IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ජපාන සංචාරය

2016-04-12-ent-135

ප‍්‍රතිමා නිර්මාණය වන්නේ ජීවත්ව සිටි කාලයේදී රටට - ලෝකයට වැඩදායී වූ මිනිසුන් වෙනුවෙනි. සතෙකු වෙනුවෙන් ප‍්‍රතිමාවක් නිර්මාණය වේ නම්? එහි විශේෂත්වයක් තිබිය යුතුමය. "හචිකෝ" යනු සුනඛයෙකි. අපුරු සෙනෙහසේ බැඳීමක් තම ස්වාමියා කෙරෙහි දැක්වූ මිනිස් ගති තිබූ සුනඛයෙකි. මේ "හචිකෝ" අද ජීවතුන් අතර නැත. නමුත් "හචිකෝගේ" පිළිරුව ජපානයේ ටෝකියෝවට ආසන්න ෂිබුයා නගරයේ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී දැකගත හැකිය.

"හචිකෝ" පාදක කරගෙන හොලිවුඞ් චිත‍්‍රපටයක් පවා නිර්මාණය විණි. 2009 දී තිරගත වීම් ඇරුඹි එහි ප‍්‍රධාන චරිතය රඟපෑවේ එනම් මහාචාර්යවරයාගේ චරිතය රඟපෑවේ රිචඞ් ගියර් නමැති ප‍්‍රකට රංග ශිල්පියාය. එම චිත‍්‍රපටය නරඹා සෙනෙහස පෙරදැරිව බොහෝ දෙනා කඳුළු සලන්නට ඇත.

 

2016-04-12-ent-136ඇයි මේ තරමටම ජපානයේ ෂිබුයාහි ජීවත් වූ "හචිකෝ" ලෝ ප‍්‍රකට වූයේ?

ඊට පෙර මේ ෂිබුයා නගරය ගැන යමක් සඳහන් කරමු. ෂිබුයා නගරය යනු දිවා රාත‍්‍රී දෙකෙහිදීම ඉතා විශාල ජන කායක් ගැවසෙන නගරයකි. වෙසෙසින්ම ජපානයේ තාරුණ්‍යය රොද බඳින පොදි ගැහෙන තැනකි.

මේ ෂිබුයා නගර මංසන්ධියේ පදික මාරු හයක් පමණ රවුමක හැඩයට තනා තිබේ. එක් තත්පර ගණනාවකදී වැඩිම පිරිසක් පාර මාරුවන ලොව කාර්යබහුලම ස්ථානය එය යැයි සඳහන් කළ හැකිය. ෂිබුයා නගරයට යාබද හරාජුකු ෂිබුයා දුම්රිය ස්ථානයට එහා ඇති ෂින්ජුකු දුම්රිය ස්ථානයට ඉදිරිපසින් පිහිටා තිබේ. එක්වර විශාල සෙනඟ කන්දරාවක් ගැවසෙන මාවත වන්නේ මේ හරාජුකුහි සාප්පු තනා ඇති පෙදෙසයි. එතැනින් එහාට නැවත අපි ෂිබුයා වෙත ගොස් "හචිකෝ" හමුවෙමු.

1925 දී පමණ ටෝකියෝ සරසවියේ කෘෂිකර්ම විෂය ඉගැන්වූ මහාචාර්යවරයකු ජීවත්ව සිටියේය. ඔහුට "හචිකෝ" නමින් සුරතලෙක් වීය. ඒ ජපානයටම ආවේනික සුනඛ වර්ගයකට අයත් වීය. උදෑසන මේ මහාචාර්යවරයා ෂිබුයා දුම්රිය ස්ථානයට පැමිණ ටෝකියෝව බලා යන්නේය. ඔහු සමඟ පැමිණ සිටි "හචිකෝ" නැවත මහාචාර්යවරයා වැඩ රාජකාරි හමාරකොට පැමිණෙන තෙක්ම මෙතැනට වී සිටීම පුරුද්දක් කර ගත්තේය. එසේ නැතිනම් නැවත ගෙදරට ගොස්, මහාචාර්යවරයා පැමිණෙන වෙලාවට ස්ටේෂම ඉදිරිපිටට පැමිණ සිටීම හචිකෝගේ පුරුද්දක් වීය.

මෙලෙසින් කාලය ගෙවී ගියේය. දිනෙක ටෝකියෝව බලා ගිය මහාචාර්යවරයා නැවත නොපැමිණියේය. "හචිකෝ" තියුණු දෑස් දල්වාගෙන තම ස්වාමියා දැන් එතැයි කියා බලා සිටියේය. එහෙත් ඉනික්බිතිව යළි කෙදිනක හෝ ඔහු නොපැමිණීය. නමුත් සුපුරුදු පරිදි හචිකෝ ඔහු එතැයි සිතා මග බලා උන්නේය. මහාචාර්යවරයා හෘදයාබාධයකින් මිය ගොසිනි. ඒත් හචිකෝ එය නොදනී. කල් ගත වෙත්ම, මේ නගරයේ ජනතාව හචිකෝ කෙරෙහි විමසිලිමත් වෙයි. හචිකෝ ගැන අවධානය යොමුකළ ජනතාව මේ අපුරු ගුණාංග සහිත සුනඛයා ගැන කතා බහ කරන්නට පටන් ගත්තේ එතැන් සිටය. මේ කතාව අළලා තවත් අවුරුදු කීපයකට පසුව මාධ්‍යවේදියකු පුවත්පතකට ලිපියක් සැකසීය. හචිකෝ ගැන මුළු මහත් සකුරා දේශයම කතා කරන්නට පටන් ගත්තේ එයින් පසුවය. තම ස්වාමියා අහිමි වී වසර දහයක් ගෙවී ගොස් තිබිණි. එහෙත් මහාචාර්යවරයා නොපැමිණීය. හචිකෝ තවදුරටත් බලාපොරොත්තු තබා සිටියේය. බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන සිටි හචිකෝගේ දෑස් මිලාන වීය. හචිකෝ වෙනුවෙන් බොහෝ දෙනා කඳුළු සැලූහ. මොනතරම් උතුම් ගුණයෙන් යුතු වූ සත්ත්වයෙක්ද ජපාන ජන සමූහය හචිකෝ ගැන එලෙසින් තව තවත් කතා කරන්නට පටන් ගත්තෝය.

 

ජීවිතය හරි පුදුමයි නේද?

හචිකෝ ෂිබුයා නගරයට ඉතිරිකොට ගිය ඒ සෙනෙහස කෙතරම්ද යත්, ආදරය ප‍්‍රකාශ කර ගැනීම සඳහා, පෙම්වතා - පෙම්වතිය මුණ ගැසීම සඳහා, බිඳුණු පෙම නැවත ඇති කර ගැනීම සඳහා මෙන්ම ආදර ගිවිස ගැනීම් සඳහා ජපාන තාරුණ්‍යය මෙන්ම වැඩිහිටියෝද රොද බඳින්නේ මෙතැනටය. එලෙසින් පැමිණෙන ජපාන ජනතාවට පමණක් නොවේ, ලොව පුරා සිටින සංචාරකයින්ට මෙම ආදරණීය හචිකෝගේ පිළිරුව අසලට සමීපව ඡායාරූපයක් ගැනීම සදාදරණීය සිහිවටනයක්ම වන්නේය. මේ ආදරණීය කතාව ඇතුළු මේ සකුරා පිපෙන වසන්තයේ තවත් බොහෝ තැන්වල සංචාරය කිරීමේ අවස්ථාව අපට ලබා දුන්නේ, රාජගිරියේ "NI Cey" ඉන්ටර්නැෂනල් ආයතනයයි.

 

සටහන හා ඡායාරූප සඳුන් ගමගේ 

 

sandalla


2016-04-12-ent-134
2016-04-12-ent-133
2016-04-12-ent-132
2016-04-12-ent-131
2016-04-12-ent-130
2016-04-12-ent-129
2016-04-12-ent-128

 



අදහස් (0)

ජපාන සංචාරය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 32 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 299 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 452 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 527 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 306 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 172 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38189 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25145 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 255 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site