IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජෝන්ස්ටන්ගෙන් වන්දි ඉල්ලා අනුර අධිකරණයට

(රෝෂන් තුෂාර)

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී  ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදුකළ දේවේශ සහගත ප්‍රකාශයකින් සිදුවූ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිසා අධිකරණයේ සාක්ෂි දෙමින් අද(29) ඉල්ලා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂය තංගල්ල නගර ශාලාවේ 2017 වසරේදී සංවිධානය කළේ යැයි කියන  රැස්වීමකදී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයකින් මෙම අපහාසය සිදුවී ඇති බවත් පැවසූ අනුර කුමාර දිසානායක මහතා කැලණිය විශ්ව විද්‍යාලීයේ විද්‍යාවේදී උපාධි සහතිකය ඇතුළු  ලේඛන දහයක් අධිකරණයට ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ සහ සමාජයේ කීර්තියක් උසුලන තමන්ට සිදුකළ අපහාසයට වන්දි අය කර දෙන ලෙසට ඉල්ලා සිටියේය.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා ඉදිරියේ සාක්ෂි කැඳවීය.



අදහස් (25)

ජෝන්ස්ටන්ගෙන් වන්දි ඉල්ලා අනුර අධිකරණයට

මැක්ස් Wednesday, 29 May 2024 12:12 PM

කටේ දිවේ නොගෑ වී ඔබ කියන කෙබරවලට එරෙහිව වන්දි ලබා ගැනීමට ජනතාව හැටියට අපට අවස්ථාවක් නැති නිසා ඔබතුමා ජොන්ස්ටන්ගෙන් ලබාගන්න මිලියන 500 රටේ ජනතාවට ලබාදෙන්න වැඩපිළිවෙලක් යොදන්න බැරිද?

:       104       34

KristoperWednesday, 29 May 2024 03:21 PM

ඒවා පිනට දෙන්න අපිට (මාලිමාවේ අයට) පිස්සු නැහැ ඒත් ඒ සිද්ධිය වුනේ මීට අවුරුදු 7කට ඉස්සර වෙලා නිසා ලැබේද කියන්න බැහැනේ... ඒ වුණත් එහෙම එකක් කළාම අපේ අනුගාමිකයින් වැඩෙවෙනවානේ... කොහොමද ටිකිරි මොළේ...?

:       25       6

පිටිගල මිලානෝ Wednesday, 29 May 2024 12:16 PM

රජයට නොගෙවපු අරක්කු බදු සල්ලිත් ඔය එක්කම දඩ ගසා හිරේ දමා ඉල්ලා ගන්න...

:       11       74

ජගත් Wednesday, 29 May 2024 12:42 PM

හොඳ වැඩේ. හැටි විතරක්...

:       9       58

කාන්ති Wednesday, 29 May 2024 12:44 PM

අනුර ඡන්දෙට බරටම වැඩ...!

:       8       47

Saman Wednesday, 29 May 2024 01:05 PM

මේ ඔක්කොම එකවල්ලේ බඩු කියලා තමයි කියන්න තියෙන්නේ..!

:       76       29

Surain Wednesday, 29 May 2024 01:40 PM

ඔයත් ඉතින් අසික්කිත වැඩ කරනවනේ... වැඩ නැති කයියනායක.

:       78       23

සෙනෙවිරත්න Wednesday, 29 May 2024 01:49 PM

සමන්, බාර්, ස්කාගාර හිමියත් අනුරත් එකවගේ පේනවා කියන්නේ අමුතුම අසනීපයක් හැදිලා, කමක් නැහැ... මේ පාරත් බාර් කාරයටම කතිරෙ ගහන්න අනුරගේ ක්‍රියා කලාපය දන්න ලක්ෂ ගණනක් ඉන්නවා ඔහුුට සහායට...

:       15       70

සෙනෙවිරත්න Wednesday, 29 May 2024 01:51 PM

ජීවිතේට උසස් අධ්‍යාපනයක් නොලබපු මේ බාර්කාරයා අරක්කු දීලා හදපු සහචරයෝ මොහුට පක්ෂව කමෙන්ට් දාන බව පැහැදිලිවම පේනවා.

:       17       90

Lakmal Wednesday, 29 May 2024 02:45 PM

ජොනීට සහයට කමෙන්ට් දාන අය මොලයක් තියෙන අය වෙන්න බැහැ.

:       13       62

අරවින්ද මොනරවිල Wednesday, 29 May 2024 02:49 PM

වාචාලකමට කටමැත දොඩවන නූගත් අමනෝඥ දේශපාලකයින්ට පාඩමක් ඉගෙන ගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා වගේම... ඒ අයට කඩේ යන අමනයින්ටද තමන්ගේ නැහැදිච්චකම් මතක්කර ගන්න සුදුසු වේලාවක් ලැබිලා තියෙනවා...!

:       12       51

ගමේ එකාලා Wednesday, 29 May 2024 02:57 PM

8 වත් පාස් නැති එතනෝල් ජොනියාගේ අරක්කු වලට කඩේ යන වහලුන්ට නම් අවුලක් තියෙන බව පේනවා.

:       11       46

Bernard Perera Wednesday, 29 May 2024 03:08 PM

අනුර කුමාර දිසානායක මහතා දැනඋගත්, බුද්ධිමත් තරුණ දේශපාලන නායකයෙක්. ඇත්ත ඇති සැටියෙන්ම රටට හෙළි කරන, හොර, බොරු, වංචා, දූෂණ, කප්පම්, මිනිමැරුම් චෝදනා නැති එකම නායකයා...

:       15       53

Ruwan De Silva Wednesday, 29 May 2024 03:23 PM

මට වඩා අවුරුද්දක් ඉහළ පන්තියේ කැලණියේ හිටියේ මට මතක විදියට අනුර කරේ භෞතික විද්‍යාව. ඒ දවස්වල නම් වැඩි කතාවක් නෑ. හැබැයි දේශපාලනයට බැහැලා වැඩ. කැම්පස් එකෙන් පස්සේ මට ආයෙත් හම්බවුණේ සුනාමියට කලින් මම රට යන්න මාස 3කට පෙර. ජොන්ස්ටන් වගේ ඉස්කොලේ ගිය නැති කෙනෙක් නෙමෙයි අනුර, මට සාක්ෂි විදියට වුණත් පෙන්නන්න පුළුවන්... අපි ඒ කාලේ ගත්තු ඡායාරූප...

:       7       52

swene Wednesday, 29 May 2024 05:11 PM

කටහැකර ජෝනිට අනුරගේ විචක්ෂණ දැනුමට කිට්ටු කරන්නවත් බැහැ...!

:       6       32

නිහාල් Wednesday, 29 May 2024 05:16 PM

ඉස්කොලේවත් නොගිය කෙනෙක් ප්‍රශ්න කරනවා උපාධියක්... කුරුණෑගල ජනතාවගේ බුද්ධිය තමයි...!

:       5       25

chandimal Wednesday, 29 May 2024 05:18 PM

ආදායම් බදු නොගෙවන කෙනෙක් වන්දි ගෙවයිද?

:       2       22

dasun Wednesday, 29 May 2024 05:20 PM

හොඳ නඩු නිමිත්තක් තියෙනවා නම් විත්තිකරුගේ නමින් ඇති දේපළ වලට තහනමක් දාන්න.

:       3       15

චන්දිම ෆොන්සේකා Wednesday, 29 May 2024 05:31 PM

අසරණ අම්මා කෙනෙකුට එක පිට එක මේ වගේ විපතක් වුණාම උදව් කරන්න පුළුවන් නම් ඒක කරනවා මිසක් ඒක විහිලුවකට අරගෙන අරක, මේක... ගොන් තර්ක, උසුළු විසුළු කරන එක මනුෂ්‍යත්වයට ගැලපෙන්නේ නැහැ...

:       0       3

Fairoos Wednesday, 29 May 2024 06:57 PM

ජොනීටත් සීට් එක නැති වුණොත් කොච්චර හොඳද?

:       4       19

ලක්ශ්මි දසනායක Wednesday, 29 May 2024 08:08 PM

ඇත්තෙන්ම දැනට තිබෙන සමහර නීති වලින් හුගක් දෙනෙකුට යුක්තිය ඉටු වෙන්නෙ නැහැ. හුගක් වෙලාවට නොදැනීම කාලය ඉකුත් වෙලා. මේවා සංශෝදනය කරන්න හැකියවක් තියෙනවා නම් ඒක විශාල සහනයක්.

:       1       12

ජයවොර්දන Thursday, 30 May 2024 09:19 AM

මට මෙවා දැක්කාහම තාමා සමිතා මුදුන්කොටුවගෙ පුතාව මතක් වෙන්නෙ.

:       3       7

Ann Thursday, 30 May 2024 12:31 PM

කව්ද බං මේ ජොනීට පව් කර කර කමෙන්ට් කොටන කට්ටිය .මේකෙ වැඩිපුර ඉන්නෙ කුලී පදනම යටතේ කොටන අය. නැත්නම් ඇස් කන් නාස නැති සාටකයෝ

:       0       2

Chandana Mohotty Thursday, 30 May 2024 12:57 PM

කම්බ හොරු දෙනෙක්ගේ රගපැම්.

:       1       0

බයිලා අනුර Friday, 31 May 2024 11:08 AM

අවු 7 කට පස්සේ හදිසියේම මොකද මේ. ඔයාගේ රට කෙරුවාවත් ඔහොමද? යහපලනේ රජගෙදර කවටයාටත් එහා යයි වගේ

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 195 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1107 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3851 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2933 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3390 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1487 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site