇති කිරීම.කි්‍රයාකාරී ශී්‍ර ලංකා පුරවැසියකු වීම සහ ශී්‍ර ලාංකිකයකු වීම යනු කුමක්දැයි ගැඹුරින් විමසා බැලීමට අවැසි පරිසරය සකස් කිරීම.

රටේ ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇති භාෂා වන සිංහල හා දෙමළ භාෂා වලින්, අවශ්‍යතාවය පරිදි සේවා ලබාගැනීමට පහසුකම් ඇති කිරීම.ඕනෑම පුරවැසියකුට තමන්ට හුරුපුරුදු භාෂාවෙන් සේවා ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම.සිංහල, දෙමළ හා ඉංගී්‍රසි භාෂා ති්‍රත්වය භාවිතයෙන්ම සේවා ලබාගැනීමට අවශ්‍ය පියවර ගැනීම සදහා කටයුතු කිරීම.

ආන්තික යැයි සැළකුනු කණ්ඩායම් වල අදහස්ද රටේ ප්‍රතිපත්ති සැකසීමේ කටයුතු වලදී විමසීමට ලක් කෙරෙන යාන්ත්‍රණයන් ඇති කිරීම.

රාජ්‍ය සේවයේ සහ අධිකරණ පද්දතියේ, ශී්‍ර ලංකාවේ ජන විවිධත්වය නිරූපණය කෙරෙන නියෝජනයක් ඇති කිරීම.

බහු සංස්කෘතියට ගරු කෙරෙන ප්‍රතිපත්ති හා පිළිවෙත් සකස් කිරීමට සහ කි්‍රයාත්මක කිරීමට රාජ්‍ය ආයතන වලට අවකාශ සැළසෙන පරිදි එම ආයතනයන් වෙනුවෙන් ගැලපෙන යාන්ත්‍රණ සහ වැඩසටහන් සකස් කිරීම.

යුද්දයේ ගොදුරු බවට පත්වූ කාන්තා ගෘහමූලිකයන්, යුද වැන්දඹුවන්, ලිංගිකව හෝ ස්තී්‍ර පුරුෂ භාවය නිසාවෙන් ප්‍රචණ්ඩත්වයට මුහුණදුන්නවුන්, ළමුන් හා තරුණ තරුණියන්, අභ්‍යන්තරික වශයෙන් අස්ථානගතව සිටින ජන කොට්ඨාසයන්, අතුරුදන්ව සිටින්නවුන්ගේ පවුල් වල සාමාජිකයන්, හිටපු ආරක්ෂක නිලධරයන්, ආබාධිතයන්, නැවත පදිංචි කැරුණු ජන කොට්ඨාසයන් ආදී හා වෙනත් කණ්ඩායම් වල අවශ්‍යතා සපුරා ලීමට, බලගැන්වීමට, ඔවුන් සමග අත්වැල් බැදගැනීමට කටයුතු කිරීම.

අධිකරණය හා නීතිය

අධිකරණ පද්දතියට අවශ්‍ය ස්ථානයන්හිදී ප්‍රතිව්‍යුහගතකිරීම් සහ ශක්තිමත් කිරීම් හදුන්වාදීම.ඒ මාර්ගයෙන් ප්‍රමාණවත් සේවා සැපයුමක් ඇති බවත්, සියලූදෙනාට සේවා ලබාගැනීමට හැකියාව ඇති බවත් සහතික කිරීම.

හෙළා දැකීමේ ස්වරූපයෙන් යුතු වන අභියාචණාධිකරන නීති සංශෝධනය කිරීම.සංහිදියාව ඇති කිරීම සදහා වැදගත් වන නව නීති හදුන්වාදීම.

 

හිමිකාරීත්වය

 

කාන්තා ගෘහමූලිකයන්, යුද වැන්දඹුවන්, ලිංගිකව හෝ ස්තී්‍ර පුරුෂ භාවය නිසාවෙන් ප්‍රචණ්ඩත්වයට මුහුණදුන්නවුන්, ළමුන් හා තරුණ තරුණියන්, අභ්‍යන්තරික වශයෙන්අස්ථානගතව සිටින ජන කොට්ඨාසයන්, අතුරුදන්ව සිටින්නවුන්ගේ පවුල් වල සාමාජිකයන්, හිටපු ආරක්ෂක නිලධරයන්, ආබාධිතයන්, නැවත පදිංචි කැරුණු ජන කොට්ඨාසයන් සහ විදේශයන්හි වෙසෙන සියලූම ජන කොට්ඨාසයන්ට අයත් ශී්‍ර ලංකා ජාතිකයින්, ඔවුන්ගේ අයිතීන් භුක්ති විදීම අරබයා මුහුණ දෙමින් සිටින අභියෝග හදුනාගැනීම.එම අභියෝග ජය ගැනීමට ඔවුන්ට අවකාශ සළසන කි්‍රයාමාර්ග ගැනීම.

 

පැහැදිලි හා ස්ථාවර සන්නිවේදනයක්

 

zz සංහිදියාව ඇතිකිරීම වෙනුවෙන් සකස් කෙරෙන ක්‍රමවේදයන් සදහා අදාළ පාර්ශවකරුවන්ගේ, සිවිල් සමාජයේ, ගැටුම් හා ප්‍රචණ්ඩත්වයේ සෘජු හා වක්‍ර ගොදුරු බවට පත්වූවන්ගේ සහ හානියට පත් වෙනත් කණ්ඩායම් වල අදහස් සැළකිල්ලට ගත යුතුය.සංහිදියා කි්‍රයාවලියේ ප්‍රගතිය මේ සියලූ කණ්ඩායම් වෙත මෙන්ම රටේ ජනතාවටද දැනගත හැකිවන පරිදි අදාළ තොරතුරු නිදහස් කිරීම රජයේ වගකීමය.zz

 

zz අප රට පෙලු ගැටුමෙහි මූලය සොයා එයට පිළියම් යෙදීමේ කටයුතු වලදී, ඒ සම්බන්ධයෙන් රටේ සියලූම ජන කොට්ඨාස අතර ධනාත්මක ආකල්පයක් ඇතිව තිඛෙනු වස්, ඔවුන් වෙත සාම්ප්‍රදායික මෙන්ම සාම්ප්‍රදායික නොවන මාධ්‍යයන්ගෙන් සමිීප වීමට රජය කටයුතු කළ යුතුවේ.වෙනස සදහා ඔවුන් සූදානම් කිරීම සිදුවිය යුත්තකි.රජය හා අනෙක් පාර්ශවකරුවන් මාධ්‍ය යනු තොරතුරු ලබා දීමේ මූලාශ්‍රයකැයි යන සාම්ප්‍රදායික මතයෙන් ඉවත්ව, මූලෝපායික වශයෙන් වැදගත් වන ශක්තිමත් උපකරණයක් ලෙස මාධ්‍ය භාවිතා කරමින්, ඉතාම සැළකිලිමත්ව සිදුකෙරෙන මැදිහත්වීම මගින්, ජනතාව අතර සංහිදියාව ප්‍රවර්ධනය කළ යුතුය.zz

 

සංදිහියාව වෙනුවෙන් වන ජාතික ප්‍රතිපත්තිය හදුන්වාදීමට පෙර සිටම විපක්ෂ දේශපාලන පක්ෂ රාජ්‍ය විරෝධී ව්‍යාපාර පැවැත්වීමේ නිතරව සිටියෝය.සංහිදියාව වෙනුවෙන් වන ජාතික ප්‍රතිපත්තිය රටට නොගැලපෙන සංදිහියා ප්‍රතිපත්තියක් ලෙස හදුන්වාදෙමින් සිටියදීම, තම විරෝධතා ව්‍යාපාර, නැවත හදුන්වාදුන් වැට් බදු සංශෝධනය, ඉන්දියාව සමග ඇතිකරගැනීමට යන ආර්ථීක සහ වෙළද ගිවිසුම, යාපනයේ මෑතකදී පැවැති විරෝධතා යන කරුණු පදනමේ සිට සකස් කිරීමට ඔවුන් කටයුතු කර ඇත.මෙම කරුණු ඔවුන් හදුන්වාදෙනුයේ රටේ ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජනයන් ලෙසය.විරෝධතාවයේ පළමු රැස්වීම මෙම මස අට වැනිදා රත්නපුරයේදී පැවැත්වීමට නියමිතය.එදිනම නව දේශපාලන පක්ෂයද කරළියට පැමිණෙනු ඇතැයි ඇතැම් වාර්තා පලවුවද, එම පක්ෂයේ පිහිටුවීමේ නියමුවා ලෙස සැළකෙන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සන්ඩේ ටයිම්ස් හා පවසා සිටියේ එවැන්නක් සිදුනොවන බවය.

 

නව දේශපාලන පක්ෂයක් තැනීමට තීරණය කර අවසන් බව ඔහු පැවසුවේය.මෙම තීරණය ගැනීමට හේතුව රටේ ප්‍රධාන පක්ෂ දෙක වන ශී්‍ර ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය කෙරේ ජනතාවගේ විශ්වාසය බිදී ගොස් තිබීම බවත්, දැන් එම පක්ෂ ඒකාබද්ධව කටයුතු කරන හෙයින් ඔවුන් කි්‍රයාත්මක කිරීමට යන ප්‍රතිපත්තීන් එදා ජනතාවට දුන් පොරොන්දු හා කිසිදු ගැලපීමක් නොමැති නිසාවෙන් බවත්, ඔහු පැවසුවේය.රජයේ කි්‍රයාකාරකම් හමුවේ ජනතාවගේ සිහින බොඳව ගොස් තිඛෙන බව බැසිල් රාජපක්ෂ කීවේය.

 

zz අපි දැනටමත් දේශපාලන පක්ෂය හදලා ඉවරයි.අපි ධජයක් ගැන, පාටක් ගැන හිතලා ඒ ගැන නිර්මානකරුවන් දැනුම්වත් කරලත් ඉවරයි.නියම වෙලාවට සියල්ල සිදුවේවි.රජයට දැන් සහය දෙමින් සිටින සමහරුත් අපිත් එක්ක එකතු වේවි.zz ඔහු පැවසුවේය.

 

පක්ෂයේ නම හෙළිකිරීම ප්‍රතික්ෂේප කළ බැසිල් රාජපක්ෂ, ඒ වෙනුවට පක්ෂයට නමක් යෝජනා කිරීම ආධාරකරුවන්ට භාරදී තිබූ බව කීවේය.නව පක්ෂය, එම පක්ෂය හා සමාන අදහස් දරන දේශපාලන පක්ෂ කිහිපයක එකතුවක්, සන්ධානයක් වනු ඇත.ශී්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය සන්ධානගත වීම හමුවේ ඇතිව තිඛෙන රික්තය පිරැවීම මෙම නව පක්ෂයේ අරමුණ බව ඔහු පැවසුවේය.පක්ෂය ජනවාරි මස වන විට සම්පූර්ණයෙන්ම සූදානම්ව තිඛෙනු ඇති බවත්, නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන ජනමත විචාරණයට මෙන්ම පළාත් පාලන මැතිවරණයටද සකී්‍රයව එක්වනු ඇති බවත් ඔහු කීවේය.

 

වැට් බදු ඉහළ දැමිීම සම්බන්ධයෙන් විපක්ෂය විරෝධතා දක්වමින් සිටින්නේ රජය තවමත් අදාළ සංශෝධනයන් කි්‍රයාත්මක කර නොමැති අවස්ථාවකදීය.මුදල් ඇමැති රවී කරුණානානායක මහතාගේ වුවමනාව වූයේ එම බදු සංශෝධනයන් සෙනසුරාදා (පළමුවැනිදා) සිට කි්‍රයාත්මක කිරීමය.ඔහු සන්ඩේ ටයිම්ස් හා දැක්වූ අදහස් වලට අනුව වැට් බදු පණත් කෙටුම්පත මෙම මස 26 වැනිදා පාර්ලිමෙන්තුවේ විවාදයට ගැනීමට නියමිතය.එයින් පසුව එය කි්‍රයාත්මක කෙරෙන බව ඔහු පැවසුවේය.අදාළ සංශෝධන සිදුකෙරුනු නව විසර්ජන පණත් කෙටුම්පත අගහරුවාදා දිනයේදී පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කැරෙන බව මුදල් ඇමැතිවරයා හෙළි කළේය.සම්මත වූවායින් පසු එය එදිනම රජයේ මුද්‍රණාලය වෙත යැවෙන බවද ඔහු කීවේය.දැනගැනීමට හැකිවූ ආකාරයට මෙම පණත සකස් කර ඇත්තේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීමට අදාළ තත්ත්වයන් සැපිරීම මුල් කොට ගෙනය.එම වාරිකය ලැබීමට නියමිතව ඇත්තේ 2017 අප්‍රේල් මසදීය.

 

ජනපති මෛතී්‍රපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණෙන තෙක් බලා සිටින බවත්, නොවැම්බර් මස 10 වැනිදා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ප්‍රකාශනය සම්බන්ධයෙන් මුල් පෙලේ සාකච්ඡාවක් සිදුකිරීම ඔහුගේ අපේක්ෂාව බවත් රජයේ ආරංචි මාර්ග පැවසුවේය.අගමැතිවරයා නවසීලන්තයේ සංචාරයක නියැළී සිටින අතර අනතුරුව නව දිල්ලියේ ආර්ථීක සමුලූවකටද සහභාගී වනු ඇතැයි අපේක්ෂිතය.බ්‍රහස්පතින්දා දිනයේ ඇමරිකාවේ සිට නැවත ශී්‍ර ලංකාව බලා පැමිණි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාද ඔහු හා එක්වනු ඇත.ජනපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවට එක්වීමට නියමිතව සිටින තවත් පුද්ගලයකු වන්නේ මුදල් ඇමැතිවරයාය.රජයේ ආරංචි මාර්ග පැවසූ ආකාරයට මෙම සාකච්ඡාවෙන් ජනපති සිරිසේන බලාපොරොත්තු වන්නේ අයවැය යෝජනා ගැන දැනුම්වත් වීමත්, පසුගිය වසරේ සිදුවූවාක් මෙන් එම යෝජනා නැවත නැවතත් සංශෝධනය කිරීමෙන් වළක්වාලනු වස් ඒවාට සිදුකළ යුතු වෙනස්කම් ආරම්භයේදීම සිදුකිරීමේ වැදගත්කම පෙන්වා දීමත්ය.රජයේ ශී්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ශවය, අයවැය යෝජනා වලට විරෝධය නොදක්වනු ඇතැයි සහතික කර ගැනීමද මෙම සාකච්ඡාව පැවැත්වීමේ තවත් අරමුණකි.අයවැය විවාදය දෙසැම්බර් මස 10 වැනිදා නිමාවට පත්කිරීමට සැළසුම් කර ඇතත් රජයේ ආරංචි මාර්ග වලට අනුව එය තවත් සතියකින් පමණ දීර්ඝ වන ලකුණු පෙනෙන්නට ඇත.

 

ඉදිරි වසර සදහා අයවැය සකස් කිරීම රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිඛෙන අංගය බවට සැකයක් නැත.අනෙක් පසින් සංහිදියාව වෙනුවෙන් රජය ගැනීමට යන කි්‍රයාමාර්ගයන්ද ඉතාම වැදගත් වන්නේ අන්තර්ජාතික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින හෙයිනි.නමුත් එය ඉතාම අසීරු හා වෙහෙසකර කි්‍රයාවලියක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.යුද්දයක් අවසන් කිරීම එක් දෙයකි.නමුත් සංහිදියාව ඇති කිරීම යනු තවත් දෙයක්ය.ඒ සදහා සියලූදෙනාගේ සිත් දිනාගැනීම අවශ්‍යය.නමුත් ආරම්භයේ සිටම යහපාලන සදහා වන එක්සත් ජාතික පෙරමුණට නොහැකි වූයේද එයයි.උතුරු හා නැගෙනහිර කලාපවල දැන් එල්.ටී.ටී.ඊ යක් නැත.රටේ සීඝ්‍රයෙන්ම සංවර්ධනය වෙමින් පවතින්නේ එම කලාපයන්ය.නමුත් රජය හෝ එම කලාප වල ඉහළ නියෝජනයක් හිමි දෙමළ ජාතික සන්ධානය හෝ ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බවක් පෙනෙන්නට නැත.මේ අතර උතුරු පළාත් මහ ඇමැති සී.වී.විගනේෂ්වරන්ගේ නායකත්වයෙන් දැඩි මතධාරී දෙමළ පිරිස් නැගී සිටිමින් පැවතීම රජයේ මෙන්ම දෙමළ ජාතික සන්ධානයේද මහත් කලබලයක් ඇතිවීමට තුඩුදී ඇත.මේ හමුවේ ජාතිවාදය වැපිරීමට තවත් පිරිසකට අවස්ථාව සැළසී තිඛෙන අතර, ඔවුන් අවිගත් අරගලයක් නැවත ඇතිවනු ඇතිය කියමින් වෙනත් ජන කොටස් අතර ඉතාම ප්‍රබල සැකසංකා ඇති කිරීමේ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින්නේය.උද්ගතව ඇති තත්ත්වය හමුවේ පැහැදිලි වන්නේ ජාතිවාදය මකා දැමිීම ආදර්ශයෙන් පෙන්වනවාට වඩා වචන වලට සීමා කිරීම පහසු බවය.සංහිදියාව සදහා වන ජාතික ප්‍රතිපත්තිය කඩදාසි ගොනුවකට සීමා වන්නේ නම් ඉන් කිසිදු ඵලක් නැත.එය කි්‍රයාත්මක කිරීමට සියලූම දේශපාලන පක්ෂ වලට ජාතික වුවමනාවක් තිබිය යුතුය.ගැටලූව ඇත්තේ එතැනය.



අදහස් (0)

ජනපති සංහිඳියා කෙටුම්පත ඉදිරිපත් කරයි

උදාර Monday, 03 October 2016 02:29 AM

අපි දැන් හොඳටම කළකිරිලා ඉන්නේ (නි)

:       0       0

ගයාන් Monday, 03 October 2016 05:21 AM

මෙම ලිපිය කියවීමේදී පෙනෙන්නේ ,රජය ණය සහ පහසුකම් ලබාගැනීමේ අරමුණින් මේ සියල්ල කරන බවය .බලය බෙදීම තුලින් රට අවුල් ජාලයක් වන්නට බොහෝ දුරට ඉඩ ඇත (බ)

:       0       0

මුණසිංහ Sunday, 02 October 2016 02:58 PM

සංහිඳියාව දෝරේ ගලන බව පේනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 252 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1176 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2367 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1393 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1628 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1809 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39578 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site