සතොස මුදල් වංචා කළැයි චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවූ බවත් ,ඒ වෙනුවෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් ලබාදෙන ලෙසත් ඉල්ලා හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනුකළ පෙත්සම ලබන 30 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීරණය කළේය.
චන්ද්‍රා ඒකනායක , සරත් ආබෘෘ, උපාලි අබේරත්න යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවිණි. එසේම පෙත්සම සම්බන්ධයෙන් වන නොතීසි පෙත්සමේ වගඋත්තරකරුවන් වන මූල්‍ය වංචා විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ,එහි ස්ථානාධිපති ,අගමැති රනිල් වික්‍රමසිංහ ,කැබිනට් මණ්ඩලය ඇතුළු 45 දෙනාට ලබාදීමෙන් පසු පෙත්සම කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක
අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජොන්සටන් කෝටි 50ක වන්දි ඉල්ලා උසාවියේ
ඇල්ලේ කුඩාබණ්ඩා Thursday, 18 June 2015 04:04 AM
තිලකරත්න බණ්ඩා තුන් ලෝකේ කොහේ ගියත් කරන්නේ කාගේ හෝ විවේචනයක්ම තමයි. ඒක සංසාර පුරුද්ද වෙන්ට ඇති. (ම)
සරත් සෞදි Wednesday, 17 June 2015 12:00 PM
දඩයම යහපාලනය මැද වෛරයේ වෙනස මේකයි (නදී)
මර්සි ප්‍රනාන්දු Wednesday, 17 June 2015 12:11 PM
ඔබට බියවන්නට කිසිම දෙයක් නැහැ. ඔබට ජනතා සහාය සහ ආශිර්වාදය ලැබෙනවා. ජයවේවා! (නි)
චන්ද්‍රා Wednesday, 17 June 2015 12:30 PM
මේවා සමහරුන්ට අනාගතයට හොඳ ආදර්ශ වේවිද දන්නෙ නැහැ (නි)
නිමාෂා Thursday, 18 June 2015 05:45 AM
මැදපෙරදිග රැකියාවන් සඳහා යන බහුතරයකගේ පවතින්නේ ලෝභසහ මෝහ මුල චරිතයක්. ප්‍රඥාව අඩුවීම ඛේදවාචකයක්. මෙනිසා දෝෂ මූල බව ද වැඩිවෙනවා. තිලක්ගේ වීවේචනය සන්වේගදායකයි. (ම)
පරා Wednesday, 17 June 2015 01:19 PM
අස්ථාන ගත චෝදනා එල්ල කරනවට හොදම වැඩේ කොටි 50 ක් නම් මදි, හිර බතුත් කෑවනේ, (අ)
කලණි Wednesday, 17 June 2015 01:23 PM
කෝටි 50 අඩු කරන්නවත් වැඩි කරන්නවත් එපා. ඔබේ නිවරැදිභාවය ඔය ඉලක්කමෙන් මතු කරනවා. (අ)
හේවාකුමාර Wednesday, 17 June 2015 01:41 PM
එක එක්කෙනා කෝටි ගණන් ඉල්නකොට දෙන්න පුළුවන් ඇති මහජනතාවගේ එක සත පහක්වත් නොදී (නි)
වීරසිංහ Wednesday, 17 June 2015 02:53 PM
ඔබ ඒ දිනවල බොහෝ අයගෙන් මුදල් ඉල්ලා ලබා ගැනිම හුරුපුරුදු දෙයක්නෙ. ගත්තු ඒවා මදිද? දන්නෝ දනිති එවා ගැන. දීපු අය කට අරින්නේ නැති නිසා ඔබ බේරි සිටින බව සිතාගෙන කටයුතු කරන්න (අ)
තිලක්- ඩුබායි Wednesday, 17 June 2015 03:44 PM
හොරු නඩු දාන කාලයක් ඇවිත් තියෙන්නේ. මම පුදුම නොවෙමි. ඒ අන්තර්ජාලය විසින් දැන් සිදු කෙරෙමින් පවතින නවතම තත්වය හෙළිදරව්ව නිසාවෙනි. (නදී)
තිලක්- ඩුබායි Wednesday, 17 June 2015 03:45 PM
ඉදිරියේදී ඒකාධිපතියා සහ ඔවුන්ගේ සහෝදර සහෝදරියනුත් තමාට සිදු උන අවනම්බුව වෙනුවෙන් නඩු මගට පිවිසෙන්න පුළුවනි. එ්ත් මම පුදුම නොවෙමි. ඒ අන්තර්ජාලය විසින් හෙළි කරන නවතම හෙළි දරව්ව නිසාවෙනි. (නදී)
තිලක්- ඩුබායි Wednesday, 17 June 2015 03:47 PM
ඉදිරියේදී රටට සහ රටේ සමස්ත ජනතාවටම සුකිත මුදිත කාලයක් එලබෙනු ඇති. ඒ බව දැන් පසක් වී ඇත.රටට දෙවියන්ගේම පිහිටයි.(නදී)
තිලක්- ඩුබායි Wednesday, 17 June 2015 03:49 PM
ලංකාවේ අසරණ මිනිසුන්ට රුපියල් 100 යත් වටිනවා උනාට ලංකාවේ දේශපාලකයන්ට රුපියල් කෝටියත් "කජු අැට කොස් අැට" ගානට පත් කරගෙන ඇති. (නදී)
තිලක්- ඩුබායි Wednesday, 17 June 2015 03:52 PM
අපි හීනෙකින්වත් නොහිතපු සිදු වීම් දැන් සිදු වෙමින් පවතිනවා. හරිම කනගාටුයි. (නදී)
තිලක්- ඩුබායි Wednesday, 17 June 2015 03:52 PM
මහජන මුදල් හොරා කාපු කිසිම කම්බා හොරෙක්/මෙගා හොරෙක් ඉදිරියේදී අල්ලන්නේ නැහැ/නඩු දමන්නේ නැහැ කියන එකනම් ඉර හද වගේ විස්වාසයි. හරිම කනගාටුයි.(නදී)
ප්‍රසන්න -ඩුබායි Wednesday, 17 June 2015 04:38 PM
කවුද මේ තිලක්.? එයා රට හිටියට ලංකාවේ හොරු ගැන හොදට දන්නවා වගේ මට තියෙන ප්‍රශ්නේ මෙයාට මෙච්චර වෙලාව තියෙන්නේ කොහොමද කියලා දුබි කියන්නේ ලෝකේ තියෙන කාර්ය භාහුල නගර වලින් එකක් මෙයත් ලොකු බොරු කාරයෙක් වගේ.? (ර)
තිලක් -ඩුබායි Wednesday, 17 June 2015 05:29 PM
ප්‍රසන්න -ඩුබායි.මම ඩුබායි ඉන්නේ මගේ දරුවන්ට හොඳට කන්න අඳින්න උගන්වන්න ඕනෑ නිසා මිසක් සතුටකින් නෙමෙයි.කවදාහරි දවසක අපි ඉපදුන අපේ මව්බිමට යන්න ඕනෑ.ඒ කියන්නේ අපේ රටක් තිබෙන්න ඕනෑ.ඒ නිසා රටේ මොනවද වෙන්නේ කියලා සොයා බලන්න අයිතියක් අපිට තිබෙනවා.ඒකාධිපති පවුලක් නිකම්ම ගෙදර ගියේ නැහැ.නිකම්ම දාලා ගියෙත් නැහැ.ඩුබායි රටේ හිටියත්,ඒ සඳහා කරන්න පුළුවන් උපරිමයෙන් රට වෙනුවෙන් අපි කරලා තිබෙනවා. (නි)
තිලක් -ඩුබායි Wednesday, 17 June 2015 05:37 PM
ප්‍රසන්න -ඩුබායි,අපි මැදපෙරදිග ඉඳලා ගෙනෙන බඩු පෙට්ටිය ගලවලා පැදුරක් එලලා මුළු පෙට්ටියම ඇදලා පුළුවන් තරම් බදු ගහනවා.ඒ විතරක් නෙමෙයි නැවත එනකොට විදෙස් සේවා එකෙන් ගහපු බද්දත් රුපියල් 3200 සිට 11,800 ක් දක්වා වැඩි කරගත්තා.ඒ රුපියල් 11,800 ගෙවාගන්න බැරුව/නැතුව දවස ගානේ මොනතරම් පිරිසක් අසරණවෙලා ගුවන් තොටුපොළේ ඉන්නවද කියලා බලන්න.අපි කඹුරන්නේ අපේ මහජන මුදලින් එක පවුලක් සහ පවුල් වනාන්තරක් නිවන් දක්වන්න නෙමෙයි.අපිට ලේ දෙන්න පුළුවන්.ඒත් මොළේ දෙන්න බැහැ.කණගාටුයි. (නි)
විපුල Thursday, 18 June 2015 12:15 AM
තිලක් මහතා,ඔබ කඩේ යන ඔය යහපාලනය ගැන දැනගන්න ලංකාවට එන්න. ඔබේ වැඩිහිටියන්ගේ පින් පඩියවත් ගෙවනවද දැන්? (නි)
දිලාන් Thursday, 18 June 2015 12:23 AM
අපේ සමහර දේශපාලකයන්ට කාගේ නැතත් බවලතුන්ගේ ආශිර්වාදය නම් නොඅඩුව ලැබෙනවා. පින තමයි! (නි)
ඇසළ Thursday, 18 June 2015 12:53 AM
තිලක් ඩුබායි ඔටුවන්ගේ නමත් කනවා ඩුබායි කියලා. (නි)