IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීම ඉවතට

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

රිමාන්ඩ් බාරයේ සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ඇප ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

 

ඒ අනුව නඩුව අවසන් වනතුරු කුරුණෑගල මහාධිකරණය තමන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගත් තීන්දුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනු කළ  ප්‍රතිශෝධන  පෙත්සම ද අභියාචනාධිකරණය අද (17) ප්‍රතික්ෂේප කරන ලදී.

 

පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන් ඉදිරියේ අද (17) කැදවිණි.

 

ලංකා සතොස සමාගමට අයත් කුරුණෑගල යන්තම්පලාව ශාඛාවෙන් භාණ්ඩ තොගයක් ගෙන ඊට අදාළ ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකුට එරෙහිව නඩු පවරා තිබූ අතර එම නඩු විභාගය ආරම්භ කළ අවස්ථාවේදීය. එය නීතියට පටහැනි බව පෙත්සමේ සදහන් වේ.



අදහස් (11)

ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීම ඉවතට

පිටිගල මිලානෝ Monday, 17 September 2018 09:51 AM

ඇප නෙවෙයි ඉක්මනින් අච්චු කරන්න කරලා තියෙන වංචා වලට.

:       6       521

Bamunuarachchi Monday, 17 September 2018 09:59 AM

කථා දෙකක් නැත ඔබ වැරදි කලානම් දඬුවම් විදින්න. අපිට‍ කාගේවත් වෙනසක් නොමැත. අපිට‍ ඔබට දෙන දඬුවම දැඩිවීමේ එකම ප්‍රයෝජනයනම් ඔබලාට අවස්ථාව පැමිණිවිට ඔවුන් කරනලද වැරදි වලටත් ඊටත් වඩා දැඩි දඬුවම් පැමිණවීමයි.

:       0       1

Appuhaamy Monday, 17 September 2018 11:18 AM

මෙයාට අලුත් දවසක පායන ඉර බලන්න දෙන්නෙම නැදිද?

:       2       63

සතයපාල Monday, 17 September 2018 01:00 PM

රටේ අධිකරණ පද්ධතිය ස්වාධීනව හා නිවැරදිව කටයුතු කරන බව පෙනෙන විට හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ.

:       390       411

mohanMonday, 17 September 2018 02:25 PM

ඇත්තද? කවදද මහබැංකු හොරු ටික ඇතුළට දැම්මේ?

:       282       328

SugathTuesday, 18 September 2018 04:13 AM

මේ අයට කවදාවත් තමන්ගේ ඡන්දය දෙන්නනම් එපා. අපිට ඕනේ සීලාචාර සමජයක්. හැමදාම කතාව මහා බැංකු හොරුන් ගැන.

:       80       31

amaraTuesday, 18 September 2018 06:26 AM

නඩුවක් දාන්න මෙයා

:       0       0

Roshan Monday, 17 September 2018 01:03 PM

ලංකාවේ අරක්කු හින්දා වැඩියෙන්ම දුක් විඳින්නෙ පොඩි ළමයි. ඒ ළමයි වෙනුවෙන් මේ කාලකන්නි තැබෑරුම් කාරයින්ව සදාකාලිකව හිරේ යවන්න ඕනේ...

:       0       170

pitastharaya Monday, 17 September 2018 02:20 PM

එහෙම හොඳ නැහැ. ශ්‍රී ලාංකිකයා පාලනය වන්න කැමති මෙවැනි හොරුන්ගෙන් මොහු ඇතුළු මෙවැන්නන් සියල්ල නිදොස් කර නිදහස් කල යුතුයි. කිංග් මරන්න කොටි ගෙනල්ලත් කිංග් පීචන් වෙලා මෙයාව බේරුවා...

:       0       34

wasantha Tuesday, 18 September 2018 03:42 AM

අනෙත් නඩුත් ඉක්මනින් අසා නිමකරන්න. මෙය විත්ති කරුවන්ට සාදාරනය සිදු වීමක්. අධිකරණය හිස නමා අචාර කරමු.

:       0       9

vajira Tuesday, 18 September 2018 03:56 AM

පසුගිය ආණ්ඩුවේදී ගහපු ගැහිලි හින්ද තමා අදටත් ලංකාවට ඔලුව උස්සන්න බැරි. බලාගෙන යනකොට මේ ආණ්ඩුවේත් හොරු ඉන්නවා. ඒ අයටත් දඬුවම් දිය යුතුයි.

:       59       101

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 711 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 340 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 462 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1249 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 727 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 4449 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 598 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site