IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ජනමාධ්‍ය ලේකම්ට නරක කාලයක්

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේට නුදුරේදීම සිය ධූරයෙන් ඉවත්වන්නට සිදුවෙතැයි දේශපාලන ආරංචි කියයි.

ලබන මාසයේ මුලදී අලුත් පුද්ගලයකු එම තනතුරට පත්කිරීමට නියමිත බව වාර්තාවේ. පසුගිය සතියේ දිනක බෝපගේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇතැයි කියති. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් වන කරුණක් සඳහා ඔහු එම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබූ අතර එහිදී ඔහු පැවසූ තොරතුරු හේතුවෙන් රජය අපහසුතාවයට පත්වූ බවත් කියති.

ජ්‍යෙතිර්වේදීන් සම්බන්ධ කරගනිමින් වැදගත් නොවන කරුණක් උදෙසා මෙවැනි ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ බොහෝ පිරිසක් උරණව සිටින බවද වාර්තාවේ. මන්ත්‍රීවරුන්ගේ වාහන සම්බන්ධයෙන් වන ලියකියවිලිවලට අත්සන් නොකිරීමක් ගැනද එහිදී කියැවිණි. එයටද බොහෝ පිරිසක් බෝපගේට එරෙහිව අවි අමෝරා සිටිති.

මීට පෙර බෝපගේ එම තනතුරට පත්වූ විගසම ඇදගෙන නාගත් බව බොහෝ දෙනෙක් කියති. ඊට හේතුව වචනයක් අල්ලාගෙන මාධ්‍ය හරහා ඔහු ජනප්‍රියවීමට තැත් දැරීම බව බොහෝ දෙනාගේ අදහසවී තිබේ. 



අදහස් (0)

ජනමාධ්‍ය ලේකම්ට නරක කාලයක්

ටෝනි Monday, 26 December 2016 06:07 AM

අහෝ යහපාලනයට ගිය කල! (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 26 December 2016 08:13 AM

පාසල් යන කාලේ බයිසිකල් කට්ටක්වත් නොතිබුණ සමහර අයට සුපිරි වාහන දීමට අකමැත්ත පළකිරීම ගැන මම ඔබට ප්‍රශංසා කරමි (නි)

:       0       0

දිල්කි Monday, 02 January 2017 04:09 AM

අනේ අනේ මහලොකුවට යහපාලනයක් කියල තමන්ගේ වටිනා ඡන්දෙ නාස්තිකොරගත් මිනිසුනේ. දැන් තේරෙනවද කරපු ගොන් කමේ තරම. (අ)

:       0       0

ඇසල Monday, 02 January 2017 04:30 AM

මෙතුමා කොළඹ විශ්ව විශ්ව විද්‍යාලයයෙන් බිහි වු නීති වේදියෙක් සහ නීති ගුරුවරයෙක් මොහුට ජයවේවා (ම)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Friday, 13 January 2017 09:45 AM

උගතුන්ගේ ලෝකය හිස්වෙමින්, හිස්කරමින් පවතින සමාජයක,අපි බලමු උගත් එමෙන්ම බුද්ධිමත් නීතිගරුක හා යුක්තිගරුක පරිපාලන ක්ෂේශ්‍රතයේ කී දෙනෙක් සහයට එලියට බහීද කියල? ඔබතුමාට ජය පතමි. (අ)

:       0       0

නිහාල් Thursday, 29 December 2016 08:29 PM

අපේ ලංකාවේ එක පුරවැසි සංවිධානයක්වත්, සිවිල් සමාජයකවත් කියලා තියෙනවද උගත් බුද්ධිමතාට පමණක් ඡන්දය දෙන්න කියලා. ඒ අයත් වාසියට පක්ෂ සරණ යන එක තමයි කරන්නේ. (නි)

:       0       0

පෙරුමාල් Friday, 13 January 2017 01:52 PM

අමාත්‍යාංශ ලේකම් වරයකු කලැයි කියන වැරදි හෝ නුසුදුසු ක්‍රියා ගැන යහපාලනයට දොස් කියලා හරි යනවද? (හේ)

:       0       0

යටවත්ත Tuesday, 27 December 2016 04:46 AM

අනේ මන්දා මේක නම් මහ පුදුම රටක් (නි)

:       0       0

සත්‍යයා Monday, 26 December 2016 04:06 AM

ඒ වගේම මේ ආණ්ඩුවේ ධූර කාලයත් අවසන්වන ලකුණු පහළ වෙමින් පවතිනවා. ඒ හැම ප්‍රශ්නයකදීම ඉල්ලාගෙන කෑමේ අදුරදර්ශී ප්‍රතිපත්තිය නිසා. (නි)

:       0       0

කල්‍යාණි ජයවික්‍රම Tuesday, 24 January 2017 04:52 AM

අනෙකකුගේ වාහන ලාබයට අනතුරු කිරීමේ බරපතල විපාකය ඔබට පළදෙන හැඩයි. ඔබ නිර්භය රාජ්‍ය නිලධාරියෙක් (බ)

:       0       0

ඔසධ Wednesday, 28 December 2016 10:50 PM

පුදුම රටක්. මේ රට හොරුන් පාර්ලිමේන්තුවට අරින වැඩි මෝඩ ජනගහණයක් ඉන්න රටක්. ඔවුන්ගේ පණ්ඩිතකම් හා හොරකම නිසා දේශපාලන හොරුන් වැජඹෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 12 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 113 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 123 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 185 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 73 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 149 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26056 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 301 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site