IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජිනිවා යෝජනාව දියාරුලු

ජිනීවා නුවරදී බ්‍රහස්පතින්දා සම්මත කරන ලද ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනාව "කමකට නැති" බව තමිල්නාඩුවේ මහ ඇමති ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂ නායක මුතුවේල් කරුණානිධි ගෝරනාඩුවක් නගා ඇත. ඉන්දියාව ඇතුළු රටවල් 25ක් එම යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේය.

"මේක මහා ප්‍රෝඩාවක්. ඔය සම්මත කරගත් යෝජනාව ගැන කිසිසේත් සතුටුවන්නනට මට බැහැ. ගිය සතියේ අගමැතිතුමා (මන්මෝහන් සිං) හමුවී මම ඉදිරිපත් කළ ඉල්ලීම් කිසිවක් තුට්ටුවකටවත් ගණන් අරගෙන නැහැ." යනුවෙන් ඔහු කියා ඇත.

ඇමෙරිකාව ගෙනා යෝජනාවේ හෝ ඒ සඳහා ඉන්දියාව ඉදිරිපත්කල  සංශෝධනවල හෝ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව  සොයාබැලීමට ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍යබවක් සඳහන් නොවූ බව කරුණානිධිට අවබෝධයක් තිබු බවක් පෙනෙන්නට නොතිබෙන බව ඔහුගේ ප්‍රකාශය ගැන අදහස් දැක්වූවෝ කියති. 

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන බවත් ද්‍රවිඩ ජනයාට යන එන මන් නොමැති බවත් කියා පාමින් කරුණානිධි ශ්‍රී ලංකාව දංගෙඩියට ගෙනයායුතුබව කියමින් ඉදිරිපත් කල කරුණු වලට පක්ෂව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් ඉන්දියා  මධ්‍යම රජය මෙන්ම විරුද්ධ පක්ෂයද කියාසිටියේ "එවැනි ඉල්ලීමක් කිරීම ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට සහ අභ්‍යනතර පළහිලව්වකට අයුතු ලෙසින් ඇඟිලි ගැසීමක් වෙන බව" ඔවුන් විශ්වාස කරන බවයි. 

"ඉන්දියාව ඉල්ලාසිටියේ මානව හිමිකම් කඩවීම් හෝ මිනිස් ඝාතන පිළිබඳව අවංකව සොයාබැලීමේ වගකීම ශ්‍රීලංකා රජය බාරගන්නා බවට පොරොන්දුකරවා ගන්නා ලෙසට"  පමණක් යැයි ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ඉන්දියා  නියෝත දිලිප් සිංහ පැවසීය.

මෙම කතාවද තමිල් නාඩු දේශපාලඥයන්හට ජීරණය කර ගැනීමට අසීරු වී ඇත.

ඒ කෙසේවුවද කරුණානිධි වැන්නවුන්ගේ බලපෑම මත ඇමෙරිකා යෝජනාවට අන්තිම මොහොතේ ඉන්දියාව විසින් ඉදිරිපත් කැරුණු සංශෝධන සලකා බැලීමට කල් මදිවුබවත් එම නිසා ඒවා නිෂ්ප්‍රභා කිරීමට සිදුවූ බවත් ඇමෙරිකාව කියා ඇත. 

නිස්කාරණයේ ඕනෑවට වැඩිය කුලප්පුවී තමන් ගිල ඇත්තේ දිරච්ච ලනුවක් බව පිළිගැනීමට අකමැති කරුණානිධි ශ්‍රී ලංකාවට එරෙහි විරෝධතාවය දිගටම කරගෙන යන බවට තර්ජනාත්මක ප්‍රකාශයක් කර ඇත. මේ සඳහා උල්පන්දන් දීමට සුදානම්  පිරිස් ඕනෑතරම් සිටින බවද පුවත්පත් වාර්තාවල සඳහන් විය.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වුණ යෝජනාව දියාරුවක් බව "හියුමන් රයිට්ස් වොච්" සංවිධානයද කියා ඇත. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන අසීමිත රුදාවකින් සිටින මෙම සංවිධානය ශ්‍රී ලංකා හමුදා  කොටි ත්‍රස්තවාදීන් පරාජයකල දා සිට මෙවන් චෝදනා නිරන්තරයෙන් ඉදිරිපත් කිරීමට පුරුදුවී සිටිති.

අනුන්ගේ දුක්ගැනවිලි ගැන කිඹුල් කඳුළු හඬන මෙවන් සංවිධානයන්ද ශ්‍රී ලංකාව පිළිබඳව ස්වාධීන ජාත්‍යන්තර නඩුවිභාගයක් පවත්වන්නේ නැත්තේ මන්දැයි මැසිවිලි දොඩති. 

අනුන්ගේ මරණ ගෙවල් වල මලබත බෙදමින් සුපිරි ජීවිත ගෙනයන මානව හිතවාදී සංවිධාන එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අතින් සිදුවුණ සැලසුම් සහගත සමූල ඝාතන හෝ අනෙකුත් කෘරකම් ගැන ඇහැ කන පියාගෙන සිටීම ප්‍රශ්නයක් බව සමහරුන්ගේ මතය වී ඇත.

ඉන්දියාවේ මේදිනවල පවත්වාගෙන යන ශ්‍රී ලංකවට එරෙහි  විරෝධතාවයන්හිදී උසුලාගෙන ඉන්නා පුවරුවල කොටි ප්‍රහාරයන්ගෙන් මියගිය සිංහල දරුවන්ගේ පින්තුරද යොදාගෙන තිබෙනු දැකගත හැකිවිය. 

මේවාට සම්බන්ධ බොහෝදෙනා තමන්  කරන්නේ මොනවාදැයි හරි හමන් අවභෝදයක් නොමැති අය බවත් තැන දුටුකළ වළ ඉහගන්නට වලිකන දේශපාලඥයන්ගේ උවමනාවට පැමිණෙන අය බවත් බොහෝදෙනා පවසති.

මේ අතර ජිනීවා සමුළුව පවතී මුළු කාලය පුරාම සැසිවාරය පැවති ගොඩනැගිලේ   ශ්‍රී ලංකාවට එරෙහි කණ්ඩායම් බොහෝ ගණනක් තම මති මතාන්තර සඳහා සම්මේලනයට සහභාගීවන සාමාජික රටවල නියෝජිතයින් නම්මවා ගැනීමේ වැඩ පිළිවෙළ විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කල බව එහි සිටි එකම ශ්‍රී ලාංකික පුවත්පත් වාර්තා කරු පවසා ඇත. 

ඔහුද එහි ගොස් ඇත්තේ අතේ වියදමිනි. 

මෙම වැඩකටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ සිටින කොටි සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකරුවකු සහ ලෝකයේ රටවල් ගණනාවක සිටින කොටි හිතවාදීන් සහ ඔවුන්ගේ සහායකයින්ද සහභාගී වී ඇත. 



අදහස් (0)

ජිනිවා යෝජනාව දියාරුලු

රොහාන් Friday, 22 March 2013 02:16 PM

ජනකලා වගේ අය ගොඩක් හිටියා යුද්දෙ පටන් ගත්ත කාලේ නම්. දැන් නම් හොද වෙලාවට ටිකක් අඩුයි.(නදී)

:       0       0

අසන්ත Friday, 22 March 2013 02:12 PM

ජනක ඔයාගේ කතාව හරියටම හරි. (ස)

:       0       0

අනුර Friday, 22 March 2013 02:18 PM

මෙයාලට හොදටම පිස්සු. අපේ අහිංසක ළමයි කීදෙනෙක් මැරුවද? කෝ ඒවා ගැන කතා. වැඩක් නැති දේවල් කරලා ඉන්දියාව තරහා කරගන්න එපා. අපි තමිල්නාඩුවට බය නැහැ.(නදී)

:       0       0

ප්‍රියංකර විජේසූරිය. Friday, 22 March 2013 10:10 PM

ඔය බොරු චෝදනා අතඇරලා මේ අපේ රට සිංහල දෙමළ මුස්ලිම් සියලුම ජාතීන්ට ඒකීය රටක් හැටියට සංවර්ධනය කරමු. (ස)

:       0       0

අමිතා Friday, 22 March 2013 02:49 PM

නය නම් ඇමරිකාව චීනෙනුත් ගන්නවා. ප්‍රායෝගික විදියට හිතන්න ඕනේ. කෙහහොම වුනත් ලංතාවේ හැමෝම එක වගේ හිටියොතින් මොනාවත් කරන්න බැහැ.(නදී)

:       0       0

මුතුකුඩ Friday, 22 March 2013 10:55 PM

හේරත් එහෙම කියන්න එපා. ඒ ඒ අයගේ රටතතුළ තියෙන ප්‍රශ්නයක් . අපි අපේ ප්‍රශ්න විසදගමු. (ස)

:       0       0

මුතුකුඩ Friday, 22 March 2013 11:04 PM

සී...සී...සී..සිරානි එහෙම කතා කරන්න එපා. ඉන්දියාව කියන්නේ ලංකාවේ ලොකු අයියා. ලංකාව කියන්නේ ඉන්දියාවේ මල්ලී. අයියලා මල්ලිලා අතර ගැටුම් ඇති වුණත් ටික වෙලාවකින් ඒවා සමථයකට පත්වෙනවා (නි)

:       0       0

තිසල් Friday, 22 March 2013 03:09 PM

තමිල්නාඩුවේ ළඟදීම පිහිටුවන ඊලාම් රාජ්‍යයට ජය වේවා ! (ස)

:       0       0

දමිත් Friday, 22 March 2013 11:10 PM

මට තේරුනා ඕක කලින්ම (දී)

:       0       0

ශාන් Friday, 22 March 2013 03:27 PM

ජනක ඔබ හරි (ස)

:       0       0

චමින්ද Friday, 22 March 2013 03:38 PM

ජනක ඔයා 100% හරි (ස)

:       0       0

සුසීමා Friday, 22 March 2013 03:58 PM

ජනක ඔයාගේ කතාවට මාත් එකඟයි , මුලින්ම කල යුතු දෙය එයයි (ස)

:       0       0

අමරවීර Friday, 22 March 2013 04:13 PM

අපි බය නැහැ කාටවත්. (නි)

:       0       0

අනිල් Friday, 22 March 2013 04:21 PM

ඊලග ඉන්දියා මහමැතිවරණයට තමිල්නාඩුවට ඡන්දෙ ඉල්ලන්න මහින්දයි, රනිල්වයි. පොන්සේකාවයි යවමු.(නදී)

:       0       0

හේවාවිතාරණ Saturday, 23 March 2013 02:35 AM

හරියට හරි, දියාරු තමයි.(නදී)

:       0       0

සමීර Friday, 22 March 2013 04:43 PM

හැම රටකින්ම නය ගන්න එක නවත්වමු.(නදී)

:       0       0

චමින්ද Friday, 22 March 2013 05:00 PM

ජනක, ඔව් අපේ රටේ ස්වයංපෝෂිත කර ගත්ත නම් කාටවත් බිය විය යුතු නැහැ. (නදී)

:       0       0

තරංග Friday, 22 March 2013 05:09 PM

මෝඩ කරුණානිදි හදන්නේ අපේ පිහිටෙන් ගොඩයන්න.(නදී)

:       0       0

හේරත් Friday, 22 March 2013 05:32 PM

කරුණයි, ලලිතයි දෙන්නට තමිල්නාඩුව බෙදා ගන්න බැහැ. හෙට අනිද්දට තමිල් නාඩු ඊලම හදා ගත්තම මොහාන් අයියට තරු විසිවෙයි.(නදී)

:       0       0

ගංගා Friday, 22 March 2013 12:28 PM

නොහොබිනා වැඩ (දී)

:       0       0

කුමුදු Friday, 22 March 2013 12:29 PM

ජාතියන් හැටියට එකමුතු වී සියලු අභියෝග වලට මුහුන දෙමු. අප වටා සිටන සතුරන් පවා මිතුරු කර ගත යතු කාලයකි.(නදී)

:       0       0

ලංකා Friday, 22 March 2013 12:53 PM

විකාර (දී)

:       0       0

කොස්වත්ත Friday, 22 March 2013 12:51 PM

අපේ අසල්වැසි නෑදෑයොද මේ ?? (ස)

:       0       0

රුවන් Friday, 22 March 2013 01:01 PM

ඊළම තමිල්නාඩුවේ හදමු... අපිත් සපොර්ට් , ජයවේවා.! (ස)

:       0       0

කොස්වත්ත Friday, 22 March 2013 06:41 PM

ශ්‍රියාණි, ඔයා හරියටම හරි. (නි)

:       0       0

පාලිත Friday, 22 March 2013 01:06 PM

ඔන්න අපි නොවෙයි කියුවේ (දී)

:       0       0

සිංහ Friday, 22 March 2013 01:10 PM

එතුමාටම තේරිච්ච එකනම් ලොකු දෙයක් (දී)

:       0       0

වරුණ Friday, 22 March 2013 01:05 PM

ඔන්න අපි කියුවානම් හිතන්න තිබ්බා රට වෙනුවෙන් කතා කරනවා කියලා, මේ කියන්නේ ඒ ගොල්ලොමනේ (දී)

:       0       0

ජනක Friday, 22 March 2013 01:22 PM

ඉස්සෙල්ලම ලෝකෙන් ණයට කණ එක නවත්තමු . ඊට පස්සේ සිංහ කතා ක්‍රියාවට නන්වමු (ස)

:       0       0

ලාල් Saturday, 23 March 2013 09:50 AM

එයාම කියපු එක නම් හොදයි (දී)

:       0       0

සමන් Friday, 22 March 2013 01:22 PM

ඇත්ත තේරුණා එක නම් ලොකු දෙයක් (දී)

:       0       0

කුමාර Friday, 22 March 2013 07:32 PM

ශ්‍රී ලංකා ධර්මද්වීපයට වින කරන කොටි හිතවාදීන්ට උඩගෙඩි දෙන අය ඉන්නේ දකුනු ඉන්දියාවේ. සුනාමියකින්, සුලිසුලගිකින්, භූමිකමිපාවකින් සුනු විසිනු වී උත්තර ද්‍රවය දෙසටම තල්ලු වේවා. අපේ උතුමි ශ්‍රී ලංකාව බේරාගැනීමට ජනාධිපතිතුමාට ශක්තිය ලැබේවා!(නදී)

:       0       0

සිරානි Friday, 22 March 2013 01:36 PM

ඉන්දියාවෙ දෙමළ සමාජය කුළබේදයෙන් බේද භින්න වෙලා මානව අයිතිවාසිකම් තියා ඔවුන්ට ජීවත්වෙන්නවත් අයිතිවාසිකම් නැහැ. තමිල්නාඩුවේ ජයලලිතාගේ කරුණානිධිගේ මාළු හොරුටික යාපනේ ලංකවේ මුහුදට ඇවිත් ලංකාවෙ දෙමළ මිනිස්සුන්ගේ මාළුටික හොරකම් කරල දැල් කපල යනවා.ඒ කට විරුද්ධව එකෙක් කථා කරන්නේ නැහැ. ලංකාවේ ඉන්න දෙමළ මිනිස්සුත් හිතන්නේ ඔවුන්ගේ අම්මා ඉන්නේ ඉන්දියාවේ කියල. ලංකාව මවුබිම කියල හිතන එක දෙමළ දේශපාලකයෙක්වත් ලංකාවේ නැහැ. උන්ගේ සියල්ලම තියෙන්නේ ඉන්දියාවේ . එකපයක් විතරක් තියාගෙන ලංකාවේ ඉන්නේ අනෙක් පය ඉන්දි‍යාවේ. සාමාන්‍ය දෙමළ මිනිස්සුත් ගොඩක් අය ඉන්දියාව තමන්ගේ මවුබිම කියල හිතාන ඉන්නේ. ඒ නිසා ඉන්දියාව මොන අසාධාරණය කළත් වුන් කථාවක් නැහැ. ලංකාව හැමදාම බේරගත්තේ සිංහල මිනිස්සු රටවෙනුවෙන් මැරුණෙ සිංහල මිනිස්සු සතුරන්ට එරෙහිව සටන් කළේ සිංහල මිනිස්සු. ඉතිහාසේ බැලුවොත් පෙනෙයි. ඒක දෙමලෙක් හරි ඉන්නවානම් ලංකාව තම මවුබිම හැටියට පිළිගක්න ඒ අයව අපි පිළිගන්න ඔන. ඒවගේම තමිල්නාඩුවට ආවඩන අය ඉන්නවානම් එහෙටම යන්න එහේම ඊලම හදාගෙන සතුටින් ඉනන්. වැඩිපුරම දෙමළ ජනතාව දෙමළසංස්කෘතිය තියෙන්නේ තමිල්නාඩුවෙ. හැබැයි ලංකාවේ දෙමළ මිනිස්සු එක දෙයක් මතක තබා ගන්න ඔන ඉන්දියාවේ මාලු හොර නුබලාට අපේ මුහුදේදිම පහරදෙන විදිහටම තමයි නුඹලට ඔවුන් පහර දෙන්නේ. අනෙක තමිල්නාඩුවේ දේශපාලකායෝ නුඹළට ආදරෙට නොවෙයි කථාකරන්නේ උන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගන්න ඡන්දය දිනුවට පස්සේ ඔක්කම ඉවරයි.(නදී)

:       0       0

ලාල් Friday, 22 March 2013 08:09 PM

නුවන්,සිරානි,ඔයාලගේ කතාවට මාත් එකඟයි.හැම රටක්ම ණය ගන්නවා. (නි)

:       0       0

කුරුවිට Friday, 22 March 2013 01:42 PM

අපේ රට ගැන මෙයාලට පුදුම අමාරුවක්නේ තියෙන්නේ (ස)

:       0       0

හේවාවිතරණ Friday, 22 March 2013 01:50 PM

ඕනානම් තව අවුරුදු පහක් කෑ ගහයි. ඊට පස්සේ කර්මය පලසෙයි.(නදී)

:       0       0

සනත් Friday, 22 March 2013 01:53 PM

පව්! කරුනානිදි කවදාවත් එලි කරගන්නෙ නැති සිහිනය. අන්තිම කාලෙවත් සැනසීමක් නැති හැටි අප්පා. බොරුවට ආයුෂ නැති කම තමා හේතුව.(නදී)

:       0       0

නුවන් Friday, 22 March 2013 01:49 PM

රුසියාව, චීනය මනුස්සකම හදුනන ලොකුකමක් නැති වැදගක් රටවල් මේ ලෝකේ තියෙන එක ගැන අපි සතුටු විය යුතුයි. එයාලා හැමදාම අපිත් එක්ක හිටියා. ඒක අපිට ලොකු ශක්තියක්.(නදී)

:       0       0

නුවන් Friday, 22 March 2013 01:54 PM

100% ඇත්ත , මමත් පිලි ගන්නවා (දී)

:       0       0

හර්ෂ Friday, 22 March 2013 09:02 PM

ඕවා ගෙනකොටම අපි කියුවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1007 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4102 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1283 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 745 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1072 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 715 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site