IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ජනපති හිතා මතා මඟ හරිනවා

(සුජිත් හේවාජුලිගේ)

ඇමැතිධුර දිගින් දිගටම ඉල්ලා ජනාධිපතිවරයාට ඇවිටිලි නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  දැඩි තීරණයක් ගෙන ඇත.

ජනාධිපතිවරයා ඇමැතිධුර දුන්නත් නැතත් පක්ෂයේ කටයුතු ශක්ති සම්පන්නව ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.

කැබිනට් ඇමැතිධුර 10 ක් දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙයට පෙර ලිඛිතව ඉල්ලීම් කර තිබුණත් ඔහු විවිධ හේතු ඉදිරිපත් කරමින් ඇමැතිධූර ලබාදීම ප්‍රමාද කරමින් සිටින තත්වයක් දක්නට ලැබෙන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

" ඇමැතිධුර දෙනවනම් දෙන්න. නොදුන්නත් ගැටලුවක් නැහැ. අපි අපේ වැඩ ටික කරගෙන යනවා.කොහොම නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහත්තයට සහාය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු පාලන කාලයේ ඉතිරිය කරගෙන යන්න විතරයි" යැයිද ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මුලින්ම අයවැයට පෙර ඒ ඇමැතිධුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදෙන බව ප්‍රකාශ කළේ යැයි පවසන එම ප්‍රකාශකයා ඊට පසු නිදහස් දින උත්සවයට ප්‍රථම ඇමැතිධුර දෙන බව සඳහන් කළේ යැයිද පැවසුවේය.

එහෙත් ඇමැතිධුර ලබා දීමක් සිදු නොවූ අතර ඊට පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලැබුණු පසු ඇමැතිධූර ලබා දෙන බව ප්‍රකාශ කර තිබුණේ යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට ඇමැතිධුර ලබාදීම ප්‍රමාද කිරීම පිටුපස වෙනත් යටි අරමුණක් ඇති බව එම පක්ෂය තුළ කතාබහක් පවතින්නේ යැයි වාර්තා වේ.

 



අදහස් (21)

ජනපති හිතා මතා මඟ හරිනවා

Pankumburage Saturday, 06 May 2023 07:41 PM

හොඳ වැඩේ දැන් සැපද..!!!

:       2       13

ගමේ එකාලා Saturday, 06 May 2023 09:11 PM

හොරාකාලා, ගසාකාලා පුරුදු අයට ඇමැතිකම් නැතුව අමාරු ඇති. අලි බබා සහ හොරු හතළිහ ආණ්ඩුවේ හිටපු අය ගැන කවර කතාද?

:       2       19

G. K. Ekanayake Sunday, 07 May 2023 12:02 AM

රට කාපු අයට ඇමැතිකම් දුන්නොත් දීපු එකත් ඉවරයි ගත්ත එකත් ඉවරයි. පොහොට්ටුවත් ඉවරයි.

:       8       17

ප්‍රදීප් Sunday, 07 May 2023 06:11 AM

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනම නැහැ කියලා තියෙනවා. ඉතින් රනිල්ට හිතෙනවා ඇති ඇමැතිවරු සිටින ප්‍රමාණය ප්‍රමාණවත් කියලා රටේ ජනතාව වුණත් තවත් ඇමැතියන් පත්කිරීම අනුමත කරන්නේ නැහැ.. ජනාධිපති ඉන්නේ ජනතා මතයේ නිසා රටට බරක් වෙන්න වැඩ නොකරාවි කියලා හිතෙනවා...

:       9       12

චාන්දනී ෆ්‍රැන්සිස්කෝ Sunday, 07 May 2023 06:23 AM

කටාන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක හිමිකරුවෙකුට, පොහොට්ටු ඇමතියෙකුගේ ගෝලයෝ පහරදීමෙන් පසුව එම කම්හල වසා දැමීමට හිමිකරු කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා. එනිසා වෙන්නේ දහස් ගණනක් සේවකයින් සඳහා රැකියා අහිමි වීමක් තමයි. එයට අමතරව රටට විදෙස් විනිමය හා විදෙස් ආදායම් අහිමි වෙනවා. ජනාධිපති තවත් පොහොට්ටු ඇමැතියන් පත්කළොත් රටට මොනවා වෙයිද අපේ හාමුදුරුවනේ...!

:       2       22

Sunil Sunday, 07 May 2023 07:45 AM

රටේ ධනය වංචාවෙන්ම සූරන් කෑ මේ කාගේවත් සේවය රටට අනවශ්‍යයි. හැකි ඉක්මණින් මේ හැතිකරය පන්නා දමමු.

:       5       17

අරවින්ද මොනරවිල Sunday, 07 May 2023 08:03 AM

සූත්තර පුංචාගේ ගැටවලට අහුවුණු ගොන් බයියන් රැල දැන් ගලේ පහරපු බලල්ලු ගානට වැටිලා, ඔබලාට යන එන මං නැති කරලා තමයි එයා පස්ස බලන්නේ.

:       4       28

නිහාල් Sunday, 07 May 2023 08:06 AM

ඇමැති ධුර නොවේ... ආණ්ඩුවයි, ජනාධිපතිකමයි, තුනෙන් දෙකේ බලයයි තිබිලා කරපු හරිය මදැයි. දැං ඉතින් මොන කෙං ගෙඩියක් කරන්නද?. ඊළඟ මැතිවරණයෙන් අතුගෑවිලා යනවා මිසක්...

:       3       16

Pankumburage Sunday, 07 May 2023 09:20 AM

හොඳ වඩේ. බයියන්ට දැන් සැපද..?

:       3       20

කිරිපුතා Sunday, 07 May 2023 09:35 AM

මේක තමයි රටේ දේශපාලනය. ඇමැති ධුර ගන්නේ රටට වැඩ කරන්නද ? නෑ... පුළුවන් තරම් හම්බකර ගන්න. මේ ආකල්ප වලට පක්ෂ භේදයක් නෑ.

:       3       18

sunil Sunday, 07 May 2023 09:40 AM

දෙන්න එපා...

:       3       17

වටලප්පං Sunday, 07 May 2023 09:53 AM

කාටවත් ඇමති ධූර දෙන්න එපා. තියෙන ඇමැතිධූරත් අඩු කරන්න. ඔබතුමා තව වසර 5 ක් බලයේ ඉන්න. දෙන්න එපා ඇමැතිධුර...

:       4       16

ase Sunday, 07 May 2023 11:14 AM

කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බලලෝ කියුවලුනේ...!

:       2       18

මහජනයා Sunday, 07 May 2023 12:01 PM

ජනතාවට දෙන්න අපි මෙයා පත්කළා... අන්තිමට මෙයා අපිට වැඩේ දුන්නා...

:       3       15

ushendra Sunday, 07 May 2023 01:38 PM

නුඹලාට ඔහොම තමයි වෙන්න ඕනෑ. ජනතාව නුඹලාට හිතාමතාම දෙයි කෙළ වෙන්නම...

:       3       14

janahitha Sunday, 07 May 2023 01:54 PM

ජනතාවට කන්න බොන්න නැහැ... තවත් ඇමැතිවරු කුමටද? මේ දෑස මක්කටෙයි...!

:       2       13

Buddika Sunday, 07 May 2023 02:08 PM

පොහොට්ටුවන්ගේ හේතුව ඉතා පැහැදිලියි... පට්ටපල් හොරු කියලා දන්න නිසා වෙන්නැති තනතුරු නොදෙන්නේ...

:       3       13

Bamunuarachchi Sunday, 07 May 2023 02:18 PM

මේ වෙලාව ඇමැතිකම් දෙන වේලාවක් නොවෙයි. තිබෙන ඇමැතිකම් හොඳටම ඇති කියලා රනිල් තේරුම් අරගෙන තියෙන්නේ... ඉන්න පුළුවන් නම් ඉඳපල්ලා... බැරිනම් ඒත් ඉඳපල්ලා..

:       4       18

විපරමා Sunday, 07 May 2023 04:50 PM

ඉන්න අයත් වැඩි දෙනෙක් හොර දූෂිතයින්. කප්පම්කාරයින්,... ඔය වගේ තව කීපදෙනෙක්ම ඉන්නවා. හරි නම් ඔය දූෂිත දේශපාලුවන්වවත් අයින්කරලාම දාන්න වටිනවා.

:       2       6

P.D Goonawardene Sunday, 07 May 2023 05:15 PM

ඔය මග කෑල්ල නැතිව තමා ඕක හරි...

:       1       3

Sanath Sunday, 07 May 2023 06:42 PM

නියමයි.. දෙන්න එපා එකක්වත්... ඔවුන් රනිල්ව පත්කළේ රටට ඇති ආදරයකට නෙවෙයි. ඇමැතිකම් ගන්න. දැන් සැප ඇති...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 163 0

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 236 1

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 272 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 164 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 179 1

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට
2025 අප්‍රේල් මස 21 292 0

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 461 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 280 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site