IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජිප්සිස් නායකයා අනාවැකියක් කියයි

කුරුණෑගල දිස්ත්‍රික් ඡන්ද අපේකෂක මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දේශපාලනඥයන් ඇතුළු පිරිසකට පසුගිය දා එන්තරවාසි යැවීය. ජිප්සිස් නායක ප්‍රසිද්ධ ගායක සුනිල් පෙරේරාගෙන් ද කෝටි පනහක් ඉල්ලා එන්තර වාසි යවා තිබිණි.

සුනිල් පෙරේරා පසුගිය දා හිටපු ජනපතිගේ ක්‍රියාවට ප්‍රතිචාර දැක්වීය. ඒ පසුගිය දා විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි.

ඔහු මෙවර බයිලා කිව්වේ නැත.

‘වෑන් එවා උස්සාගෙන ගොස්, අතපය නොකඩා ගැටළුවක් ඇත්නම් ප්‍රජාතන්ත්‍රවාදීව නීත්‍යනුකූලව විසඳා ගැනීමේ පිළිවෙත මහින්ද රාජපක්ෂ මහත්මයා අනුගමනය කරනවා නම් හරිම ෂෝක්. නඩු කියලා උසාවියෙන් තීන්දු කරයිනේ වැරදිද නැද්ද කියා.‘ යැයි සුනිල් පෙරේරා කීවේය.

‘ඊයේ පෙරේදත් දෙහිවල පැත්තේ ඡන්දෙ ඉල්ලන චන්ඩියෙක් කියා තිබුණා ඡන්දෙ දිනුවට පස්සේ මට ගහන බව. මට නම් දුක ගහන පුද්ගලයා ගැන නොවෙයි. ජනතාව ගැනයි. මොකද ඔවුන් පත් කළේ ජනතාවයි. ජනතාව අසරණ නිසා වෙන්න ඇති ඔවුන් පස්සේ යන්නේ. මං කියන්නේ යන්න. ගිහින් දෙන දේවල් ඔක්කොම ගන්න. හැබැයි ඡන්දෙ දෙද්දි මැරවරයන් නම් පාර්ලිමේන්තුවට එවන්න එපා. අපට ගහනවා.

බුද්ධාගමට ගෝඩාක් ආදරේ ගායකයෙක් කියනවා අරලිය ගහ මන්දිරයේ ගේට්ටු කඩන බව. බුදු හාමදුරුවො එහෙම කියලා නෑ. මමත් බුද්ධාගම ගැන ඉගෙන ගත්තා. මං කියපු පොත්වල නම් එහෙම නෑ. අනික කඩන්න කලින් රනිල් මහත්තයා යයි. 94 ගියේ. ෆොටෝ එක මතකනේ.‘

ඡන්දය ගැන හා ජනතා නියෝජිතයන් ගැන ඔහු පළ කළ අදහස් පහත වීඩියෝවෙන්...



අදහස් (0)

ජිප්සිස් නායකයා අනාවැකියක් කියයි

සඳුන් Monday, 03 August 2015 05:30 AM

නියම කතාව "පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට...", "බෝට්ටුවෙන් යන්නට...", "හේතු වාසනා වේවා"(ම)

:       0       0

නාලනී Monday, 03 August 2015 09:10 AM

ජයවේවා! (නි)

:       0       0

හසිත Tuesday, 04 August 2015 01:19 PM

ජයවේවා! (නි)

:       0       0

නිහාල් Tuesday, 04 August 2015 01:23 PM

කලාකාරයෙක් වුණු තරමට බුද්ධිමතෙක් වෙන්නේ කොහොමද? ජනප්‍රිය හැම පුද්ගලයාම ඇත්තද කියන්නේ. (නි)

:       0       0

චන්දන Monday, 03 August 2015 11:25 PM

ඔබ හරි. මම 2000 පස්සේ කිසිම කෙනෙකුට ඡන්දය දීලා නැහැ. හේතුව මෙයාලා මිනිසුන්ගේ ඡන්දය අරගෙන මිනිසුන්ටම ගහනවා (නි)

:       0       0

නිරාන් Monday, 03 August 2015 06:04 AM

නියම කතාව 100% කම ඇත්ත (බ)

:       0       0

අමිල සුගන්ද Sunday, 02 August 2015 05:17 PM

ගයාන්, ඔයාට සතුටු ඇති. කියපු දේ දේශපාලනයෙන් තොරව අහගෙන ඉන්න. ඔබට ජය! (නි)

:       0       0

විජයබාහු Monday, 03 August 2015 09:23 AM

හැමදාම මම දේශපාලනේට නැහැ කියලා තමයි කිව්වේ නම්. මෙයාගේ පසුගිය කාල වල සාකච්ඡා අරගෙන බලන්න. ඔබට තේරේවි. (නි)

:       0       0

මෙල්බෝන් Wednesday, 05 August 2015 10:43 AM

සමාජ අසාධාරණත්වය ලංකාව තුළ වර්ධනයට ඉඩ දියයුතු නෑ අහිංසක ජනතාවට මෙය නොතේ‍රීම ජාතියේ අවාසනාව මේක කවදා ඉවර වෙයිද? ජාතියට පින පහළ වේවා කියල පින් දහම් කිරීම ඇර වෙන කළයුතු දෙයක් තියෙනවද (ම)

:       0       0

රුවන් විජේසුරිය Monday, 03 August 2015 06:35 AM

කෙලින් මිනිසෙක් (නදී)

:       0       0

ප්‍රසංග Tuesday, 04 August 2015 01:06 AM

18 රනිල් අගමැති වෙනවා. ඒක වෙන්න ඕනෑ දෙයක්. සමස්ත ජනතාව බුද්ධිමත් (නි)

:       0       0

ප්‍රියාන් Sunday, 02 August 2015 07:37 PM

සුනිල් අයියා පැත්ත ගියත් ඇත්ත කියනවා (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 04 August 2015 01:29 AM

කෙලින් කතාකරන මිනිසෙක් (නි)

:       0       0

කස්තුරිආරච්චි Monday, 03 August 2015 09:44 AM

දැන් දැන් කලාකරුවෝ බුද්ධිමතුන් බයනැතුව ඇත්ත කියන්න පටන් අරගෙන තියෙනවා. ඒක හොඳ ඉදිරි පියවරක්. ජනතාවට් තමන්ගේ ගැලවුම්කාරයෝ කවුද කියලා වටහාගෙන කටයුතු කළොත් අපේ රට හොඳ තැනකට ගන්න පුළුවන් (නි)

:       0       0

නිශාන්ත Tuesday, 04 August 2015 02:21 PM

නියම කථාව. කියන්න තියෙන ඇත්ත කෙලින්ම කිව්වා. ලංකාවේ නියම යථාර්ථය ඕකයි. දේශපාලනඥයින්ටත් මේ වගේ අවංක අදහස් තියනෙවා නම් රට හොඳ තැනකට ගන්න පුළුවන්. ඒත් ප්‍රධාන පක්ෂ දෙකේම දේශපාලනඥයින් මේ වගේ අවංක නැහැ. (නදී)

:       0       0

අසංක Tuesday, 04 August 2015 01:51 AM

මම සුනිල්ගේ සින්දු වලට හරි ආසයි (නි)

:       0       0

බණ්ඩාර Monday, 03 August 2015 07:02 AM

මෙතුමා ගැන අපි දන්නවා ... (නි)

:       0       0

නයන Tuesday, 04 August 2015 02:41 AM

මම ගොඩක් ගරුකරන ඇත්ත කියන කෙනෙක් (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 02 August 2015 10:24 PM

මොහුගේ කතාව හරි. මැරයන්ට බලය ලැබුනොත් ඔවුන් අපිට ගහයි. මේ විදිහට බෙදන්න සල්ලි කොහෙන්ද කියන එක ගැනත් අපි කල්පනා කළයුතුය (නි)

:       0       0

රයන් Sunday, 02 August 2015 12:23 PM

මම කැමතිම චරිතයක් (නි)

:       0       0

ඔෂාන් Sunday, 02 August 2015 01:10 PM

එතුමා කොහොමත් ඇත්ත කියනවා (නි)

:       0       0

ගුණපාල Monday, 03 August 2015 07:33 AM

කාගෙ කාගෙත් කෙරුවාව අපි නම් දන්නවා (නි)

:       0       0

බුද්ධික Monday, 03 August 2015 07:47 AM

බුදුබණේ හැටියට ඕනෑම දෙයක් උපරිමයකට ඇවිල්ලා නැවතත් එය යථා තත්වයට පත්වෙනවා. දැන් ලංකාවේ දේශපාලනයට වෙලාතියෙන්නේ ඒකම තමයි. මේ වගේ මිනිස්සු නැවතත් යථා තත්වයට පත්කරන්නට මේ රටේ මිනිසුන්ට පාර කියනවා. මිනිසුන් හරි දෙය තේරුම් ගතයුතුයි. මේ තමයි අවස්ථාව. (නි)

:       0       0

ඉන්දික Sunday, 02 August 2015 01:29 PM

දැන් සුමනදාසගේ ජොබ් එක බාර අරන්ද ? (නදී)

:       0       0

මුවිඳු පෙරේරා Sunday, 02 August 2015 01:32 PM

දුම්න්ද ඒ ෆිගර් ස්පීච්. අවසානයේ ඔහු නැවත කියනවා මේගොල්ලා ආවොත් අපිටත් ගහයි කියලා. (නදී)

:       0       0

මුවින්දු පෙරේරා Sunday, 02 August 2015 01:33 PM

අපේ සංස්කෘතිය දිහා බැලුවොත් මෙයා ගැන මොනවද කියන්න තියෙන්නේ? හැබැයි මේ මනුස්සයා කියන්න කියන දේ කෙලින් කියනවා (නදී)

:       0       0

බණ්ඩාර Monday, 03 August 2015 08:14 AM

අනේ මගේ කට මොකටද? අබුද්දස්ස කාලේ... (නි)

:       0       0

දුමින්ද Sunday, 02 August 2015 09:41 AM

94 අගමැති රනිල්ට උන ඉරණම 2015 වෙන බවද නොකියා කියන්නේ ? (නදී)

:       0       0

සුගත් Monday, 03 August 2015 11:55 AM

මෙතුමා කතාවකින් හරි, සිංදුවකින් හරි කියන්නේ තිත්ත ඇත්ත. පක්ෂග්‍රාහී නොවී බැලුවොත් ඇත්තම ඇත්ත කියන යථාර්ථවාදී මනුස්සයෙක්. මෙතුමා ඇත්ත කිව්වට චණ්ඩින්ට මැරයන්ට හරිම බයයි. ඒ වගේම රටට ආදරෙයි.ඒකනේ හොරු, මැරයෝ, කුඩුකාරයෝ පාර්ලිමේන්තු එවන්න එපා කියන්නේ. අපෙත් පැතුම ඒකම තමා. (නි)

:       0       0

ජයවර්ධන Monday, 03 August 2015 11:57 AM

අපි බලමුකෝ අගෝස්තු 18 (නි)

:       0       0

අනුරුද්ධ Tuesday, 04 August 2015 11:23 AM

දියේ ගිලෙන්න යන කෙනාට පිදුරු ගහත් ලොකු දෙයක්ලුනේ නේද (ම)

:       0       0

අසේල ද සිල්වා Sunday, 02 August 2015 09:59 AM

ජීවිතේ අහපු හොඳම කතාව (නි)

:       0       0

සෙනරත් Tuesday, 04 August 2015 11:26 AM

අපි ඔබ සමඟයි (නි)

:       0       0

නිෂාද් Monday, 03 August 2015 04:37 AM

හිතට එකඟව ඇත්ත කතා කරන පුද්ගලයෙක්. (ම)

:       0       0

මහේෂ් Tuesday, 04 August 2015 07:09 AM

සරත් ෆොන්සේකාට කරදේ මතක නම් මහින්ද ඇහැ පියගෙනද හිටියේ? (නදී)

:       0       0

අරුණ Tuesday, 04 August 2015 06:55 PM

හොඳයි හොඳයි... (නි)

:       0       0

නිමල්කා Wednesday, 05 August 2015 05:00 AM

මෙතන තියෙන්නේ සමාජ සතර 2ක් අතර ගැටුමක්. සතර 2 මොකක්ද කියල අඳින ඇඳුම් වලින්ම තේරෙනවා. (නදී)

:       0       0

ගයාන් Sunday, 02 August 2015 03:06 PM

කොහෙන් හරි වචනයක් අල්ලාගෙන පොඩි චුන් එකක් ගන්නවා (නදී)

:       0       0

අරුණ Monday, 03 August 2015 09:01 AM

රහත් වුණ අය නෙමෙයිනේ දේශපාලනය කරන්නේ. ඉතින් ඔය මොන පක්ෂවලත් හොරමැරකම් අඩු වැඩි වශයෙන් තියෙනවා. නමුත් රටේ සමස්ත ජනතාවගේ යහපතත්, රටේ ඒකීයභාවයත් උදෙසා මම නම් මහින්ද මහත්තයටම මගේ ඡන්දය දෙනවා. (නි)

:       0       0

කුමුදු කුමාර Monday, 03 August 2015 12:47 PM

මේ කියන්නෙ මෙයාලව විතරක් පාර්ලිමේන්තු යවන්න කියලද පිරිසිදුයි කියන අය ගාවත් මැරයො ඉන්නව නේද ආයුබෝවන්ඩ (බ)

:       0       0

අශෝක ‍ Tuesday, 04 August 2015 12:25 PM

ඔබගේ කතාව නියමයි (නි)

:       0       0

නිශාන්ත Tuesday, 04 August 2015 12:27 PM

ඔබ රටට ආදරය කරන නියම පුතෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2698 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2348 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2926 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5850 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1970 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6658 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18599 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site