IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජනවාරියේ සිට යුරෝපයට අපේ මාලු?

ශ්‍රීලංකාවේ සිට යුරෝපයට මසුන් අපනයනය කිරීම තහනම් කරමින් පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති හෙයින් ලබන වසරේ මුල් කාර්තුව වන විටදී නැවත වරක් යුරෝපයට මසුන් අපනයනය කිරීමට හැකිවනු ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

පනවා ඇති සම්බාධක නිසාවෙන් ශ්‍රීලංකාවට වසරකට අත්විඳීමට සිදුව ඇති පාඩුව ඩොලර් ලක්ෂ 2000 කට ආසන්නය.

ඉන්දියා ධීවරයින් මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීම පිළිඹද අදහස් දැක්වීමකද යෙදුණු අමාත්‍යවරයා ඉදිරියේදී එවන් ධීවරයින් අත්අඩංගුවට නොගෙන ඔවුන්ගේ ආම්පන්න රාජසන්තක කිරීමටද ඔවුන්ගෙන් දඩ මුදලක් අය කරගැනීමටද පියවර ගන්නා බව පැවසීය.

 ධීවර ගැටලුව සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා සමග නොව සෘජුවම ඉන්දියා මධ්‍යම රජය හා සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද ඔහු කීය.



අදහස් (0)

ජනවාරියේ සිට යුරෝපයට අපේ මාලු?

නුවන් Thursday, 29 October 2015 01:38 PM

නියමයිනේ. ජයවේවා! (නි)

:       0       0

විපුල Thursday, 29 October 2015 01:43 PM

සුබ ආරංචියක් (නි)

:       0       0

ඇසළ Thursday, 29 October 2015 01:49 PM

අපිටත් කන්න සාධරණ ගානකට දැන් මාළු කැල්ලක් .නැති කොට යුරෝපයට යවන මාළු යවන්න ගත්තහම දැන් විකුනන ගාණ දෙක තුන වෙයි. (අ)

:       0       0

සිරි Thursday, 29 October 2015 02:21 PM

මාළු පිටරට යවන්න ඒකාලේ හිටපු ඇමතිගෙන් පර්මිට් ගත්ත ලන්ඩන් වල දෙන්නෙකුට කල්ල මරේ.(අ)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Thursday, 29 October 2015 02:40 PM

අපේ මාළු කන්න තමා යුරෝපය සැමදා බලා සිටින්නේ , අපිත් එහෙ ගිහින් ටික ටික යුරොපියන්ගේ මාළු කාමු , එක තමා කරන්න තියෙන්නේ , අවිහිංසාවෙන් (අ)

:       0       0

පෙරේරා Friday, 30 October 2015 06:01 AM

යුරෝපය විතරක්ද.? (ර)

:       0       0

කුමාර Saturday, 31 October 2015 07:14 PM

මේක නම් බොහොම සුබ ආරංචියක් (නි)

:       0       0

සිල්වා බර්ලින් Thursday, 29 October 2015 03:41 PM

අපි වසරකට ඩොලර් කෝටි කියක ටින් මාලු රටින් ගෙන්වනවද? (බ)

:       0       0

සෝබා Thursday, 29 October 2015 03:43 PM

ලංකාව වටේම මුහුද තිබුනට අපේ මිනිස්සුන්ට සාධාරන මිලකට මාළු කෑල්ලක් කන්න දැනටම වාසනාවක් නැතිකොට ... යුරෝපයට මාළු යවන්න ගත්තොත් ... මොනවා වෙයිද ? (බ)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Friday, 30 October 2015 06:37 AM

යහම්පත් සහ ජයවික්‍රම මහතුන්ගේ අදහස් බොහෝදුරට නිවැරදියි. අපේ රටේ මාළු නිෂ්පාදනයේ අතිරික්තයක් ඇතිවන කාල වකවානු තිබෙනවා. අධිශීතකරන පහසුකම් කළමනාකරණය මගින් මේ මාළු අපනයනය කළ හැකියි. මමත් ධීවරයකුගෙ පුතෙක්. ධිවර ජනතාවට ඉතාම ඵලදායක පුවතක් මෙය. (ර)

:       0       0

යහම්පත් Thursday, 29 October 2015 04:03 PM

අපේ ලංකාවේ කට්ටිය බයවෙලා වාගේ ? යුරෝපයට අපේ මාළු සියල්ල යන්නේ නැහැ , යන්නේ ටුනා ( බලයා ) වගේ ලොකු පොකිරිස්සන් වාගේ ඒවා විතරයි , අනික් ඒවා අපට කන්න පුළුවන් , අනික ලංකාවේ බහුතරයක් බලයා ( ටුනා ) මාලු කන්නේ නෑ ගිනියම කියලා , මාළු ගුණ කෑමක් නිසා ලෝකයේ කොහේ වුනත් මිල අධිකයි , ඉල්ලුමට වඩා සැපයුම අඩු නිසා (බ)

:       0       0

සේන Thursday, 29 October 2015 04:46 PM

ඇමති තුමා, ඩොලර් ලක්ෂ 2000 - 140 න් වැඩි කරලා බලන්න. රුපියල් කොටි කීයක්ද කියල . ඔබ තුමාගේ ගණන හරිද? (රේ)

:       0       0

නාමල් Thursday, 29 October 2015 06:48 PM

මෙම කාර්යය සාර්ථක වේවා! (නි)

:       0       0

මහින්ද Friday, 30 October 2015 08:02 AM

එතකොට හිටපු ඇමතිතුමාගේ සහෝ කෙනෙක් මේ බිස්නස් එකට අතගහනවද? ...එයා කාගේ මාළු ද කන්නේ..පවු..... අසරණයා... (අ)

:       0       0

තිස්ස Friday, 30 October 2015 03:00 AM

අපි චීනය අතහැර යුරෝපයට ළංවෙන්න හදනවා. යුරෝපය දැන් චීනය එක්ක මෙගා ඩීල් අත්සන් කරනවා (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 30 October 2015 04:03 AM

සරු මාළු බිමක් හිමි අපට විධිමත් සැලසුම් නැතිකමින් හැමදාම හැමදේම වරදවා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. යුරෝපයට මාළු අපනයනය කිරීම නිසා අපට මාළු අහිමිවෙන්නේ අපේ දුර්වලකම නිසා මිස මාළු අස්වැන්නේ අඩුවක් නිසා නොවෙයි. ඉන්දියා ධීවරයෝ අපේ මාළු කන්නේ අපේ දුර්වලකම් නිසා.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 0 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 40 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 342 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 165 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 802 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 799 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21540 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21163 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 332 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 169 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site