පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද තමන් ඉවත් වීමට තීරණය කළ බව ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ටෝකියෝ අගනුවර දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.
පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය නව පක්ෂ නායකයකු තෝරා ගැනීමට එලැඹෙන සැප්තැම්බරයේ ඡන්දයක් පැවැත්වීමට නියමිත අතර, යළි පක්ෂ නායකත්වය තමන් අපේක්ෂා නොකරන බව අග්‍රාමාත්‍ය කිෂිඩා පැහැදිලි කර තිබේ.
තමන් පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දුරයෙන් ඉවත් වුවත්, පක්ෂයටත් පක්ෂයේ නව නායකයාටත් පූර්ණ සහාය ලබා දෙන බව අග්‍රාමාත්‍ය කිෂිඩා එම මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය.
67 හැවිරිදි කිෂිඩා ජපන් අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වය හොබවන්නේත් 2021 වසරේ සිටය. 2012 සිට 2017 තෙක් කාලයේ ජපනි විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ද කිෂිඩාය. 2017 දී කිෂිඩා ජපාන ආරක්ෂක අමාත්‍ය ධුරය ද හෙබවීය.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජපන් අග්‍රාමාත්‍ය කිෂිඩා ධුරයෙන් සමුගන්න සූදානම්
මරා Wednesday, 14 August 2024 11:30 AM
ලෝ ඩිග්‍රිය පාස් කරවපු පුතෙක් නැත්ද දන්නේ නෑ? නායකත්වයට දාන්න
Soma dubayi Wednesday, 14 August 2024 01:19 PM
කිෂිඩා මැතිතුමනි. ඔබ කළ සේවයට අපේ ආචාරය.
ජනරළ Wednesday, 14 August 2024 02:06 PM
ජපානය දියුණු වෙලා ලෝක බලවතෙක් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ. ඒ රටවල නායකයෝ පත් වුණාම රටට කරන්නන ඕනි කාර්යය භාරය මොකක්ද කියලා හරියටම දන්නවා වගේම නියමිත සේවය අවංකව නිවැරදිව කරලා නියමිත වෙලාවට කාලයට තනතුරෙන් ඉවත්වෙලා යනවා. ගිහින් වෙනත් ප්‍රයෝජනවත් රාජකාරියක් කරනවා නැත්නම් නිදහසේ සතුටින් විශ්‍රාම සුවයෙන් ඉන්නවා.. ඒ මිනිස්සු හොඳ අවංක උගත්තු වගේම ඒ රටේ ජනතාවට ආදර්ශ මත් නායකයෝ විදියට කටයුතු කරනවා. ඔන්න ඒකට අපේ රටට වෙලා තියෙන කරුම සාපේ. අපේ අයට නම් දේශපාලනයට ආවාට පස්සේ යන එක නම් බොරු.. කරන්න පුළුවන් හැම ජරා වැඩක්ම හොර කමක්ම දූෂණයක්ම කරනවා. දැන් අවුරුදු තිහ හතලිහක් තිස්සේ ඉන්නවා. රටට හොඳක් නෙමේ කරන්නේ හැම විනාශයක්ම කරලා ලෝකෙටම හිඟන රටක් ඉතුරු කලා. ඒත් දිගටම ඉන්නමයි හිතන්නේ. හැම උප්පරවැට්ටියක්ම දානවා බලයේ ඉන්න. මොකද ගීයොත් දන්නවා කල හොරකම් පස්සෙන් එන වග. හොඳට අත්දැකීම් තියන්නේ තමන්ට නිසා දිගටම බලය දෙන්නලු... නැත්නම් පුතාට දුවට පවුලේ අයට බලය දෙන්නලු. මේ රට මේ සම්මජාතියේ හැදෙන්නේ නැහැ මොවුන්ගෙන් ගැලවිලා සුද්ධ වෙනකම්...!
bara Wednesday, 14 August 2024 03:11 PM
ගියා නොමෙයි.. එලෙව්වා.. මෙයාගේ හිටියා නාමල් බේබි කෙනෙක් පිස්සු කෙලන් පුද්ගලික ලේකම් වෙලා...