IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජපුර සිසුහු උද්ඝෝෂණයේ

සිසු  පිරිසකගේ පන්ති තහනම් කිරීමට විරෝධය දැක්වීමට සහ නේවාසික පහසුකම් වැඩි කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණි.

ඒ සඳහා සිසුහු දහසක් පමණ සහභාගී වූහ.

 



අදහස් (0)

ජපුර සිසුහු උද්ඝෝෂණයේ

අප්පුහාමි Thursday, 20 June 2013 11:50 AM

සරසවි දරුවෝ විතරක් නෙමෙයි ආචාර්ය මහාචාර්ය වරුත් උගුලට ලස්සනට අහුවෙලා. සමහර අයට ඕනා සරසවි සඳහා යන වියදම අඩුකරලා පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා ඇති ඉල්ලුම වැඩි කරන්න. ඒ සඳහා සරසවි තුල නැති ගැටළු ඇති කරනවා. සරසවි පාලනය කරන්න මේ අය හෙන්චයියල පත් කරන්නේ ඒකයි. දරුවන් සමග සාකච්ඡාවක්වත් කරන්නේ නැතුව පන්ති තහනම් කරන්නේ මේ පෙළඹවීමට. මෙහෙම කරලා සරසවි ටික වහල දැම්මම ඔක්කොම හරි. ආණ්ඩුවට අවශ්‍ය විදියට බුරුවො රැලක් ගානට ජනතාව පාලනය කරන්න ලෙහෙසියි. උගත් මිනිසුන් ඉන්න රටක එහෙම අමාරුයි. දැන්නම් නියමෙට ආණ්ඩුවේ ප්ලෑන් එකට සියල්ල යනවා. බුදුසරණයි ලංකාවට.(නදී)

:       0       0

ශෙහාන් Wednesday, 19 June 2013 11:45 PM

මෙහෙමත් ළමයි! (නි)

:       0       0

ශෙහාන් Wednesday, 19 June 2013 11:51 PM

දැන් බලනකොට ලංකාවේ කැම්පස් එකකින් එලියට එන ඉන්ජිනේරුවෙකුට වඩා හොද මොලයක් කම්මල් බාස් කෙනෙකට තියෙනවා (නි)

:       0       0

නාලක Thursday, 20 June 2013 12:15 PM

රටට සත පනහක වැඩක් නැහැ උගත් මෝඩයන්ගෙන්.නිදහස් අද්‍යාපනය නැති කළා නම් ඔය එක ඉල්ලිමක්වත් නැහැ. (නි)

:       0       0

විජේන්ද්‍ර Thursday, 20 June 2013 01:09 AM

අසේල කියන්නේ සම්පුර්ණ ඇත්ත. මම 100% එකග වෙනවා. (නි)

:       0       0

චාමිකා Thursday, 20 June 2013 06:09 AM

දැන් දැන් සරසවි සිසුන්ගෙ උද්ඝෝෂණ ජනතාවට විහිළුවක් වෙලා ඉවරයි (නි)

:       0       0

සෙන්සා Thursday, 20 June 2013 08:04 AM

පොදු ජනයා අනුමත නොකරන, පිළිනොගන්න,ඉවසන්න හා දරාගන්න අකැමැති විප්ලවයක් සාර්ථක නැහැ. ඒක තේරුම් ගන්න සාමාන්‍ය දැණුම තියෙන්න ඕනෑ. (නි)

:       0       0

ගමගේ Thursday, 20 June 2013 08:27 AM

විශ්ව විද්‍යාල විතරක් නෙමෙයි හැමතැනම අරාජික වෙලා. ප්‍රචන්ඩත්වය උත්සන්න වෙලා. සමාජ පීඩනය දරාගන්න බැරි නිසයි මේ හැම දෙයක්ම. කිසි කෙනෙකුගේ ප්‍රශ්ක වලට විසදුමක් නැහැ. විසදුම් දෙන්න උවමනාවකුත් නැහැ. මේ ක්‍රමයට දෙන්නත් බැහැ. සමාජය තුලින් පෙන්වන්නේ මේ ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා. නැත්නම් රට අරාජික වෙනවා. ඒකට වගකියන්න ඕනේ පීඩනයට පත් සිසුන්, ගොවීන්, භික්ෂූන් වහන්සේලා, කම්කරුවන් නෙමෙයි පාලකයෝ. ප්‍රශ්න වලට විසදුම් නැති වුනාම අනිවාර්‍යෙයන්ම පාරට බැහැලා උද්ඝෝෂනය කරන්න වෙනවා. ඔය ප්‍රතිචාර දාපු සුරන් කියන හාදයා මේ ලෝකේ කෙනෙක් නමි නෙවෙයි වගේ.(නදී)

:       0       0

අජිත් ශාන්ත Thursday, 20 June 2013 08:33 AM

යන එන මං නැතුව අගුපිල්වල ලගිමූ සොච්චම් මුදල බෝඩිංවල දිය කරමු රජුන් ඇමතියන්හට බැණ අඩ ගසමු උන්ගේ මව් පියන් නිති සිහිපති කරමු.(නදී)

:       0       0

ලුම්බිණි Thursday, 20 June 2013 08:57 AM

විශ්වවිද්‍යාල සිසුන් අවමානයට ලක් කිරීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. (නදී)

:       0       0

නෙතුමී Thursday, 20 June 2013 09:05 AM

ඉල්ලීම් දිනා ගන්න මීට වඩා සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කලානම් සමාජයේ විහිළුවට සහ හෑල්ලුවට පාත්‍ර වෙන්නේ නැහැ මේ අය. ඉගනගත්ත සහ ඉගන ගන්න පිරිස විදියට මොවුන් බුද්ධිමත්ව කටයුතු කලයුතුයි. උද්ගෝෂණ පෙළපාලි දැන් යල්පැනගිය විසඳුම් ක්‍රමවේදැයි.(නදී)

:       0       0

අනුර Thursday, 20 June 2013 09:24 AM

අසේල ඔබ කියන කතාව හරියට හරි. උද්ඝෝෂණ වලට යොමු කරන ශිෂ්‍ය නායකයෝ හරිම කුහක අනෙක් ශිෂ්‍යයන්ට ඉගන ගන්න දෙන්නේ නැති රස්තියාදු කාරයෝ ටිකක් .(නදී)

:       0       0

සර් යුනිට් ඉතාලි Thursday, 20 June 2013 02:26 PM

අපේ රටට අවශ්‍ය කරන පුරවෙසියන් මේ සරසවි වලින් බිහිවන්නේ බොහොම කලාතුරකින් . අනික ඉගෙන ගන්න කාලේ බංකොලොත් දේශපාලන කරුවන් වෙනුවෙන් කඩේ ගොස් තමන්ගේ ඉගෙනීමට තිබෙන වටිනා කාලය අපතේ හැර ගනී . උපාදිය කියා අන්ත්ට්ටුවක් ඔලුවේ ගෙන එලියට ආපසු මේ බංකොලොත් දෙසපලුවෝ ආපසු මොවුන් නොමග යවති . තමන් ආපු ඉලක්කය සපුරා ගන්නේ බොහොම ටික දෙනාය (අ)

:       0       0

චාමික Thursday, 20 June 2013 09:25 AM

සරසවි සිසුන්ගෙ උද්ඝෝෂණ ජනතාවට විහිළුවක් වුනේ අවශ්‍ය අනවශ්‍ය හැමදේටම උද්ඝෝෂණය කිරීම නිසයි. ඇමරිකාව ඉරාකයට පහරදීමට විරුද්ධව එසේ කල උද්ගෝෂණය ඒකට උදාහරණයක්. නමුත් තමුන්ගේ නේවාසිකාගාර පිලිබඳ ගැටළුවක් වගේ දේකට සිසුන් උද්ගෝෂණය කිරීම යම් තරමක සාධාරණ දෙයක්. අනික ආචර්යවරු සිසුන් කරන ඉල්ලීම් ගණන් ගන්නේ නැහැ. දියව් දියව් කියල පාරට බහිනකන්ම ඉන්නවා. එක වතාවක් ළමයි බොහොම ගරුසරුවෙන් ඉල්ලීමක් කලා. ඒත් දියව් කියනවා වගේ ඒවා ගණන් ගැනෙන්නේ නැහැ. ඒ නිසා මම ආචර්යවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා ළමයි ඔබේ දෙපා මුලට ඇවිත් කරන සාධරණ ඉල්ලීම් වලට සවන් දෙන්න. එලවගන්න එපා. එතකොට එයාලව දෙෂ්පාලකයන්ට බිලී බාගන්න පුළුවන්. පිටරට විශ්විද්යාලවල ඉන්න ඔබ තුමාලගේ ළමයි වගේම ළමයි තමයි ඔය ඉන්නෙත්. (නදී)

:       0       0

මදුරී Thursday, 20 June 2013 09:27 AM

මේ ලමයි කෑගහන්නේ රෑට ක්ලබ් යන්න සල්ලි ඉල්ලලා නෙවෙයි. ඉන්න හොස්ටල් එකක් ඉල්ලලා. ජපුරේ පිරිමි ළමයින්ට තියෙන්නේ හොස්ටල් 2යි. ළමයි ඉන්නවා 6000 විතර. පිරිමි ළමයින්ට හදපු යුරෝ ලංකා නේවාසිකාගාරයත් ගෑනු ලමයින්ට දුන්නා. මෙතන අදහස් කරන සමහරු සරසවියේ තියා ඉස්කෝලෙවත් ගිහින් තියෙනවද කියලා පේනවා දාන ඒවයින්. පිටරට සරසවිවල උද්ඝෝෂන දැකපු කෙනෙක් මෙව්වා ප්‍රචණ්ඩ විදිහට කියන්නේ නෑ.(නදී)

:       0       0

ඉන්දික Thursday, 20 June 2013 09:51 AM

සරසවි සිසුන් දෙස ද්වේශ සහගතව බලන්න එපා. අද ඉන්න උසස් අධ්‍යාපන ඇම්තිතිත් එදා ජ'පුර ශිෂ්‍ය නායකයෙක්. ව්ශ්ව විද්‍යාල තුල අද පවතින්නේ ඉතා දරුණු පාලනයක්. ඉතාම සුළු දෙකට පවා පන්ති තහනම් කරන ආණ්ඩුවට කඩේ යන උප කුලපති වරුන් ඉන්නේ. නිදහස් අධ්‍යාපනය නැති කරන්න තියෙන ප්‍රධානම භාදකය තමයි සරසවි සිසුන්. සරසවි සිසුන් කෙරෙහි ජනතා වයිරය ඇති කිරීම ගොඩක් සාර්ථකයි කියලා මේ කමෙන්ට්ස් බැලුවම පේනවා. නිදහස් අධ්‍යාපනය තමයි මේ රටේ බහුතරයක් ජනතාවගේ දරුවන්ට ගොඩ එන්න තියෙන එකම ක්‍රමය. ලංකාවේ නිදහස් අධ්‍යාපනය නොතිබුනා නම් මෙතන කමෙන්ට්ස් දාපු කාටවත් එක කරන්න වෙන්නේ නැහැ. අවේග ශීලීව ඔබ කරන්නේ මේ රටේ අනාගත පරපුරට නිදහස් අධ්‍යාපනය නැති කරන එකට නොදැනුවත්වම දායක වීමයි. අධ්‍යාපනය සදහා වියදම් දිගින් දිගටම අඩු වෙන බවත් නිදහස් අධ්‍යාපනය වැනසීමේ කුමන්ත්‍රණයක් ක්‍රිරියාත්මක වෙන බව විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයත් කියනවා. (අ)

:       0       0

සුරන් Wednesday, 19 June 2013 09:40 PM

උගත් බූරුවෝ (අ)

:       0       0

කරෝලිස් Wednesday, 19 June 2013 09:46 PM

කාටද ඉතින් මේ කඩේ යන්නේ. පහුවෙන කොට කරපු ගොන්කම් තේරෙයි.(නදී)

:       0       0

නීල්-රානා Wednesday, 19 June 2013 10:03 PM

බොහොමයක් විශ්ව විද්‍යාල සිසුන් හා ගුරුවරු නිරන්තරයෙන් උද්ඝෝෂණ කරන ප්‍රදේශ ලෝකේ වෙනම තිබෙනවා. ඒ නිසා දැන් ඉතින් මේ වැඩ වලට වඩාත් සුදුසුම ලතින් ඇමෙරිකාව. (නදී)

:       0       0

පෙරේරා Wednesday, 19 June 2013 10:10 PM

මොන්ටිසෝරියේ සිටන්ම ටියුෂන් මාස්ටර්ලා පස්සේ බඩගගා කිසිම ප්‍රායෝගික අධ්‍යාපනයක් නැතුව ළමයි හදපුවහම අන්තිමේ ඕවා තමයි වෙන්නේ (නි)

:       0       0

ඇසල Wednesday, 19 June 2013 10:18 PM

රට , විශ්ව විද්‍යාල හදන්න පෙර තමන් හැදිලා ඉන්න , අපිත් (ලංකාවේ) විශ්ව විද්‍යාල වලට ගිය කාලේ රැල්ලට ඕවට ගියා. අපිව උද්ඝෝෂණ වලට යොමු කරපු ශිෂ්‍ය නායකයෝ හොරෙන්ම තමන්ගේ අනාගතය හදාගත්තා. අද ඒ අය තරම් කුහක මුදල වෙනුවෙන් ඕනෑම පාවා දීමක් කරන මිනිසුන් කොහේවත් නැහැ. ඒ අය හොඳට ගෙවල් හදාගෙන වාහන තියාගෙන ඉන්නවා. සිසු නායකයන්ගේ කතා කරට අරගෙන වැඩ කරපු අපේ අනෙක් සිසුවෝ අද රැකියා නැතිව , කිසිම හැකියාවක් නැතිව පාරේ රස්තියාදු වෙනවා. අපිට නම් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පිටතින් කෝස් කරලා දැනුම වැඩි කරගෙන පස්සේ පිටරට විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධියකට එන්න පුළුවන් උනා. ඕවා කරට අරගෙන අධ්‍යාපනය කාලකන්නි කර ගත්තේ නැති නිසා. මම ඉන්න පිටරට විශ්ව විද්‍යාලේ සිසුන් කරන්නේ ඉගන ගන්න එක ,ඒ අයගේ ස්කිල්ස් වැඩි දියුණු කරන එක. නමුත් ලංකාවේ විශ්ව විද්‍යාල වල සිසුන් වෙන භාෂාවක් ඉගන ගන්න පරිගණක දැනුම ලබා ගන්න උනන්දුවක් නැහැ. පෝස්ටර් ගහ ගහ , පාරවල් වල උද්ඝෝෂණය කරන්න කැට හොල්ලන්න නම් දන්නවා. මේ අයට වැඩ බැරි නිසා පුද්ගලික අංශයේ කිසිම කෙනෙක් රැකියා දෙන්න කැමති නැහැ. අන්තිමේදී ලංකාවේ විශ්ව විද්‍යාල උපාධියට කිසිම තැනක් නැහැ. කවුරුත් ගණන් ගන්නේ නැහැ.(නදී)

:       0       0

අමාලි සිල්වා Wednesday, 19 June 2013 10:24 PM

යන එන මන් නැති බකොලොත් දේශපාලන කරුවන් සරසවි සිසුන් නොමග යැවීමක් . දුප්පත් දෙමව්පියන් සේසත විකුණා උගන්න සරසවි එව්වට පස්සේ බංකොලොත් විප්ලවවාදීන්ට නයට කඩේ යාමක් මේ තුලින් දකින්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 188 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1077 4

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3784 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2907 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3377 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1483 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site