IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ජපන් ඩෙංගු මරුවාට ලංකාවේ මාරකයක්

ඩෙංගු මදුරුවන් විනාශ කිරීමට ජපානයේ නිෂ්පාදිත ‘සීරෝ මොස්‘ නම් බෙහෙත් කුට්ටි වර්ගයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සඳහා පෞද්ගලික ආයතනයක් වසර කිහිපයක සිට රජයේ අවසරය පතයි. බොරැල්ල රාජ්‍ය වෛද්‍ය පර්යේෂණායතනයේ වෛද්‍ය සාගරිකා සමරසිංහ මහත්මිය එම බෙහෙත ශ්‍රී ලංකාවට සුදුසු බව නිර්දේශ කර ඇත. පේරාදෙණිය පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ දේශීය හා මහජන සෞඛ්‍ය අනු කමිටුව 2014.1.29 වැනි දින ලියාපදිංචි ක්‍රියාවලිය සඳහා අවසර ලබාදී ඇතැයි එහි වෛද්‍ය අනුර විජේසේකර මහතා කියයි. එහෙත් මෙම ඩෙංගු නාශක බෙදා හැරීමට අවසරය මෙතෙක් නොලැබුණු බව එම බෙහෙත බෙදාහැරීමට යන ජපන් ලංකා මිත්‍රත්ව ළමා හා මාතෘ පෞද්ගලික රෝහලේ සභාපති බී.ජී.හේරත් බංඩා මහතා පවසයි.

මේ වසරේ පසුගිය මාස දෙක ඇතුළතදී මෙරට තුළ ඩෙංගු රෝගීන් 9576 ක් වාර්තාවී ඇතැයි වසංගත රෝග ඒකකය සඳහන් කරයි. එයින් 46.19% ක ප්‍රතිශතයක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙනි. පසුගිය සති 5 ක කාලය තුළ ඩෙංගු මරණ සංඛ්‍යාව 11 කි.

‘සීරෝ මොස්‘ බෙහෙත නිෂ්පාදනය කරන ජපානයේ සමාගම එය ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමට ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහලට අවසර ලබාදීමටත් රුපියල් මිලියන 1.6 ක බෙහෙත් කුට්ටි රජයට නොමිලේ දීමට කැමැත්ත පළ කර සිටින බව සමාගම් අධ්‍යක්ෂ ඉවසිතා පේරාදෙණිය පළිබෝධ රෙජිස්ටාර් කාර්යාලයේ වෛද්‍ය අනුර විජේසේකර මහතාට ලිඛිතව දන්වා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය කියනුයේ පයිරිප්‍රොක්සිෆන් රසායනය අඩංගු මෙම බෙහෙත මැස්සන්, මදුරුවන්, කැරපොත්තන් වැනි කෘමීන් මර්දනයට යොදා ගත හැකි බවයි.

මෙම බෙහෙත් පෙත්තේ පයිරිප්‍රොක්සිෆන් නමැති රසායනය 1%ක් අන්තර්ගත වන බවත් කොඳු ඇට පෙළ නොමැති කෘමීන් වඳකිරීමට හැකියාව ඇති බවත් 1996 වසරේදී ඇමරිකාවේ කපු වගාවට බෝවූ සුදු මැසි වසංගතය තුරන් කිරීමට සාර්ථකව අත් හදා බලා ඇති බවත් විද්‍යාඥයෝ පවසති.

පීරු රාජ්‍යයේ ඩෙංගු වසංගතය සඳහා බෙහෙවින් සැර බාල කළ සාන්ද්‍රණයක් වතුරට යෙදූ බවත් මාස 5කට පසුවද එම ස්ථානවල මදුරු බිත්තර හා මදුරු පිළවුන්ට එම සාන්ද්‍රණය මාරක ප්‍රතිඵල ගෙනදුන් බවත් පර්යේෂකයෝ කියති.

මෙරට ඩෙංගු මදුරුවන් හා අනෙකුත් අහිතකර මදුරුවන් විනාශ කිරීමට සාර්ථක විකල්පයක් ලෙස ‘සීරෝමොස්‘ නමැති බෙහෙත 2011 වසරේ සිට පාවිච්චි කරන බවටස විජේසේකර මහතා කියයි.

මෙම බෙහෙත මෙරටට ගෙන්වා ගැනීමට තමාට හැකියාව තිබියදීත් ඒ සඳහා ඇතැම් සෞඛ්‍ය ආයතන කල් මැරීම ගැටළුවක් බවත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාද දැනුම්වත් කර ඇති බවත් ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සමාගමේ ප්‍රධානී හේරත් බංඩා මහතා පවසයි.



අදහස් (0)

ජපන් ඩෙංගු මරුවාට ලංකාවේ මාරකයක්

මාරියා Wednesday, 04 March 2015 01:47 PM

මොන පව්කාර වැඩක්ද මේක.. සත්තු මැරුවාම පව් සිද්ධ වෙනවා. (හේ)

:       0       0

ජයන්ත Wednesday, 04 March 2015 01:47 PM

හොඳයි කියලා අනුමත වෙන දේවල් වලට ක්‍රියාත්මක වෙන්න පමා වෙන්නේ රටේ දුප්පත් ජනතාවගේ කරුමයද? නැත්නම් අදාල බලධාරීන්ගේ සාක්කුව පිරෙන්න ප්‍රමාද වීමද? අහෝ යහපලනයවත් මේවා පෙනේවා. දුශීතයින් එලවා පිරිසිදු පාලකයෝ පත්කරත්වා.(හේ)

:       0       0

නිරංජන් Wednesday, 08 April 2015 05:32 PM

පන්සිල් පද පහක් තියනවනේ එනිසා අනුමත කරන්න බෑ පද පහ නැති දවසක අනුමත කරලා දෙන්නම් මදුරුවෝ කන්නේ දුප්පත් එවුන් විතරයි. මෙහෙ ඉන්න අමාරු නම් ජපානයට යමු. හේරත් බංඩා මහතානෙනි මදුරුවෝ වැඩියෙන් කන බෙහෙතක් ගෙන්න මල් තියල පිළිගනී තැන්ක්ස් පුවතට (ස)

:       0       0

ආසිරි Wednesday, 04 March 2015 01:49 PM

මිනිසු ලෙඩ වුනේ නැත්තන් පාඩු වෙන කට්ටිය තමයි ඕවාට විරුද්ධ වෙන්නේ.(හේ)

:       0       0

ස්වර්ණ Thursday, 05 March 2015 12:06 PM

හොඳින් සොයාබලා මේ රටට ගෙන්වන්න (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Thursday, 05 March 2015 12:35 AM

පසුගිය කාලේ අපේ කට්ටියක් පාකිස්තානයේ ඩෙංගු මර්දනය කරන්න ගියා නේද? මම හිතුවේ මෙහෙ ඩෙංගු ඉවරයි කියලා. (නි)

:       0       0

වසන්ත Thursday, 05 March 2015 12:53 AM

අපේ රටේ විශ්ව විද්‍යාල තිබෙනවා. මහාචාර්යවරු ඉන්නවා. ඔවැනි රසායනිකයක් නිපදවන්න උත්සාහ නොකරන්නේ මන්ද? (නි)

:       0       0

දුමින්ද Thursday, 05 March 2015 02:42 AM

මේ ඩෙංගුත් හිඟන්නාගේ තුවාලය වගෙයි. පාර පාරා තියාගන්නවා (නි)

:       0       0

ප්‍රෂා Thursday, 05 March 2015 03:55 AM

හිටපු සෞඛ්‍ය ඇමතිට හා අලුත් ඇමතිට පුලුවන්නම් ඩෙංගු නෙති කරන්න කියන්න. (ර)

:       0       0

ධම්ම Thursday, 05 March 2015 04:19 AM

මේකට කිසි දවසක දේශපාලකයින්ගේ නම් අනුමැතිය බලාපොරොත්තු වෙන්න එපා. (ර)

:       0       0

ටිරෝන් Thursday, 05 March 2015 04:58 AM

මේවාට විරුද්දවන්නන්ට ප්‍රතිපාදන සපයන්නේ මදුරුදගර මාෆියාව. මේකට විරුද්දව ක්‍රියාකරන්න හොඳම කට්ටිය තමා ජනාධිපතිතුමා, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න. ඔන්න කරොත් හොඳම පින් අතේ වැඩක් (නදී)

:       0       0

ගීත් Thursday, 05 March 2015 04:59 AM

කොඳු ඇට තියන කෘමීන් ඉන්නවද ? නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 11 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 373 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 223 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 345 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1067 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2855 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site