IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ජනමාධ්‍යවේදීන් දෙදෙනා ඉඳලා තියෙන්නෙ වැරදි තැනක

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනමාධ්‍යවේදීන් දෙදෙනා වේත්‍රධාරිවරයාගෙන් ලබාගත් විශේෂ අවසර පත්‍රයකින් තොරව පාර්ලිමේන්තුවේ අනවසර ස්ථානයක සිට වීඩියෝ ගත කිරීම් කර ඇතැයි ඒ සම්බන්ධයෙන් කරන ලද පරික්ෂණවලදී  පෙනී ගොස් ඇති බවත් එවැනි ස්ථානයක වීඩියෝගත කිරීම්  කරද්දී මන්ත්‍රීවරුන් සංවේදීත්වයක් දැක්වීම වැළැක්විය නොහැකි කරුණක් බවත්කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  අද (19) පැවසීය.

රටේ පවතින තත්ත්වය අනුව මන්ත්‍රීවරුන්  එලෙස සංවේදී වන්නට ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

කතානායකවරයා මෙසේ පැවසූවේ ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට  පාර්ලිමේන්තු සංකීර්ණයේදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින්  හිරිහැර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

කතානායකවරයා එහිදී මෙසේද පැවසීය.

2022 මැයි 17 දින විපක්‍ෂ නායකතුමා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් සභාවේ දී මතු කරන ලද, “මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් ඔවුන්ගේ භාරයට ගනු ලැබීමේ සිදුවීම”  සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට කැමැත්තෙමි.

මෙම සිදුවීම පිළිබඳව, මා විසින් වේත්‍රධාරි වෙත දෙන ලද උපදෙස් ප්‍රකාරව, පාර්ලිමේන්තු පොලිසිය මගින් විමර්ශනයක්  සිදු කර වාර්තාවක්  ලබාදී ඇත.

2022-05-17 දින පෙරවරුවේ කාරක සභා කාමර අංක 01හි දී පැවැති ආණ්ඩු පක්‍ෂ රැස්වීමෙන් අනතුරුව පෙ.ව. 10.00ට පමණ ආපසු පැමිණෙමින් සිටි මන්ත්‍රීවරුන් වීඩියෝගත කිරීමට අදාළ පුද්ගලයන් දෙදෙනා කටයුතු කර ඇත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු බිම් මහලේ කාරක සභා කාමර අංක 01 පිහිටි කොරිඩෝව අසලද, අනෙක් පුද්ගලයා කාරක සභා කාමර අංක 05-06 පිහිටි ආලින්දයේද, රැඳී සිටිමින් මෙම කාර්යය සිදු කර ඇත. 

මෙම ක්‍රියාව සම්බන්ධව නොසතුට පළ කළ  මන්ත්‍රීවරු දෙදෙනෙක්   එම ස්ථානයේ සිටි පුද්ගලයන් දෙදෙනා සතු ජංගම දුරකථන දෙක තම භාරයට ගෙන අනතුරුව, සභා ගර්භයට පැමිණ මෙම සිදුවීම සම්බන්ධව ප්‍රකාශයක් කළ බව පැවසුවේය.

මෙම පුද්ගලයන් කවරන්ද යන්න විමර්ශනයක් කර   වාර්තාවක්  බාරදීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් මේ පුද්ගලයන් දෙදෙනා පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය සඳහා පැමිණෙන වාර්ෂික අවසර පත් හිමි, පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් බවට අනාවරණය වී ඇත.

පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් හෝ වෙනත් ජනමාධ්‍යවේදීන් හෝ විසින් කාරක සභා රැස්වීම් අවසානයේ දී ගරු මන්ත්‍රීවරුන්ගේ හඬ ප්‍රකාශ ලබාගැනීම සම්බන්ධව වේත්‍රධාරිගේ අංක SA/E/02 දරන 2022-04-29 දිනැති උපදෙස් පත්‍රිකාව පාර්ලිමේන්තු පොලිසිය වෙත නිකුත් කර ඇති අතර එහි පිටපත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ විද්‍යුත් හා නව මාධ්‍ය සංසදයේ සභාපති/ ලේකම් වෙත ලබාදීමට ද, කටයුතු කර ඇත.

මෙම උපදෙස් මාලාවට අනුව, වේත්‍රධාරි විසින් නිකුත් කරන ලද, වාර්ෂික පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදී අවසර පත හා ජායාරූපය සහිත හැදුනුම් පත හිමි, පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් හට පමණක් එම හඬ ප්‍රකාශ ලබාගැනීම කළ හැකි අතර බිම් මහලේ ප්‍රධාන ආලින්දයේ වෛද්‍ය මධ්‍යස්ථානය හා පුස්තකාලය අතරතුර ප්‍රදේශය තුළ දී පමණක් එම කාර්යය සිදු කළ හැක.

කාරක සභා කාමර හෝ කාරක සභා කාමර ආලින්දවල සිට එවැනි කාර්යයක් සිදු කිරීම සඳහා වේත්‍රධාරි විසින් නිකුත් කරන ලද, විශේෂ අවසර පතක් තිබිය යුතු වේ. මෙම අවස්ථාවේ දී, එවැනි විශේෂ අවසරයක් ලබාගෙන නොමැති බැවින් අදාළ ජනමාධ්‍යවේදීන් දෙදෙනා අනවසර ස්ථානයක සිට මෙම කාර්යය සිදු කර ඇති බවට අනාවරණය වී ඇත.

දිවයින තුළ උද්ගත වත්මන් තත්ත්‍වය යටතේ තමන් නොහඳුනන පුද්ගලයන් විසින් එවැනි ස්ථානයක සිට,  මෙවැනි කාර්යයක් සිදු කිරීමේ දී, ගරු මන්ත්‍රීවරුන් විශේෂ සංවේදීත්‍වයක් දැක්වීම නොවැළැක්විය හැකි කරුණකි. කෙසේ වුවද, මාගේ උපදෙස් පරිදි එදින පස්වරුවේ ජංගම දුරකථන දෙක අදාළ ජනමාධ්‍යවේදීන් දෙදෙනා වෙත ලබාදීමට වේත්‍රධාරි  කටයුතු කර ඇත.

මින් ඉදිරියට ක්‍රියා කිරීමේ දී, පාර්ලිමේන්තුව මගින් නිකුත් කර ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කිරීම මගින් මෙවැනි තත්ත්‍වයන් ඇතිවීම වළක්වාගැනීමට කටයුතු කරන ලෙස සියළුම පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් වෙත දන්වනු කැමැත්තෙමි.



අදහස් (4)

ජනමාධ්‍යවේදීන් දෙදෙනා ඉඳලා තියෙන්නෙ වැරදි තැනක

ravin Thursday, 19 May 2022 03:24 PM

කොහොමත් ඔතන වැඩිපුරම ඉන්නේ බන්ධනාගාරවල ඉන්න සුදුසු උදවිය මිසක් වැදගත් තැනකට ගන්න අයවලුන් නොවේ. හැංගි හැංගි වෙස්මුහුණු බැඳගත්තත් නටන්න වෙන්නේ එළිපිට කියලා හොඳින් දන්නවා නේද?

:       1       9

sisira Thursday, 19 May 2022 04:05 PM

කතානායකතුමනි, සමගි ජනබලවේගයේ මාතලේ ප්‍රදේශය නියෝජනය කරන්නා වූ රෝහිනී කවිරත්න මහත්මියව වවුලන්ගෙන්, කපුටන්ගෙන් සහ කළු කුරුල්ලන්ගෙන් ප්‍රවේසම් කරගන්න. වවුලන්, කපුටන් සහ කළු කුරුල්ලන් පාර්ලිමේන්තුවේ සිටීද කියාත් සියා බලන්න.

:       6       3

අරවින්ද මොනරවිල Thursday, 19 May 2022 06:28 PM

ලැජ්ජයි මේ වගේ පක්ෂපාතී නිවට පුද්ගලයෙක් කථානායක ධුරය දරන එක ගැන. ඒ ජනමාධ්‍යවේදීන් දෙදෙනා අනවසර ප්‍රදේශයකට ඇතුළු වුණා කියා ඔවුන් දෙදෙනා තර්ජනය කරන්න පහර දෙන්න තැත්කරන්න හා ඔවුන්ගේ ජංගම දුරකථන පැහැර ගන්න....ඒ මන්ත්‍රීවරුන්ට අයිතිය ලැබුණේ කොහොමද කියලා මේ කතානායකයා සභාවට, රටට පැහැදිලි කරදිය යුතුව තිබෙනවා. එහෙම නැතිව ඒ මැර ක්‍රියාව සාධාරණීකරණය කරන්න උත්සාහ කරන්නේම තියෙන නිවට කමටයි...!

:       0       3

MO77 Thursday, 19 May 2022 07:37 PM

පාර්ලිමේන්තුව යනු මහජන මුදලින් සෑදූ මහජන මුදලින් නඩත්තු වන ආයතනයක්... ජනමාධ්‍යවේදීන්ට ඕනෑම තැනක ඉන්න පුළුවන් සභාගැබේ ඇතුළත හැරෙද්දී...!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 1702 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1311 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 772 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 936 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 4151 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 440 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27284 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19287 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 653 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1876 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site