IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


ජනාධිපති අනුරට දෝෂාභියෝගයක් ගේනවා

(යොහාන් භාසුර)

අනාගත පාර්ලිමේන්තුවට ජනතාව තමන් තෝරාගත හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගය කෙටුම්පත් කිරීම සහ ඉදිරිපත් කිරීම යන කාර්යන් දෙකම ඉටුකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය’ සම්බන්ධ කමිටු වාර්තා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කොළඹදී අද (28) පෙරවරුවේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය. ජාතියෙන් සමාව ගෙන රවී සෙනෙවිරත්න ඉවත්කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයාට තවමත් පවතින බවත් එය නොකළ හොත් පමණක් දෝෂාභියෝගය ඉදිරිපත් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ, රිෂාඩ් බදුර්දීන් සහ රාජිත සේනාරත්න යන මහත්වරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා කෙටුම්පත් කරමින් එම හැකියාව ප්‍රදර්ශනය කර ඇති බව කී ඒ මහතා ජනතාව තමන් පාර්ලිමේන්තුවට නොයැවුවද ‘සර්වජන බලය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයේ විමර්ෂණය භාරව සිටින්නේ ලොකුම චූදිතයෙක් බව කී ගම්මන්පිල මහතා පැවසුවේ අනුර කුමරු රජ වූ පමණින් කෝමාවෙන් හෝ කොමාවෙන් හදිසියේ නැගිට උදය ගම්මන්පිල චෝදනා නැගීමක් නොවන බවත්ය.

උදය ගම්මන්පිලගේ වසර 25 ක පමණ ඉතිහාසය තුළ ආණ්ඩුව කරන වංචා දූෂණ හෙළිදරව් කිරීම් ප්‍රදර්ශනය කර ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (17)

ජනාධිපති අනුරට දෝෂාභියෝගයක් ගේනවා

dileepa Monday, 28 October 2024 12:26 PM

ඒ කියන්නේ දෝෂාභියෝගේ එන්නේ නෑ. මොකද පොර පාර්ලිමේන්කුවේ නෑනේ...

:       53       11

සෙනෙවිරත්න Monday, 28 October 2024 12:43 PM

තමුන් කලේ සුරේෂ් සලේ හෝදලා රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාත් එක ඉටු කරපු එක. අනෙක විදෙස් චැනල් එකක ප්‍රචාරය වෙච්චි ඕපාදූපයකට කමිටු දාන්න ඕනෑ නම් අර පැනමා පේපර් වල තිබිච්චි ඒවාට ගම්මන්පිල පිනුම් ගහන්න එපාද? කෝ ඒවාට ගෝඨාභය දාපු කම්ටු වාර්තා? අනේ ගොම්මන්පිල තමුන්ගේ හේදිල්ල ගැන රටම දන්නවා. අර ඕස්ට්‍රේලියන් කාරයාගේ සේසත සුද්ද කරපු නඩුවට වෙන දෙයක් බලාගන්න...

:       58       9

දීපාල් Monday, 28 October 2024 12:43 PM

කොහොමත් ගෙම්බෝ යවන්නේ නෑ. ගියත් තනියේම තමයි ඉන්න වෙන්නේ... මෙයා කවුද...?

:       51       22

සෙනෙවිරත්න Monday, 28 October 2024 12:44 PM

මේ වාර්තාව අමුතු දෙයක් නොවෙයි, මේක බොහෝදෙනෙක් ළඟ තියෙනවා කියලා පලවෙලා තිබුණා. ඒක නිසා මේක නිකන් පිළුන් වෙච්චි කතාවක්...!

:       31       20

amila Monday, 28 October 2024 12:46 PM

මේ වගේ මිනිස්සුන්ව රටින් පිටුවහල් කරන්න විදියක් නැද්ද?

:       39       55

සමන් විමල් Monday, 28 October 2024 01:32 PM

අමිල ඔබ වැනි තේරුමක් නැති මිනිස්සු සිටින තාක් ඒ අයද සිටිය යුතුමයි.

:       0       0

Perera Monday, 28 October 2024 12:50 PM

ඊට කලින් ජනතාව ඔබට දෝෂාභියෝගයක් ගෙනල්ලා පාර්ලිමේන්තුවට එන්න දෙන්නේ නෑ

:       29       55

රම්බොඩ Monday, 28 October 2024 01:03 PM

මේක තමයි මෙයාලා දන්න දේශපාලනය. වර්ථමාන ජනාධිපතිවරයා තවම වැඩ කරන්න ගත්තෙත් නෑ. දැන්මම කකුලෙන් අදිනවා.

:       19       18

maalaka Monday, 28 October 2024 01:17 PM

අර ඕස්ට්‍රේලියා කේස් එකට මොකද වුනේ.. දැන් අමුඩෙත් නැති නිසා මුන වහගෙන මොකක් හරි හොයා ගන්ඩ

:       1       2

අනුර Monday, 28 October 2024 01:19 PM

විශ්වාස භංග යෝජනාවක් ගේන්න පාර්ලිමේන්තුවට එන්න එපැයි

:       17       3

පුරවැසියා Monday, 28 October 2024 01:21 PM

අංගොඩ මානසික රෝහලට නේවාසික ප්‍රතිකාර ලබාගැනීමට යොමුකළ යුතු මානසික රෝගියෙක් තමයි..

:       15       26

Alfread Monday, 28 October 2024 01:25 PM

ඇත්තටම කවුද ඔය මූණ හංගාගෙන හිටපු නිලධාරියා? ඇයි එයාලාට මේ කොටින්ට කඩේ ගිය අයට ගිහින් කෙප්ප අතෑරියේ. කොච්චර කෙප්ප කිව්වද කියනවා නම් ඊට පස්සෙන්දා චැනල් 4 නාලිකාවෙන්ම ඒ වීඩියෝ එක අස් කරා...!

:       2       67

පිටිගල මිලානෝ Monday, 28 October 2024 01:26 PM

ලංකාවේ ජන අප්‍රියතම මිනිහා ගම්මන්පිල්ලිය...

:       26       29

Jude Monday, 28 October 2024 01:28 PM

බලන්න මෙතුමාට චෝදනා කරන කිසිම කෙනෙක්, ඒවා බොරුයි කියලා කියන්නේ නෑ. ජෙප්පෝ තනිකරම කතෝලික මිනිස්සු අන්දලා ඡන්දේ අරන් තියෙන්නේ බොරු වපුරලා. එයාලත් ඉතින් කැමැත්තෙන්ම ඇඳ ගත්තානේ. ඇයි යකෝ ඔය අලුත් කමිටුවට පත් කරන්න වෙන මිනිස්සු හිටියේම නැද්ද?

:       5       55

Mahinda Monday, 28 October 2024 01:29 PM

එතකොට අර ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ මුදල් වංචා කලේ ශානිද, රවී සෙනවිරත්නද, ඌරු ගොන්මන්පිලද? එම ඔස්ට්‍රේලියානු ජාතිකයාගේ බිරිද මාධ්‍ය හමුවක් පවත්වා ඔය මහා පරහිතකාමියා එවක මන්ත්‍රී වරප්‍රසාද මග හරිමින් අධිකරණයේ පෙනී නොසිට ඔවුන් අධිකරණය නියම කළ දිනයට මෙරටට පැමිණ හෝටල් හි නැවැතී ගුවන් ටිකට්පත් සඳහා විශාල වියදම් දරා ආවාද විවිධ කරුණු දක්වමින් කළ අකටයුතුකම් රටටම හෙලිකළා. මෙම සිදුවීම එකල මාධ්‍යයන් හී පලවු දෑ මා කියවා ඇත. තවද ඔහුට මන්ත්‍රී වරප්‍රසාද යටතේ ඉතා අධිසුඛෝපභෝගී රථවාහන ජනතා මුදලින් ගෙන්වා අධික ලාභ ඉපැයූ කේවට්ටයෙකි...

:       25       12

gunarathna Monday, 28 October 2024 01:31 PM

ගම්මන්පිල මහත්තයෝ ඔයා හදන්නේ වීරයා වෙලා මිනිස්සුන්ගේ ඡන්දෙ ගන්න හදන වැඩක් කියලා හැමෝටම තේරෙනවා. ඔබතුමාටත් වෙන්නේ විමල් වීරවංශ වගේ ඡන්දෙට ඉදිරිපත් නොවී ඉන්න.

:       2       3

කපිල Monday, 28 October 2024 01:44 PM

මෙතැන කට්ටියක් ගම්මන්පිලට බනිනවා, එයාලාගේ ලොක්කෝ වේදිකා වල බනිනවා. කිසිකෙනෙක් මෙයා කියන කතා අධිකරණයක් ඉදිරියට ගිහිල්ල බොරුයි කියලා ඔප්පු කරන්න උත්සාහයක් නැහැ. බලයේ ඉන්න අයට තියෙන නීතිඥ දැනුම ප්‍රශ්නකාරියි නේද?

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල් කමේනීගේ සමාජ මාධ්‍ය ගිණුම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 28 239 0

එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඉරාන උත්තරීතර නායකයාග් ගිණුම අත්හිටුවා අත්තේ, ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලය විවේචනය කරමින් ඊශ්‍රායලයට දොස් නගමින්, ‘පෝස්


වන අලි පහරින් දෙදරු මව මරුට
2024 ඔක්තෝබර් මස 28 79 0

සිය ගෙවත්තට පැමිණි වන අලියෙකු පලවා හැරිමට උත්සහ කළ 71 හැවිරිදි දෙදරු මවක් එම වන අලියාගේ ප්‍රහාරයට ලක්ව එම ස්ථානයේම මිය ගොස් ඇතැයි මහවිලච්චිය පොලිසිය කි


එස්.ටි.එෆ් කොස්තාපල් එස්.ටි.එෆ් එකෙන්ම අල්ලයි
2024 ඔක්තෝබර් මස 28 564 0

රාජ්‍ය බුද්ධි තොරතුරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදුන් බව කියන කිලිනොච්චිය විශේෂ කාර්ය බළකා කදවුරේ පොලි


අධි යතුරු පැදි ධාවනය කළ හයක් සැකපිට
2024 ඔක්තෝබර් මස 28 398 1

මාර්ගවල ධාවනය කිරීමට අවසර නොමැති අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදි අධි වේගයෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් සිටි තරුණයන් හත් දෙනකු යතුරු පැදිද සමග අත්


රේගුවෙන් ඇල්ලූ වාහන 637 ක් දිරන්න ඇරලා
2024 ඔක්තෝබර් මස 28 1101 0

ශ්‍රී ලංකා රේගුව මගින් අත් අඩංගුවට ගන්නා ලද විවිධ වර්ගයේ වාහන 637 ධාවනයට නුසුදුසු වන ලෙස දිරාපත්වීමට ඉඩහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.


ජනාධිපති අනුරට දෝෂාභියෝගයක් ගේනවා
2024 ඔක්තෝබර් මස 28 2354 17

අනාගත පාර්ලිමේන්තුවට ජනතාව තමන් තෝරාගත හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගය කෙටුම්පත් කිරීම සහ ඉදිරිපත් කිරීම යන කාර්යන් දෙකම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1004 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 593 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site