IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජ‘පුරෙන් හන්තානේ ගිහින් අතරමං වෙති

මහනුවර හන්තාන කන්දට සිකුරාදා ගිය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිසුන් හතර දෙනකු අතරමංවී පැය 24කට පසු බේරා ගත් බව පොලිසිය කියයි. වැස්සත් මීදුමත් නිසා ගමන් මග සොයාගත නොහැකි බව ජංගම දුරකතන මාර්ගයෙන් විශ්ව විද්‍යාලයට  දැනුම් දීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකායේ සහායෙන් මෙහෙයුම ආරම්භ කර තිබිණි.  අද සවස ඔවුන් බේරා ගැනීමෙන් පසු ඔවුන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.



අදහස් (0)

ජ‘පුරෙන් හන්තානේ ගිහින් අතරමං වෙති

හේමන්ත Saturday, 19 October 2013 08:04 PM

මේක අලුත් දෙයක් නෙවෙයි. මීට කලිනුත් හන්තාන ගිහින් සරසවි සිසුන් අතරමන් වුන පුවත් දැකලා තියෙනවා. නමුත් පාසල් ළමයිනුත් ඔහේ ගිහින් පාර හොයාගෙන එනවා. විශ්වවිද්‍යාලය අය‍ට තමන් පැමිණි මාර්ගය හැමදාම අමතකයි, එනිසා හැමදාමත් අතරමන්. (අ)

:       0       0

ෂේන් Sunday, 20 October 2013 12:55 PM

කොහොමටත් ඔය අයගෙන් බහුතරය අතරමං වෙලානේ ඉන්නේ. විශ්ව විද්‍යාලයට අවේ මොකටද කියලවත් වැඩි දෙනා දන්නේ නැහැනේ.(නදී)

:       0       0

ආරියසේන Saturday, 19 October 2013 08:30 PM

හේමන්ත ,දුෂ්කර පළාත්වලින් අඩු ලකුණුවලින් එන අය ද දන්නේ නැහැ .(අ)

:       0       0

පැංචි Sunday, 20 October 2013 10:57 PM

අනේ හේමන්ත ල පැටලිලා...පැටලිල්ල ලිහා ගත්තනම්? (අ)

:       0       0

සදුනි Saturday, 19 October 2013 09:23 PM

හේමන්ත...සරසවි සිසුන් අතර වැරදිකරන අය වගේම ඔබ කියන විදිහේ පිරිසකුත් ඇති. නමුත් බහුතරය ඉතා යහපත්. මමත් වී.විද්‍යාලයේ ඉගෙන ගත්ත කෙනෙක් නිසා එය හොදින් දන්නවා. අනික සරසවි සිසුන් කියන්නේ මේ සමාජයේම දරුවන් පිරිසක් බව අමතකද.................? (නදී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Monday, 21 October 2013 06:02 AM

හේමන්ත මිනිහෙක් වෙන්නවත් උගතෙක් වෙන්නවත් ලෝකේ තියෙන හැම විශ්ව විද්‍යාලයකම ඉගෙනගන්න ඕනි නැහැ. ඔය ගත්තු එක උපාධියකින්වත් වැඩක් ගන්න ඔයාට බැරි උන හන්දයි තවමත් දඟලන්නේ . ලංකාවේදී පළමු උපාධියම හරියකට කලානම් ඔයත් ගොඩ. එහෙම අය ඕනි තරම් පිටරටවල සාර්ථකව ඉන්නවා. (නදී)

:       0       0

සෙන්තිල් Sunday, 20 October 2013 12:43 AM

මෙයාලා මේ බොරුවක්ද මන්දා කරලා තියෙන්නේ? (නි)

:       0       0

සමුද්‍ර Sunday, 20 October 2013 04:01 AM

සරසවියට යන්න වරම් ලබන්නේ සියයට දෙකක් වගේ සුළු පිරිසක්. සරසවි යන්න නොහැකි වුණ අය නිතරම ගිය අයව විවේචනය කරනවා. ගොඩක් අය කුහකකමට එහෙම කරන්නේ. (නි)

:       0       0

උපාලි Sunday, 20 October 2013 05:20 AM

මෙතැනදී නම් තදබල අතරමංවීමක් සිදුවී නැහැ කියලයි මම නම් කියන්නේ. හැබැයි, වැඩිදෙනෙක් තමන් විශ්ව විද්‍යාලයට ආවේ ඇයි කියන එක අමතක වීමෙන් බරපතල විදිහට අතරමං වෙන බව බොහෝ විට පෙනෙනවා. (නි)

:       0       0

ප්‍රභාත් Sunday, 20 October 2013 05:58 PM

කෙල්ලෝ ඉන්න තැන වල නම් කොල්ලෝ පාර දන්නවා වුනත් දන්නේ නැහැ වගේ ඉන්නවා මම දැකල තියෙනවා..(දිල්)

:       0       0

පැංචි Sunday, 20 October 2013 05:25 AM

කොහොම හරි ආවා නම් සතුටුයි. පාඩම හරියට ඉගෙනගෙන ආවා නම් ඊටත් වඩා සතුටුයි. මේකත් එක මතකයක් විතරයි මලේ. (නි)

:       0       0

සඳුන් Sunday, 20 October 2013 06:38 PM

ෂේන්. විශ්ව විද්‍යාලයට ගිය අය ආවේ මොකටද කියලා දන්නේ නෑ. ඊටත් වඩා ප්‍රශ්නය, නොගිය අය ඒක මොකක්ද කියලවත් දන්නේ නැති ඒක.(නදී)

:       0       0

සෑම් Sunday, 20 October 2013 08:32 AM

මමත් කට්ටියක් එක්ක හන්තානේ ගියාම වැස්සා. ආපහු ආවේ මඩ නාගෙන.(නදී)

:       0       0

දීපාල් Sunday, 20 October 2013 08:40 AM

ආරියසේන මහත්තයෝ දුෂ්කර පළාත් වල අඩු ලකුණු ගන්නේ හැම දෙයක්ම දුෂ්කර හින්දා .කොහොම ආවත් ඒ ගොල්ලෝ දක්ෂයෝ. දුෂ්කර පැතිවල ඉන්නේ ඕන කන්දක් නැගලා බහින්න දන්නා කට්ටිය.(නදී)

:       0       0

හේමන්ත Monday, 21 October 2013 09:50 AM

මඩටත්, ගොඩටත්, උඩින් මම ඉන්න බව නම් බොහෝ අය දන්නවා. ඔයාලා ගොඩ හිටියත් ඒක මඩගොඩක් බව ඔයාලට තේරෙන්නේ නැහැ. ෂේන් ගේ උත්තරය කියවා බලන්න, ඒක තමයි ඇත්ත. (ස)

:       0       0

හේමන්ත Sunday, 20 October 2013 07:01 PM

සදුනි, සමන්, ඔයාලා දෙන්න විශ්ව විද්‍යාලයේ ගියාද කියා මම දන්නේ නැහැ, එත් ඔයාල දන්නේ කොහොමද මම විශ්ව විද්‍යාලයේ ගියේ නැහැ කියලා. මගේ පම්පෝරිය මෙතන කියනවා නෙවෙයි, මම ලංකාවේ විශ්ව විද්‍යාලය තුන කත්, එයින් එකකට අනුබද්ධ පශ්චාත් උපාධි ආයතනයකත්, විදේශීය රටවල සරසවි දෙකකත් අධ්‍යාපනය කර ඇත, දැනට විදේශයක විශ්ව විද්‍යාලයක ඉගැන්වීම කරමි. මෙවෙනි දේවල් ගැන දන්නා නිසාත්, බහුතරයක් සිසුන්ගේ ක්‍රියාකලාපයන් දන්නා නිසාත් ලීවෙමි, ඉරිසියාව, ක්‍රෝධය මට නැත, එහෙත් ඇත්තේ ලොකු දුකකි, කනගාටුවකි. (නදී)

:       0       0

පද්මිණි Monday, 21 October 2013 10:36 AM

හන්තානේ ගිහින් අතරමං උනාට ජිවිත තක්ෂිලාවේ අතරමං වෙලා නැහැ. ඔය අවුරුදු 4 තමා ජිවිතයේ ලස්සනම කාලෙ. හන්තානේ මතකය සිහිනෙන් ගෑ සුවඳක් වගේ.. (ස)

:       0       0

සමන් Sunday, 20 October 2013 11:13 AM

මේක සාමාන්‍ය සිදුවීමක්. ජොලියට කරන වැඩ. විශ්ව විද්‍යාලයකට යන්න බැරි උන හේමන්තලා වගේ අය ඉරිසියාවට කැම්පස් වල ළමයින්ට බනිනවා. කොහොම උනත් උන් දක්ෂයෝ කියලා අමතක කරන්න එපා.(නදී)

:       0       0

බිනර් Saturday, 19 October 2013 06:45 PM

දන ගියොත් කතරගම,නොදැන ගියොත් අතරමග .ජීපීඑස් එකක් අරන් ගියා නම් පාර හොයා ගන්න අමාරු වෙන්නේ නැහැ. (අ)

:       0       0

ආරියසේන Saturday, 19 October 2013 07:39 PM

එකත් තමන්ගේ විෂයයට අදාළ විය හැකි කොටසක් වෙන්න ඇති. (අ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 19 October 2013 07:50 PM

හන්තානේදී හිතලම අතරමන් වුණාවත්ද ? (අ)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 20 October 2013 12:22 PM

රෑ වෙනකල් හිටියනම් හන්තානට පායන හඳත් බලාගෙනම එන්න තිබිණ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1604 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2047 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2542 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5744 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1810 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6416 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18332 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site