IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජන දුක හඳුනන සැබෑ බුදු පුතෙක් ඉතාලියේ

ඉතාලියේ කඩාවැටුණු ආර්ථිකය හමුවේ දහස් ගනණක් රැකියා විරහිතව සිටිති. දුම්රිය ස්ථාන, විනෝද උද්‍යායාන වැනි පොදු ස්ථානයන් ඇතැම් ශ්‍රි ලාංකිකයින්ගේ  ලැගුම් හල්ය.

ඔවුන් කුසගින්න නිවා ගනුයේ කරිටාස් වැනි පල්ලිය අනුබද්ධ පුන්‍ය ආයතන නොමිලේ ලබා දෙන කෑම වෙලෙන්ය. රැකියා නොමැති ශ්‍රි ලාංකිකයන්ට පිහිට වන ඔවුන්ගේ කුසගින්න නිවන බෞද්ධ පුත්‍රයෙක් කටානියා නුවර සිටියි.

කටානියා නුවර ජි.කේ ගුණතිලක මහතාය.

‘‘මම රැකියාවක් නැතිව මාස අටක් දුක් වින්දා. පසුගිය දවසක මම අහම්බෙන් සිසිලි පන්සලට ආවා. ඇවිත් ලොකුහාමුදුරුවන්ට මගෙ දුක කීවා. උන්වහන්සේ එහාට මෙහාට කතා කරලා මට රැකියාවක් හොයලා දුන්නා. හෙට ඉදලා මම වෑඩට යනවා. ‘

සිසිලි බෞද්ධ විහාරාධිපති මල්වතු පාර්ශවයේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සිලානන්ද හිමියෝ ඒ පිලිබධව මෙසේ කියති.

‘‘මේ විහාරස්ථානයට එන ගොඩාක් අයට මට පුලුවන් විදියට පිහිට වෙනවා. රැකියා නැතිව හිටපු විශාල පිරිසකට රැකියා හොයලා දෙන්න මට පුලුවන් උනා. එකට මට කටානියා ඉන්න ගොඩාක් ශ්‍රි ලාංකිකයන් උදවු කළා. රැකියා නොමැති අය පන්සලට ඇවිත් බඩගින්නේ ඉන්නකොට මට බලන් ඉන්න බැහැ. ඒ වේලාවට මම හාල් ටිකක් ලිපේ තියලා එලවලු දෙකක් හදලා ඔවුන්ට කන්න දෙනවා.‘
 



අදහස් (0)

ජන දුක හඳුනන සැබෑ බුදු පුතෙක් ඉතාලියේ

ලාල් ගලබඩ ලේක්කෝ නගරය Wednesday, 24 April 2013 08:12 PM

ඉතාලියට මොන පාරෙන් ආවත්.... ඇවිදින් කොපමණ අසරණයි කීවත්.... උන් රන් දම්වැල් පොරව ගනිත්.... ගම රට බලා යන හැම විටකත්.... (නි)

:       0       0

සෙන්තිල් Wednesday, 24 April 2013 08:27 PM

කවුරු කොයි රටකට ඇවිල්ලද හිඟා කන්නේ? ලංකාවේ කවදත් බස් එකේදී, දුම්රියේදී, පාරේදී හැම තැනකම හිඟා කන්නේ සිංහලයා තමයි. ඒමදිවට පිටරට වලටත් ගිහින් හිගාකනවා. (නි)

:       0       0

මධු Wednesday, 24 April 2013 02:38 PM

ඔබ වහන්සේට තෙරුවන් සරන පතමි ! (නි)

:       0       0

චන්දා Wednesday, 24 April 2013 02:56 PM

සීලානන්ද හිමියන් ප්‍රංශයට වඩින්න කලින් තායිලන්තයේ හිටිය කාලෙත් හරිම හොදයි. ගුණයහපත්.(නදී)

:       0       0

සුසිල් මිලානෝ Wednesday, 24 April 2013 03:22 PM

පිටිගල මහත්තයෝ සීලානන්ද හාමුදුරුවෝ කරන්නේ අසරණ වූ අයට පිහිට වීමක් ඒක ලංකාවේද මෙහේද ප්‍රස්නයක් නැනේ. ඔබ තුමන් ඔය මිලානෝ නිතර ගහමරා ගන්නා ආරාමෙකට යනවා නේ. ඒ හාමුදුරුවරු එකතු කරන් ලංකාවේ අයට උදව් කරන්නකෝ.(නදී)

:       0       0

ශීලා Wednesday, 24 April 2013 09:39 PM

කරුණාකරලා මේ අයට ටිකට් එකක් අරගෙන දීලා ලංකාවට එවන්න. ඔහේ ඉදන් දුක්විදින්නේ මොකටද මන්දා? හැමදාම පුළුවන් යැයි ඔහොම උදවු කරන්න? (නි)

:       0       0

සුරංග Wednesday, 24 April 2013 03:40 PM

" ලංකාවේදී නෙමෙයි අසරණ වෙන්නේ, දුර රටකට ගියහම. කොයිතරම් පින් සිද්දවෙන දෙයක් ද අපේ හාමුදුරුවෝ කරන්නේ. නැති බැරි කම නිසා තමයි රට යන්නේ.(නදී)

:       0       0

කේ. ප්‍රනාන්දු Wednesday, 24 April 2013 03:49 PM

ඔබ වහන්සේගේ සේවය දෙවියොත් අගය කරයි.(නදී)

:       0       0

දිසානායක Thursday, 25 April 2013 10:54 AM

පින් අපේ හාමුදුරුවනේ. (නි)

:       0       0

හරීන් Wednesday, 24 April 2013 11:09 AM

ඔබ වහන්සේ මේ කරන්නේ ඉතාමත් උතුම් දෙයක්. ඔබ වහන්සේට කවදාවත් වරදින්නේ නැහැ. බුදුසරනයි!!! (නි)

:       0       0

සුනිල් Wednesday, 24 April 2013 03:54 PM

ලක්ෂගනන් දීලා ඉතාලි යන්න ඉන්න අයට හොද පාඩමක්. ශීලානන්ද හාමුදුරුවන්ට බුදුසරණයි.(නදී)

:       0       0

නිශාන්ති Wednesday, 24 April 2013 11:17 AM

ඔබ වහන්සේට ලැබෙන පින අප්‍රමානයි. ඔබ වහන්සේට පාරමී පිරීමේ භාග්‍යය උදාවී ඇත. ඔබ වහන්සේට පින් සිද්ධ වේවා! (නි)

:       0       0

ජනක Wednesday, 24 April 2013 11:19 AM

පින්සිද්ධ වෙච්චාවේ අපේ හාමුදුරුවන්ට, මේ කරන සේවයට.! (නි)

:       0       0

කීර්ති Wednesday, 24 April 2013 11:22 AM

ඉතාලි යනවා කියලා යන්නේ නැතුව මේ රටේ මහන්සිවෙලා වැඩ කරලා හොදින් ජීවත් වෙන්න පුලුවන් (නි)

:       0       0

ඉන්දික Wednesday, 01 May 2013 10:44 AM

හාමුදුරුවන්ට තෙරුවන් සරණයි! (නි)

:       0       0

චන්දා Thursday, 25 April 2013 11:12 AM

සීලානන්ද හාමුදුරුවන්ගේ පොටෝ එකකුත් දානවා නම් හොදයි. කාටත් බලාගන්න.. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 24 April 2013 11:35 AM

ඉතාලියට යුරෝ හම්බ කරන්න එන පුද්ගලයින්ට නොවෙයි හාමුදුරුවනේ, ඉතාලියේ මිනිසුත් එකතුකරගෙන ලංකාවේ පීඩිත, අන්ත දුක් විදින, කුසට අහරක් හෝ ඉගෙන ගන්න පොත පත නැති, ලෙඩකට බෙහෙත් ගන්න බැරි අසරණ කට්ටියට උදව් කරන්න. (නදී)

:       0       0

මදු Wednesday, 24 April 2013 11:03 PM

පිටි ගල තියන්නේ මැටි ගල ලග ද ?(නදී)

:       0       0

වන්නි Wednesday, 24 April 2013 11:42 AM

ඉතා වටිනා වැඩක් (දී)

:       0       0

ලලිත් Wednesday, 24 April 2013 04:19 PM

මිනිසුන් විදින දුක හොදාකාරවම සීලානන්ද ස්වාමීන් වහන්සේ දන්නවා. ධම්මදෙනියේ ධම්මරාමේ ස්වාමීන් වහන්සේත් ඔය වගේම තමයි. මුන්වහන්සේලා දෙපලටම තව තවත් මෙවැනි දේ කිරිමට ධෛර්යය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු (නි)

:       0       0

ලාල් Wednesday, 24 April 2013 11:54 AM

කාලයකට පසු ලැබුණු සංවේදනිය පුවතක් සබැ බුදු පුත්‍රයෙක්.(නදී)

:       0       0

දයා අලහකෝන් Wednesday, 24 April 2013 11:56 AM

ඔහුට වැඩි වැඩියෙන් ලැබේවා!(නදී)

:       0       0

කමල් Wednesday, 24 April 2013 11:58 AM

කාලෙකින් ඉතාලියෙන් හොද කථාවක්!(නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Wednesday, 24 April 2013 12:00 PM

අහන්නත් දකින්නත් ලැබූනූ සතූටූදායක පූවතක්. සිලානන්ද හිමියන්ට තෙරුවන් සරණයි. (නදී)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 24 April 2013 12:05 PM

හාමුදුරුවෝ ගැනද කියන්නේ ගුණතිලක ගැනද කියන්නේ?(නදී)

:       0       0

අතපත්තු Wednesday, 24 April 2013 04:50 PM

"පිටිගල" ඔයාට රස්සාවක් ඇති, රස්ස්සවක් නැති කෙනෙකු තමයි එකේ රග දන්නේ , විකාර කියනවට වැඩිය ,මිනිහෙකුට උදව් කරන්න බලන්න .(නදී)

:       0       0

අනුර Wednesday, 24 April 2013 12:08 PM

මිල්ල සොයා යනවා. නමුත් බලනකොට ලංකාව හොඳයි වගේ. කෝම උන්නත් ස්වාමින්වහන්සේට ගොඩක් පින්.(නදී)

:       0       0

යොහාන් Wednesday, 24 April 2013 04:51 PM

අමිල,චන්ද්‍රසිරි, කරුණාකර හොදින් කියවන්න. ලියලා තියෙන දේ හරියට තේරුම් ගන්න බැරුව මොනවා ලියනවද මන්දා. (නි)

:       0       0

නදීකා Wednesday, 24 April 2013 12:10 PM

හාමුදුරුවෝ වැරදි වැඩක් කරපු ප්‍රවෘත්තියක් දැම්මා නම් ප්‍රතිචාර ගොඩයි. මේවටත් ප්‍රතිචාර දාන්න.(නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 24 April 2013 12:13 PM

ඉතාමත් ගුණගරුක හිමිනමක්. කතෝලික රටවල මේ වගේ වැඩ කරන්නේ ප්‍රවේශමෙන්. (නි)

:       0       0

සහන Wednesday, 24 April 2013 04:53 PM

තෙරුවන් සරනයි (දී)

:       0       0

නිශාන්ත Thursday, 25 April 2013 01:56 AM

ඉතාලිය හොඳ රටක්. මෙහෙ අය ගොඩක් හොඳයි ඒත් ලෝකේ ගොඩක් රටවල් වගේ මෙහෙත් ආර්ථිකය වෑටිලා තියෙන්නේ. එන්න කලින් දෙවරක් හිතන්න.(නදී)

:       0       0

අංජන Sunday, 28 April 2013 09:15 PM

සීලානන්ද ස්වාමින් වහන්සේ අපිට ලොකු ශක්තියක්. තෙරුවන් සරණයි! (නි)

:       0       0

අමිල Wednesday, 24 April 2013 12:15 PM

එතකොට ඔය කියන බුද්ද පුත්‍රයා "කටානියා නුවර ජි.කේ ගුණතිලක මහතා" ද?(නදී)

:       0       0

සජිත් Wednesday, 24 April 2013 04:59 PM

මේක ඉතින් ලොකු දෙයක් නොවෙය්නේ මෙහෙත් හාමුදුරුවෝ මෙහෙමනේ නේද? මේක ගිහියෙක් කලොත් විතරයි ලොකුවට ගන්න ඕනේ මන් හිතන්නේ .(නදී)

:       0       0

බන්දුල Thursday, 25 April 2013 02:22 AM

නැති බැරි වෙනකොට තමයි හැමෝටම පන්සල පල්ලිය මතක් වෙන්නේ. පුලුවන් කාලේත් මෙයාලා පන්සලට ආවා ගියාද? (නි)

:       0       0

අමල් Saturday, 27 April 2013 10:28 AM

අනේ සාදු ! (ස)

:       0       0

සමන් Saturday, 27 April 2013 10:29 AM

අන්න කරනවා නම් වැඩ (ස)

:       0       0

ශානිකා සයිප්‍රස් Wednesday, 24 April 2013 05:03 PM

පිටරටකට ගිහින් රැකියාව අහිමි වුණහම, කන්න දෙයක් නැතුව බඩගින්නේ ඉන්න වෙනකොට දැනෙන වේදනාව සුළුපටු නැහැ. මම එක මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. මෙහෙත් රැකියා අහිමි වුණ කන්න දෙයක් නැති සිංහල අය පන්සලට එනවා. රැකියාවක් හොයාගන්න වගේම කුසට අහරක් එකතු කරගන්න,මේ දේවල් කියවනවා වගේ ලේසි නැහැ ඒ නැතිබැරිකම දුක දරාගන්න. (නි)

:       0       0

ගාමිණී Wednesday, 24 April 2013 12:30 PM

අනිත් ආගම් වල පිරිස් කරන එක දකින්නේ නැද්ද? (නදී)

:       0       0

ගාමිණි Wednesday, 24 April 2013 12:33 PM

බුදු සරණයි (දී)

:       0       0

ගාමිණී Wednesday, 24 April 2013 12:36 PM

මේක නිකම් කිකිළියක් බිත්තරයක් දාලා කෑගහනවා වගේ පුවතක් .(නදී)

:       0       0

රංජිත් Wednesday, 24 April 2013 12:42 PM

ඉතින් අනේ ඉතාලි වල දුක් විඳින්නේ නැතුව ලංකාවට ඇවිත් කුලී වැඩක් කරලා හරි ජීවත් වෙන්න පුලුවන්නේ, අපේ රටේ තවම ඔය වගේ වාතාවරනයක් උදාවෙලා නැහැනේ, තෙරුවන් සරණින්, නේද? (නි)

:       0       0

කලවානේ මහානාම හිමි Thursday, 25 April 2013 06:47 PM

සීලානන්ද නායක හාමුදුරුවෝ අපේ ශ්‍රී ලාංකිකයනට ලොකු ශක්තියක් වගේම ආඩම්බරයක්. තව තවත් ශාසනික කටයුතු හා ජාතික කටයුතු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා ! තෙරුවන් සරණයි !(නදී)

:       0       0

අනුර Wednesday, 24 April 2013 01:12 PM

චන්ද්‍රසිරි , අමිල පොඩ්ඩක් කල්පනාවෙන් මොලේ යොදවලා මේක කියවන්න. මෝඩකමට බක බක ගාන්න එපා. පළමුව කල්පනාවෙන් කියවන්න ඉගෙන ගන්න (නි)

:       0       0

ෆසල් Wednesday, 24 April 2013 01:16 PM

තවත් ලංකාවේ බුදු පුතෙක්... (නි)

:       0       0

සදුනි Wednesday, 24 April 2013 06:57 PM

ඔබ වහන්සේට බොහොම පින් (නි)

:       0       0

මධු Saturday, 27 April 2013 05:52 PM

ගොඩාක් පින් ඔබට (දී)

:       0       0

රිද්මා Wednesday, 24 April 2013 07:43 PM

අනේ හොදයි (දී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 24 April 2013 07:58 PM

ඉතාලියේ පල්ලි වලින් කෑම ගැනීමට වත්කමක් නැති ඕනෑම කෙනෙකුට ගිහින් කන්න පුළුවන්. ඉතා ප්‍රනීත 'කොසස්' ආහාරයක් දෙනවා. කෑම වෙලාවට පෙර පල්ලිය අවට 'බයිට්' සමග පදම් වන ලාංකිකයෝද, මුණ හංගාගෙන හොරෙන් කන්න රිංගන රැකියා කරන්නෝද බොහෝ වෙති. (නි)

:       0       0

මහේෂ් පීරිස් සභාපති, ශ්‍රී ලාංකිකයින්ගේ සංවිධානය,ප්‍රංශය Wednesday, 24 April 2013 01:46 PM

අපේ අති පූජනීය භික්ෂූන් වහන්සේලා බහුතරයක් යුරෝපයේ රටවල් ගනනාවක වැඩ වාසය කලත් නියම බුද්ධ පුත්‍රයන් සිටින්නේ කිහිප නමක් පමණි. එයිනුත් අපේ වගේගොඩ සීලානන්ද හිමියන් සුවිශේෂ හිමිනමකි. උන් වහන්සේ ප්‍රංශයේ වැඩ වසන කාලයේ සිදුකල සමාජ හා ශාසනික මෙහෙය පිළිබඳව අදත් අප සිහිපත්කරන්නේ ඉතාම හදපිරි භක්තියෙනි. අපට අහිමි වූ සම්පතින් ඉතාලියේ ඔබට උපරිම ඵල නෙලාගැනීමට භාග්‍ය හා ශක්තිය ලැබේවා! (නි)

:       0       0

රනිල් Wednesday, 24 April 2013 01:46 PM

ලංකාවේ අපි හොදයිනේ. ඉතාලි ගිහිල්ලත් මිනිස්සු හිගාකනවාද? (නි)

:       0       0

කුලරත්න Wednesday, 24 April 2013 01:48 PM

ඉතාලියේ පල්ලි වලින් කිසිම ආගම් බේදයක් නොබලා අසරණව ඉන්න අයට උදව් කරනවා. කිසි කෙනෙක්ට ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමට බලපෑම් කරන්නේ නැහැ. ඒවා ආදර්ශයට ගෙන ඉතාලියේ සිටින රැකියා නොමැතිව දුක් විඳිනා ලාංකිකයන් සඳහා ඉතාලියේ පන්සල් වල ඉන්න හාමුදුරුවරුන්ටත් කළ හැකි දේ එමටයි. මේ හාමුදුරුවෝ ඒ හැමෝටම ආදර්ශයක්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 24 April 2013 01:49 PM

අනුර, කල්පනාවෙන් කියවන්න විතරක් නෙමෙයි, ලියන්නත් ඕනෑ (නි)

:       0       0

කසුන් Wednesday, 01 May 2013 07:31 AM

මොකද ඉතාලි ගියයි කියලා කියන සැප නැහැ නේද? ලංකාවේ ඉන්න. මහන්සිවෙලා වැඩකරන්න. මුදල් ලැබෙයි. නුපුහුණු අය රට යන එක නවත්තන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 606 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 782 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 479 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 973 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1789 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 436 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site