IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘‘ජනප්‍රිය නොවන තීන්දුවල ප්‍රතිලාභය ජනතාවට නුදුරේම ලැබේවි‘‘

<img src=" <meta http-equiv=" pragma'="" content="no-cache">

(යොහාන් භාසුර)

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු රැසකට එළඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) පැවසීය.

එම තීරණ විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප්‍රතිලාභ රටට සහ ජනතාවට හිමිවනු ඇති බව කී ජනාධිපතිවරයා කෙටිකාලීන අර්බුද ජයගත් පසු ආර්ථික සහන ලැබෙන නිසා රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු කඩිනමින් විසඳන බවත් අපනයන ක්ෂේත්‍රයේ ඉලක්ක යථාර්ථයක් කරගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය අත්වැල් බැඳගෙන ක්‍රියා කළ යුතු බවත් ජනාධිපතිවරයා කීය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (26) පැවැති ‘ජනාධිපති අපනයන සම්මාන උළෙල’ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වූ ඇතැම් ආනයන සීමා වැනි ප්‍රතිපත්තිමය මැදිහත්වීම්වල වාසිදායක ප්‍රතිලාභ අද රටට හිමිව තිබෙනවා. එමගින් නව දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා අවකාශ නිර්මාණය කර ඇත. මෙම නව කර්මාන්ත පෝෂණය කරමින් කෙටිකාලීන ලාභ ඉපැයීම වෙනුවට ගෝලීය වශයෙන් තරගකාරී වියහැකි ගුණාත්මක නිෂ්පාදන බිහිකිරීමට කර්මාන්තකරුවන් ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා ශ්‍රී ලංකාව සතුව සුවිශේෂී හැකියාවක් පවතිනවා.

හරිත කෘෂි නිෂ්පාදන සහ පිරිසැකසුම්කරණය ක්ෂේත්‍ර සඳහා ආයෝජනයට සුවිශේෂී අවස්ථා ඇති කර නිෂ්පාදන සඳහා නව අපනයන වෙළෙඳපොළ අවස්ථා පවතිනවා. ශ්‍රී ලංකාව තුළ අගය එකතු කළ භාණ්ඩ ගෝලීය වෙළෙඳපොළට අපනයනය කළහොත් තවත් බොහෝ අපනයන ආර්ථික වටිනාකමක් රට තුළ නිර්මාණය කර ගත හැකියි”

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද මේ සම්මාන උළෙලට සහභාගි විය.

 



අදහස් (34)

‘‘ජනප්‍රිය නොවන තීන්දුවල ප්‍රතිලාභය ජනතාවට නුදුරේම ලැබේවි‘‘

නිමල් Friday, 26 November 2021 10:39 PM

පාන්වල මිල 75 ක්. නාඩු කිලෝවක් 150ක් වාගේ........

:       2       16

Kumara Friday, 26 November 2021 10:55 PM

හොරු නිදොස් කර නිදහස් කරපුවට ජනතාවට ප්‍රතිපල ලැබෙනවා

:       0       20

ජයසුමන Friday, 26 November 2021 11:40 PM

අප්‍රිකාවට ශ්‍රීලංන්කන් ගමන් වහාම නතර කරන්න.

:       1       8

Perera Friday, 26 November 2021 11:42 PM

අලුත්ම ප්‍රතිලාබේ කුස්සියෙන්ම ලැබෙන්න සලස්වලා තියෙනවා

:       0       18

හිටං හුටං Saturday, 27 November 2021 02:16 AM

බුදුඅම්මෝ තවත් නම් ප්‍රතිලාභ එපා. මේ ලැබිලා තියෙන ටික හොදටෝම ඇති

:       0       18

Demuni Uduwara Saturday, 27 November 2021 03:31 AM

අපට පෙර ඔබ ආර්ථිකයට එරෙහිව අමිහිරි තීරණ ගත්තා. එහි ප්‍රතිවිපාක අපි දැන් අත්විඳිමු

:       0       16

Ruwan Saturday, 27 November 2021 08:29 AM

දුමියා එළියට දාපු එක... ගැසට් රිවර්ස්... ශාක පෝෂක ප්‍රතිඵල වෙන්න ඇතිනේද..?

:       3       17

saman Saturday, 27 November 2021 08:49 AM

පාර්ලිමේන්තුව එකතු වෙලා අවුරුදු 20කට විතර එක ප්‍රතිපත්තියක් හදන්න බැරි මොකද ? එතකොට සජබේ, ජවිපෙ, පොඑපෙ කොන්ග්‍රස් සියල්ලටම එක ප්‍රතිපත්තියක් . පාර්ලිමේන්තුවක් තියෙන්නේ ඒකට ,නැතිව වම්බටු පෙන්වන්නයි , හරක, බුරුවා, වට්ටකේ කියල කටවාචාල කම් කියන්න නෙවයි. අවුරුදු 5 පහට ප්‍රතිපත්ති මාරුවෙලා විනාශ වෙන රටක් මේක !!

:       1       17

ase Saturday, 27 November 2021 08:52 AM

ඔබ මෙතෙක් ගත් තීරණවලින් ජනතාවටත් රටටත් අගාධයකට ඇද දැමුවා මිස යහපතක් සිදුව නැත, අපට සහන නොව ඔබගේ තීරණ නිසා අපට එදිනෙදා ජීවිතයට විශාලලෙස බලපා ඇත, අපට හැම් බේකන් නොව බත් එලවලු මිලටගෙන එදා වේල සපයා ගැනීමට, දරුවන්ට ආහාර, පොත්පත් දරාගැනීමට නොහැකි තරම් තිබ්යී දී මෙලෙස ජනතාව විහිලුවකට පත්කරන්න එපා.

:       3       17

Hemantha Kumara Saturday, 27 November 2021 09:19 AM

ජනාධිපතිතුමෝ මොනවද දන්නේ නැහැ ඒවා.

:       0       13

Pradeep Saturday, 27 November 2021 09:56 AM

දැනටත් ලබමින් පවතියි... තව ගොඩක් ලබාදීමට නියමිත බව දනිමි.

:       0       18

පිටිගල මිලානෝ Saturday, 27 November 2021 10:09 AM

අර හිරෙන් එළියට දාලා සභාපතිකමක් දුන්න මිනීමැරුම් දඬුවම්කාරයා ගැනද මේ කියන්නේ..?

:       3       20

ශ්‍යාමලී Saturday, 27 November 2021 10:38 AM

රන්ජන් අහපු ප්‍රශ්නවලට උත්තර බඳින්නේ කවදාද? අපි බලාගෙන ඉන්නේ...

:       2       21

ලාලනී Saturday, 27 November 2021 10:53 AM

අර පොහොර වැඩේ වගේ බුද්ධිමත් තීරණද? ශෝයි...!

:       1       20

චාන්දනී Saturday, 27 November 2021 11:12 AM

ස' කියන විදියටම පෝරවල ප්‍රථිලාබේ නම් ලබුණා නේද? නැනෝ යූරියාවලින් කොටි 1200යි, අසූචි නැවෙනුත් ඒහා සමාන ගාණක් ප්‍රථිලාබ ලැබුණා නේද? බාන්නෙත් නැතුව...

:       1       22

sena Saturday, 27 November 2021 11:23 AM

පොහොර අවුලා යාන්තම් ඉවර වුණා වගේ තව අවුල් ගොඩක් අතළඟ වගේ...!!!

:       0       19

ලේක්කෝ ගලබඩ Saturday, 27 November 2021 11:42 AM

එහෙම නොවී කොහොමද..? සක්වල ගල ප්‍රකම්පිත කරගෙනනේ ආවේ...!!!

:       0       13

ලසන්තී Saturday, 27 November 2021 12:08 PM

හරි ස' ඔහොම රිවස් එකේම යාන්.........

:       0       14

බන්දුල Saturday, 27 November 2021 12:13 PM

ස' මන් ස' ගේ පුවත්පත් සාකච්චාවක අහලා තියෙනවා සරත් ෆොන්සේකයි යුද්ධ කලේ ස' නෙවෙයි කියලා ස' ගේ කටින්ම කියනවා. එත්කොට ස' නෙවෙයිද රට බේරාගත්තේ....?

:       3       14

Bamunuarachchi Saturday, 27 November 2021 12:13 PM

ජෙප්පන් පැත්තකට කරනවානම් ජනතාවට සහනයක් ලැබෙනු ඇත. මෙපනකල් රසායනික පොහොර අවශ්‍යයි කියා මොර දුන් මහා ජෙප්ප දැන් විස පොහොර ගෙන්වීම පිටුපස ඇමතියෙක් ඉන්නවා කියනවා. දැන් මෙයාට රසායනික පොහොර විස වෙලා.

:       23       2

BamunuarachchiSaturday, 27 November 2021 12:30 PM

ජෙප්පන් පැත්තකට කරනවානම් ජනතාවට සහනයක් ලැබෙනු ඇත.

:       22       1

හස්මිනී Saturday, 27 November 2021 12:29 PM

කැරට්, ලීක්ස්, බෝංචි, තක්කාලි, පොල්, හාල්, මිරිස් වැනි සිරුරු-පෝශක ද්‍රව්‍යවල මිල අඩුවෙනවා කියලාද ඔය වහෙන් ඔරෝ භාෂාවෙන් කියන්නේ?

:       0       10

උදයන්ගනී Saturday, 27 November 2021 12:46 PM

ඊළඟ දහන පෝෂක සිලින්ඩරේ පුපුරන්නේ කාගේ ගෙදරින්ද කියා ඔට්ටු සෙල්ලමක් පටන්ගත්තා නම් ගෙදර ඉඳන්ම කීයක් හරි හොයාගන්න තිබුණා.

:       0       17

Bamunuarachchi Saturday, 27 November 2021 01:50 PM

කැරට්, ලීක්ස්, බෝංචි, තක්කාලි, පොල්, හාල්, මිරිස් මිල අඩු වැඩි වීම ගොවියා වෙළෙන්දා සමග තිබෙනප්‍රශ්නයක් මිස රජයට අදාළ ප්‍රශ්නයක් නොවෙන බව තේරෙන්නේ නැද්ද.

:       18       3

Shan Saturday, 27 November 2021 02:23 PM

මුළු රටටම තේරෙන ඔබගේ අසමත් කම ඔබට නොතේරීම අපේ කරුමයයි. කරුණාකරලා මොලේ පරීක්ෂා කරවාගන්නවද?

:       0       7

lal Saturday, 27 November 2021 02:38 PM

එකතු කරන්න දන්නේ නැති කෙනෙක්ට දෙකයි දෙකයි එකතු කරන්න කිව්වොත් මහමෙරක් වගේ. අතේ ඇඟිලි ගැන ගැන කාගෙන් හරි අහඅහා පැය ගාණක් කරනවා. අනා ගන්නවා. ගණන් ටිකක් හරි දන්න කෙනෙක්ට තත්පරයයි යන්නේ... එචච්රයි කියන්න තියෙන්නේ...

:       0       7

piya Saturday, 27 November 2021 02:40 PM

දෙව් ලෝකේ ළඟයි පේන මානේ... දෙව් ලෝකේ ළඟයි පේන මානේ ... බොල බූරු පුතේ දුක සෝකා ඉතිං ඉවසන්......(.මේ ගීයට වසර 73 ක් විතර ඇති දන්න තරමට)

:       0       7

සුමිත් Saturday, 27 November 2021 02:48 PM

පුළුවන් නම් අර චිත්‍ර ඇඳපු මල්ලිලා ටික හොයලා දෙන්නකෝ. මන් මේ පුවත දැකලා තීන්ත ටින් ටිකක් ගෙනාවා ඒ අයට දෙන්න ආයෙත් චිත්‍ර අඳින්න කියලා...

:       0       8

හිරන්තිSaturday, 27 November 2021 04:00 PM

ඇත්තටම ඇයි ඒ දවස්වල කොල්ලෝ රංචු බෝක්කුවලයි, බැමිවලයි, චිත්‍ර ඇන්දේ? මට නම් තේරෙන්නේ නැහැ. අපේ ගෙදර තාප්පෙත් බලියක් ඇදලා ගිහින් සෑහෙන ගාණක් වියදම් වුණා ඒක මකවාගන්න...

:       0       4

ගමේ එකාලා Saturday, 27 November 2021 03:07 PM

ජනතාවට ලැබිලා තියෙන, ලැබෙන්න තියන ප්‍රතිලාභ කෙසේවෙතත් පවුල් පාලනේ මුලු සංහතියටම නම් ප්‍රශ්නයක් නැතුව ඇති...

:       0       8

කාන්චනා Saturday, 27 November 2021 04:28 PM

අර සක්වල ගල ප්‍රකම්පනය කරගෙන ස' රට ආයෙත් වතාවක් බේරාගන්න එනවා කියකියා පෙරගමන් ගිය දොස්තර කෝ දැන්..? ගෑස් පොලිමේද...? පෙට්‍රල් පෝලිමේද....? සිමෙන්ති පෝලිමේද....?

:       0       5

සේන-ලොස් ඇන්ජලිස් Saturday, 27 November 2021 04:34 PM

ලොස් ඇන්ජලීස්වල ස" ගැන හොඳටම දන්න අය 69 ලක්ෂය ගැන හිනාවෙනවා.. අහුවුණු අහුවිල්ලක් කියලා...

:       0       2

ජයන්ත Saturday, 27 November 2021 04:41 PM

සක්වල ගල දෙබෑ කරගෙන ආ ඔබ කලේ මාර භාෂාමය සහ විද්‍යාත්මක වෙනසක්... පොහොර අසූචි වුණා. අසූචි පොහොර වුණා. කාබනික රසායනික වුණා.. රසායනික කාබනික වුණා. මම දැක්කා ගොයම් වලට අසූචි ගහන්න යන ගොවියෙක් සහ වැසිකිළියකට පොහොර බැර කරන්න යන ළමයෙක්. මාර වෙනසක් සර්'

:       0       4

සුරේන්ද්‍ර Sunday, 28 November 2021 02:59 AM

සෑර්, මේ කොමෙන්ටු ටික කියෙව්වා නම් ආයෙත් පනියි ඇමරිකාවට ඔලුවේ අමාරුව කියලා...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 550 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2575 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1790 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 986 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1161 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 5364 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27368 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19641 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 388 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site