IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජනවාරි 20 උසාවි එන්න ඥානසාර හිමිට නොතීසි

මාලබේ තලාහේනේ  පල්ලියකට අලාභ හානි කිරීමේ  නඩුවකින් බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානාසාර හිමි ඇතුළු පිරිසක් නිදහස් කිරීමට ගත් තීන්දුව අහෝසි කර ඔවුන්ට දඩුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනු කළ අභියාචන පෙත්සමේ වගඋත්තරකාර   ඥානසාර හිමි ඇතුළු පිරිසට ලබන වසරේ ජනවාරි 20 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස  අභියාචනාධිකරණය විසින් අද (28 ) නොතීසි නිකුත් කළේය.

මාලනී ගුණරත්න සහ දේවිකා ද ලිවේරා තෙන්නකෝන් යන  අභියාචනාධිකරණ විනිසුරුවරුන් හමුවේ පෙත්සම කැදැවිණි.

මාලබේ තලාහේන කල්වරි පල්ලියට අලාභ හානි සිදු කිරීම, පුද්ගලයින් දෙදෙනෙකුගේ රත්‍රන් මාල සොරකම් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඥානසාර හිමි ඇතුළු පිරිසකට  එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරූ නඩුවකින්   2014 අප්‍රේල් දෙවැනි දා  වගඋත්තරකරුවෝ   නිදොස්කොට නිදහස් කරනු ලැබුහ.  

එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා  අභියාචනාධිකරණයට ගොස් තිබේ.



අදහස් (0)

ජනවාරි 20 උසාවි එන්න ඥානසාර හිමිට නොතීසි

නුවන් Wednesday, 30 November 2016 02:26 PM

පල්ලියට ගිහින් හාමුදුරුවෝ මාල කඩනවද වැරද්දක් දානකොට ගැලපෙන එකක් දැම්මනම් හරිනේ එකෙන්ම තේරෙනවා මුන් උන්ට ඕනේ ඒවත් දාල කියල ඔක්කොම කුණු බේරේ වැවට කියලා අපේ හාමුදුරුවෝ කරන කරන ඒවා ඔක්කොම වැරදි මෙවුන්ට... (බ)

:       0       0

සහන් Wednesday, 30 November 2016 05:07 AM

නීතිය පුද්ගලයාගේ අදින වස්ත්‍රය, කුලය, ආගම, පෙළපත, වංශය, ගිහිද, පැවිදීද කියල ඒ අනුව තීරණය වෙනවනම් එය ජාතියේ මෙන්ම නීතියේ ද මළගමක ආරම්භය සනිටුහන් වනු ඇති. එම නිසා වැරද්ද කළ අය කුමන තරාතිරමක පුද්ගලයෙකු වුවද දඩුවම් දිය යුතුයි (බ)

:       0       0

රංග Wednesday, 30 November 2016 07:53 AM

අද ජාතියට එල්ල වන්නේ, 1818 කැරැල්ලට පසු එල්ලවන දරුණුතම ප්‍රහාරයයි. ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ මහා බැංකුව ඇතුළු මර්මස්ථාන ත්‍රස්තවාදී ආධාරකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබේ. රණවිරුවන් විත්ති කුඩුවට නංවා චයරුප ගෙන විනෝද වීම ඇතැමුන්ට පුරුද්දක් වී ඇතැයි ජනපතිම කියයි. මහා සංඝරත්නයට එරෙහිව රටේ නීතිපති අභියාචනා අධිකරණයට යයි.(බ)

:       0       0

ලංකා Wednesday, 30 November 2016 09:30 AM

නීතිපති තුමා මෑතකදී පෙර නඩු වලින් නිදහස් වූ හමුදා භටයන්ට විරුද්ධව නැවත නඩු පවරා තිබෙන බව පුවත්පත්වල සදහන් ව තිබුනා . දැන් මේ හිමි නමට විරුද්ධව නැවත නඩු පවරා තිබෙනවා . ඉදිරියට පෙනී යන ආකාරයට රටේ හමුදාවන් නිදොස් වූ වෙනත් නඩු තිබේනම් ඒවාටද නැවත නඩු කැඳවීම් ලැබේ යයි මා සිතනවා .එසේම සිංහලයන් වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාටම මේ ඉරණම අත්වෙයි (බ)

:       0       0

සාරා Tuesday, 29 November 2016 09:50 PM

මේ වරදට පාඩමක් ඉගැන්නුවේ නැත්නම් තව තවත් ඔය දේවල් කරයි. නීතිපති ගත් තීරණය අගය කරනවා. (නි)

:       0       0

අහමඩ් Wednesday, 30 November 2016 12:34 AM

ඉතා හොඳ තීරණයක් (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 30 November 2016 12:44 AM

කිසිම දෙයකට බයවෙන්න එපා අපේ හාමුදුරුවනේ. අපි පොළියත් එක්කම ගමු. (නි)

:       0       0

පහන් Wednesday, 30 November 2016 01:46 AM

ඔන්න ලංකාවේ හැටි. මේ හාමුදුරුවෝ නිදහස් කරන්න. මේක බෞද්ධ රටක්. (නි)

:       0       0

ජයතිස්ස Wednesday, 30 November 2016 02:10 AM

ලංකාව ‍බෞද්ධ රටක්. නමුත් යම්කිසි හාමුදුරු කෙනෙක් සිවුරට අකැප වැඩ කළොත් ඒ අය රටේ නීතියටත් විනය කර්ම වලටත් අදාළ දඩුවම් වලට සුදුසුද කියා විමර්ශන කිරීමට උසාවියකට කැඳවන්නේ නැතුව වෙන කොහාට කැඳවන්නටද කියන්නේ? (නි)

:       0       0

නිශාන්ත Wednesday, 30 November 2016 02:32 AM

සාරා, අහමඩ් වැරැද්ද ඇස් දෙකෙන් දැක්කා වගේනේ කියන්නේ. හාමුදුරුවන්ව නිදොස්කොට නිදහස් කළා කියන එක දැක්කේ නැද්ද. හැම ජාතියම තමන්ගේ ජාතියට ආදරය කරනවා. එ්ත් අපේ සමහර සිංහල අය අනුන්නටම තමා කත් අදින්නේ. ලැජ්ජා නැද්ද (නි)

:       0       0

කැනඩා දිසා Wednesday, 30 November 2016 02:39 AM

චීවරයක් ඇඟේ දාගත් පලියට බෞද්ධ භික්ෂුවක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 30 November 2016 02:57 AM

රත්‍රන් මාල හොරකම් කරලා නිදොස්කොට නිදහස් කර දේශපාලනයේ ඉහළටම නැගි මිනිස්සු ඉන්න රටක චීවරයකට වුණත් මුවාවී බොහෝ දේවල් කරන්න පුළුවන් බව පැහැදිලි වී හමාරයි (නි)

:       0       0

ජයසේකර Wednesday, 30 November 2016 04:05 AM

රටේ නීතිය සැමට සාධාරණව ඉෂ්ට නොකරන විට....සිංහල බෞද්ධ ලේ කකියන එක වළක්වන්න බැහැ..... (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 947 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 669 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 252 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1939 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1746 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 542 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site