(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ.
ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමේ සිය දැක්ම සහ කැපවීම පිළිඹිබු කරමින් ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදු කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ජාත්‍යන්තර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත් පුද්ගලයෙකු වන ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා දැනට ආසිආටා සමාගමේ (Axiata Group Bhd) විදුලි සංදේශ ව්‍යාපාර ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන අතර ඔහු නියමිත කාලයකින් පසු එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇත.
මෙම කාල පරිච්ඡේදය තුළ, ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා විධායක නොවන සභාපතිවරයා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය ලබා දෙනු ඇත. ඒ හරහා රජය අපේක්ෂා කරන ඩිජිටල් පරිවර්තනය සඳහා අදාළ වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදු කරනු ඇත.
අදාළ පත් කිරීමෙන් පසු ඩිජිටල් ආර්ථිකයට අදාළ ආයතනික රාමුව තුළ විධායක නායකත්ව භූමිකා කිහිපයක් ඔහු ඉටු කිරීමට නියමිතය. මීට අමතරව, ජනාධිපතිවරයාගේ ඍජු විෂය පථය යටතේ අලුතින් පිහිට වූ අමාත්‍යංශයක් වන ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ඩිජිටල් ආර්ථික ත්වරණය අධීක්ෂණය කිරීම සඳහා කටයුතු කරන ඉහළම ආයතනයක් වන ඩිජිටල් ආර්ථික අධිකාරියේ සභාපතිවරයා යන තනතුරු ද්විත්වයම හාන්ස් මහතා විසින් දරනු ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (01) පස්වරුවේ සිදු විය.
ආයතනවල යම් යම් පත් කිරීම් සහ මාරු කිරීම් කරන්නේ නම් ඊට ප්‍රථම විමසීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ආයතන ප්‍රධානීන්ට නැවතත් දැනුම්දී ඇත.
නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් වරෙන්තු නිකුත් වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය විනිස
ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි ප්‍රතිලාභ සියල්ල ලබා දී තිබෙන බව ජනාධිපති කාර්ය
ලංකාවේ වී ගබඩා පද්ධතිය පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති අනුර දිසානායක මහතාගේ අවධානය යොමු වී ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ජනාධිපති ඩිජිටල් ආර්ථිකය ප්‍රධාන උපදේශකවරයෙක් පත් කරයි