IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජුනියෙන් පසු ලංකාවට යුරෝපා හවුල ළංවන හැඩයි

ඉතාලියේ  ජනප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු හා සෙනෙට් සභිකයකු වන ස්තෙෆන් වකාරි ලංකාදීප එසෑණ සමග කෙටි සාකච්ඡාවකට එක්විය.

මෝදනා නගරයේ වසන්ත කිර්තිරත්න මහතාගේ නිවසේ පෑවති රාත්‍රි භොජන සංග්‍රහයකදි රතු කෑකුළු බත් සමග ශ්‍රි ලාංකික ආහාරවෙලක රස බෑලු වකාරි එසෑණ යොමු කළ ප්‍රශ්න කිහිපයකට ඔහු මෙසේ පිළිතුරු ලබා දුන්හ.

ප්‍රශ්නය - කොහොමද මන්ත්‍රිතුමනි ලංකාවේ කෑමවල රස ගුණ?  

පිළිතුර - හරිම රසයි, මම පළමු වතාවටයි ලංකාවේ කෑම කෑවේ. දෑන්නම් දිගටම කන්න හිතෙනවා.  

ප්‍රශ්නය- මන්ත්‍රිතුමනි, ඉතාලිය අද ආර්ථික වශයෙන් වැටිලා විදෙශිකයින් වගේම ඉතාලි ජාතිකයිනුත් විශාල වශයෙන් රෑකියා විරහිතභාවයෙන් පෙළෙනවා.ඔබ නියෝජනය කරන ඉතාලියේ නව රජයට මෙයින් ගොඩ එන්න පෑහෑදිලි වෑඩපිළිවෙළක් තියෙනවද?

පිළිතුර - ඇත්තෙන්ම ඔව් අපි මෙවට විසදුම් ලබාදෙන්න උපරිම උත්සහා කරනවා.

 ආර්ථිකය ගොඩගන්නවා වගෙම රෑකියා උත්පාදනයක් ඈති කරන්න අපි පෑහෑදිලි වෑඩපිළිවෙලක් ගේනවා. කර්මාන්ත කරුවන්ට බදු සහන ලබා දිම තමයි අපේ මුලික අරමුණ. එයින් නව රැකියා අවස්තා වගේම ඉතාලි ආර්ථිකයටත් හොද පිටුවහලක් ලෑබෙයි කියලා අපි හිතනවා. මේ අපේ අරමුණුවලින් එකක් පමණයි.

ප්‍රශ්නය -නියමිත කාලසිමාව අවසන් වන තෙක් ස්ථිර රජයක් පවත්වාගෑනිම තමයි ඉතාලියට ඈති ප්‍රධාන අභියෝගය. කුමක් හෝ හෙතුවක් මත පත්වන රජය ඉතා ඉක්මනින් කඩා වෑටෙනවා. ඔබ නියෝජනය කරන වර්තමාන නව රජයටත් තව කොපමණ කලක් බලයේ ඉන්න පුලුවන් වෙයිද?  

පිළිතුර -  අපේ කාලසිමාව අවසන් වෙන්න තියෙන්නේ 2018දී.නමුත් බල තුලනයකින් අපේ රජයත් අස්ථාවර වෙන්න ඉඩ තියෙනවා. ඉතාලියට හොද කලදසාවක් උදා වෙන්න නම් එහෙම නොවෙන්න කියලා අපි ප්‍රාර්තනා කරමු.

ප්‍රශ්නය  - ඉතාලිය නියෝජනය කරන යුරෝපා පාර්ලිමේන්තුව ඉතා අසාධාරණ ලෙස දුප්පත් රටවල අභයන්තර ප්‍රශ්නවලට ආඟිලි ගහනවා කියලා ලොකු චෝදනාවක් තියෙනවා. ඒ ගෑන ඔබ මොකද කියන්නේ?  

පිළිතුර -  ඇත්තෙන්ම කියනවා නම් රටවල් 25 ක් යුරොපා හවුලේ හිටියත් ඒ හෑම රටකම මතය නොවෙයි එතැන නියොජනය වෙන්නේ. නොයෙක් මත ගෑටුම් තියෙනවා.යුරෝපා හවුලේ ඈති  හෑම රටකම හෑම මතයකටම අපි ගරුකළ යුතුයි. ලබන ජුනි මාසෙන් පස්සේ ඉතාලිය තමයි යුරොපා හවුලේ සභාපතිත්වය දරන්නේ.

එතනදි ඉතාලියේ ප්‍රධානම අරමුණ වෙන්නේ හෑම රටක්ම පොදු මතයකට ගෙන ඒමයි. ප්‍රශ්නය - වසර 30කට අධික කාලයක් මිනිස් ජිවිත දස දහස් ගනනක් බිලිගත්තු ශ්‍රි ලංකාවේ ත්‍රස්තවාදි යුද්ධය 2009දී අවසන් කරන්න ලංකා රජයට හැකි වුණා. ත්‍රස්තවාදයට යුද්ධයෙන්ම පිලිතුරු දෙමින් ත්‍රස්තවාදය මුලින් උපුටා දමා බොම්බ බිය වෙඩි බිය නෑති සාමකාමි රටක් බවට ලංකාව පත්වෙලා තියෙනවා.

නමුත් ඈමරිකාවත් යුරෝපයත් ඈතුළු ඇතැම් ප්‍රබල රටවල් යුද අපරාධ සිදුවී යැයි කියමින් නොයෙක් චෝදනා එල්ල කරමින් සාමකාමි රට අස්තාවර කරන්න හදනවා කියලා ශ්‍රි ලංකා රජය චෝදනා කරනවා. ඔබ මේ ගැන මොකද හිතන්නේ?

පිළිතුර- ඈත්තෙන්ම කණගාටුයි. ජුනි මාසෙන් පස්සේ ඒ වැරදි මතය නිවෑරදි කරන්න අපි උත්සහා කරන්නම්. සාමකාමි රටකට උදව් කිරිම තමයි අපි කළ යුත්තේ.ශ්‍රි ලංකා රජයත් මෙයිට වඩා යුරෝපය සමග ළගින් ඈසුරු කළයුතු බව මම හිතන්නේ.

 



අදහස් (0)

ජුනියෙන් පසු ලංකාවට යුරෝපා හවුල ළංවන හැඩයි

දීපාල් Sunday, 09 March 2014 01:56 PM

අපිට හොදක් නම් එච්චරයි (දී)

:       0       0

සත්‍යයා Saturday, 08 March 2014 11:20 AM

"සාමකාමි රටකට උදව් කිරිම තමයි අපි කළ යුත්තේ. ශ්‍රි ලංකා රජයත් මෙයිට වඩා යුරෝපය සමග ළගින් ඈසුරු කළයුතු බව මම හිතන්නේ. මේ ප්‍රකාශයෙන් අපට ඉගෙන ගන්න බොහෝ පාඩම් තියෙනවා. අන් අයගේ සයෝගය ලබා ගන්න නම් අපි අපේ පාර්ශවයෙන් ද විනිවිද භාවයකින් ඔප්පු කළ යුතුව තිබෙනවා. අපි අභ්‍යන්තර සාමය සඳහා කටයුතු කරන බව. නීතියට වල් වදින්නට හැරලා යුනිෆෝම් ධාරීන් ජනතාවගේ හතුරන් ලෙසින් හැසිරෙන්න ඉඩ දීමෙන්, අන් සතු දේපළ කොල්ල කෑමට සැලැස්වීම තුලින් අපි මිනිසත් කමට විරුද්ධව අමානුෂික යුද්ධයක් දියත් කර ඇති මොහොතක කෑම වේලක් දී හෝ විදේශීය මන්ත්‍රී වරයෙකුගේ අවධානය යොමු කර ගන්න ගත් උත්සාහය ප්‍රසංසනීයයි. (නදී)

:       0       0

සිසිර Friday, 07 March 2014 01:24 PM

නියමයි! අපි එක කෑම වේල ගානේ දෙමුද?  (නදී)

:       0       0

මහින්ද හේමන්ත Friday, 07 March 2014 01:55 PM

2014 ජුනි මාසයෙන් පසු අපේ රටේ මෙහි සිටින ශ්‍රමිකයින්ට වඩාත් ආර්ථික දියුණුවක් ලැබී දැනට පවතින මන්දගාමී තත්වය නැතිවේවා යනුවෙන් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු !(නදී)

:       0       0

ජයතිලක Friday, 07 March 2014 01:56 PM

මන්ත්‍රී තුමිය ඔහොම කිව්වට, ජුනි මාසයෙන් පස්සේ යුරෝපා හවුලේ සභාපතිත්වය ඉතාලියට හිමි වුනත්. ඉතාලියට වැඩිය ප්‍රබල හස්ත ඒ සභාපතිත්වය නමට පමණක් ඉතාලියට බාර දේවි. කට්ටිය පිටිපස්සෙන් ඉදගෙන සියල්ල හසුරු වාවී. (නදී)

:       0       0

චන්දි හේවවාසම් Saturday, 08 March 2014 05:56 PM

වසන්ත ක්‍රීර්තිරත්න මහතාට අපගේ ස්තුතිය (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 07 March 2014 04:32 PM

වසන්ත කීර්තිරත්න වැනි යුරෝපයේ වෙසෙන සිංහල ධනවත් ව්‍යාපාරිකයින් ලංකාව වෙනුවෙන් දක්වන සැලකිල්ල අපි අගේ කරනවා. (අ)

:       0       0

ද සිල්වා Friday, 07 March 2014 05:25 PM

මුලින්ම ශ්‍රී ලාංකිකයකු වන වසන්ත කිර්තිරත්න මහතාගේ උත්සාහයට ස්තුතිය පුදකරනවා. ලංකාවට ආපු බ්‍රිතාන්‍ය ජාතිකයකු හෝටලයකදී ප්‍රසිධියේ මර දමා වසර දෙකහමරකුත් ගතවී තවම පරීක්ෂණ ඉවර කරගන්න බැරිවී ඇත. මේ ගැන බ්‍රිතාන්‍ය අගමැති , චාර්ල්ස් කුමාරය ඇතුළු යුරෝපා සංගමයේ නමගිය දේශපාලකයන් කිහිප දෙනෙකු තම අප්‍රසාදය පළකර ඇත. අප විසින් මුලින්ම අපගේ අඩුපාඩු සම්පුර්ණ කරගත් යුතුය. එතකොට තමයි අපට හිතවත් මන්ත්‍රී වරයකුට උනත් යුරෝපා පාර්ලිමේන්තුවේදී අපේ පැත්තට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉහත සදහන් කල සිදුවීම වැනි දේවල් කොටි හිතවාදීන් අපට විරුද්ධව පාවිචි කරනු ලැබේ.(නදී)

:       0       0

සි. ගංගොඩ Friday, 07 March 2014 07:39 PM

අවසාන ප්‍රශ්නය කාලෝචිත ප්‍රශ්නයක් මෙන්ම පිලිතුරද සතුටුදායක එකක්.(නදී)

:       0       0

විද්‍යා Friday, 07 March 2014 08:58 PM

අපි ශිෂ්ට සම්පන්න ජාතින් සමග සුහදව කටයුතු කළ යුතුයි නේද (අ)

:       0       0

රන්බන්ඩි නන්දසේන Friday, 07 March 2014 09:54 PM

අනේ ඉතාම හොඳ දෙයක්. අපි ප්‍රාර්තනා කරමු අපේ රටට යහපතක්ම වේවා කියා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 10 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 9 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3291 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2466 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3059 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5888 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18712 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site