IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජනප්‍රියත්වය මුදුන් කර ගත් බීබර්

2016-06-01-ent-27

2016-06-01-ent-30ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් ලොව ජනාදරයටපත් ගායකයෙකි. ඔහු ළමා කාලයේදී එක්රැස් කර ගත් රසික පිරිස දැන් ඔහුගෙන් ඈත්වීමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි. එයට හේතුව ලෙස ඔවුන් සිද්ධි රැසක් පෙන්වාදෙයි.

පසුගියදා ඔහු සිය ප්‍රේක්ෂිකාවක් විසින් ලබාදුන් ත්‍යාගයක් විසිකරන ආකාරය කැමරා කාචයක් සටහන් වී තිබේ. මේ සිද්ධිය සිදු වී ඇත්තේ බීබර් නිව්යෝර්ක් නුවර ප්‍රසංගයක් සඳහා සහභාගි වීමට යන අවස්ථාවේදීය. ඔහු එම ප්‍රසංගයට සහභාගි වීමට යාමේදී ඔහු යන මෝටර් රථයට ඔහුගේ රසිකාවියක් විසින් ත්‍යාගයක් ලබාදෙන අතර, එය ඔහු ගෙන නැවත ඇය වෙතටම විසිකර ඇත. මේ දිනවල එය ට්විටර් ගිණුම්වල දැඩි දෝෂාරෝපණයට ලක් වූ වීඩියෝවක් බවට පත්ව ඇත. එයට හේතුව බීබර්ගේ මේ නොමනා හැසිරීමය.

මීට අමතරව පසුගියදා ඔහු තම ට්විටර් ගිණුමේ සඳහන් කරන දෙයක් නිසා ඔහුගේ අනුගාමිකයන් ප්‍රමාණය අඩුවෙමින් පවතින බවද සඳහන්වෙයි. මේ පිළිබඳව ඔහු පවසන්නේ තමන්ගේ ජනප්‍රියත්වය දැන් තමාට හිසරදයක් වී ඇතැයි කියාය.

ජස්ටින් බීබර් එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ තමන්ව වට කරගන්නා රසික රසිකාවියන් කෙළවරක් නැතිව තමන්ගේ ඡායාරූප ගැනීම මහ කරදරයක් වී ඇති බවයි. “ප්‍රසිද්ධ තැන්වලදි රසික රසිකාවියන් මාව දැක්කාම අඩුගානෙ මට "හායි" කියලවත් කියන්නෙ නැතුව මගේ ෆොටෝ ගන්නවා. ඒ අය මොහොතකටවත් හිතන්නෙ නැහැ, මමත් මනුස්සයෙක් කියලා. ඒ අය වටකර ගත්තාම මට හිතෙන්නෙ මම සත්තු වත්තක කූඩු කරලා ඉන්න සතෙක් වගේ කියලා.” යැයි බීබර් වැඩිදුරටත් මෙහි පවසා ඇත.

මේ සිදුවීමෙන් පසුව ඔහු පසුගිය දිනෙක ප්‍රසිද්ධ උද්‍යානයක හුදෙකලාව ගත කර ඇති බවද සඳහන්වෙයි. මෙහිදී ඔහු හෙඩ්ෆෝන් එකක් පැලඳගෙන මියුරු ගීත අසමින් සිට ඇත. නමුත් මෙතැනට බීබර්ට කරදර කිරීම සඳහා කිසිවෙකු පැමිණි නොමැති බවද සඳහන් වෙයි. මේ කාරණා නිසා බීබර්ගේ ෆේස්බුක් ගිණුමේ ලයික්ස් ප්‍රමාණය යම්තාක් දුරට අඩුවී ඇති අතර, තම ට්විටර් ගිණුමේ අනුගාමිකයන්ද අඩු වී ඇත. මොහුගේ මෙම ක්‍රියා හේතුවෙන් මොහු වටා ගොඩනැගුණු රසිකයන්ද ඔහුගෙන් ටිකෙන් ටික ඈත්වීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. මෙවැනි කාරණා සිදුවීමට සෙලීනාගේ වෙන්වීම බලපා ඇති බවද ඇතැමුන් පවසනවා. අවසන්වරට සෙලීනාගේ වෙන්වීම නැවත එක්කර ගැනීමට ඔහුට නොහැකි වූයේ එම කාලයේදී බීබර් නව පෙමක් සඳහා ඇලීගැලී සිටි නිසා බවද සඳහන්වෙනවා.

කෙසේ නමුත් සෙලීනා ගෝමස් සහ බීබර් සමග තිබූ පෙම් සබඳතාව අවසන් වුවත්, එය නැවත හරිගස්සා ගැනීමට බීබර්ට අවස්ථා ලැබුණු බවද සඳහන් වෙනවා. මේ බව සෙලීනාගේ හොඳම මිතුරියක වන ටේලර් ස්විෆ්ට් විසින් පවසා තිබෙනවා. ඇය විසින් සඳහන් කර ඇත්තේ බීබර් සහ සෙලීනා හය වතාවක් ඔවුන්ගේ පෙම් සබඳතාවය අවසන් කළ බවයි. ඒ සෑම අවස්ථාවකදීම බීබර්ට සෙලීනාව නැවත යාළු කර ගැනීමට හැකියාව ලැබුණු අතර, මෙවර එම වෙන්වීම නැවතත් ආදරයක් බවට පත්කර ගැනීමට බීබර් හැකියාව නොමැති බව ඇය සඳහන් කර සිටිනවා.

මොවුන් දෙදෙනා වෙනුවෙන්ද ඇය පසුගියදා ගීතයක් එළිදැක්වූවාය. '1989' හි ගීත ඇල්බමයට ඇතුළත් වන එක් ගීතයක් ජස්ටින් බීබර් සෙලීනා ගෝමස්ව නැවත දිනාගැනීමට දරන උත්සාහය පිළිබඳව කියැවෙන බව සඳහන්වෙයි. මෙම හේතු කාරණා නිසා බීබර්ගේ හැසිරීම පිළිබඳව ඔහුගේ රසිකයන්ගෙන් අප්‍රසාදය පළ වී ඇත. මේ කාරණා පිළිබඳව බීබර් සඳහන් කරන්නේ තමන්ගේ රසිකයන්ට අවශ්‍ය පරිදි තමා කිසිසේත් නොහැසිරෙන බවය.

මේ දිනවල බීබර්ගේ නව පෙම්වතිය ලෙස විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ බොලිවුඩයේ ජනප්‍රිය ළබාල නිළියක වන "Nicola Peltz"ය. ඒ නිසාම මොවුන් දෙදෙනා පිළිබඳව බොහෝ දෙනාගේ අවධානයද යොමු වී ඇත. කෙසේ නමුත් බීබර් තම ජනප්‍රියත්වය වැඩි අහංකාරකම නිසා තමන් වටා රොක්ව ඇති රසිකයන් කෙමෙන් කෙමෙන් ඈත් කරනු ලබන කාලය වැඩි ඈතක නොවන බව බොහෝ දෙනා පවසා සිටිනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-06-01-ent-29
2016-06-01-ent-28

2016-06-01-ent-31



අදහස් (0)

ජනප්‍රියත්වය මුදුන් කර ගත් බීබර්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1408 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 591 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 680 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 438 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1229 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site