IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


ජපන් මැතිවරණය: පාලක පක්ෂය පරදී

ජපන් මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබාගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත්තේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.

දශක ගණනකින් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ලැබූ දරුණුතම පරාජයක් ලෙස මෙය සැලකෙයි. ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය බලයේ සිටින්නේ ඔවුන්ට හිතවත් කොමෙයිටෝ නමැති කුඩා පක්ෂය සමඟ සන්ධානගත වෙමිනි.
බහුතරය සඳහා පාර්ලිමේන්තුවේ ආසන 233 ක් දිනා ගැනීම කළ යුතු වූ අතර, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානය දිනා ගත්තේ ආසන 208 කි. 

විපක්ෂ දේශපාලන කණ්ඩායම් ආසන 235 ක් දිනා ගත්තේය. ඒ අතරින් ද ප්‍රධාන විපක්ෂ කණ්ඩායම ලෙස සැලකෙන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 143 ක් දිනා ගත් බව ද පැවැසෙයි.

ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වන්නේ පාලක පක්ෂයේ නායකයාය. ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය බලයේ සිටින්නේ දශක ගණනක් තිස්සේය. 

මීට සති කීපයකට පෙර, පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පක්ෂය අභ්‍යන්තරයේ ඡන්ද විමසුමක් පැවැත්වුණු අතර පක්ෂ නායකයා ලෙස ෂිගෙරු ඉෂිබා තෝරා ගැනීම සිදුවිය. 

තමන්ට ජන වරමක් ද අවශ්‍ය යැයි 67 හැවිරිදි ෂිගෙරු ඉෂිබා විශ්වාස කළ බැවින් කඩිනමින් මහ මැතිවරණයක් කැඳවීමට කටයුතු කළේය. ජපන් මහ මැතිවරණය පැවැත්වීම සිදුවූයේ ඒ අනුවය.



අදහස් (0)

ජපන් මැතිවරණය: පාලක පක්ෂය පරදී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙන්නප්පුවේ හෝටලයක් ළඟ කරක් ගැසූ තුනක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 28 849 0

ඊශ්‍රායල් ජාතික කාන්තාවන් තිදෙනකු ලැගුම් ගෙන සිටි වෙන්නප්පුවේ හෝටලයක් අසල වෙරළ තීරයේ වෑන් රථයකින් පැමිණ සැක කටයුතු ලෙස රැඳී සිටි බව කියන තරුණයන් තිද


අද දවසෙත් කඩින් කඩ තද වැසි
2024 ඔක්තෝබර් මස 28 82 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්


පාකිස්තාන - ශ්‍රී ලංකා ගුවන් හමුදාපති හමුවක්
2024 ඔක්තෝබර් මස 28 145 0

පාකිස්ථාන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සහීර් අහමඩ් බාබර් සිදු මහතාගේ නිල ආරාධනාවකට අනුව කලාපයේ පැවැත්වෙන ඉන්ඩස් ෂීල්ඩ්-2024 යුධ අභ්‍යාස ප්‍රදර්ශනයක් ස


ජපන් මැතිවරණය: පාලක පක්ෂය පරදී
2024 ඔක්තෝබර් මස 28 585 0

ජපන් මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබාගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. පාර්


පොලොන්නරුවේ සහල් තොග ගැන පාරිභෝගික අධිකාරිය සොයයි
2024 ඔක්තෝබර් මස 27 852 0

පොළොන්නරුව දිස්ත්‍රීක් පාරිභෝගික නිලධාරීහු පිරිසක් පොළොන්නරුවේ ප්‍රධාන පෙලේ සහල් මෝල් හා අනෙකුත් සහල් මෝල්වල පවතින සහල් හා වී තොගයන්හි සංචිතයන් හා


මහනුවර සජබ අපේක්ෂකයෙක් තරු හෝටල් වල පාටි දාලා
2024 ඔක්තෝබර් මස 27 1477 0

මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග අපේක්ෂකයකු මහනුවර තරු පහේ හෝටල් තුනකට ජනතාව දහස් ගණනින් වරින් වර කැඳවා සංග්‍රහ ලබාදී ඇතැයි දිස්ත්‍රික්කයේ සෙසු අ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 978 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 593 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site