IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


ජපානයේ ජය අවසන් මොහොතේ වැලකී යයි

නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු වටයේ ජපානය සහ කැනඩාව අද (27) පැවැති තරගය ලකුණු 23-23 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය. මෙම තරගය ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ සම තත්ත්වයෙන් අවසන් වූ තෙවැනි තරගය වන අතර ජපානය සහ කැනඩාව අතර පසුගිය 2007 ලෝක කුසලාන තරගාවලියේ තරගය ද ලකුණු 12-12 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.  තරගයේ පළමු අර්ධය අවසන් විට ලකුණු 17-7 ක් ලෙස ජපානය පෙරමුණේ පසු වූ අතර තරගයේ 79 වැනි මිනිත්තුවේදී කැනඩා පිලට ලැබුණු දඩුවම් පහර සාර්ථක කිරීම නිසා ලකුණු සම විය. කැනඩාවට ගෝලයකින්, උත්සාහක දිනුම් දෙකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු ලැබූ අතර ජපානයට ගෝල දෙකකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු එකතු විය.  මෙම තරගාවලියේදී ආසියානු කළාපය නියෝජනය කරන එකම රටවන ජපානය පළමු වටයේ තරග හතරෙන් තුනක් පරාජයට පත්ව තරගයක් සමව අවසන් කර ‘ඒ’ කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්ව තරගාවලියෙන් ඉවතට විසිවී තිබේ.කැනඩාව මේ වන විට පළමු වටයේ තරග තුනකට සහභාගි වී ටොන්ගා පිලට එරෙහිව ජය ලබා, ප‍්‍රංශය හමුවේ පරාජයට පත්ව ප‍්‍රසාද ලකුණු 6 ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවෙයි. කැනඩාව සහ නවසීලන්තය අතර තරගය ලබන මස 2 වැනිදා පැවැත්වේ.



අදහස් (0)

ජපානයේ ජය අවසන් මොහොතේ වැලකී යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කේරළ ගංජා සමඟ අයෙක් කිලිනෝච්චි මුහුදේදී අල්ලයි
2025 අප්‍රේල් මස 09 53 0

කිලිනෝච්චිය උඩුතුරෙයි මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරන ලද කේරල ගංජා සමඟ සැකකරුවෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බ


දකුණුට ගිගුරුම් සහිත වැසි
2025 අප්‍රේල් මස 09 197 0

දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වෑන් රියට බිලි
2025 අප්‍රේල් මස 09 803 0

රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.


පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා
2025 අප්‍රේල් මස 09 922 1

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක


‘‘සියපත් උදාන‘‘ අවුරුදු කුමරියට කෝටි 10ක ඔටුන්නක්
2025 අප්‍රේල් මස 08 2559 0

හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව


පිල්ලෙයාන් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 08 3255 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 749 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 599 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1048 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site