IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ජනවාරි 1වැනිදා සිට කොළඹ නගරයේ සිඟමන් යැදීම තහනම්

ලබන ජනවාරි 1වැනිදා සිට කොළඹ නගරයේ මාර්ගවල හා පොදු ප්‍රවාහන සේවා තුළ සිඟමන් යැදීම තහනම් කර ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සිය අමාත්‍යංශය කොළඹ මහ නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුව, සහ සමාජ සුබ සාධන අමාත්‍යංශය සමග එක්ව කළ සමීක්ෂණයකදී කොළඹ නගර සීමාව ඇතුළත යාචකයින් 600ක් පමණ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ඇමැතිවරයා කීය.

ඇමැතිවරයා කියා සිටියේ යාචකයින් බහුලවීම හේතුවෙන් මහජනතාවට හිරිහැරයක් මෙන්ම කොළඹ නගරයේ අලංකාරත්වයට ගැටලුවක් ඇතිවන බවයි.

කෙසේ වුවත් එම යාචකයින් ගේ ජීවනෝපාය මාර්ගයන් සකසා දී පුනරුත්ථාපනය කිරීම සඳහා තම අමාත්‍යංශයේ අභිප්‍රායක් ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 80 ක වියදමින් අම්බලන්තොට රිදීගම පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකර ඇති බවත් ඔහු කියා සිටියේය.

කිසිදු පිළිසරණක් නැතිව හිඟමනට වැටී සිටින යාචකයින් වෙනුවෙන් අනුකම්පා කළ යතු බවත් කෙසේ වෙතත් සිඟමන වෘත්තියක් ලෙස සිදුකරගෙන යන අය පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් චම්පික රණවක ඇමැතිවරයා පැවසීය.

එසේම සිඟමනට වැටී සිටින පාසල් යන වයසේ පසුවන දරුවන් වෙනුවෙන් පාසල් අධ්‍යාපනය ලබාදීමටද විවිධ අසනීප හා පිළිසරණක් නැති දරුවන් වෙනුවෙන් ජීවිත කාලය පුරා ඔවුන් රැකබලාගැනීමේ වැඩපිළිවෙළක් ද සකස් කරන බව කී ඇමැතිවරයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ යාචකයින් වැනි විවිධ තරාතිරමේ පුද්ගලයින් මෙම යාචකයින් අතර සිටින බැවින් ක්‍රමානුකූලව මෙම වැඩපිළිවෙළ සකස් කරගෙන යායුතු බවයි.



අදහස් (23)

ජනවාරි 1වැනිදා සිට කොළඹ නගරයේ සිඟමන් යැදීම තහනම්

Sathyayaa Wednesday, 20 December 2017 07:33 AM

කොළඹ නගරයේ සිඟමන් යදින එක මින් මතුවට පාර්ලිමේන්තු කාරයින්ට විතරයි. කට්ටියම ඡන්ද හිඟාකන්න යන්න අමුඩ ගහමින් ඉන්නවා. කොළඹ මහා නගර සැලසුමට ඒකත් අයිතිද දන්නේ නැහැ.

:       2       3

piyal Wednesday, 20 December 2017 07:35 AM

හිඟන්නන්ටත් ඡන්ද අයිතිය තියනවා කියලා අමතකවෙලා වගේ. ඕක නම් වෙන්නේ නැහැ.. ඡන්දෙ ඉවර වෙනකම්.

:       10       22

නුවන් Wednesday, 20 December 2017 07:36 AM

අපොයි ඡන්දය ඉල්ලලත් ඉවරයි.

:       0       14

RaveendraWednesday, 20 December 2017 02:18 PM

නුවන් මයා වෙත, ඔබ විසින් ඉතාමත්ම නිවැරදි අදහසක් ඉදිරිපත් කිරීම පිළිබඳව අපද එකඟ වන්නෙමු. ඇත්තෙන්ම මෙම දියවන්නාඔයේ අම්බරුවන් මේ දිනවල හිඟා නොකා හිඟා කනවා.

:       0       82

Jangama welendaa Wednesday, 20 December 2017 07:42 AM

කොළඹ නගරයේ සහ අවට නගරවල සිඟමන් යදින්නේ වැඩක් නැති පොත්, හඳුන්කූරු, බුක් මාර්ක්, කපුරු බෝල විකුණන මුවාවෙන් නිසා එවැනි දේත් තහනම් කළ යුතුයි.

:       0       6

Pavithra udayasiri Wednesday, 20 December 2017 07:52 AM

දියවන්නාවේ සිඟාකන්නේ පිවිතුරු විදියට රුපියල් 100 ගානේ හෝ විමධ්‍යගත විදිහට බැවින් ඒවා කරානම් රිදියගමටම යවමු.

:       0       11

vipulaWednesday, 20 December 2017 02:48 PM

දියවන්නාවේ ඉන්නේ ජනතාවගේ ඡන්දෙන් ගිය අය. ඔවුන් එතනට යවන්නේ ජනතාව විසින් බව අමතක වුණාද?

:       0       0

Perakum Wednesday, 20 December 2017 08:03 AM

අම්බලන්තොට රිදියගම යාචක පුනරුත්ථාපන කඳවුර පිහිටුවලා දැනට වසර කීයක්ද? මෙතෙක් ඒකෙන් වෙච්ච යහපත මොකක්ද? ගණනින් කිව්වොත් බින්දුවයි. අපි කතාවට නම් හරි දක්ෂයි.

:       100       129

gamini Wednesday, 20 December 2017 08:17 AM

මෙවැනි නීති ක්‍රියාත්මක කිරීම ඉතාමත් හොඳයි.

:       0       143

PerakumWednesday, 20 December 2017 09:53 AM

ලංකාවේ මොන නීතිද ඇමතිතුමෝ? කෝ ඔය කිව්ව ට්‍රැෆික් ලයිට් ළඟ තහනම් කරපු හිඟමනට මොකද වුණේ?

:       0       24

sam Wednesday, 20 December 2017 08:17 AM

මහාචාර්ය නන්දසේන රත්නපාල 1976 දී පමණ ඉතිහාසයේ පළමු වතාවට හිඟන්නන් ගැන කල පර්යේෂණයේදී (වර්තමානයේ පර්යේෂණ කරන ආකාරයට කොම්පියුටරය ඉදිරිපිට ඉඳගෙන නොව, එතුමාත් හිඟන්නෙකු ලෙස කල් ගෙවා) ලබාගත් ප්‍රතිඵල අනුව බහුතරයක් හිඟන්නන් වෘත්තීය හිඟන්නන් (එනම් හිඟන සංවිධානයේ ලොක්කාට දෛනික වේතනයට සේවය සපයන්නන්) ලෙස සේවය කරන්නවුන් මිස සැබෑ හිඟන්නන් නොවන බව පෙන්වා දුන්නා. හතළිස් වසරකට පසුව හෝ ඒ ගැන සලකා බැලීම හොඳ දෙයක්. ඒ වගේම මට මතක් වූ තවත් දෙයක් කිවයුතුයි. මහාචාර්යතුමා තම විශ්ව විද්‍යාලයටත් හිඟන්නෙකු ලෙස හිඟමනේ ගියා. ආචාර්ය මණ්ඩලයේ, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ හෝ උපාධි අපේක්ෂක ශිෂ්‍යයන් කිසිවෙකු එතුමා හඳුනා ගත්තේ නැහැ. නමුත් එතුමා දිනපතා ආහාර දුන් සුනඛයා පමණක් එතුමාව හඳුනා ගත්තා.

:       6       31

ThushaWednesday, 20 December 2017 09:14 AM

සෑම්, ඔබේ කමෙන්ට් එක කියවාගෙන යනවිට, අන්තිම පේලිය කියවනවි‍ෙ, මගේ දෑසට කඳුලක් නැගුණි.

:       0       11

Sathyayaa Friday, 22 December 2017 04:05 AM

මහාචාර්ය රත්නපාල කියන්නේ සිංහළ විෂය ප්‍රගුණ කළ අයෙක් මිස සමාජ විද්‍යාවේ අයන්නවත් ඉගෙන ගත අයෙක් නොවෙයි. විදුදය සරසවියේ සමාජ විද්‍යා අංශයට ඒ විෂය පිලිබඳ ආචාර්ය සහ පශ්චාත් ආචාර්ය උපාධි ඇති අපේක්ෂකයෝ දෙදෙනෙක් ඉදිරිපත්ව සිටියදීත් බලයේ සිටි පක්ෂයට හිතවත් කම් පෙන්වා නීති විරෝධී හා සදාචාර විරෝධී අන්දමට මහා ඇදුරු පුටුවේ වාඩි වී විද්‍යාත්මක සමාජ විද්‍යාව ගණිකා වෘත්තියේ යෙදෙව්වා. එවකට ලංකාවේ ප්‍රධාන පුවත් පතකට ලිපි පෙළක් සපයමින් ඔහු වරක් සඳහන් කලේ " හවස 6න් පසු කුමන හෝ කාන්තාවක් කොළඹ නගරයේ බස් නැවතුම් පලක රැඳී සිටීනම් ඇය ගණිකාවකි " මේ න්‍යායට අනුව ඔහුගේ මව හෝ සොහොයුරිය බසය ප්‍රමාද වී එසේ රැඳී සිටියහොත් ඔවුන්ද වැටෙන්නේ ගණිකා ගොඩටය. හිඟන්නන් ගැන ඔහු ලියු පොත අවසන් කරන්නේ " හිඟන්නන් අතර අඬ දබර කළ කෝලාහල නැත. ඔහුන්ගේ ලෝකයෙන් මා සමුගත්තේ හද පිරි ශෝකයෙනි ..." ආදී වශයෙනි. සමාජ විද්‍යාඥයාගේ කාර්ය භාරය භාවාත්මක කතා ගොතන එක නොව හිඟන්නන් බිහිවීමට තුඩුදෙන සමාජ ආර්ථික සාධක විමසා බැලීම බව නොදත් පුද්ගලයෙක් "ලූලා නැති වලේ කනයෙක් " මෙන් නොදන්නා අඩව් අල්ලා උසස් අධ්‍යාපනය ලබන සිසුන් දහස් ගණනකගේ අනාගතය කා දැම්මා

:       0       0

ජගත් Wednesday, 20 December 2017 08:22 AM

අගය කල යුතු කාර්යයක්. ඉස්සෙල්ලා පොඩි හිඟන්නන් එලවලා පස්සේ ලොකු හිඟන්නො එලවමු.

:       0       58

saman Wednesday, 20 December 2017 08:28 AM

ඔන්න ඇමතිතුමෝ කරනවානම් හොඳ වැඩක්. වංචා කාරයන් අතරින් සැබෑ දුප්පතුන්ට පිහිට වෙලා යාචකයෝ නගරයෙන් ඉවත් කලාම හැමෝටම පහසුයි.

:       0       16

සඳුන් Wednesday, 20 December 2017 08:51 AM

ඔය එක්කම ඡන්ද හිඟමනත් තහනම් කරා නම් මිනිස්සුන්ට අඩුම තරමේ කං කරච්චලයක් වත් නැතිව ඉන්න පුලුවන් වෙයි.

:       0       10

රවින් Wednesday, 20 December 2017 08:52 AM

අනේ !!! අපොයි !!! ඡන්ද හිඟන්නෝ පාරට බහිනකොට හැබෑ හිඟන්නෝ අම්බලන්වල ලැගිය යුතුවේ. නීතිය ඒකද?

:       0       6

siiri Wednesday, 20 December 2017 09:11 AM

ඡන්ද හිඟමනේ යන අයත් අල්ලනවද ඇමතිතුමෝ?

:       0       4

MISHAL-MATARA Wednesday, 20 December 2017 09:18 AM

අදහස නම් හොඳයි.

:       0       1

senewi Wednesday, 20 December 2017 10:37 AM

අන්තර්ජාතික හිගන්නන් රටේ හිඟන්නන්ට එරෙහිව...

:       0       0

saman Wednesday, 20 December 2017 11:47 AM

ඔව් එක හොඳයි. මොකද දැන් ඉදිරි ඡන්දෙට හිඟන්නෝ වැඩිවෙනවානේ. අපිට එතකොට අඳුනගන්න බැහැ නියම හිඟන්නා කව්ද කියලා. දැන් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. කාලෝචිත තීරණයක්.

:       0       0

ranjith Wednesday, 20 December 2017 11:53 AM

හොඳ වැඩක්.... කොළඹ විතරක් නෙවෙයි. හැම නගරයකම වදයක් වෙලා මේක....

:       0       2

perakumWednesday, 20 December 2017 02:22 PM

එ්ක ඇත්ත. මේ නීතිය මුළු දිවයිනටම බලපාන පරිදි ක්‍රියාත්මක කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 26 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 637 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3409 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 896 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1294 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1074 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2034 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site