IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජනප්‍රිය වීමේ හීනය නම් දැන් මට නෑ

2016-06-07-ent-89

රයිගම් සම්මාන උලෙළට නිර්දේශ වූ පූර්ණිමා ධනංජනී

 

වයස අවුරුදු 14 තරම් කුඩා කාලයේදී විශාරද තත්ත්වය ලබාගත් දක්ෂ ගායිකාවක් වන පූර්ණිමා ධනංජනී, 'දස්කොන්' ටෙලිනාට්‍යයේ තේමා ගීතය නිසාවෙන් රසිකයන්ගේ හදවත් දිනාගත් ශිල්පිනියකි.ඒ අනුව නිමා වූ රයිගම් සම්මාන උලෙළේදීද හොඳම පසුබිම් ගායිකාවට හිමි සම්මානය සඳහා නිර්දේශ වූ ඇය,ඊටපෙරත්'මහ පොළොව අපේ නෙවෙයි' ටෙලිනාට්‍යය වෙනුවෙන් 2013 වසරේ පැවැති "සුමති සම්මාන උළෙලේ"දී හොඳම ගායනය වෙනුවෙන්ද නිර්දේශ වූ ගායිකාවකි."ඉස්සරහට යන්න","බොල් වී අහුරු", "පබලු මැණිකෙ,"සිදංගනාවෝ", "පවන සේ ඇවිදින්", "අනවරත", "හඳපානාගල" වැනි ටෙලිනාට්‍යවල පසුබිම් ගීත සඳහා මෙන්ම 'අසලියා මල', "Full house"වැනි කොරියානු නාට්‍යවල තේමා ගීත සඳහාද දායකත්වය ලබාදුන් ඇය සමගින් කෙටි කතාබහක යෙදීමට අපි අදහස් කළෙමු.

 

2016-06-07-ent-87විදෙස් රසිකයන්ගෙන් පවා ප්‍රතිචාර ලැබුණු "දස්කොන්" තේමා ගීතය නිසාහුඟක් අය බලාපොරොත්තු තැබුවේරයිගම් සම්මාන උලෙළේදී හෝ ඔබට සාධාරණයක් ඉෂ්ට වේවි කියලයි?

ඔව්.ගොඩක් අය දස්කොන් ටෙලිනාට්‍යයේමං ගැයූ තේමා ගීතයට ආදරය කළා.ඒ නිසා ඒ තේමා ගීතය හුඟක් ජනප්‍රිය වුණා. ඒ නිසා බොහෝ දෙනෙකුට ඒ ගැන එහෙම බලාපොරොත්තුවක් තිබුණා.

 

එතකොට පූර්ණිමා ගීත ගායනයේ යෙදෙන්නේ සම්මාන බලාපොරොත්තුවෙන්ද ?

ඇත්තටම නෑ.ඒත් මම ගායනා කළ ටෙලිනාට්‍ය තේමා ගීත අතරින් දෙකක් මේ වනවිට සම්මාන සඳහා නිර්දේශ වෙලා තියෙනවා.මේ නිර්දේශ වීමත් එක්ක ඕනෑම කෙනෙකුට සම්මානය ගැන බලාපොරොත්තුවක් ඇතිවෙනවානේ.මොකද සම්මානයකින් දිරිගැන්වීමක් ලැබෙනවා.සම්මානයලැබෙන නොලැබෙන එක වෙනම කතාවක්.

 

ඒත් සම්මානයක් කියන්නෙ සාපේක්ෂ දෙයක්.පවතින විනිශ්චය මණ්ඩලවලට අනුව වෙනස් වෙනවා?

ඔව්. ඒක එහෙම වෙනවා.හැබැයි දස්කොන් තේමා ගායනයට මට ලැබුණු ජනතා සම්මානය උපරිමයි. ඒ අතර විදේශගත ශ්‍රී ලාංකිකයන් විශේෂයි.

 

කොහොම නමුත් පූර්ණිමා කියන්නෙ තාමත් සමස්ත රසිකයන්ටම දැනෙන ගායිකාවක් වෙලා නැහැ.එහෙමද?

මගේ පැත්තෙන් රසිකයන් එහෙම හිතෙන එකේ වරදක් නැහැ.

 

ඇයි එහෙනම් තරුවක් වෙන්න පුළුවන් ගීතයක් ගායනා කරලා අනන්‍යතාවක් ගොඩනගා ගන්න අවශ්‍ය නැත්තේ ?

මම දායක වූ නිර්මාණ හරහා මං සෑහෙන තරමට මගේ අනන්‍යතාව පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඒ ඇරුණම ජනප්‍රිය වීමේ හීනය නම් දැන් මට නෑ. ඒකට හේතුව පවතින ක්‍රමය තුළ මට ගැළපෙන නිර්මාණ කරන්න ඉඩ අඩුයි.

 

හොඳ නිර්මාණ කරනවා නම් ජනප්‍රිය වෙනවානේ? ඒ වගේ ගුණාත්මක රසිකයෝ අද නැද්ද?

රසිකයන්ට හොඳ නිර්මාණ ඇහෙන්න සලස්වන්න විදියක් නැතිකමයි තියෙන්නේ.

 

මොනවද අලුත් නිර්මාණ?

පසුබිම් ගායනය කළ අලුත් ටෙලිනාට්‍ය කිහිපයක් විකාශයට නියමිතයි.ඒ වගේම %සී රජ^, %මීදුම් අම්මා^ යන ටෙලිනාට්‍ය මේ දිනවල විකාශය වෙනවා.

 

චිත්‍රපට පසුබිම් ගායනයට සම්බන්ධවෙන්න අදහසක් නැද්ද ?

චිත්‍රපට නිර්මාණවලට අලුත් හඬවල් යොදාගැනීම ප්‍රවීණ නිර්මාණකරුවන්ගේ වගකීමක්. ඒකෙන් නිර්මාණවලට අලුත් ජවයක් ලැබෙනවා.ඒ වගේම අලුත් පරපුරේ අයට හොඳ අවස්ථාවකුත් ලැබෙනවා.

 

තමන්ගේම නිර්මාණ එකතුවක් කරන්න අදහසක් නැද්ද?

මගේ නිර්මාණ ගොඩක් තියෙනවා. නිර්මාණ එකතුවක් කරන එක ඵලක් වෙයිද කියන එක පවතින තත්ත්වයත් එක්ක ගැටලු සහගතයි.ඒ නිසා ඒ ගැන හිතුවෙ නෑ. ඒත් මගේ බොහොමයක් නිර්මාණ youtubeහරහා නරඹන්න පුළුවන්.

 

ඒත් හුඟක් ඒවා තේමා ගීතනේ.ඒ කියන්නෙ දැන් වෙද්දි ගීත ඇල්බමයක් කරන එක ඵලක් නැති වැඩක්ද ?

උසස් ගණයේ නිර්මාණවලට තේමා ගීත ගයන්න අවස්ථාව ලැබෙන්නෙ ඉතාම සීමිත පිරිසකට. ඇල්බම් කරනවට වඩා මිනිස්සු අතරට යන ගීත කරන්නයි අද ගොඩක් අය උත්සාහ ගන්නෙ. අවස්ථාව ලැබෙන විදියට හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙලා මගේ ගායන හැකියාවේ උපරිමය ඒ සඳහා ලබාදෙන්නයි මම උත්සාහ කරන්නේ.

 

එතකොට පූර්ණිමා කියන්නෙ වෘත්තියමය වශයෙන් ගායිකාවක් වෙන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි?

වෘත්තීයමය වශයෙන් ගායනය කරන්න තරම් සංගීත ක්ෂේත්‍රය තුළ මම තවම ස්ථාවර නෑ. ඒ නිසා ඒ ගැන උත්සාහයක් නෑ.

 

සටහන - මාලන් ගෝවින්ද

 

2016-06-07-ent-890



අදහස් (0)

ජනප්‍රිය වීමේ හීනය නම් දැන් මට නෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 34 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 279 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 377 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 881 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 300 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 579 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25454 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 347 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site