කොටි සංවිධානයට එරෙහිව රජය හිමිකැරගත් හමුදා ජයග‍්‍රහණය ගැන පැවැත්වූ පරීක්ෂණය හැම මට්ටමකින්ම දෝෂ සහගත යැයි ද අන්තර්ජාතික මට්ටමින් යුද අපරාධ සෝදිසියක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කිසිම ආදේශයක් ඉදිරිපත් කැර නැතැයි ද ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය කීය. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් කමිටුව ඉදිරියේ ශ්‍රී ලංකාවේ ප‍්‍රශ්නය මතුවීමට සතියකට කලින් පිටු 69ක වාර්තාවක් ඉදිරිපත් කරන මෙම සංවිධානය උගත් පාඩම් හා සංහිඳියා කොමිසම දැඩි විවේචනයට ලක් කරයි. 2009 මැයි මාසයේ පැවැති අවසන් යුද්ධයේ දී අඩු ගණනේ දසදහසක් මරා දමන්නට ඇතැයි උතුරේ සේවය කළ සහන සේවකයන් හා ඇසින් දුටුවන්ගේ සාක්කිද ඉදිරිපත් කරමින් ”ක්ෂමා සංවිධානය” කියනුයේ සාමාන්‍ය වැසියන් විශාල වශයෙන් රැුස්වී සිටි ප‍්‍රදේශවලට යුද හමුදාව දැන දැනම ෂෙල් ප‍්‍රහාර එල්ල කළ බවයි. සටනට සම්බන්ධ නැති සාමාන්‍ය වැසියන් මිනිස් පළිහක් ලෙස යොදා ගත්තැයි එම සංවිධානය කොටි සංවිධානයට ද දොස් කියයි. ”යුක්තිය ඉටුවන්නේ කවදාද” යනුවෙන් නම් කැර ඇති මේ වාර්තාවෙන් එම සංවිධානය කියනුයේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ අධිකාරිය, සංයුතිය හා කළ කී දෑ සියල්ල හැම මට්ටමකින්ම දෝෂ සහගත බවයි. එම කොමිසමේ සිටින රජයේ සේවකයන් ගණන උලූප්පා පෙන්වන වාර්තාව සඳහන් කරනුයේ හිතාමතා නීතිය කඩකිරීම, නීති විරෝධී ඝාතන හා බලයෙන් සිදුකළ අතුරුදන් කිරීම් ගැන සෙවීමට එම කොමිසම අපොහොසත් වී ඇති බවයි. අන්තර්ජාතික පරීක්ෂණයක් කරනු වෙනුවට උගත් පාඩම් හා සංහිඳියා කොමිසම ලවා පරීක්ෂණයක් කිරීමෙන් ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික ප‍්‍රජාව නොරැුවටිය යුතු බව ද මෙයින් සිදුවනුයේ යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ අභියෝගයට ලක් නොවීම යැයි ද එම සංවිධානයේ ආසියා ක්ෂාන්තිකර අධ්‍යක්ෂ සෑම් සරිපි කියයි. ශ්‍රී ලංකා රජය කියනුයේ ආරක්ෂක හමුදා අතින් එකම සාමාන්‍ය වැසියකුවත් මිය නොගිය බවයි. එහෙත් පසුගිය අපේ‍්‍රල් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බෑන් කී මූන් විසින් පත් කරන ලද කමිටුව කියා සිටියේ ශ්‍රී ලංකාවේ දෙපාර්ශ්වයම යුද අපරාධ කළ බවට ”විශ්වාස කළ හැකි චෝදනා” ඇති බවයි.
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාක
එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.
අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව
කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැ
ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ජිනීවා සමුළුවට කලින් ඇම්නෙස්ටිය කට අරී