(අංජුල මහික වීරරත්න)
ජෝන් සීනා නිරුවතින් ඔස්කාර් සම්මාන උළෙලට ගියාට සමහර මාධ්‍ය දුන් ප්‍රසිද්ධිය රටේ කෘෂිකර්මාන්තයේ ඉහළ ආදායම් ලැබූ තරුණ ගොවීන්ගේ ප්‍රවෘත්තිවලට ලැබෙන්නේ නැතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ලාංකික තරුණ පිරිස් නැවතත් කෘෂිකර්මාන්තයට පිවිසෙමින් සිටින අතර කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමත් සමග තරුණ ආකර්ශනය ඉහල ගොස් ඇතැයි අමාත්‍යවරයා කීය.
තුඹයා ලෙස ප්‍රසිද්ධව සිටින කේ. ඩබ්. චින්තක කුමාර මහතා විසින් රන්මිණිතැන්න ප්‍රදේශයේ වගා කර ඇති අක්කර හයක එළවළු වගාව නිරීක්ෂණයට සහභාගී වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසීය.
තුඹ කරවිල වගාවෙන් රුපියල් මිලියන ගණනක් උපයා ඇති චින්තක කුමාර මහතා අනතුරුව උඩරට හා පහත රට එළවළු ගොවිපළේ සාර්ථකව වගා කර තිබේ.
කැරට්, බීට් රූට්, සලාද කොළ මෙන්ම ගෝවා ද මේ වනවිට එහි වගා කර ඇත.
නව කෘෂි තාක්ෂණය උපයෝගී කර ගනිමින් අවම රසායනික පොහොර හා කෘමිනාශක භාවිත කරමින් මෙහි එළවළු වගා කර තිබෙන අතර කාබනික පොහොර භාවිත කරමින් පරිසර හිතකාමී වගාවට යොමු වී තිබීම අගය කරන බව මෙම අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජෝන් සීනාට දෙන ප්‍රසිද්ධිය ගොවි තරුණයන්ට නෑ?
රංබොඩ Monday, 18 March 2024 12:36 PM
ලෝකයම දැන් නිරුවතින්... ඒ නිසා වැඩි සැලකිල්ල නිරුවතට. ගොමරිටි පාවෙන යුගයක මැණික් ගල් දකින්නේ නෑ මිනිසුන්...!
Pradeep Monday, 18 March 2024 12:38 PM
මැදපෙරදිග රටවල් වල ඉන්න ලංකාවේ සහෝදරියෝ රවට්ටලා මිලියන ගණන් හොයපු තුඹයා කියන්නේ පට්ට් හොරෙක්...!
ලුම්බිණි Tuesday, 19 March 2024 06:20 AM
නිකම් බොරු ෂෝ දාන්නේ නැතුව ඉන්නවාද?
Bamunuarachchi Wednesday, 20 March 2024 09:01 PM
මොනවද මේ කථා. ගොයි රාලලා අමුඩේ ගහගෙන පාරේ යනකොට හොඳ ප්‍රචාරයක් දුන්න. ජෝන් සීනා වගේ ආවානම් සම්පුර්ණ පොටෝ එක මුල් පිටුවෙම දානවා. මමත් බැලුවා ඒ ජෝන් සීනාගේ හෙළුව නොවෙයි මෑන්ගේ ගේ බොඩිය දිහා.