IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ජපන් රජකුමරිය බලයි මින්නේරි අලි අසිරිය

නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ සිටින ජපනයේ ටිසුන්ගුකෝ රජ කුමාරිය මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නැරඹීමට ගියාය.

 

 



අදහස් (0)

ජපන් රජකුමරිය බලයි මින්නේරි අලි අසිරිය

ශිරෝමි පිලියන්දල Sunday, 25 August 2013 09:27 PM

නිලක්ෂි..අපේ රටේ සමහරක් හිගා කන අය ඉන්න එක ඇත්ත. එයලා අපිටත් වඩා හොඳට කනවා. ඔයා එක දන්නේ නැද්ද (අ)

:       0       0

සසි Friday, 23 August 2013 08:36 AM

මේකේ දාන ප්‍රතිචාර දැක්කම සම-හරක්ගේ තේරුම් ගැනීමේ ශක්තිය හරිම දුර්වල බව පෙනෙනවා. එහෙමත් නැත්නම් මොනවා හරි දෙකින් අන්ධවෙලා සැබෑ තත්වය පෙනෙන්නේ නැහැ. කොහොම වුනත් හොඳ අධ්‍යාපනයක් ලබාගෙන මනස දියුණු කරගන්න බලන්න. (නි)

:       0       0

නන්ද Thursday, 22 August 2013 08:27 PM

වසන්ත කරන්නාගොඩ අලි බලනවා....... අපි අලි එලවනවා.. අනික් අලි සින්දු කියනවා.(නදී)

:       0       0

ක්‍රිස් Friday, 23 August 2013 08:41 AM

නිලක්ෂි වගේ අය ලංකාවේ මොන දේ වුනත් කියන්නේ කන්න නැති මිනිස්සු ඉන්න හින්දා අපිට ඕවා ඕනෑ නැහැ කියලා. පුලුවන්නම් සංඛ්‍යා ලේඛන වලින් පෙන්නන්න ලංකාවේ කියක් බඩගින්නේ මැරුණද කියලා. (නි)

:       0       0

සසි Thursday, 22 August 2013 08:32 PM

සමහරක් අය නිලක්ෂිට කියනවා කන්ඩ නැති අය ලංකාවේ කොහෙද කියල. වැඩිය දුර දුෂ්කර ගමකට යන්න අවශ්‍ය නැ. කොළඹ ඉන්නවා ඕනෑතරම් අසරණයෝ, ළමයි කන්න නැතිව ඉතා අසරණ වෙලා. සමහරක් රට ගිහින් කීයක් හරි හොයාගත්තම, කෑවට, ගොඩක් අය අද ජීවත් වෙන්නේ අමාරුවෙන්. ඒ දේවල් ගැන කතාකරන අයට මෝඩයෝ වගේ අදහස් දානවා. ලංකාවේ පත්තරයක් බලන්න කොච්චර මිනිස්සු අසරණ වෙලාද කියල. මුල් මස කීපයට උගස් කරපු රත්රන් වටිනාකම කොටි 65000. එහෙමයි මිනිස්සු කන්නේ. පුලුවන්නම අසරණ මිනිස්සුන්ට, දරුවන්ට උදව් කරන්න අනිත් අයට නිකරුනේ අපහාස නොකර. මෝඩ අදහස් නැති පරිනත සමාජය ලංකාවේ කවද බිහිවෙවිද මන්දා.(නදී).

:       0       0

රෝහණ Thursday, 22 August 2013 08:38 PM

ස්ටැන්ලි , උදය , හරක් කියල මරන්නද කට්ටියව.(නදී)

:       0       0

මිනිපේ Friday, 23 August 2013 09:03 AM

උදය සර්, ඇයි මේ අවරුදු 6 ක් ? තව ඡන්දෙක කාලයක්ද ? (නදී)

:       0       0

සරත් Thursday, 22 August 2013 03:35 PM

කුමරියට නම් හොදටම සතුටුයි වගේ අපේ අසිරිය දැකලා. අපටත් සතුටුයි කුමරිය පැමිණීමට. (ස)

:       0       0

රොෂාන් Pranandu Thursday, 22 August 2013 09:12 PM

නිලක්ෂිගේ කතාව ඇත්ත. ඒකට විරුද්දව ලියල තියන අය ලංකාව ගැන දන්නේ නැද්ද? ආණ්ඩුවේ බොරු ප්‍රචාර වලට රැවටිලා , ජපන් කුමාරි අලි බැලුවට කමක් නැහැ අලි ගෙනියන්ඩ ඉල්ලන්ඩ එපා.(නදී)

:       0       0

සනත් Friday, 23 August 2013 09:23 AM

1950 -1960 ගණන් වල හදපු ජපන් ජීප් වල ලස්සන දැකල කුමරියට පුදුමත් හිතෙනවා ඇති, අපේ රටේ අරපරිස්සම ගැන ඒ කත් රටට ආඩම්බරයක්, (නදී)

:       0       0

උදය Thursday, 22 August 2013 04:00 PM

මෙවැනි රාජකීයයන් ජපන් සහ තායි වැනි ලංකාවට ගෙන්වා ගෙන සංග්‍රහ කිරීම අපේ ජාතියට අපේ ඇස ඇරවන ජාතික මමත්වය ඇතිවන ක්‍රියාවලියකි. නැත්නම් මේ ලංකාව කියන අත දරුවන් සහ බංකොලොත් මානසික මට්ටමේ ඉන්න පුද්ගලයන් දන්නේ යුරෝපා ඇමෙරිකා සහ අරාබි කියන දේශයන්ගේ කාලගුණය සහ දේශ ගුණය පමණකි. (ස)

:       0       0

නීල් රණා Thursday, 22 August 2013 04:01 PM

ඔයා මෙහෙ නවතින්න අනේ.. එහෙ ජපානෙ ෆුකුෂිමා වල විකිරණ කාන්දු වෙනවා. (ස)

:       0       0

නිශාර්ඩ් Friday, 23 August 2013 09:39 AM

නිලක්ෂි නොකිය කියන්නේ එයාගේ ගෙදර අය ගැනද දන්නේ නැහැ. ලංකාදීප පාඨකයෝ ලෑස්තියි නිලක්ෂිගේ ගෙදර අයට කෑඹ එවන්න. ජීවිත කාලය පුරාවට උනත් කන්න දෙන්න.(නදී)

:       0       0

සුසන්ත කැනඩා Friday, 23 August 2013 09:41 AM

නිකන් බොරු කියන්ඩ එපා දිසා කැනඩාවේ බඩු ලාබයි කියලද කියන්නේ ලජ්ජා නැද්ද ලංකාවට ගරහන්න එපා.(නදී)

:       0       0

වරුණ Thursday, 22 August 2013 04:14 PM

දැන් කුමර කුමරියෝ ගොඩයි ලංකාවේ (නි)

:       0       0

සුරන් Saturday, 24 August 2013 10:25 AM

පට්ට ජීප් 2 කොහොමද ජපන්නේ (අ)

:       0       0

නිලක්‍ෂි Friday, 23 August 2013 09:57 AM

පීක් ,මොහොමඩ් ,යසස්, ජයාන් මම මේ ඉන්නේ ලංකාවේ තමයි. මම දැකලා තියෙනවා කන්නවත් නැතුව පාරවල් ගානේ හිගාකන ළමයිව.ඔයාලා දැකලම නැද්ද ?ඔයාලට නම් මොකද තුන් වේලටම බඩ පැලෙන්න කන්න ඇතිනේ. අනේ මේ නිකන් මෝඩයෝ වගේ කියවන්නෙපා හලෝ ඔයාලට වඩා හොදට ඒක ජපන් කුමරිය දන්නවා ඇති , ඔය හතර දෙන එංගලන්තෙද? (ස)

:       0       0

නිලක්ෂි Thursday, 22 August 2013 04:23 PM

කුමරියව එක්කන් යන්නේ ලස්සන තැන් බලන්න විතරමද?අපේ රටේ කන්ඩවත් නැතුව ඉන්න දුප්පත්තු ටිකක්වත් පෙන්නන්ඩ එක්ක ගියා නම් අනේ ආධාර වත් දෙන්ඩ හිතේවි කුමරියට,කුමරිය ආපු එකට නම් සතුටූයි.(නදී)

:       0       0

නීල් රණා Friday, 23 August 2013 10:20 AM

ජපාන කුමාරියගේ සීයා බෞද්ධ රටක අධිරාජයෙක් ලෙස දෙවන ලෝක යුද්ධෙදි ලංකාවේ බටහිර අධිරාජ්‍යවාදීන්ට ගුවනින් බෝම්බ දැම්මා. ඉන් එකක් දියවන්නා ඔයට වැටුණු අතර අනෙක අංගොඩ මානසික රෝහලට වැටුණත් පිපිරුනේ නැහැ. රෝමානු කතෝලික ඉතාලියේ මුසලෝනි යුරෝපය නියෝජනය කලත්, ජර්මනියේ හිට්ලර් සිය වමතේ ස්වස්තිකය බැඳගෙන හින්දුවරු වෙනුවෙන් පෙනීසිටියා. ලංකාවට නිදහස ලැබුනේ ඔවුන්ගේ ජීවිත කැපකිරීමේ ප්‍රථිපලයක් නිසා බැවින් යුග අවශ්‍යතාවයක් ඉටුකිරීමේ පරපුරක කොටස්කාරියක් ලෙස ඇයට කෘතවේදිත්වය පලකළ යුතුයි. (ස)

:       0       0

මිනිපෙ Thursday, 22 August 2013 10:45 PM

හැබැයි එක අලියෙක් වත් කුමාරිව බලන්න ගියේ නැහැ නේද? (නි)

:       0       0

දිලුප Thursday, 22 August 2013 10:46 PM

ජපානයේ අලි පොඩියි නේද? (නි)

:       0       0

නීල්-රානා Friday, 23 August 2013 10:32 AM

ජපාන කුමාරියගේ සීයා බෞද්ධ රටක අධිරාජයෙක් ලෙස දෙවන ලෝක යුද්ධෙදි ලංකාවේ බටහිර අධිරාජ්යවාදීන්ට ගුවනින් බෝම්බ දැම්මා. ඉන් එකක් දියවන්නා ඔයට වැටුණු අතර අනෙක අංගොඩ මානසික රෝහලට වැටුණත් පිපිරුනේ නැහැ. රෝමානු කතෝලික ඉතාලියේ මුසලෝනි යුරෝපය නියෝජනය කලත් ජර්මනියේ හිට්ලර් සිය වමතේ ස්වස්තිකය බැඳගෙන හින්දු වරු වෙනුවෙන් පෙනීසිටියා. ලංකාවට නිදහස ලැබුනේ ඔවුන්ගේ ජීවිත කැපකිරීමේ ප්‍රථිපලයක් නිසා බැවින් යුග අවශ්යතාවයක් ඉටුකිරීමේ පරපුරක කොටස්කාරියක් ලෙස ඇයට කෘතවේදිත්වය පලකළ යුතුයි.(නදී)

:       0       0

පීක් Thursday, 22 August 2013 04:34 PM

නිලක්ෂි ලංකාවේ කොහෙද කන්ඩ නැතිව ඉන්නේ ..? මෝඩ කතා කියන්ඩ එපා.(නදී)

:       0       0

අනුර Thursday, 22 August 2013 04:41 PM

කුමරියට නම් ගොඩක් සතුටුයි වගේ. හරිම ආඩම්භරයි අපේ රට ගැන. (ස)

:       0       0

වජිර Monday, 26 August 2013 01:36 AM

අලින්ටත් කුමරියක් කියලා තේරිලා. ඒකනේ කැරකි කැරකි ඉන්නේ (නි)

:       0       0

නිලක්ෂි Friday, 23 August 2013 10:42 AM

නිශාර්ඩ්, ඔයාට කන්ඩ තියෙනවනේ.එහෙම නම් කමක් නෑ.මම කිව්වේ අපේ රටෙත් එක වේලක් කාලා ජිවත් වෙන අය ගැන ඔයා වගේ අනිත් අයටත් කන්න දෙන්න පුළුවන් සල්ලි කාරයෝ ගැන නෙවී. බැලුවම නම් ඔයාටත් කන්ඩ නෑ වගේ? (නදී)

:       0       0

රසල් Thursday, 22 August 2013 04:50 PM

නිලක්ෂි දුප්පත් කමට ආදාර කරන්න එපා , එතකොට ආදාර වලින්ම යැපෙන්න බලනවා ,, ඔබ දුප්පත් වෙලා ඉපදුනොත් ඒක ඔයාගේ වරද නෙමේ නමුත් ඔබ දුප්පතෙක් වගේ මැරුනොත් ඒක ඔයාගේ වරද, බිල් ගේට්ස්.(නදී),

:       0       0

කෙවින් Thursday, 22 August 2013 04:50 PM

උදය, මමත්වය බලෙන් ඇති කරන්න බැහැ. ලොක්කෝ රට කද්දී රටක් හදන්නත් බැහැ. බටහිරට හේතුවක් නැතිව බනින්නේ දීන මානසිකත්වයක් තියන උදවිය.(නදී)

:       0       0

රන්ජනී Thursday, 22 August 2013 04:59 PM

අයියෝ! අලි දැකලම නැහැ වගේනේ ඉන්නේ.මෙහෙ මිනිස්සුන්ට කන්නත් නැහැ. (නි)

:       0       0

පෙරේරා Friday, 23 August 2013 10:57 AM

වැලිවේරියේ අසිරිය පෙන්නන්න ගෙනිහින් නැද්ද කොහෙද ?(නදී)

:       0       0

මොහෙමඩ් Thursday, 22 August 2013 05:02 PM

නිලක්ෂි කුවෙට් වල ඉඳලද ලියන්නේ . ලංකාවේ කන්න නැති අය නැහැ . හිඟන්නෝ උනත් හොඳට කාල බිල ඉන්නේ . මෝඩ කමට බෙහෙත් නැහැ නිලක්ෂි ඔයාට.(නදී)

:       0       0

යසස් Thursday, 22 August 2013 05:04 PM

නිලක්ෂි, ඔයා අන්තිමට ලංකාවට ගියේ කවදාද? (නි)

:       0       0

රත්න Thursday, 22 August 2013 11:15 PM

රජ කුමරියකට අන් අයට තිබෙන නිදහසක් කවමදාකවත් ලැබෙන එකක් නැහැ. මේ චාරිකාව ඇයට සුන්දර දසුනක් වේවි. අලි ඇතුන් සන්සුන්ව සිටිම නිසංසල පරිසරයට මනරම් දසුනකි. (නි)

:       0       0

නීල්-රානා Saturday, 24 August 2013 11:47 AM

පෝදා වල්ගා තරුව ඉරට වැටී සූර්යා පුපුරයි. කිරණ පොලොවට. ලංකාවේ පෙරහැර දෙකක් එකවර ඇයි? බෞද්ධ කුමරියන් දෙදෙනෙක් ලංකාවට එකවර ගෙන්වූයේ කුමටද?(නදී)

:       0       0

තබුක් සිල්වා Thursday, 22 August 2013 11:15 PM

පිට බැද්දර, ඒ කාලේ මමත් නිතරම හිතපු දෙයක් තමයි යලි දෙරනෙහි ඉපදෙන්නට හේතු වාසනා වේවා කියලා. දැන්නම් පතන්නෙ මේ දෙරනෙහි ඉපදෙන්නට යලි වාසනා නොවේවා! කියලා (නි)

:       0       0

සේනාරත්න Thursday, 22 August 2013 11:17 PM

රංජනීට කන්න නැද්ද? ඔයා කොයි රටේද දැන් ඉන්නේ? කන්නත් නැත්නම් ඉන්න තැනක, එන්න ලංකාවට. මෙහෙ ඉන්දියාවේ වගේ කන්න නැතුව කවුරුවත් නැහැ. (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 22 August 2013 11:21 PM

අලි මිනීමරන හැටි පෙන්නන්න තිබුනා නම් අඩු තරමෙ විදුලි වැටක් දෙකක් ජපනෙන් ගන්න තිබුනා (නි)

:       0       0

සෙන්තිල් Thursday, 22 August 2013 11:23 PM

සසීගේ අදහස නම් හරි,ලංකාවේ වැඩි දෙනෙක් තමන්ගේ දේවල් උකස් තියලත් කන්න හොයාගන්නවා (නි)

:       0       0

අනුර පනාගොඩ Thursday, 22 August 2013 05:11 PM

අපේ අලිත් ජපන් බෝනික්කෝ වගේ නේද?(නදී)

:       0       0

දසුනි Thursday, 22 August 2013 11:25 PM

අපේ රටේ නම් තත්වය නිලක්ෂි කියන විදිහ තමා.අනිත් ග්‍රහලෝක වල ඉන්න අයත් මේකට අදහස් දාලා ඒ ගැන සතුටු වෙමු.අපි මැරෙන්න හරි පිටරට යන්නේ 'ජොලියට'.කන්න නැතුව නෙමෙයි හොදේ. (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Thursday, 22 August 2013 11:42 PM

ජපන් රජකුමරියට මින්නේරි අලි විතරද පෙන්නුවේ. යාල අභයභූමියේ අලි, කොටි , වලස්සු බලන්නත් එක්කරගෙන යන්න. (නි)

:       0       0

නිල්මිණි. Thursday, 22 August 2013 05:28 PM

මම ඉන්නෙත් ජපානයේ. අපිත් විස්තර දන්නවා (නි)

:       0       0

චන්දි Thursday, 22 August 2013 11:56 PM

ඔන්න රජ කුමරියේ, අපේ අලියව නම් ගෙනියන්න ඉල්ලන්න හෙම එපා හොදේ (නි)

:       0       0

නීල් Thursday, 22 August 2013 05:32 PM

අපි වනෝද්‍යාන බලන්න ගියොත් නම් එක අලියෙක්වත් නැහැ (නි)

:       0       0

රුවන් Friday, 23 August 2013 05:04 PM

නිලක්‍ෂි , ඔයා ඉන්න රටේම තමා මමත් ඉන්නේ.වේලක් කාලා බඩගින්නේ ඉන්න අය නම් මගේ ගමේ නැහැ. දන්න අහල ගමක වත් නැහැ.රටේ වැරදි තියනවා එහෙත් මිනිස්සු හරිම උත්සාහවන්තයි. හඩ නැගිය යුතු තැන හඩ නගන්න.ජපන් කුමරිය ඇවිත් අපේ රටේ අසිරිය දැක ගැනිම ගැන සතුටු වන්න.කුහක වෙන්න එපා. (නි)

:       0       0

නිලක්ෂි Saturday, 24 August 2013 12:53 PM

රුවන්, මම කුහක වෙන්නේ මොකටද?ඔයාට පැටලිලා මම කතා කලේ අපේ රට ඇතුලේ ඉන්න දුප්පත්තු ගැන, එයාලගේ බඩගින්න ගැන.නැතුව කුහක වෙලා මම මොනවා බලාපොරොත්තු වෙන්නද ?ගම් වල නම් දැන් දුප්පත්තු නෑ කොළඹ ඉන්නේ ඕන තරම් අසරණ ළමයි,අපි මේ කතා කරන අතරේ බඩගින්න නැතිකරගන්න කි දෙනෙක් නම් උත්සහ කරනවා ඇත්ද?(නදී)

:       0       0

ගයාන් Friday, 23 August 2013 12:12 AM

කුමරියගේ ඇගේ හොඩවැල් අතුල්ලයි ඔය අලි. පරිස්සමින් (නි)

:       0       0

ලංකා Thursday, 22 August 2013 05:33 PM

සුදු කකුලයි කොට සායයි හරි අවදානම්... ලංකාවේ හැටි එහෙමයි. ඒක දැනගෙන අනෙත් පැති වලට යන්න කුමරිය.(නදී)

:       0       0

ජගත් Friday, 23 August 2013 12:29 AM

ගොඩබිම ඉන්න ලොකුම සතා පරිස්සම් කරලා අපි එයාලට පෙන්නනවා. එයාලා මුහුදේ ඉන්න ලොකුම සතා මරාගෙන කනවා. ජපානේ ප්‍රධාන කෑම තල්මස් සහ ඩොල්පින්. කොහොමද වෙනස? (නි)

:       0       0

සරා Friday, 23 August 2013 12:45 AM

කුමරිය බැඳලද දන්නේ නැහැ (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Friday, 23 August 2013 12:45 AM

ජපන් කුමරිය සිරිකොතේ අලි බලන්න යන්නේ නැහැල්ලු අලි රැලේ රණ්ඩු නිසා (නි)

:       0       0

නුවන් දඹගේ, ඉතාලිය Thursday, 29 August 2013 04:20 PM

ආසියාවේ ආශ්චර්ය ,,,,,අපිට ආඩම්බරයි ...විදේශ විනිමය වැඩි වේවා ..රට දියුණු වේවා මගේ පැතුම් ... (ස)

:       0       0

සුනෙත් Thursday, 22 August 2013 05:43 PM

මේ කුමාරි කැමති නම් අපිටත් ඉන්නවා හොද රජ කුමාරවරු.. (නදී)

:       0       0

රසල් Friday, 23 August 2013 01:08 AM

සසී මිනිස්සුන්ට කන්න නැහැ නමුත් රත්තරන් තියෙනවා අවශ්‍ය වෙලාවට උගස් කරන්න, ඔයාගේ කතාව ගැලපෙන්නේ නැහැනේ, පත්තරයක් අරන් බලන්න බීල කීදෙනෙක් මැරිලද කියල? එකෙනුත් වැඩියක් දුප්පත් මිනිස්සු, (නදී)

:       0       0

ජයී තිසර Saturday, 24 August 2013 12:53 AM

ජගත්, මා අද කියවූ හොඳම ප්‍රතිචාරය ඔබ සතුයි. ඔබේ විරෝධයක් නැත්නම් මම එය සුළු වශයෙන් මෙසේ වෙනස් කරමි. "ගොඩබිම ඉන්න ලොකුම සතා පරිස්සම් කරලා දුප්පත් අපි එයාලට පෙන්නනවා. ලෝකයේ ධනවත්ම රටක එයාලා මුහුදේ ඉන්න ලොකුම සතා මරාගෙන කනවා. ජපානේ ප්‍රධාන කෑම තල්මස් සහ ඩොල්පින්. කොහොමද දුප්පත් පොහොසත්කමේ වෙනස?(නදී)

:       0       0

ශන්ති Monday, 26 August 2013 11:49 PM

නිලක්ෂි ඔය හරි මෝඩිඅයි ඇයි අප්පේ ලංකාවේ කන්ඩ නැද්ද (අ)

:       0       0

ස්ටැන්ලි Thursday, 22 August 2013 05:57 PM

දීල තියෙන අදහස් දිහා නැවත බලන්න. මොනදේ දැම්මත් වැරද්දක් දකින වපර ඇහින් බලන හරි දේ හරි හැටියට දකින්න අපේ සමහරුන්ට බැරි හැටි.(නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 22 August 2013 05:59 PM

තුමරිය හොදයි. ආඩම්බර නැහැ. අපේ පිටිසර සිංහල කෙල්ලක් වගෙයි.(නදී)

:       0       0

ගාමිණී Thursday, 22 August 2013 06:00 PM

බුදුන් සිරිපා පියුම් නැමදූ අපේ මේ ලක් විජය දෙරණයි... සදා කාලෙන් සදා කාලෙට අපට දළදා සමිදු පිහිටයි... (නි)

:       0       0

අසන්ක Thursday, 22 August 2013 06:00 PM

නියම ජීප් දෙක... (නි)

:       0       0

කුමාර Saturday, 24 August 2013 11:44 PM

ඔක්කොම වල් පල් කියවනවා.අනුන්ගේ වැරදි බලන වෙලාවේ තමන් රටට කළේ මොනවද කියලා බලන්න,කරන්න පුළුවන් දෙයක් තියනවද බලන්න.බැලුවත් කරන්ට බැහැ නේද? අපි තමා නියම නිවටයෝ..... (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 22 August 2013 06:14 PM

අනේ ඔය කුමාරිව පළාත් සභාවක් පැත්තකටවත් අරගෙන යන්න එපා (නි)

:       0       0

කුමාරි Friday, 23 August 2013 03:00 AM

හැමදාමත් දුප්පත්කම ගැනම කතා කරනවා.ඒකත් ඇත්ත. නමුත් සුන්දරත්වය විදින්න මත බේදයක් මොකටද? (නි)

:       0       0

උදය Friday, 23 August 2013 03:15 AM

කෙවින්, පුලුවන් නම් විස්තර කරන්න මොකක්ද දීන මානසිකත්වය? ලොක්කෝ ගසා කන්නේ අපිට වැඩිය යුරෝපයේ. යුරෝපයට ඔයා කත් අදිනවා වගේ යුරෝපයේත් ආසියාවට කත් අදින ආසියාව වර්ණනා කරන යුරෝපා ජාතින් බුරුතු ගණන් ඉන්නවා. ධනවතුන් ගත්තත් යුරෝපය වගේ පස් ගුණයකට වැඩි ධනවතුන් පිරිසක් ආසියාවේ ඉන්නවා. මේක උහුලන්න බැරුව තමයි මේ මිනිස්සු අපේ රටේ දියුණුවට බාධා කරන්නේ. තව අවුරුදු 6 ක් වගේ කාලයකදී එංගලන්තය ඇමෙරිකාව ලංකාවට දණ ගහනවා. මේක දීන මානසිකත්වයක් නොවෙයි, විනිවිද පෙනෙන මානසිකත්වයක්. පුළුවන් වුනොත් අපි නැවත තව අවුරුදු 6 න් සංවාදයක් කරමු. (නි)

:       0       0

කටා මාමා Thursday, 22 August 2013 06:43 PM

උදයගේ කතාව කෙවින්ලා වගේ අයට යසට ගැලපෙනවා. කොලුවා තද මමත්වයෙන් ඉන්නවා වගේ පේන්නේ.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 22 August 2013 06:59 PM

මා ඉපදුන , හැදුන වැදුන , ඉගෙනගත් මගේම උතුම් පින් බිම සුන්දරයි! ලස්සනයි ! වාසනාවයි ! පින්කෙත හෙළ ලක් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා ..... හේතු වාසනා වේවා !!!! (නි)

:       0       0

චින්තක Friday, 23 August 2013 06:30 AM

සසි : " මුල් මාස කීපයට උගස් කරපු රත්රන් වටිනාකම කොටි 65000 !" අම්මෝ ලංකාවේ ඉන්න දුප්පතුන් හරිම පෝසත් නේ . ජනගහනය කොටි 2 යි. කෝටි 65,000 රත්තරන් තිබිලා . ස්ථිර වැටුප් ලබන අය කවදත් අමාරුවෙන් තමයි ජිවත් වෙන්නේ . වෙන රටවල උනත් ඒක තමයි අමතර රස්සා වල කරන්නේ . එය ලංකාවේ මෙකලට පමණක් ඇතිවූ අමුතුදෙයක් නොවේ. ලෝකේ දියුණු වෙත්ම අවශ්‍යතා වැඩි වෙනවා. අද එක ගෙදර මොබයිල් 3-4. කාඩ් බිලම මාසෙට දාස් ගානක්. (නදී)

:       0       0

ෂර්මලා Friday, 23 August 2013 06:52 AM

මින්නේරියේ අලි අසිරිය බලලා මේ පැයේ... වැලිවේරියේ වැලි අසිරිය බලමු කුමරියේ... (නි)

:       0       0

සමදරා ආරියදාස Friday, 23 August 2013 06:53 AM

අපේ අය රටේ නම කැත කරන විදියට වැඩ කරන්න එපා (නි)

:       0       0

වාසනා මයුරි Friday, 23 August 2013 06:58 AM

එක්කෙනෙක් අනවසර හෝටලයක් හදලා තියෙන්නේ ඔන්න ඔය අලි ඉන්න ඝන කැලේ ඇතුලේ, රජයේ ඉඩමක් බලෙන් අයිතිකරගෙන. මේවා අපරාධ (නි)

:       0       0

කින් බෙනට් Thursday, 22 August 2013 07:06 PM

පේනවද මිට්සුබිෂි ජීප් දෙකේ ලස්සන ? අර පිටිපස්සට වෙන්න තියෙන්නේ අලුත් ඉන්දියන් ජීප් එකකුත් ...ජපන් හැම බඩුවක්ම ඉතාම හොඳයි.ලස්සනයි. (නි)

:       0       0

තිලක් Friday, 23 August 2013 07:14 AM

කුමාරි පරෙස්සමෙන්, අපේ අය ගැන දන්නවනේ. අපේ අයට එතරම් ලංවෙන්න එපා. (නි)

:       0       0

ජයාන් Thursday, 22 August 2013 07:22 PM

නිලක්ෂි ඔයා ඉන්ටෙර්නෙට් බලන සල්ලි වලින් ඔයාගේ පළාතේ ඉන්න දුප්පත් කට්ටියට කන්න අරගෙන දෙන්නකෝ.(නදී)

:       0       0

වරුණ Friday, 23 August 2013 08:02 AM

ලංකා, ඒ අවදානම තියෙන්නේ අකුරැස්සේ හා තංගල්ලේ පමණයි .(නදී)

:       0       0

සම්පත් Friday, 23 August 2013 07:15 PM

නිලක්ෂිගේ කතාව හරි ලංකාවේ කොච්චර කන්න වේලක් නැති මිනිස්සු ඉන්නවද . ඔය බොරු නාස්තිකාර වැඩ නොකර ඒ අසරණ මිනිස්සුන්ට කන්න වේලක් දුන්නනම් කොච්චර පිනක්ද අනික අපේ රටේ මිනිස්සු තිරසාර සංවර්ධනයක් ගැන කතා කරනව මන් දකින විධිහට අපේ රටේ එහෙම දෙයක් නෑ තිරසාර සංවර්ධනයක් තියනවනම් ආර්ථික වර්දනයේ ප්‍රතිලාබ රටේ සමස්ත ජනතාව අතරේ සමානව බෙදිලා යන්න ඕනනේ, නමුත් එහෙම දෙයක් වෙන් නැනේ උදා; අද රටේ හැමතැනම අධිවේගී මාර්ග හදනව රු 100 අතේ නැති මිනිහෙකුට ඔය අධිවේගී මාර්ගවලින් වැඩක් තියනවද?(නදී)

:       0       0

කැනඩා දිසා Friday, 23 August 2013 08:19 AM

නීල් රණා, මෙහේ නතර වුනාට වැඩක් නැහැ.හෙට අනිද්දට ආපහු බඩු මිල ඉහළ දානවා. හොදම දේ ඔබතුමිය නැවත යන එක . (නි)

:       0       0

ජලීල් Thursday, 22 August 2013 07:55 PM

මොනාද මේ අලින්ගේ මෙතරම් බලන්න තියෙන්නේ ? පාර්ලිමේන්තුව පැත්තේ එහෙම ගියේ නැතෙයි...(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 871 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 964 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1686 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2099 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 530 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1076 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35829 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site