IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ජනමත විචාරණයකට යා යුතු වගන්ති 4කට සංශෝධන

(අජන්ත කුමාර අගලකඩ)

 

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කරන ලද වගන්ති හතර ශ්‍රේෂ්ඨාධිකරයේ මඟපෙන්වීම මත සංශෝධන සහිතව ගෙන එන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (20) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත.

 

මෙම සංශෝධන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදයේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී 20 වැනි සංශෝධනය පිළිබඳව පැහැදිලි කරමින් සඳහන් කර තිබේ.

 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා අවශ්‍ය පසුබිම සකස් කිරිම, මැතිවරණ කොමිසන් සභාව දෙන උපදෙස් නිලධාරීන් පිළිගත යුතු වන අතර එය පැහැර හැරීම වරදක් ලෙස සැළකිම යන්නෙහි වරදක්ය යන්න 20 වැනි සංශෝධනයෙන් ඉවත් කිරිම, ජනාධිපතිවරයා සතු මුක්තිය සහ අභීනව පාර්ලිමේන්තුවක් පත්වී වසරකින් එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබීම යන වගන්ති හතර පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මතවීමට අමතරව ජනමත විචාරයකදී අනුමත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

 

එම වගන්ති හතර සංශෝධන සහිතව කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බව ඇමැති මහාචාර්ය පිරිස් මහතා සඳහන් කර ඇත.

 

මීට අමතරව 19 වැනි සංශෝධනයෙන් සම්මත කර ඇති ඇමැති මණ්ඩල ඒ අයුරින් පවත්වාගෙන යාමටත්, ජාතික විගණන පනත ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරිමට සහ හදිසි පනත් කෙටුම්පත එම වගන්ති හතර සංශෝධන සහිතව ඉදිරිපත් කරන බව ඇමැති මහාචාර්ය පිරිස් මහතා සඳහන් කර ඇත.

 

දින 14 කින් පසුව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ඇමැතිවරයා එහිදී පවසා ඇත.

 

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (20) රැස්වූ අතර 20 වැනි සංශෝධනයට සියලු දෙනාගේ සහ ලබාදෙන බවට වන යෝජනාවක්ද එහිදී සම්මත කරගෙන තිබේ.

 

අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ද 20 වැනි සංශෝධනය පිළිබඳව මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කර ඇත.



අදහස් (26)

ජනමත විචාරණයකට යා යුතු වගන්ති 4කට සංශෝධන

ජයන්ත Tuesday, 20 October 2020 02:08 PM

මොන කරුමයක් වුණාද මන්දා ලංකාවට?

:       8       43

NMTuesday, 20 October 2020 10:58 PM

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කරන ලද වගන්ති සංශෝධනය කොට පාර්ලිමේන්තුව තුළදීම සම්මත කරගැනීමට කටයුතු කිරීම පිළිබඳව අප සතුටුවෙමු. ජනමත විචාරණයක් සඳහා මේ අවස්ථාව නොවේ. රටේ ආර්ථිකය කඩා වැටී ඇති මොහොතක සහ covid -19 වෛරසය රටපුරා පැතිරෙමින් තිබෙන අවස්ථාවක මැතිවරණයකට මුදල් යෙදවීම කාලෝචිත ක්‍රියාවක් නොවේ. වසර දෙකකින් පසු මැතිවරණයක් පැවැත්වීම වැනි කරුණු රජයට මෙන්ම ජනතාවටද හිතකර වන්නේය. වර්තමාන රජය පත්වූ විගස මැතිවරණයකට නොගොස් 6.9 මිලියන ඡන්ද සහ 2/3 බලයක් ලැබී ඇති නිසා සියලු දෙනාගේ සහාය ලබාගෙන විශේෂයෙන්ම දේශීය ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළ යුතුවේ. ජනාධිපතිවරයාගේද අදහස් වලින් පැහැදිලි වේ. නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ඉදිරියේදී කළහැකි නිසා විශේෂයෙන්ම රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා 20වැනි සංශෝධනය සම්මත කරගත යුතුම වේ.

:       7       2

සපුමල්,SAPUMAL,Sapumal.Wednesday, 21 October 2020 07:28 AM

මේ NM නමින් ලියන්නේ අර රෙදි නැතුව කඩේ ගොස් හසුවූ නිමල්ම නේද? නම වෙනස් වුණත් අදහස් නම් එයාගේමයි. කැලේ මාරු වුණත්, පුල්ලි එහෙමමයි. අපි රැවටෙයි ඕවට?

:       1       4

ranjith Tuesday, 20 October 2020 02:12 PM

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා අවශ්‍ය පසුබිම සකස් කිරිම, මැතිවරණ කොමිසන් සභාව දෙන උපදෙස් නිලධාරීන් පිළිගත යුතු වන අතර එය පැහැර හැරීම වරදක් ලෙස සැළකීම යන්නෙහි වරදක්ය යන්න 20 වැනි සංශෝධනයෙන් ඉවත් කිරීම... මේවගේ හොඳ දේවල් ඉවත් කරන්න හිතුවේ මොකද?

:       2       45

senaTuesday, 20 October 2020 03:49 PM

මොකටද ඉතින් සදාකාලිකවම මුළු පරම්පරාවම රජවෙලා ඉන්න එකටම රජවෙලා ඉන්න එකටම හරියන වහල් පරම්පරාවක් ඉන්නවනේ...

:       9       65

aseWednesday, 21 October 2020 01:11 AM

ඡන්දෙට කළින් නීත්‍යානුකූලව සිල් රෙදි බෙදන්න, ලංගම බස්ටික ගන්න ආණ්ඩුවේ වාහන ටික ඡන්ද වැඩවලට ගන්න, ආණ්ඩුවේ මාධ්‍යවල සල්ලි නැතිව ඇඩ් දාන්න එහෙම නැද්ද? 

:       2       4

de silva Tuesday, 20 October 2020 03:18 PM

මොකද පස්ස ගහන්නේ? 69 ලක්ෂයක් ඡන්ද තිබෙන නිසා ජනමත විචාරණයකට යන්නකෝ මහාචාර්යතුමා...

:       9       56

NimalTuesday, 20 October 2020 04:52 PM

ජනමත විචාරණයකට යන්න අපට අවශ්‍ය නැහැ. සංශෝධන වලින් පසුව 2/3 සම්මත කරගන්නවා.

:       0       0

සර් Tuesday, 20 October 2020 04:24 PM

2/3 බලයක් තියෙන ආණ්ඩුව ජනමත විචාරණේට බය ඇයි?

:       7       47

Champa Tuesday, 20 October 2020 04:29 PM

යන්තම් අවුරුද්දක්වත් පිරෙන්න ඉස්සෙල්ල ආණ්ඩුව මහා සංඝරත්නය සහ ජනතාව තැබූ විශ්වාසය බිඳලා ඉවරයි. ඒ හින්දා කාරක සභා අවස්ථාවේ කරනවා කියන වෙනස්කම් ගැන විශ්වාසයක් තියන්න බැහැ. අමරපුර-රාමඤ්ඤ සහ මල්වතු-අස්ගිරි ලේඛකාධිකාරි හාමුදුරුවරුත්, පූජ්‍ය ඕමල්පේ සෝභිත හාමුදුරුවෝත්, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝත් 20ට විරුද්ධව කතා කළා. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ, පූජ්‍ය බෙන්ගමුවේ නාලක හාමුදුරුවෝ සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ඇතුළු හාමුදුරුවරු 6දෙනා 20ට විරුද්ධව ලියපු සෘජු, ඉතාම වැදගත් ලිපියට පස්සේ, ආණ්ඩුව කොලේ වහලා අරන් එන්න හදපු 20 භයානකකම මුළු රටටම වැටහිලා ඉවරයි. මේ ආණ්ඩුවේ පදනම වුනු මහා බලකණු සියල්ල 20න් රටට කරන්න හදන අනර්ථයට විරුද්ධව ඉතාම දැඩි ප්‍රකාශ කරලා තියෙනවා. රටම ගැස්සෙන්න මේ ඇහෙන්නේ රට, ජාතිය වෙනුවෙන් ඉදිරියට ආපු මහා සංඝරත්නයේ අභීත හඬ. ඒ හින්දා 20න් රට පාවලා දෙන්න ගෙනාපු ද්විත්ව පුරවැසි වරම අහෝසි කරලා සහ ඒකීය රාජ්‍යය සහ දිව්රුම සහිත වගන්ති ඇතුළත් කරලා, මහා සංඝරත්නය විරුද්ධ අනිත් කරුණුත් ඉවත් කරලා, 20 නැවත ගැසට් කරලා මහා සංඝරත්නයට පෙන්වන තුරු විශ්වාස කරන්න එපා!

:       9       31

nimalWednesday, 21 October 2020 10:04 AM

මොනවද චම්පා මේ කියවන්නේ..? අපිට උදව් කරපු ස්වාමීන් වහන්සේලාට සලකා ගන්න වෙලාවක් අපට ලැබුණේ නැහැ... මේ කොරෝනා නිසා.

:       1       0

NMWednesday, 21 October 2020 01:45 PM

මේ උපදේශකයන්ට සහ චම්පාට නොතේරුණාට ද්විත පුරවැසියා පාර්ලිමේන්තුවේ සිටියත් එකයි.., එළියේ සිටියත් එකයි. මෙතරම් බය ඇයි 20ට?

:       0       0

Prasad Tuesday, 20 October 2020 04:33 PM

පිටකොන්දක් නැති 150ක් තෝරාගත් 68 ලක්ෂයක් වූ අයට අපේ ආචාරය..

:       18       61

isuru Tuesday, 20 October 2020 04:56 PM

ලක්ෂ 69ක් තිබේ... 2/3ක බලයක් තිබේ. ඉතින් ජනමත විචාරණයට යමුකෝ..

:       0       0

vikum Tuesday, 20 October 2020 07:22 PM

ඔයාලාට තියෙන ලොකුම ප්‍රශ්නය ඔය කෙහෙල්මල් වගන්ති නොවෙයි, දැන් මේ තියෙන කොරොනා පාලනය කරගන්න ක්‍රමවේදයක් හොයන්න ඕනෑ. ඇත්තට වගන්ති නෙවෙයි ප්‍රශ්නය වැඩ කරන අයට, එක එක කාලෙට එක එක කථා, අන්තිමට ලබ්බේ තොවිලය වගේ, දැන් අප්පිරියයි, ඔයාලත් මිනිස්සු රවට්ටනවා විතරයි...

:       0       1

ranjith Tuesday, 20 October 2020 11:17 PM

අනාගතයට බලපාන තීන්දු මේ රටේ අනාගත දරු පරම්පරාව ගැන හිතලා ගන්න වෙනවා. හදිසියේ තමතමන්ගේ වාසියට ගන්න තීන්දු අනාගතයේ මහා පැටලිලි ගොඩකට රට බේරගන්න ඉන්න අනාගත පරපුරට සිදුවේවි.

:       0       1

මාතර සථ්‍යපාල Wednesday, 21 October 2020 01:25 AM

රට ගිනි ගත්තත් මෙයාට තියෙන්නේ මේවා තමයි. අනේ ජී.එල්. කොරෝනාවෙන් අපි බේරාගන්න හැටි හිතන්න. පන්තියකට ළමයි 20 ක් වෙන්න සීමා පනවන්න. ටියුෂන් ළමයි 50 ට සීමා කරන්න. බලන්න අම්බලන්ගොඩ, ගාල්ල, මාතර පැත්තේ ඉස්කෝල වලට ගිහින්. ළමයි ඉන්නෙ එකා පිට එකා. හැම ග්‍රාමසේවක වසමකම 1 - 5 පන්ති පටන් ගන්න. ඒවට එතරම් මුදල් වැයවෙන්නේ නැහැ. විද්‍යාගාර පරිගණක අවශ්‍ය නැහැ. ගුරුවරයෙක් හිටියාම ඇති. ඔයා ඔය 20 මගුල ගැන හිතන්න එපා. ඔයා අධ්‍යාපනය ගැන හිතන්න. ඔයා ඔයාගේ විෂය පතයට ඔලුව යොදවන්න. අපේ දරුවන්ට අධ්‍යාපනයක් නැහැ. ගමේ පන්සල, පල්ලිය, ප්‍රජා ශාලාව පාසල් බවට පරිවර්ථනය කරලා ඉස්සෙල්ලාම 1 -5 පන්ති ආරම්භ කරන්න. ස්ථිර ලිපිනය හරියටම සොයාගෙන ඒ දරුවන් කිලෝමිටරයක් දුර උපරිම තියෙන පාසල වෙත යවන්න තීරණය කරන්න. ඒකට අවශ්‍ය නීතිමය පියවර ගන්න. කොරෝනා ඉවර වෙනකම් මේ ටිකවත් කරන්න. 20 ජනතාවට වැඩක් නැහැ. නැත්නම් ඔයා අධ්‍යාපනය වෙන කෙනෙකුට දීලා ඔයාට ගැලපෙන ඇමතිකමක් ඉල්ලා ගන්න...

:       0       5

පුදුම ගංකාරයා Wednesday, 21 October 2020 01:44 AM

රටට හෙනගැහුවත් හැමදාම වැජඹෙන්න පිඹුරුපත් සකසන දේශපාලුවන්...

:       0       5

kamal Wednesday, 21 October 2020 02:20 AM

හපොයි මේ උත්තමයෝ මොනතරම් වෙහෙසක්, දුකක්, කරදරයක් විඳිනවද අපිට රටක් හදලා දෙන්න.

:       0       3

දොලේවත්ත Wednesday, 21 October 2020 02:22 AM

සියලු දෙනාම සහයෝගය දක්වන්න එකඟ වුණා... එතකොට අර කෑගහපු අයට ඒ කාලේ බඩේ අමාරුවක් තිබුණද? මෙහෙමත් නිවටයින් දේශපාලනයේ ඉන්නවනේ...

:       0       2

Ajith Wednesday, 21 October 2020 04:18 AM

රාජපක්ෂලාගේ ජීවතුන් එරට ඉන්න ඔක්කොටම හෙනම තමයි.

:       2       5

Kamal Koyrala Wednesday, 21 October 2020 05:34 AM

2/3 දීලා ආණ්ඩුව පත්කළේ ජනතාව... එහෙනම් ඇයි ව්‍යවස්ථා සංශෝධනයට, ජනමත විචාරණයකට යන්න ආණ්ඩුව බය..?

:       2       6

gaminidayarathne Wednesday, 21 October 2020 07:10 AM

රටට වැඩ කරන්න මොකටද මහාචාර්යතුමෝ ව්‍යවස්ථා?

:       0       3

de silva Wednesday, 21 October 2020 07:11 AM

එක මහාචාර්යවරයෙක් කොරෝනා නිසා රටේ ආර්ථිකය කඩාවැටිලා තිබෙන අවස්ථාවක මහින්ද, සජිත්, පාථලී වැනි පලපුරුදු දේශපාලකයන් නියෝජනය කරන පාර්ලිමේන්තුවේ බලය වසරක පමණ දේශපාලන පලපුරුද්දක් ඇති නන්දසේනට පවරන්න කතාකරනවා. ගුණරුවන් කියන අනෙක් මහාචාර්යවරයා කියනවා කොළඹ වාහන තදබදයට විසඳුමක් ලෙස ගෙන ආපු කණුමත දුවන සැහැල්ලු මගී ප්‍රවාහන දුම්රිය පද්ධතියේ කන්ටේනර් පටවන්න බැරි නිසා ඒක එපා කියලා, මොවුන්ට වැඩිය දැනුමක්, රත්තරන්ට, චොකා මල්ලිට සහ එතනෝල් ජොනීට ඇත.

:       0       3

ranjith Wednesday, 21 October 2020 08:34 AM

ඔය ද්විත්ව පුරවැසියෝ රටේ පාලනයට ගේන්න හදන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෝ නැතිද හොයාගන්න..? එක කකුලක් වෙන රටක තියන් රට පාලනය කරන්න පුළුවන්ද? ඔය තරම් රට පාලනයට එන්න අාසාව තියේනම් ඔය ද්විත්ව පුරවැසිකම අතහැරලා එන්න බැරිද? මේවා මොන්ටිසෝරි ළමයින්ට පවා අද හොඳට තේරෙනවා. ඒත් දේශපාලකයින්ට නොතේරෙන බවයි පේන්නේ...

:       0       4

de silva Wednesday, 21 October 2020 08:53 AM

බැසිල් රාජපක්ෂට හෝ කුමාර් ගුණරත්නම්ට පාර්ලිමේන්තු එන්න ඕනේ නම් ඇමෙරිකානු හෝ ඕස්ට්‍රේලියානු පුරවැසිකම ඉවත් කරගන්නේ නැතිව අපේ ව්‍යවස්ථාව බාල්දු කල යුතුද? රාජ්‍ය සමාගම් විගණනයෙන් ඉවත් කිරීම හොරකමට ඉඩහැරීමක් නොවේද? මේවාට අත උස්සන මිනිස්සු දේශප්‍රේමීන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 945 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 344 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1047 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 105 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 726 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2392 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1792 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site