IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ජොන්ස්ටන්ගේ ලේකම් සතොසෙ දොරක් කඩයි

කොළඹ කොම්පඤ්ඤවීදීයේ සතොස ගොඩනැගිල්ලේ හය වැනි මහලේ වීදුරු දොරකට අලාභ හානි කළ සම්බන්ධිකරණ ලේකම්වරයකුට රුපියල් එකොළොස්දහස් දෙසිය පනහක් වන්දි ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

මෙසේ වන්දි නියම වුයේ වෙළෙද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු වන දොන් පීටර් නානයක්කාරටය.2012 දී එම වීදුරු දොර කඩා හානි කර තිබිණි. සතොසේ මුදල් හා විගණන අංශයේ පිවිසුම් දොරටුව පිහිටියේ ඒ මහලේය.

ඔහු ඊට හානි කළ බව සොයා ගැනුණේ ඔහුගේ ඇඟිලි සලකුණු තුනක් එහි සටහන් වී තිබීමෙනි.2013 ජුලී 31 වැනිදා එම ගොඩනැගිල්ලේ ගින්නක් හටගත් බවත් ගින්නට කලින් එම දොර කඩා ඇති බවට  කොම්පඤ්ඤවීදියේ පොලීසියට පැමිණිලි කළ බවත් අධිකරණයේදී කියැවිණි.

දෙපාර්ශවයේම එකඟත්වයෙන් සිද්ධිය සමථකට පත් විය.

 

 

 

 



අදහස් (0)

ජොන්ස්ටන්ගේ ලේකම් සතොසෙ දොරක් කඩයි

ලලින්ද්‍ර Tuesday, 01 July 2014 10:01 AM

ගින්නට ඉස්සරවෙලා විගණන අස්සේ දොර කඩලා නම් ඉතින් නිකම් නෙමේනේ දොර කඩලා ඇත්තේ. ලිපි ගොනු එහෙමත් අතුරුදහන් වෙලා ඇතිනේ. ඊට පස්සේ එ්ක වහන්නයි ගින්න පටන්ගන්න ඇත්තේ. ඒ ගැන හොයල නැද්ද? අනේ මන්දන්නේ නැහැ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ (නදී)

:       0       0

නිශාන්ත Monday, 30 June 2014 07:54 PM

අතිගරු ජනාධිපති තුමනි මේ සිද්දිය ගැන සොයාබලන්න (දී)

:       0       0

සිරා Monday, 30 June 2014 08:09 PM

ඔච්චර කල් යන්නෙ නැහැ 2012දිම හයවෙනි මහලෙ ඉඳන් පොලවට තියන දුර එයාටම මනින්න කිව්ව නම්.ජනතා දේපල මේ විදියට විනාශ කරන්න කවුද බලපත්‍ර දුන්නෙ... (දී)

:       0       0

සුනිල් Monday, 30 June 2014 11:10 PM

මේ දන්නේ නැති නිසා අහන්නේ. එහෙමත් නඩු සමතයකට පත් කොරගන්න පුලුවනිද? දැන් කවුද ඔය කියන දෙපාර්සවේ? (දී)

:       0       0

අජන්ත Tuesday, 01 July 2014 12:00 AM

මෙහෙම සමථයකට පත්වුණ එක හොඳයි එක අතකට (නි)

:       0       0

කාන්ති Tuesday, 01 July 2014 04:15 AM

මොනවා වුණත් රාජ්‍ය දේපළකට හානිකිරීම වැරදියි (නි)

:       0       0

එරංග Tuesday, 01 July 2014 04:35 AM

අනේ ඇත්තට, මෙහෙමත් දේවල්? (නි)

:       0       0

එඩ්වර්ඩ් Tuesday, 01 July 2014 04:52 AM

මොකටද දන්නෙ නැහැ දොර කැඩුවේ? (නි)

:       0       0

පෙරේරා Tuesday, 01 July 2014 04:53 AM

සුනිල්, මටත් තියෙන ප්‍රශ්නය ඒකම තමයි. ඔහොම යමු. ආශ්චර්යය අපේ අත ළඟ. (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 01 July 2014 06:24 AM

නඩුයි බඩුයි කාගේ වුණත් මේ දේපල අපේ. (මහජනතාවගේ) (නි)

:       0       0

චමින්ද Monday, 30 June 2014 05:23 PM

වෙන කෙනක් කරා නම් එහෙම, සමතය කෙසේ වෙතත් සැහෙන කාලයක් ඇතුලේ ඉන්න වේවි. (දී)

:       0       0

ගාමිණී - සිරි Monday, 30 June 2014 05:27 PM

ඔය කියන සම්භන්ධී කරණ ලේකම් වරයා ස.තො.ස. කරාටේ සංගමයේ බ්ලැක් බෙල්ට් කාරයෙක් වෙන්න ඇති.! (දී)

:       0       0

නිල්මිණි Monday, 30 June 2014 05:29 PM

ලංකාවේ නඩුවක් ඉවර වෙන්න යන කලක් අප්පා,මෙතරම්ම උසාවිය කාර්ය බහුලද (දී)

:       0       0

ලුම්බිණි Tuesday, 01 July 2014 08:34 AM

ගොඩනැගිල්ලේ ගින්න සහ අලාභය ගැන තවත් හොයන්න දෙයක් නැහැ. නඩුව සමතයකට පත් වෙලා නේ. (නදී)

:       0       0

තරිඳු Monday, 30 June 2014 05:52 PM

වෙන කෙනෙක් කළා නම් හිරේ.(දී)

:       0       0

සත්‍යයා Tuesday, 01 July 2014 07:36 PM

මේ වාගේ සත්ගුණවත් පුද්ගලයන් සම්බන්ධීකරණ ලේකම්ලා හැටියට පත් කරගැනීමම මදෑ ඉතින්... (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 01 July 2014 09:28 AM

නිතිය වල්වැදිලද? නැත්තම් ඕන ඕන අය මේ නිතිය ඕන ඕන විදිහට පරිහරණය කරනවද? (නදී)

:       0       0

මහින්ද Tuesday, 01 July 2014 07:44 PM

මෙහෙම පුලුවන්ද රාජ්‍ය දේපළ වනසන්න? (නි)

:       0       0

නලින් Monday, 30 June 2014 06:33 PM

මට මතක් වෙන්නේ අම්බලමේ පිනාගේ කතාව. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 1 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 284 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2084 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 231 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 944 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1022 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24769 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site