(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් සඳහා ස්ථිර අංග සම්පූර්ණ මහාචාර්ය ඒකකයක් මහරගම මුඛ සෞඛ්‍ය ආයතන පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.
මේ සදහා නිසි සැලසුමක් යටතේ අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව පෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙරට ස්ථාපිත වූ දෙවන දන්ත වෛද්‍ය පීඨය ලෙස 2022 වර්ෂයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආරම්භ වූ මෙම දන්ත වෛද්‍ය පීඨය අංග සම්පූර්ණ වෛද්‍ය පීඨයක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.
කළුබෝවිල ශික්ෂණ රෝහලට සහ මහරගම මුඛ සෞඛ්‍ය ආයතනය සඳහා අවශ්‍ය වන විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, දන්ත තාක්ෂණ නිලධාරීන් මෙන්ම අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් අනුයුක්ත කිරීමටත්, අවශ්‍ය උපකරණ හැකි ඉක්මනින් ලබා දීමටත් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙරට ඉස්ලාම් බැතිමතුන්ට රාමලාන් සමයේදී පරිභෝජනයට ගැනීමට සෞදි අරාබි රජය රටඉඳි කිලෝග්‍රෑම් 50,000 ක් ප්‍රදානය කළේය.
අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ටිකට්පත් වෙන් කරවා ගැනීමට ඇති පරිගණක පද්ධතිය වෙතින් මිලදී ගන්නා ලද දුම්රිය ටිකට් පත් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් සංච
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තම
බෘනායිහිදී පැවති Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උළෙලෙහි ශ්‍රී ලංකාව කැපී පෙනෙන සන්ධිස්ථානයක් අත්කර ගෙන ඇත. මෙරට තරුණ නවෝත්පාදකයින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එ
දේශීය සුදු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවූ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙද සැලකට රුපියල් ලක්‍ෂ 10 ක දඩයක් පැනවීමට මහර අධිකරණය අද
බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඉඩම ට්‍රැක්ටරයක් මගින් සුද්ධ කරමින් සිටියදි ඉඩමේ තිබු විදේශිය රටක නිෂ්පාදිත අද (27) සවස අත් බෝම්බයක් පුපුරා ගො
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජපුරේ දන්ත පීඨයට මහාචාර්ය ඒකකයක්