IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ජනපති - හිටපු ජනපති පෙරහරට එති

(අංජුල මහික වීරරත්න)

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්වරු මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළහ.

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමියන් ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් පෙරහර කටයුතු සිදුකෙරිණි.

ගංගාරාම නවම් පෙරහර හෙට දිනයේද වීදි සංචාරය කරයි.

(ඡායාරූප: ලහිරු හර්ෂණ)

 

 



අදහස් (18)

ජනපති - හිටපු ජනපති පෙරහරට එති

විජිත් Sunday, 05 February 2023 09:41 PM

හැමදාමත්ම මගේ හිතේ ඇතිවී - නැතිවී නොයන එකම එක ප්‍රශ්නයක් අදත් යලි යලිත් ඇතිවී මට කරදරකරනවා මෙය ලංකාදීප ඔන්ලයින් එකට ලියන්න කියලා. අපි දන්නවා ශ්‍රීමහා බෝධීන් වහන්සේ කියන්නේ අපේ රටේ අපි ජාති ආගම් භේදයක් නැතිවම අතිගවුරවනිය ලෙස වන්දනා කරන පුජනිය ස්ථානයක්. නමුත් සාමාන්‍ය ජනතාවට ශ්‍රී මහා බෝධින්වහන්සේ ඈත සිට නැරඹීමට මිස ආසන්නයට ගොස් ස්පර්ශකිරීමට අවසර නැත.ඒ අතීතයේ සිදුවුණා යයි කියන අවාසනාවන්ත සිදුවීමක් නිසාත් කියා කියනවා. එයට මම අවංකවම එකඟයි.නමුත් රටේ ප්‍රභූන් යයි තමන්ව හඳුන්වාගන්නා දෑත්වල ලේ ඇති මිනීමරු -හොර තක්කඩින්ට උඩමළුවට ගොස් ශ්‍රීමහා බෝධින්වහන්සේගේ ශාකාවක හිසගසාගෙන සිටින්නට අවසර ලැබුනේ කාගෙන්ද ?අපේ ජනවහරේ කියන "කිලි " ..මේ මිනීමරුවන් ස්පර්ශකිරිමනිසා බෝධීන් වහන්සේට හානි වෙන්නේ නැතිද ? සධාතුක කරඬුවක් අතපතගානා මේ ෆොටෝඑකේ ඉන්න මිනීමරු පව්කාරයින් දෙදෙනා ගැනත් මට ඒ ප්‍රශ්නයම ඇතිවුනා.

:       18       37

ajithMonday, 06 February 2023 05:32 PM

විජිත්, ශ්‍රී දළදා මාලිගාවට පැමිණ පොලිසියට වෙඩිතබා, හමුධාවේ සෙබළුන් ඝාතනය කල jvp අය ගැන මොකද කියන්නේ

:       1       0

විජිත් Sunday, 05 February 2023 10:06 PM

දෙවෙනි චායා රුපය .... ගෝ මෑන් - මොකද මචන් කතාවක්වත් නැතිව බිම බලාගෙන ඉන්නේ ? රනි මෑන් - මොනවා කතාකරන්නද ? මට උඹව දකින්නත් අප්පිරියයි පෙරේතයා , උඹයි උඹේ අයියයි එකතුවෙලා මාව දැම්මේ නරා වලකට.මිනිස්සු මාව මරන්න බලාගෙන ඉන්නවා.මම දැන් මේ කල්පනා කරන්නේ මොකද කරන්නේ කියලා...තවමාස 3න් ආර්ථිකය ඉවරෙටම ඉවරයිලු... මුන් මාව කයි !!! ගෝ මෑන් - ඉතින් ? රනි මෑන් - ඉතින් මම මොකද කරන්නේ කියලා තමයි මම කල්පනාකරන්නේ. ගෝ මෑන් - ඕකුන් උඹව මරන්න එනකොට පැනපන් රටින් මම කලාවගේ. එතකොට මේ කුණු ඔක්කොම වැටෙන්නේ දිනේෂ් නාකියාගේ ඔළුවට.අපිට මොකෝ.

:       7       24

ජගත් ලියනගේ Sunday, 05 February 2023 10:56 PM

හරිම ලස්සනයි, සිරියාවන්තයි.

:       14       18

Chathuri Monday, 06 February 2023 02:53 AM

මුන්ගෙ මුනවල් දැක්කම රටට කිරි ඉතිරෙයිද. ඉස්සර කබාය ඇදගන චන්ඩිවගෙ හිටියෙ දැන් බයියලා නිකම්ම ගොබ්බයෝ වුනා. මේවගෙ උන්ට ජනදිපති කියනකොට. දියුනු රටවල ඉන්න නායකයින්ට කියන්න නමක් නැහැ.

:       12       29

පිටිගල මිලානෝ Monday, 06 February 2023 10:12 AM

මෙයා අර ආමි බැජ්ටික දැන් කමීසෙ ගහගන්නේ නැහැවගේ…. වසන්ත මුදලිගේට බයේ ඇදුමකුත් ගෙදර දාලා රටවල් ගානනාවකට දිව්ව විරුවා……

:       21       25

Lal Monday, 06 February 2023 11:41 AM

උන් ඔක්කොම යාළුවො මල්ලි.........

:       7       21

සන්කා Monday, 06 February 2023 11:55 AM

අපේ හාමුදුරුවරැත් මේ තක්කඩි හොර දේශපාලුවන් රටේ බිහිවූනාට සමසේ වගකියන්න ඕන.මොන ගොන් තක්කඩි හොර රටේ නායකයෙක් ආවත් පන්සල වලට වද්දගෙන මුරැන්ගා අත්තෙ තියලා ගුන ගායනා කරනවා. මේවා දැන්වත් නවත්තන්න.බලන්න තායිලන්තය, බුරුමය,වියට්නාමය වගේ බෞද්ධ රටවල දේශපාලඥවරු කවදාවත්ම පන්සලකට වද්ද ගන්නෙ නැහැ.ගෝඨා මුලු රටේම පරිපාලනය බින්දුවටම වටිටලා , මුලු රටේම ගොවිතැන නැති කරලා මිනිසුන්ට තුන්වේල කාපු එක නැති කරලා මේ උතුම් රට ලෝකෙන්ම හිගාකන ණය රටක් කරලා කුජීත වෙලා ගියේ.ඒත් දැන් පරන යාලුකමින් එලිබැහැලා ඔය ඉන්නෙ.අපේ මුලු ජන ජීවිතයටම වෙච්ච අපරාධයක්???

:       7       22

wedage Monday, 06 February 2023 12:21 PM

කොහොමද මල්ලි තෝරාගැනීම... හැංගිලා වෙස්මුහුණු බැන්දත් නටන්න වෙන්නේ එළියේ කියන්නේ ඕකට තමයි.

:       5       14

fairoos Monday, 06 February 2023 12:21 PM

ලැජ්ජයි මේ වගේ දෙන්නෙක් මේ වගේ වැඩකට ආරාධනා කරපු එක ගැන. රටට සාපයක්...

:       15       19

PODDA Monday, 06 February 2023 12:51 PM

ජයශ්‍රීමහ බෝධිය ලග වන්දනාකරුවන්, 200 වැඩි නිරායුධ අහින්සක මිනිස්සු මරාදාපු LTTE මිනීමරු සංවිධානය දෙකඩ කඩපු නිවැරදි යුධසැලැස්මට LTTE විනාස කරපු රනිල්ගෙ සහ ඝොටාගෙ හිසමත කරඩුව තැබිය යුතුයි. සමහරු මේව දන්නෙත් නැතිව තවමත් කුහක කමින් කථාකරන්නෙ. බුරුමෙ බෞද්ධ කම සුකීට කරපුදේන් පේනව.

:       11       18

රාලහාමි Monday, 06 February 2023 05:18 PM

පිත්තලහන්දියේ තමන්ම ප්ලෑන් කරලා බෝම්බයපුපුරවාගෙන රටේ මිනිස්සුන්ව මුලාකරපු , 88-89 මාතලේ කොල්ලෝ කෙල්ලෝ 600 මරාදාපු ගෝටාගේත් , 88-89 අහිංසක කොල්ලෝ කෙල්ලෝ සියගානක් බටලන්දේදී වදදිලා ,දුෂණය කරලා මරලා දාපු රනියාගේත් හිස් දෙකඩ කලයුතුයි.

:       0       1

චන්දිම ෆොන්සේකාMonday, 06 February 2023 06:08 PM

කොටි සංවිධානේ බෙදුනේ කාලයක් තිස්සේ ඔවුනොවුන්ගේ තිබිච්චි ප්‍රශ්න උඩු දුවලා මිසක් මේ අයගේ සැලසුම් නිසා නෙමෙයි. යුද්දේ දිනුවේ සරත් ෆොන්සේකා මහතාගේ සැලසුම් වලට මිසක් මේ අයගේ සැලසුම් වලට නෙමයි. මේ අය සැලසුම් කළා නම් මේ රට මුළුමනින්ම කොටි සල්ලි දීලා වුණත් ගනීවි. නමුත් මේ රටේ සමහර මිනිස්සුන්ගේ තියෙන ගතිය තමයි ළිඳෙන් වතුර බීලා මුහුදට ආවඩන එක. නියම රණවිරුවාට ලැබිය යුතු ගරුත්වය මංකොල්ල කාලා ඔහුට හිරිහැර වැඩ හිංසා කරවලා මහා විරුවෙක් වගේ පුප්පලා පෙන්නගෙන ටික කලක් රජකම් කරගෙන හිටපු මිනිහාට දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵලදීලා... ලැජ්ජා නැති විදියට නිකම්ම නිකම් නිකමෙක්ම විදියට ජනතාව ඉදිරියේ ඉන්න සිද්ධ වුණා නේද?

:       0       0

SanthuMonday, 06 February 2023 10:07 PM

ඖ,ඇත්තම ඇත්ත,

:       1       0

Aravinda Monarawila Monday, 06 February 2023 01:24 PM

දූෂිත දේශපාලුවන් සහ දූෂිත ඇතැම් චීවරධාරීන් එක්වෙලා මෙරට නරාවලකට ඇදගෙන ගියා. මෙතරම් විනාශයක් රටට වෙලා තියෙද්දී, තවම ඒ හවුලේ වැඩ අත්හැරලා නැති බව රටට පෙනෙනවා.

:       6       14

Kumara Monday, 06 February 2023 02:59 PM

රටෙන් එළවලා දාන්න ඕනේ... ඉපදෙන්න ඉන්න දරුවන්ටවත් මොවුන්ව නොපෙනෙන්න..

:       7       13

නිවාසී Wednesday, 08 February 2023 08:14 AM

මෝඩ කථා කියන්නේ රැල්ලට. මේ දෙන්නා නෙමෙයි වග කියන්න ඕනේ.. 48 ඉඳලා මේ වෙනකන් මිනිස්සුනේ ඡන්දෙ දීලා රට පාලනය කරන්න පාලකයින් තේරුවේ... වැරැදි කරනවා දැක දැක මාරුවෙන් මාරුවට ඒ දෙගොල්ලන්ටම දුන්නා. ණයට අරන් සහන දුන්නු අයට ඡන්දේ දුන්නා. රට ගැන හිතන්නේ නැතිව නිකන් දෙන පැත්තට චන්දේ දීලා සමෘද්ධි, ජනසවිය කාලා... දැන් උන්ටම බනිනවා.

:       0       1

ගමේ එකාලා Monday, 06 February 2023 05:03 PM

රටම විනාශ කරපු දූෂිත පවුල් පාලනේ බලලෝබි බඩගෝස්තරවාදියා. පින් ජනපතියා ගේ ආසිර්වාදයෙන් ඉන්න හැටි.අපිට නම් මේ දූෂිතයන්ගේ මුහුණු දකින එකත් හරිම පිළිකුල් .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 224 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 175 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 349 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 143 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 323 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site