IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ජනප්‍රිය වගේම දක්ෂ නිළිය විදිහට සම්මාන ලබන්න කැමතියි

2016-04-12-ent-85

මේ දිනවල විකාශය වන "ළබැඳියේ" ටෙලි නාට්‍යයේ "අචලා" ලෙසත්, "අංකල් සෑම්" ටෙලි නාට්‍යයේ "ප්‍රමිලා" ලෙසත් ඔබේ ආලින්දයට ගොඩවදින ඉමායා ලියනගේ නව පරපුරේ ජනප්‍රිය යොවුන් නිළියකි. ඉදිරියේදී ප්‍රදර්ශනයවීමට සූදානම් කර ඇති අලුත්ම සිනමා නිර්මාණයක ප්‍රධාන චරිතයකටද පණ පොවන ඉමායා ඒ පිළිබඳව හා සිය ඉදිරි කලා කටයුතු පිළිබඳව "සාරවිට" ට මෙසේ පවසා සිටියාය.

 

2016-04-12-ent-91ඔබට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් ලැබුණා කියලා ආරංචියි?

ඔව්, ඒ කතාව ඇත්ත. අර්ජුන් කමල්නාත් අයියගෙ අලුත් චිත්‍රපටයකට මම සම්බන්ධ වුණා. එහි %නදී^ කියන චරිතය තමයි මම කරන්නෙ. ඒක චිත්‍රපටයේ එන ප්‍රධාන චරිතයක්. හැබැයි තව ප්‍රධාන චරිත කිහිපයක්ම මෙහි තියෙනවා. ඒ චරිතවලට අමිෂා කාවින්දි, දෙනුවන් සේනාධීර, හර්ෂණ බෙත්මගේ, චිලී තිවංක, මේනකා මධුවන්ති හා වොල්ගා කල්පනී රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය අද්භූත කතා තේමාවක් ඇතුළත් චිත්‍රපටයක්.

 

ඉමායාව බොහෝදෙනෙක් දන්නේ නිරූපිකාවක් විදිහට. දැන් ඒ වෘත්තියෙ නිරතවෙන්නේ නැද්ද?

යොමුවෙනවා. හැබැයි ඉඩ ලැබෙන පරිදි තමා. පසුගිය කාලයේ "අංකල් සෑම්", "ළබැඳියේ" වගේම අර්ජුන් අයියාගේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතුවලට මැදිවෙලා හිටියා. ඉඩ ලැබෙන පරිදි ෆොටෝ ෂූට්වලටත් යොමු වුණා. ඒ නිසා නිරූපිකාවක විදහට ගොඩක් ඒ පැත්තට යොමුවෙන්න නොහැකි වුණා. නමුත්, මම නිරූපණය පැත්ත අමතක කර නැහැ. ඉදිරියටත් ඒ පැත්තට දිගින් දිගටම යොමුවෙනවා.

 

රංගනය පැත්තට යොමු වුණේ කොහොමද?

2014 අවුරුද්දෙ පැවති දෙරණ %මිස් ශ්‍රී ලංකා^ තරගයේ කිරුළ දිනාගැනීමත් එක්ක තමයි රංගනය පැත්තට යොමුවෙන්න ආරාධනා ලැබුණෙ. මුලින්ම රඟපෑවේ දෙරණ නාළිකාවෙම දැනට විකාශය වන "අංකල් සෑම්" ටෙලි නාට්‍යයේ. කැමරාවට මුහුණ දෙන්න හුරුවෙලා හිටිය නිසා ලොකු චකිතයක් වගේම බයක් තිබුණෙ නැහැ රඟපාන කොට. නමුත්, රංගනය ගැන මම හදාරලා තිබුණෙ නැති නිසා ටිකක් විතර බයක් තිබුණා මේ දේ හරියට මට කරගන්න පුළුවන් වේවි කියලා. මාත් එක්ක වැඩකළ ප්‍රවීණ හා නවක හැමදෙනාම මට උදවු කළා. තවමත් මම හිතන්නෙ රංගනය පැත්තට මම ආධුනිකයි කියලා. ඒ පැත්තෙන් තව ගොඩක් දේ මට ඉගෙන ගන්න තියෙනවා.

 

ඉලක්ක තියෙනවාද?

මම "මිස් ශ්‍රී ලංකා" කිරුළ දිනාගත්තා. නමුත්, මගේ ලොකුම බලාපොරොත්තුව තියෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ කිරුළක් ලංකාවට ගේන්න. ඒ වගේම රංගනය පැත්තෙන් ජනප්‍රිය වගේම හොඳම නිළි සම්මාන දිනාගන්නටත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා.

 

නිළියක්, නිරූපිකාවක් වුණ එක ගැන සතුටුද?

ගොඩක් සතුටු වෙනවා. මොකද, නිරූපිකාවක් වුණ මම රූප රාජිනියක් බවට පත් වුණා. අද වෙනකොට නිළියක් විදිහටත් රංගනය පැත්තට යොමුවෙලා යම් පිරිසක් අඳුනගෙන තියෙනවා.


බුද්ධික සේනාධීර / ඡායාරූප - දිෂ්න ධර්මරත්න

 

2016-04-12-ent-86
2016-04-12-ent-87
2016-04-12-ent-88
2016-04-12-ent-89

 



අදහස් (0)

ජනප්‍රිය වගේම දක්ෂ නිළිය විදිහට සම්මාන ලබන්න කැමතියි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 102 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 439 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 95 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 477 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 301 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 867 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25116 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site