IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ජාන පිරික්සුමෙන් සිසුවාත් නිදහස් කරන හැඩයි

කොටදෙණියාවේ, බඩල්ගම, අකරංගහදී කෙලෙසා මරා දැමූ සේයා දැරියගේ ජාන හා රිමාන්ඩ් භාරයේ සිටි සැකකාර පාසල් සිසුවාගේත්, 31 හැවිරිදි කැළුම් අත්තනායකගේත් ජාන නොසැසඳෙන බව බොරැල්ලේ ජීන් ටෙක් ජාන පර්යේෂක මධ්‍යස්ථානය සිය වාර්තාවෙන් දන්වා ඇතැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද (1) ප්‍රකාශ කළේය.

එසේනම් එම දෙදෙනා නිදහස් කරන්නැයි රහස් පොලිසිය ඉල්ලා සිටියේය. ඔවුන් උසාවියට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් මීගමුව බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළේය.

රහස් පොලිසිය අද මෝසමක් මගින් නඩුව කැඳවීය. පෙරදිනයේ උසාවියට ලැබුණු ඩීඑන්ඒ වාර්තාව අනුව සිසුවා හා අත්තනායක නම් සැකකරු සම්බන්ධ තීරණය ප්‍රකාශ කරන්නැයි අධිකරණයෙන් අයැද සිටියේය. මහේස්ත්‍රාත්වරයා පැවසූයේ පාසල් සිසුවාගෙන් හා අත්තනායකගෙන් ගත් සාම්පල හා මියගිය සේයාගෙන් ලබාගත් සාම්පල නොසැසඳෙන බවයි.

එසේ නම් ඒ දෙදෙනා නිදහස් කරන්නැයි රහස් පොලිසිය ඉල්ලා සිටියේය. ඒ අනුව ඔවුන් අද (1) අධිකරණයට කැඳවන ලෙස මහේස්ත්‍රාත් රුවන්පතිරණ මහතා මීගමුව බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය.

ඔවුන් දෙදෙනා රැගෙන ඒම සඳහා බන්ධනාගාර රියක් මීගමුවටද යැවිණි. එතෙක් නඩුව කල් තැබිණි.

 



අදහස් (0)

ජාන පිරික්සුමෙන් සිසුවාත් නිදහස් කරන හැඩයි

අයන්ත Thursday, 01 October 2015 06:47 AM

මේ දරුවා ලෝක ළමා දිනය වන අද දවසේවත් නිදහස් කරන්න තිබුනා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

සකුන්තලා Thursday, 01 October 2015 06:59 AM

වෙනත් රටක නම් මෙහි වගකීම අරගෙන අදාළ නිලධාරීන් ඊට සුදුසු ක්‍රියාමාර්ග ගන්නවා. ඒත් සිරි ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)

:       0       0

විදානපතිරණ Thursday, 01 October 2015 06:59 AM

මේ දරුවා නිදහස් කරලා විතරක් මදි. එහෙම වුණොත් මේ දෙයම තවත් ළමයෙකුට වෙන්න පුළුවන්. මේ දරුවාගේ ජීවිතය ආරක්ෂා කරන්න. මුළු ලෝකයටම මේ දරුවා නිර්දෝෂී බව පවසන්න. පහතට වැටුණු දරුවාගේ මානසික මට්ටම නඟා සිටුවන්න. මෙය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. ඉතිරි ටික ස්වභාව ධර්මයෙන් ලැබෙයි. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 01 October 2015 07:44 AM

වගකිව යුතු අය මිට වඩා බුද්ධිමත් වියයුතුයි. මන්ද මේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදි කරුවා නීතියේ රැහැනට අසුවී ඇති බැවින් මේ නිර්දෝෂී පුද්ගලයන්ව දැන්වත් නිදොෂ් කොට නිදහස් කළ මැනවි. (අ)

:       0       0

ඉසුරු Thursday, 01 October 2015 08:14 AM

කොණ්ඩයත් තවම සැකකරුවෙක් පමණයිනේ. ඔහුගේත් ජාන නොගැළපෙයිද දන්නේ නැහැ. දැන්නම් එහෙමත් හිතෙනවා (නි)

:       0       0

කුමුදු කුමාර Thursday, 01 October 2015 08:26 AM

ඩි එන් ඒ පරික්ශණයෙන් ඔවුන් දෙදෙනා නිදොශ් බව පැවසෙනවා ඔවුන් නිදහස් කළ යුතුයි. එසේ නිදහස්ව පැමිනෙන ඔවුන් දෙස සමාජයද බැලිය යුත්තේ යහපත් ලෙසයි මන්ද සේයා දුව මියගිය මොහොතේ මුලු රටේම අවදානය පැවතියේ කෙසේ හෝ ඊට සම්බන්ධ වුවන් අත්අඩංගුවට ගැනීමය. එසේ ඌ හෙයින් අප පොලිසිය දෙසද වැරදි කෝනයකින් බැලීම උචිත නොවන බවයි මගේ නම් හැගීම. (ර)

:       0       0

උපුල් සමන් Thursday, 01 October 2015 08:47 AM

මෙතැන් තියෙන වරද මේ ළමය සහ අනෙක් සැක කරු අත්අඩංගුවට ගැනීම නෙමෙයි. අත්අඩංගුවට අරන් කරලා තියෙන දේවලුයි වැරදි. මෙම සැක කරුවන් දෙදෙනා වැරදි කරුවන් කරන්න, පොලිසිය කලා කියලා මාධ්‍ය මගින් කියපුදේ ඇත්ත නම්. (ර)

:       0       0

ශානක Thursday, 01 October 2015 09:48 AM

ශ්‍රී ලංකා පොලිසිය වගකීමක් නැතිව කරන්නේ නැතිව වගකීමක් ඇතිව කරන්න ගන්න ඕන (අ)

:       0       0

ටෝනි Thursday, 01 October 2015 10:12 AM

මට නම් හිතෙන්නේ කොන්ඩයා ගේත් ජාන ගැලපෙන එකක් නැහැ. අපරාද කාරයා තාම නිදැල්ලේ (ම)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 01 October 2015 05:51 AM

මේ පාසල් ශිෂ්‍යයා සමාජයට සහ අනාගතයට මුහුණ දෙන්නේ කෙසේද? ඔහුගේ බිඳ දැමු ආත්මාභිමානය යළි ගොඩනැඟීමේ වගකීම බාරගන්නේ කවුද? අදාළ බලධාරීන් නිසි අවධානය යොමු කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 927 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 653 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 778 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1331 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 535 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 29 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14568 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 159 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site