IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ජනප‍්‍රිය නිළිය සම්මානය ලැබුණු දවස

2016-08-12-ent-43

ඕෂධී හේවාමද්දුම කියන්නෙ මෑත කාලයේ රංගන ක්‍ෂේත‍්‍රය ආලෝකමත් කළ තාරකාවක්. සිත්ඇදගන්නා රූප ශෝභාවක් හිමි ඇය, සුවිශේෂ රංගනයන් ඉදිරිපත් කරමින් රසික සිත් ප‍්‍රබෝධයට පත් කිරීමට සමත් වුණා.

 

2016-07-30-ent-37

2016-08-12-ent-41චරිතාංග නිළියක් ලෙසින් ක්‍ෂේත‍්‍රයට පිවිස නොබෝ කලකින් නොමද පේ‍්‍රක්ෂක ආකර්ශනයට ලක්වූ චිත‍්‍රපට සහ ටෙලිනාට්‍ය කිහිපයකට ද ඇය දායක වුණා. ඒ අතරින් ඉතා කෙටි කලකින්ම සම්මානයට පවා පාත‍්‍ර වීමට ඇයට හැකි වූයේ ඇය සතු ස්වකීය කුසලතාවන් හේතුවෙන්. මගේ ජීවිතේ මම ගොඩක්ම සතුටු වුණ දවසක් තමයි පහේ ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වුණු දවස. ඇත්තටම ගොඩක් මහන්සිවෙලා ලකුණු 182ක් ලබාගන්න මට පුළුවන් වුණා. ඉතින් ඒ වෙනුවෙන් අම්මයි, තාත්තයි මට පොරොන්දු වෙලා තිබුණා ලකුණු 190, 200 අතර ලබා ගත්තොත් මාව ආච්චිත් එක්ක ඉන්දියාවේ යවනවා කියලා. මොකද මගෙ ආච්චි ඒ වෙද්දි දඹදිව යන්න සූදානම්වෙලා හිටියෙ. ඒ වගේම 180-190 අතර ලකුණු ගත්තොත් ඕගන් එකක් අරන් දෙනවා කිව්වා. ඉතින් මට ලැබුණෙ ලකුණු 182යි. ඒ නිසා අම්මලා පොරොන්දු වුණ විදියටම ඕගන් එකක් අරන් දුන්නා. ඒ දවසෙ ඒ දැනුණ සතුට මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.

 

2016-07-30-ent-38

ඇත්තටම මම ටෙලිනාට්‍ය ක්‍ෂේත‍්‍රයට එන්න හිතුව කෙනෙක් නෙමෙයි. අහම්බෙන් වගේ රංගනයට එක් වෙන්නෙ. මට ලොකුම ආශාවක් තිබුණෙ රූපවාහිනී නිවේදිකාවක් වෙන්න. ඉතින් මම පාසල් යන කාලෙදි ස්වර්ණවාහිනී නාලිකාවට නිවේදිකාවො ගන්නවා කියලා අයදුම්පත් යොමු කරන්න කියලා තිබුණා. ඒ වෙනුවෙන් මමත් අයදුම්පත‍්‍රයක් යොමු කළා. ඒ 2002 අවුරුද්දෙදියි. ඉතින් ඒ සඳහා තිර පරීක්ෂණයකට එන්න කියලා මට දැනුම්දීල තිබුණා. මම පාසල් අවසන් වෙලා අම්මත් එක්ක පාසල් නිල ඇඳුමින්මයි එහි ගියේත්. ඉතින් ඒ තිර පරීක්ෂණයෙන් මම සමත් වුණා.

ඉන් සමත්වෙලා රූපවාහිනී නිවේදිකාවක් ලෙස කටයුතු කරන්න ලැබුණු දවසෙ මම අතිශය සතුටු වුණා. ඒ මම ලබපු ලොකු ජයග‍්‍රහණයක්.

 

2016-07-30-ent-39

මම ටෙලිනාට්‍ය ක්‍ෂේත‍්‍රයට අහම්බෙන් වගේ එකතු වුණාට ඒ අතරින් ඉතා ඉක්මනට ජනප‍්‍රියත්වයට පත්වෙන්න මට අවස්ථාව ලැබුණා. 2007 වසරෙදි සුමති සම්මාන උළෙලේ ජනප‍්‍රිය ලැයිස්තුවට මගෙ නමත් ඇතුළත් වෙලා තිබුණා. ඒ මම රඟපෑ කාව්‍යා නාට්‍යය නිසා. කාව්‍යා විකාශය වෙමින් තිබුණු කාලෙ මට පාරෙ බැහැල යන්න බැරි තරම් පුදුම විදියෙ ප‍්‍රතිචාර තිබුණා. ඉතින් මට ඒ දවස්වල හරිම සතුටුයි වචනයෙන් කියන්න බැරි තරමට. ඒ වසරෙදි සුමති ටෙලි සම්මාන උළෙලෙ ජනප‍්‍රියතම නිළිය සම්මානයත් මට ලැබුණා. ඒ මොහොතෙ උඩින් පාවෙලා ගිහින් සම්මානය ලබාගත්තා වගේ මතකයක් තමයි මට තියෙන්නේ. ඒ තරමට හිතාගන්නවත් බැරි තරමෙ සතුටක් හිතට දැනුණා. රංගන ක්‍ෂේත‍්‍රයට ඇවිල්ලා අවුරුදු තුනකින් ඒ සම්මානය ලබාගත්තෙ. එය මගෙ ජීවිතේට ලොකු වාසනාවක් ගෙනාපු සම්මානයක්.

 

2016-07-30-ent-40

2007 වසරෙ ජනප‍්‍රියතම නිළිය සම්මානය අරගෙන, ඒ ජනප‍්‍රියත්වයෙ හිණිපෙත්තෙම ඉද්දි 2007 අගෝස්තු මාසයේදී තමයි මම විවාහ වුණේ. වයසකදි විවාහ වුණෙත්. මගෙන් ගොඩක් කට්ටිය ඇහුවා ඇයි මේ තරම් ඉක්මනට විවාහ වෙන්නෙ කියලත්. මම කවදාවත් විවාහය කියන දේ කල් දාන්න බලාපොරොත්තු වුණේ නෑ. හොඳ කෙනා හමුවුණාම විවාහ වෙනවා කියල මම හිතුවෙ. විශේෂයෙන්ම ගැහැණු ළමයෙක්ගෙ ලොකුම හීනයක්නෙ තමන්ගෙ විවාහ උත්සවය කියන්නෙ. ඉතින් මම බලාපොරොත්තු වුණු විදිහට මම ආසා කරන විදියටම මනාලියක් විදියට හැඩ වෙලා 2007 අගෝස්තු 27 වැනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී විවාහ උත්සවය පැවැත්වුණා. ඒකත් මගෙ ජීවිතේ තිබුණු ලොකු හීනයක්. ඒ හීනය මම හිතපු විදියටම සැබෑ කරගන්න ලැබීම මගෙ වාසනාවක් කියලා හිතෙනවා.

 

2016-07-30-ent-41

2010 වසරෙදි මට සනත් අබේසේකර මහත්තයගෙන් ආරාධනාවක් ලැබෙනවා මහින්දාගමනය චිත‍්‍රපටයට රංගනයෙන් දායක වීම සඳහා. ඒ වෙද්දි මම සිනමාවට සම්බන්ධ වෙලා හිටියෙත් නෑ. ඉතින් ඒ ආරාධනාවත් එක්ක සනත් අබේසේකර මහත්මයා කියනවා මේ චිත‍්‍රපටය වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න තියෙනවා කියලා. ඒ මේ චරිතය අවසානයේදී හිස මුඩු කරන්න තියෙනවා කියලා. ඉතින් මම බොහොම කැමැත්තෙන් ගෙදරිනුත්, සැමියගෙනුත් අවසරය අරගෙන ඒ සඳහා කැමැති වෙනවා. මම ඇත්තටම හිසත් මුඩු කර ඒ චරිතය බොහොම ආසාවෙන් කරනවා. එය අවසන් කරලා මාස 6ක් ඇතුළතදී චිත‍්‍රපටය තිරගත වෙනවා. ඒ දවසත් මගෙ ජීවිතේ සුවිශේෂම දවසක් බවට පත් වුණා. මොකද ඒ වෙනුවෙන් මට ඉහළ ප‍්‍රතිචාරයක් ලැබුණා. හැහෝම කිව්වෙ මම මහණවෙලා හිස මුඩු කරන අවස්ථාවෙ ඇස්වලට කඳුළු ආවා කියලා. ඉන් මට තේරුණා මම ඒ චරිතය දැනෙන්න කරලා තියෙනවා කියන දේ. චරිතයක් වෙනුවෙන් ගොඩක්ම සතුටු හිතුණු දවසක් තමයි ඒ.

 

2016-07-30-ent-42

පුතා ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තු දවස මගෙ ජීවිතේ මම ලබපු ඉහළම සතුටක්. එහිත් ලොකු විශේෂත්වයක් තියෙනවා. මට මතකයි මමයි, මහත්තයයි 2012 ජනවාරි මාසයේ යුරෝපා සංචාරයකට සහභාගි වුණා. ඒ සහභාගි වෙලා ලංකාවට එද්දිම මට ආරාධනා ලැබෙනවා ශ්‍රී ගෞතම සිද්ධාර්ථ චිත‍්‍රපටය සඳහා සුජාතා සිටු දේවියගෙ චරිතය රඟපාන්න. එහි රූගත කිරීම් තිබුණෙ කතරගම රන්මිනිතැන්න ප‍්‍රදේශයේ. සුජාතා සිටු දේවිය සිදුහත් තව්සාණන්ට කිරිපිඬු පූජා කරන දර්ශනය මට කරන්න තිබුණෙ. ලොකු දර්ශනයක් නෙමෙයි පොඩි කොටසක් කරන්න තිබුණෙ. නමුත් ඓතිහාසික චරිතයක් නිසා එය මම ගොඩක් ආසාවෙන් කළේ. එහි තියෙන විශේෂත්වය තමයි සුජාතා සිටු දේවිය කිරි පිඬු පූජා කරන්නෙ තමන්ට දරු සම්පතක් ලැබෙන්න කියලා ප‍්‍රාර්ථනයත් එක්ක. ඉතින් ඒ චරිතයම රූගත කරන්න ගිහින් එය අවසන් වෙලා මම ගෙදර ගිහින් දවසක් දෙකක් ගියාම දැනගන්නවා මටත් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. එය ඇත්තටම මට කියාගන්න බැරි තරමෙ සතුටක්. මම කරපු චරිතයෙ සිදුවුනු සිද්ධි එක්ක මගෙ ජීවිතේ අමතක නොවනම සිදුවීමක්.

 

2016-07-30-ent-43

2012 ඔක්තෝබර් 24 මගෙ ජීවිතේ තවත් සුවිශේෂම දවසක්. ඒ මගෙ පුතා උපන් දවස. මාස 9ක් කුසේ දරාගෙන ඉඳලා දරුවා මොලොවට බිහි කළාම මට ඇති වුණ හැඟීම වචනවලින් විස්තර කරන්න බැරි තරම්. මට ඇත්තටම පුංචි දරුවො ගැන ලොකු හැඟීමක් තිබුණෙ නෑ. මොකද මම පවුලෙ එකම දරුවා නිසා. මට සහෝදර සහෝදරියො හිටපු නැති නිසා ළමයි හුරතල් කරන්න අවස්ථාවක් ලැබිලත් නෑ. මම තමයි ගෙදර හැමදාම හුරතලේට හැදුණෙ. ඉතිින් මට පොඩි දරුවො හුරතල් කරලා පුරුද්දකුත් නෑ. ඉතින් මව් පදවිය කියන දේ හදවතට හරියටම දැනුනෙ සහ අම්මා කියන්නෙ මොකද්ද කියන ඒ හැඟීම 2012 ඔක්තොබර් 24 පුතා ඉපදුණු වෙලාවෙ මම ලැබුවා. එහිදී මම තේරුම් ගත්තා අම්මා කෙනෙක් වෙනවා කියන්නෙ කොයි තරම් උතුම් දෙයක්ද කියලා. ඒක වචනවලට පෙරලන්න බෑ. ඒ තරම් වටිනාකමක් එහි තියෙන්නෙ.

 

ධනු විජේරත්න

ඡායාරූප - අන්තර්ජාලයෙන්

 

sandalla

 



අදහස් (0)

ජනප‍්‍රිය නිළිය සම්මානය ලැබුණු දවස

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 562 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 662 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 368 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 262 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1074 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 908 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site