IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ජොන්ස්ටන්-කිරිඇල්ල ගැටී මැතිසබය උණුසුම් වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මහාමාර්ග අමාත්‍ය සහ  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල යන මහත්වරුන් අතර මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක්   නිසා  මැතිසබයේ උණුසුම් තත්වයක්  අද (15)  පෙරවරුවේ ඇතිවිය.

මේ අවස්ථාවේදී දෙදෙනා අතර සභාවට නොගැලපෙන වචන කීපයක්ද හුවමාරු වනු අසන්නට ලැබිණ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දෙදෙනා අතරේ  ඇතිවූ   බහින්බස්වීම  නතර කරවීමට බලවත් පරිශ්‍රමයක් දැරුවේය.

මේ එහිදී  ජොන්ස්ටන්  ප්‍රනාන්දු සහ ලක්ෂ්මන් කිරිඇල්ල අතර ඇතිවූ සංවාදයයි.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම  කුරුණෑගල අතර කොටස  ඉක්මනින්ම විවෘත කරන්න කියලා  ඉල්ලා සිටිනවා. මෙය විවෘත කළ හැකි බව ඉංජිනේරුවරුන් මට කිව්වා.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා:

පසුගිය යහපාලන ආණ්ඩුව මේ මාර්ගයේ කිලෝමීටරයකට  ලක්ෂ දහදාහක්  වැඩියෙන් දුන්නා. අගමුල නැතුව පාර හැදුවෙ. මේවා කරපු අය අද ඉන්න ඕන හිරගෙවල්වල.

(සභාවේ  ඝෝෂා)

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා :

මම හොර අරක්කු, කසිප්පු පෙරපු කෙනෙක් නොවෙයි.මෙතන පුටු බයිබල් පොළේ ගහපු කෙනෙකුත් නොවෙයි. මගෙන් මේවා අහගන්න එපා.අපි අහන දේවල්වලට උත්තර නැති නිසා මෙතුමා  මට  මඩගහනවා. මම මෙතන ඇහුවෙ පාර අරින්නෙ  කවද්ද කියල විතරයි.

(ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කෑ ගසති )

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා:

මෙයා නිකන් පොතකට බයිබලය කියනවා. ඔබතුමා නිකන් කාලකණ්ණි වෙන්න එපා. තුට්ටු දෙකේ දේශපාලඥයා.

(සභාවේ යළිත්  ඝෝෂා)

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:

මෙතන  බයිබලයක් නැහැ.



අදහස් (7)

ජොන්ස්ටන්-කිරිඇල්ල ගැටී මැතිසබය උණුසුම් වෙයි

Dharmatileke,Nihal Monday, 15 November 2021 01:46 PM

කිරිඇල්ල මහත්තයෝ... අවලස්සන අයගේ කටින් එන්නේ බාල වචනනේ...

:       9       11

Bamunuarachchi Monday, 15 November 2021 01:46 PM

කිරිඇල්ල උන්නැහේ... ජොන්සන් කතා කළේ පාර ගැන තමයි. ඔහෙලගේ වියදම ගැන... මේ ගොල්ලෝ වැඩිය වියදම් කරලා නම් ඒ ගැනත් කියන්න...

:       15       13

sharm warn Monday, 15 November 2021 03:44 PM

බමුණු, මට නම් පේන්නේ ඔය ජොනියගේ සහෝදරයෙක්ද කොහෙද? කිරිඇල්ල ඇහුවේ පාර විවෘත කරන දසාව කවද්ද කියලා මිසක් පාර හදන්න ගිය වියදමක් ගැන නොවේ. ජොනියගේ කටේ තියෙන්නේ ඡන්ද වේදිකාවල කියන්න කටපාඩම් කරපු පල්හෑලි සහ කෙප්ප විතරයි.. ඔය පාරවල් හදන තාලෙට රට දියුණු වෙලා නම් අපිට මෙච්චර ආර්ථික අර්බුදයක් එන්න හැටියක් නැහැනේ...

:       2       7

BamunuarachchiMonday, 15 November 2021 11:50 PM

මොවුන්ගේ හෝරවැඩ එලියට දමන්න ජෝනිය කිරිඇල්ලගේ කතාවෙන් මග පාදා ගත්තා එහෙමයි නියම කතා කාරයෝ. ඔහෙට බැරි උනාට අපි එහෙමයි. බල්ලාගෙ නකුට අල්ල ගත්තාම බෙල්ල මිරිකලයි නවතින්නේ තේරුනාද?

:       0       0

සුරලොව ඇල්මන් Monday, 15 November 2021 04:01 PM

කිරිඇල්ල මැතිතුමා ඔබතුමාට බුදු දහම අදහන කෙනෙක් ලෙසට පළමු මංගල කාරණය අමතක වීම අපිට දුකක්..

:       2       1

Raveendra Monday, 15 November 2021 05:47 PM

අනේ බලන්නකෝ රටේ මහජනතාව වෙනුවෙන්ම සේවය කිරීමට පට්ටියේ මිහරකුන් අං පටලවාගෙන කෑ මරාගන්නේ අහිංසක ජනතාවගේ සුබසිද්ධිය උදෙසාමනේ...

:       0       1

BamunuarachchiMonday, 15 November 2021 11:53 PM

දැන් ජෝන්සන් හොරෙක් නම් කිරිඇල්ල කටවහගෙන ඉන්නේ නැහැනේ. ජොන්සන් හොරෙක් නම් මෙතන කිරිඇල්ලගෙ හෝරවැඩ එලියට් අදින්නේ නැහැනේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1262 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1091 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1034 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 676 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 579 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5237 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25394 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 369 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site