IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ජ‘පුර කසුන්ගෙන් කසුන් වැඩක්

මාංශ පේශී නිසි පරිදි නොවැඩීම හේතුවෙන් රෝගීව ආබාධිත දෙපා සහතිව සිටින මාතර තෙලිජ්ජවිල කසුන් චාමර සිසුවා අද (4) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ වාණිජවේදී විශේෂ උපාධිය ලබාගත්තේය.

කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න හිමියන් අතින් ඔහු අද බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී ලබාගත්තේය.

මාතර දම්පැල්ල කනිටු විදුහලෙන් හා මාතර රාහුල විදුහලෙන් ඔහු අධ්‍යාපනය ලබා ඇත.

විශ්ව විද්‍යාලයට ගිය කාලයේ ඔහුගේ මව ඔහු වඩාගෙන දිනපතා පැමිණීම විශේෂ සිදුවීමක් විය. උපාධිය ලැබූ කසුන් බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමට කැමැත්තෙන් පසුවන බව පවසයි.

web_jmcIMG_7422 IMG_7493 kasun_84 kasun_84commerce



අදහස් (0)

ජ‘පුර කසුන්ගෙන් කසුන් වැඩක්

ඇලෙක්ස් Friday, 05 August 2016 01:10 AM

ඉගෙනගන්න මුවාවෙන් සල්ලි නාස්ති කරන දෙමාපියන්ගේ දරුවන්ට අගනා ආදර්ශයක්. ඔබට ජයෙන් ජය! (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 04 August 2016 10:39 AM

ඔබ සෑම දුබලවූ අයෙකුටම ආදර්ශයක්. (බ)

:       0       0

ඇසළ Friday, 05 August 2016 01:22 AM

සුභ අනාගතයක්. වෙලාවට අන්තරේ එක්ක එකතුවෙලා නැත්තේ. (නි)

:       0       0

රූපවතී Saturday, 06 August 2016 04:49 PM

මම කලිනුත් මේ සහෝදරයාගේ අසනීපය ගැන පුවත්පතින් කියවා තියනවා. ඇත්තටම මගේ දෙනෙතින් වැගුරුනු කදුළු වැල මට නවත්වා ගන්න බැරිතරමට සංවේදී බවක් දැනුනා. ලෝකේ කොහේහරි දොස්තරවරයෙකු සිටිනවා නම් බෙහෙත් තියෙනවා නම් ඒ වැයවෙන මුදල මා ගෙවනවා, මේ අසරණ ජීවිතේ සනීප කරලා දෙන්න. ඔබේ දිරිය දෙමාපිය දෙපළට සහ ඔබට උදව් කළ හැමටම නිරෝගී සැපසම්පත් ලැබේවා! ඔබට සුභ අනාගතයක්ම වේවා...!!!! (නි)

:       0       0

හෆීල් Thursday, 04 August 2016 10:43 AM

ආදර්ශමත් තරුණයෙක්. සුබ අනාගතයක් වේවා. (බ)

:       0       0

දුල්මි Thursday, 04 August 2016 10:46 AM

දැන් ඉතින් රැකියාවක් ලබා දීලා රට යමක් කරන්න අවස්ථාවක් ලබා දීම තමයි වැදගත්. අතපය හතර හයිය වෙලාත් අයිස් ගහන සමහර රජයේ සේවකයන්ට වැඩිය මෙවැනි දිරිමත් උදවියගෙන් කාර්යක්ෂම සේවයක් ලබාගන්න පුළුවන්. (බ)

:       0       0

රෝහණ Friday, 05 August 2016 01:57 AM

සරසි, ඔබ හරි. එංගලන්තයේ රැකියාවකට ප්‍රමුඛතාවය ලැබෙන්නේ ආබාධිත අයට. නමුත් අපේ රටේ එ්කේ අනික් පැත්ත නේද? (නි)

:       0       0

රොෂාන් Thursday, 04 August 2016 10:51 AM

ඔබගේ මව ඇස්දෙක වගේ රැක ගන්න ඔබට සුබ පතමි (බ)

:       0       0

චතුර පෙරේරා Thursday, 04 August 2016 10:57 AM

ඔබට සුබ පැතුම් ! (බ)

:       0       0

උදය Thursday, 04 August 2016 11:05 AM

ඔබට ජයෙන් ජයම වේවා! (ම)

:       0       0

නිශාන්ත ප්‍රදීප් ද සිල්වා Friday, 05 August 2016 02:27 AM

කසුන්, ඔබගේ අම්මා මතු බුදු වේවා! (නි)

:       0       0

ගාමිණි කුවෙයිට් සිට. Thursday, 04 August 2016 11:18 AM

සොහොයුර ඔබගේ නොසැලෙන දිරියට සුභපැතුම්. (ම)

:       0       0

ප්‍රනීත් පෙරේරා Monday, 08 August 2016 10:00 AM

දිරිය පුතුනි ඔබගේ අනාගතයට අපගේ සුභ පැතුම් (බ)

:       0       0

අනුරාධ Thursday, 04 August 2016 11:35 AM

මෙවැනි දිරිය පුතුන් අපේ රටට ශක්තියක්.අපටත් බොහෝ සතුටක් දැනෙනවානම් මේ පුතාගේ දෙමව්පියන්ට පවුලේ අයට මොනතරම් සතුටක් ඇතිද.පුතා ඔයාට ජයෙන් ජයම වේවා! (ම)

:       0       0

සිසිර Thursday, 04 August 2016 11:37 AM

රට තවත් වල පල්ලට ගෙනයන්න ඩෙගා නටන පුත්තුන්ට හොද ආදර්ශයක්.... කසුන් ඔබට ජය...(ම)

:       0       0

ගුණසිරි Thursday, 04 August 2016 11:40 AM

දිරිය පුතුනි ඔබේ අධ්‍යාත්මික බලසම්පන්න කම මැඩගෙන අවදිවූ කර්මයේ ස්වභාවය හා කර්මය මැඩගෙන අවදිවූ අධ්‍යාත්මික බලසම්පන්න කම, මට නම් හරිපුදුමයි! (ම)

:       0       0

දයානි Thursday, 04 August 2016 12:02 PM

රටටම ආදර්ශයක් , සුබම සුබ අනාගතයක් වේවා.තෙරුවන්සරණයි .(රේ)

:       0       0

ගීතාංජලී Thursday, 04 August 2016 12:18 PM

ඔබට සුබ පැතුම්!!!!!(රේ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 04 August 2016 12:43 PM

දිරිය මවගේ දිරිය පුතුට සුබ පතනවා දෙන්නටම (රේ)

:       0       0

ජානක Friday, 05 August 2016 04:07 AM

ඇසට කඳුළු ආවා. ඔබට සදා ජය! ඒ උතුම් අම්මාට මගේ උත්තමාචාරය. ගුණසිරි මහත්මයාගේ අදහසට මම එකඟයි (නි)

:       0       0

දිලුම් Thursday, 04 August 2016 01:13 PM

දිරිය සොයුර ඔබට ජයෙන් ජය. ඔබගේ මවත් පියාත් ඒ කළ කැපකිරීමටද මාගේ ගෞරවනීය ප්‍රණාමය ඔවුන්ට පුදන්නට කැමති. ඔබට මෙසේ සලකන ඔවුන් කොතරම් ඉවසීමකින් ඔබ දෙස බලා සිටින්නට ඇතිද,, (ම)

:       0       0

දුල්මිණ Thursday, 04 August 2016 01:20 PM

මට මතක් වෙනව එ් දවස්‌වල මේ අම්මාපුතාව වඩාගෙන රාහුලේට අාපු හැටි.. අම්මටත් පාසලේම රැකියාවලබාදිය දෙන්න පාසලෙන් කටයුතු කරලා තිබුණා.. එ් අම්මගෙ වෙහෙසීමට ඉතා විශාල සාධාරණයක් ඉෂ්ඨ වෙලා.. බොහෝම සතුටුයි.. (ම)

:       0       0

දිසානායක Friday, 05 August 2016 04:31 AM

අනාගතය සරුවේවා! (නි)

:       0       0

ජගත් Friday, 05 August 2016 04:44 AM

ඔබ සියළු දෙනාටම ආදර්ශයක් (නි)

:       0       0

තරංග Friday, 05 August 2016 04:49 AM

සුබ පැතුම්! දෙවි පිහිටයි! (නි)

:       0       0

ජනහිත Thursday, 04 August 2016 01:58 PM

ඇති දේ ගැන නොසිතා, නැති දේ ගැන පසුතැවෙන අයට හොඳ ආදර්ශයක් තමයි කසුන්. මේ විදිහට කවුරුත් කටයුතු කලොත් අපට නැගිටින්න එච්චර කල් යන්නේ නැහැ. කසුන් ඔබගේ ජීවිතය සාර්ථක වේවා! රටට සම්පතක් වේවා! (ම)

:       0       0

අනු Thursday, 04 August 2016 02:22 PM

ආඩම්බරයි ඔබ ගැන (රේ)

:       0       0

අනූ Thursday, 04 August 2016 02:27 PM

ආඩම්බරයි ඔබ ගැන (රේ)

:       0       0

සාමා Thursday, 11 August 2016 02:45 AM

සුබ පැතුම් කසුන්! (නි)

:       0       0

දුෂරා Friday, 05 August 2016 05:49 AM

සුබ අනාගතයක් ! (ම)

:       0       0

කුමාර Thursday, 04 August 2016 03:19 PM

දිරිය පුතුනි ඔබට තෙරුවන් සරණයි.(රේ)

:       0       0

ලයනල් - කැනඩාව Thursday, 04 August 2016 03:28 PM

පුතා ඔබට මගේ මුළු හදවතින්ම සුබපැතුම් ! දීප්තිමත් අනාගතයක් පතමි.ඔබගේ දෙමව්පියන් ,සහෝදරයන් සහ ගුණගරුක යහළුවන්ගේ කැපවීමට මගේ ආචාරය පුදමි.(රේ)

:       0       0

සෑම් Thursday, 04 August 2016 03:51 PM

ප්‍රථමයෙන්ම ඔබේ මවට වැඳ නමස්කාර කරමි. ඔබව වඩාගෙන ගෙනල්ල අධ්‍යාපනය දුන්නට. දෙවනුව ඔබේ නොසැලෙන උත්සාහයට ආචාර කරමි. (රේ)

:       0       0

කුමාර් Friday, 05 August 2016 06:39 AM

අම්ම කෙනෙකුට මේ තරම් කැපවීමක් කරන්න පුළුවන්ද? මව්තුමියණි ඔබට ජාතියේ උපහාරය. කසුන් ! මවගේ කැපවීම අර්ථවත් කළ ඔබට ජය! (ම)

:       0       0

චින්තන Friday, 05 August 2016 06:37 AM

බුදුසරණයි, සියලු දෙවි පිහිටයි, ඉදිරි අනාගතය සාර්ථක වේවා, මේ දරුවටත් ඒ වගේම ඒ විභාගය සමත් අනිත් දරුවෝ සියලු දෙනාටත් සුබපතමි...!!! (බ)

:       0       0

ආධිත්‍ය Thursday, 04 August 2016 04:15 PM

ගෙදෙර බුදුන් අම්මා යන කියමන මේ මව ක්‍රියාවෙන් පෙන්වා ඇත.එමෙන්ම මෙම දිරිය පුද්ගලයට මගේ උත්තමාචාරය. (රේ)

:       0       0

මධුෂානී Friday, 05 August 2016 06:45 AM

ඔබ මුළු රටට ආඩම්බරයක්.අපට ඔබ මිණිපහනක්..සොයුරු ඔබගේ මවටත් චිරාන් ජයතු! (ම)

:       0       0

සරත් කරුණාරත්න තෙලිජ්ජිවිල Thursday, 04 August 2016 04:40 PM

තෙරුවන් සරණින ජයවේව (රේ)

:       0       0

වසන්ත බුදුගල Friday, 05 August 2016 06:55 AM

ඔබ සුපිරි දක්ෂයෙන් ඔබට සුභ අනාගතයක් පතනවා (ම)

:       0       0

අමාලි Friday, 05 August 2016 07:40 AM

මම දැක තිබෙනවා මෙවැනි ගැහැණු ළමයෙක් බංකුවක වාඩි කරනවා. කියන්න කැමතියි එ් අය හරිම කඩිසරයි ඒවගේම ඉංග්‍රීසි කතා කරන්නත් දක්ෂයි (බ)

:       0       0

රොහාන් Thursday, 04 August 2016 09:01 AM

දිරිය පුතුනි ඔබගේ අනාගතයට අපගේ සුභපැතුම් (ම)

:       0       0

සුමිත් Friday, 05 August 2016 08:09 AM

නියමයි ඔබගේ මෙි උත්සාහය අද සමාජයට ලොකු ආදර්ශයක් මගෙන් උණුසුමි සුභපැතුමි (ම)

:       0       0

මොහමෙඩ් Thursday, 04 August 2016 09:15 AM

මගේ ආචාරය ඔබට සුබ පතනවා ඔබේ අනාගතයට (ම)

:       0       0

පතිරණගේ කපිල Thursday, 04 August 2016 09:24 AM

ඔබට තෙරුවන් සරණයි ! ඔබගේ සෑම බලාපොරොත්තු ඉටුවේවා (ම)

:       0       0

සුභාෂ් විජේනායක Thursday, 04 August 2016 09:19 AM

ආදර්ශමත් තරැණයෙක් නැති දේ ගැන හිතන්නෙ නැතිව ලද දෙයින් උපරිම පල නෙලාගෙන. මෙයාගේ අම්මා සහ තාත්තා කල කැප කිරීමට උපරීම දේ ලබා දුන්නා. ඔබට ජය....(ම)

:       0       0

නාමල් Thursday, 04 August 2016 07:59 PM

සුබ පැතුම්! දෙවි පිහිටයි! (නි)

:       0       0

ලයනල් ෆොන්සේකා Thursday, 04 August 2016 09:30 AM

මෙවැනි සිසුන්ට සුදුසු රැකියා අවස්ථා ලබා දීමට පියවර ගත යුතුය. ඔවුන් ලබා ගත් දැනුම රටට වැඩදායක කර ගත යුතු වේ. (බ)

:       0       0

ජමල්ඩීන් Thursday, 04 August 2016 09:25 AM

සුබ පැතුම් (බ)

:       0       0

සෙනරත් යාපා Thursday, 04 August 2016 09:32 AM

ඔබට ජය සහ අන් අයට හොද ආදර්ශයක් !!!\nපැරිසියෙන් සුබ පැතුම් !!!!!!! (ම)

:       0       0

මාපා Saturday, 06 August 2016 05:46 AM

ඔබට අපේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

සරසි Thursday, 04 August 2016 09:43 AM

පිටරටවල මෙවැනි අයට ඉහළ අනුග්‍රහයක් රැකියා ඉල්ලුම් කරද්දී ලැබෙනවා . අපේ රටෙත් එවැනි තත්වයක් ඇති වුණොත් මෙවැනි දිරිමත් උදවියට ලොකු පිටුවහලක් වේවි. (ම)

:       0       0

සිල්වි Thursday, 04 August 2016 10:52 PM

ඒ අම්මාට මොනතරම් සතුටක් ඇද්ද? (නි)

:       0       0

ජබීර් Thursday, 04 August 2016 09:59 AM

ඔබට ජයන් ජයෙන් ජය වේවා (ම)

:       0       0

නලීන් Thursday, 04 August 2016 11:15 PM

මවගේ ආශිර්වාදය සහ මහන්සිය. ඔබට සුබ අනාගතයක්! (නි)

:       0       0

සාමා Friday, 05 August 2016 12:07 AM

කොහේ ගියත් නුඹේ අම්මා අමතක කරන්න එපා කොල්ලෝ. ඔය වගේ උතුම් අම්මලා අද හොයාගන්න අමාරුයි (නි)

:       0       0

සුමුදු Friday, 05 August 2016 12:14 AM

ගෙදර බුදුන් අම්මා! (නි)

:       0       0

අබරන් Thursday, 04 August 2016 10:20 AM

අජටාකාශ විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස් මතක් වුණා ඔබ දුටුවාම.... (ම)

:       0       0

ප්‍රනාන්දු Friday, 05 August 2016 12:32 AM

මම ඔබට සුබ පතනවා සහෝදරයා (නි)

:       0       0

රන්ජිත් Thursday, 04 August 2016 10:28 AM

ඔබගේ අනාගතයට මගේ සුභපැතුම්!!! අන් අයට හොද ආදර්ශයක් ඔබට සදා ජය!!! (ම)

:       0       0

චමින්ද Friday, 05 August 2016 12:45 AM

ඇසට කඳුළු ආවා. ඔබට සදා ජය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 55 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 151 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 75 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 72 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 399 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති
2024 ඔක්තෝබර් මස 06 468 1

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39153 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site